Friday, 25 January 2019

සද්ධර්මරත්නාවලිය හා ජනවිඥානය







සිංහල බෞද්ධ ජන සමාජයේ අතිශයින් ප‍්‍රචලිත ගාථා සංග‍්‍රහයක් වන ධම්මපදය යනු සූත‍්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් ධම්මපදපාලි නම් වූ ගාථා 423 කින් සමන්විත ගාථාව ලියයි.  එයට බුද්ධ ඝෝෂ හිමියන් විසින් ලියන ලද්දා වූ නිදාන කතාවක් ද සහිත අර්ථ වර්ණනාව ධම්මපදට්ඨකථා නම් වේ.  එහි ගැටපද විවරණය කරමින් අනුරාධපුර යුගයේ දි ලියවුණ අටුවා සන්නය දම්පියා අටුවා ගැටපදයයි.  ධම්මපදට්ඨකථාවෙහි එන ඇතැම් පුවත් සිංහලෙන් ලියැවී තිබුණද ධම්මපදට්ඨ කථාව සිංහලයට පෙරළීමේ මහා කර්තව්‍ය ඉටුවූයේ සද්ධර්මරත්නාවලිය  ලිවීමත් සමගය. මෙය 13 වන ශතවර්ෂයේ දඹදෙණි සාහිත්‍ය යුගයේ රචිත ග‍්‍රන්ථයකි.  මෙයට පෙරද පසුද ලියවුණ පැරණි සිංහල ගද්‍ය සාහිත්‍ය කෘති අතරෙහි ඇති විශාලතම ධර්ම ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය නම් සද්ධර්මරත්නාවලිය යි.  සඳහම් නම් වූ රත්නයන් එකිනෙක අමුණා නිමකළ මාලය හෙවත් දහම් මැණික් දාමය කියන අරුත ගැබ් කොටගෙන සද්ධර්මරත්නාවලියෙ නාමය සකස්ව ඇත. මෙහි කතුවරයාණන් කවුරුන්ද යන්න කෘතිය අවසානයේ දැක්වෙන පාලි ගාථා කීපයෙන්  පැහැදිලිව දක්වා තිබේ.
සද්ධම්මට්ඨිති මිච්චින්තෝ- ධම්මසේන යතිස්සරෝ
අකාසි පවරං ඒතං - සද්ධර්මරත්නාවලිං
මෙම ගාථාවෙහි පරිදි සද්ධර්මරත්නාවලිය වූ හිමියන් විසින් ධර්මසේන හිමියන් විසින් රචිත ග‍්‍රන්ථයකි. එහෙත් ධර්මසේන හිමිපාණන් වැඩ විසූ රාජ්‍ය කාලය වැඩ විසූ විහාරය හෝ එවැනි වෙනත් තොරතුරක් අනාවරණය නොවේ. මෙම කෘතිය දඹදෙණි සාහිත්‍යය යුගයට අයත් බැවින් උන්වහන්සේ එම කාලවකවානුවේ හිමිනමකි. නිකාය සංග‍්‍රහයෙහි සිද්ධාර්ථ විල්ගම්මුල, අනුරුද්ධ, දීපංකර මයුරපාද යන පඬ් හිමිවරුන් අතර ධර්මසේන හිමිගේ නමද ඇතුලත්වේ. සද්ධර්මරත්නාවලිය ආරම්භයෙහි පූර්විකාව සූවිසි විවරණය සහ බුද්ධ චරිතය යන අංගත‍්‍රය ඇතුළත් වේx පූර්විකාවෙහි ධර්මසේන හිමියෝ ස්ව අභිලාෂය ප‍්‍රකාශ කරති.
” යම් කෙනෙක් නුවණ මඳ වත් කුසලච්ඡුන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලී නම් වූ ප‍්‍රබන්ධය කරහි”
 මෙමඟින් පැහැදිලි වන්නේ කිසිවකුගේ ආරාධනයකින් තොරව ග‍්‍රන්ථය ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වේ. සද්ධර්මරත්නාවලිය යනු කතුවරයාණන් විසින් ම මෙයට තැබු නම බවද ග‍්‍රන්ථාවසානයේ දී දැක්වේ.
” .......තුන්සියයක් වත් නැමති මඟුල් සැරහීමෙන් නිවන් පුර වදන වුන් අතර සැතපෙන්නට සද්ධර්මරත්නාවලිය ශාලාව සරහමු .......”
 එහි තුන්සියයක් කතා යැයි කීවද  චක්ඛුපාල තෙරුන් වහන්සේගේ වස්තුව දේවාංගින බමුණන් පැන විචාල වත දක්වා කතා පුවත්  තුන්සිය අටක් මේ කෘතියේ ඇතුළත් වේ. ඒ හැම පුවතක් ම හැඳින්වීම කෙරෙනුයේ මේ වස්තුව හෝ වත හෝ කථාව හෝ යනුවෙනි. එහි කතාපුවත් වලින් අනතුරුව මංගල සූත‍්‍ර අටුවා ආදී වූ කතන්දර දීපංකර බුදුරදුන්ගේ සිට සූවිසි බුදුවරුන්ගේ නිවන් දුටුවන්ගේ කතා ආදියෙහි සිට අනාගත වංශ දේශනාව හෙවත් මෛත‍්‍රීය බුද්ධ චරිතය දක්වා තවත් කතාංග තිස්තුනක් සහිතව කෘතිය අවසන් කෙරේ.
පොදු ජනතාවගේ පැත්ත ගෙන පැරැුණි සාහිත්‍යයෙන් කතා කරන්නකු එකඑල්ලේ බැලිය යුත්තේ සද්ධර්මරත්නාවලිය දෙසය. එම කෘතීන් ගිහි ජීවිතයේ කම්කටොලූ දක්නේ දුක් කරදර මැදින් විනිවිද ගිය ඇසකිනි. ධර්මයෙන් ඉවත ගියා වූ පුද්ගලයන් එහි අභියෝග කිරීමේ ලා උන්වහන්සේ ගත් වෑයම සාර්ථක වන්නේ හුදෙක් ඒ අංශයෙන් ම පමණක් නොවේ.
”නූගතුන්ටද ධර්මාවබෝධය පහසුවෙන් සැලැස්වීම සඳහා සම්පාදිත මෙම ග‍්‍රන්ථය ඒ කාලයෙහි සාමාන්‍ය ජනයා අතර භාවිත වූ භාෂාවෙන් ලියන ලද බැවින් මීට අවුරුදු හත්සියයකට පූර්වයෙහි සිංහල භාෂාවෙහි තත්ත්වය දැන ගැනීමට මේ පොත අතිශයෝපකාරි වෙයි. මෙහි භාෂාව සාමාන්‍යයෙන් වුවත් අනූණ වාග් රසයෙන් හා ශක්තියෙන් අසන කියවන උගත් නූගත් හැම දෙනාගේ ම චිත‍්‍ර ප‍්‍රබෝධය වන්නේය.”
 ලක්දිව පර්යේශකයෙකු හා මහා ව්‍යක්තකයකුව සිටි ඞී.බී. ජයතිලක ශ‍්‍රීමතාණන් ගැමි සාහිත්‍ය  සාහිත්‍ය නම් ග‍්‍රන්ථයෙහි සද්ධර්මරත්නාවලියෙහි අදහස් දක්වා ඇත්තේ මෙසේය.
”බාහිර ඔපමට්ටම් වලින් ඔපවුණු පැෂන්කාර සමාජයකින් ගොඩනැගුණු අත්දැකීම් නොව චාන් නිවහල් ගති පැවතුම් ඇති සමාජයකින් නැගුනු සමාජ ධර්ම ඔබ තැකූ සේ ය. ජීවිත විශ්වවිද්‍යාලයේම ඉගෙන, එයින් ම ලත් අත්දැකීම් ඇතිව සමාජය තුළම සිට ඔවුන්ගේ ජීවිත ගැන ම කතා කළ උතුමෙකු සේ සැලකීම නිවැරදිය. භාෂා තත්ත්ව වියරණ ආදිය ගැන විමසන්නෙකු වුවද ඔබගේ ඇතැම් යෙදුම් බලා පස්සට විසි වනු ඇතැයි සිතමි. ඇතැම් තැන් බලා අනුරාගය නූපදවන්නේද නොවේ.”
 සද්ධර්මරත්නාවලිය පිළිබඳ සිංහල සාහිත්‍යයේ නැගීම නම් කෘතියේ අදහස් දක්වන මාර්ටින් වික‍්‍රමසිංහ මහතා මෙසේ පවසයි.
”කවි ලැකිය මහත් කොට සැලකූ සිංහල ග‍්‍රන්ථකාරයෝ ලෙව් ලැකිය නොසැලකූහ. එහෙයින් සිංහල ගද්‍යයෙහි පමණක් නොව පද්‍යයෙහි ද ලෙව් ලැකියෙන් යුත් ගත් තොරතුරු හිඟ විය. කවි ලැකියාට වහල් වූ සිංහල කවීහු ලංකාවේ වටාපිටාව නුදුටු අන්ධයෝ වූහ. ලංකාවේ සමාජ තතු පවා, සිංහල කාව්‍යයෙහි පිළිබිඹු වන්නේ ඉතා කලාතුරකිනි. ධර්මසේන හිමියෝ කවි ලැකියෙන් නොව ලෙව් ලැකියෙන් පෝෂණය ලැබූ කවීත්වය ඇත්තෙක් වූහ.”
සද්ධර්මරත්නාවලිය ලියන ලද්දේ පාලි ධම්මපදට්ඨ කථාවෙහි සිංහල අනුවාදයක් ලෙසයි. පාලි ක‍්‍රමය හැර පමණක් ගෙන අප කළා වූ මෙම ප‍්‍රබන්ධයෙහි යනුවෙන් දෙවැනි පිටුවේ ධර්මසේන හිමියන් ප‍්‍රකාශ කර ඇත.
 ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතියක් ගත් කල පොදු ජනතාවට තේරෙන ආකාරයෙන් නිර්මාණය කිරීම කතුවරයාගේ දක්ෂතාවය මත සිදුවේ. තමා ජීවත්වන සමාජයේ අන් අයගේ මත අදහස් ඔස්සේ තමන් ලොව දැකීමක් විය යුතු ය. මෙය ජන විඥානය ලෙස හඳුන්වනු ලබයිx සාමූහික ජනවිඥානය නමින් හඳුන්වන්නේ ද ජන විඥානය යන තාක්ෂණික පදයෙන් හැඳින්වෙන අදහසමය.ජන බහුජන, සාමූහික නමින් හැඳින්වෙන්නේ එකිනෙක පුද්ගලයන්ගේ සාමූහිකත්වයෙන් සුසැඳි සමූහයක් බල පවත්වන එක ක්ෂේත‍්‍රයකට එකතු වූ සමස්තයක් ලෙස එකතු වෙන, සමස්ථයක් ලෙස එකතුවන, එක්කාසු වූ යන අර්ථයන්ය. එකතු වීම හෝ ජන විඥානය යනු අන්‍යෝන්‍ය අවබෝධය මත ලබන දැනුම අභ්‍යන්තර අවබෝධය මෙන්ම  ඕනෑම දෙයක් පිළිබඳව මානසිකව පවතින අවබෝධය මෙන්ම දැනුවත්භාවයයි. මෙම පද දෙක බද්ධ කිරීමෙන් ඇතිවන අර්ථය වන්නේ අන් සැවොම විසින් අවබෝධ කරගෙන තිබෙන අභ්‍යන්තර අවබෝධය යි.
  තවද මිනිසුන්ගේ විවිධත්ව සහ බහුවිධභාවය මත එකිනෙකා විසින් පෙන්නුම් කරනු ලබන සිහි ඇති කම හෙවත් සවිඥානික ව කටයුතු කිරීමේ හැකියාවයි. ජන විඥානය තුළ ඒ ඒ සමාජයන්ගේ පුද්ගල මනස කියවීමක් සිදු වේ. ඒ සඳහා සද්ධර්මරත්නාවලී කතුවරයානෝ ධර්මසේන හිමියන් උන් වහන්සේ ජීවත් වූ සමාජයේ නුවණ දැකීම සිදු කර ඇත. එහිදී සිරිත් විරිත්, සංස්කෘතිය, භාෂාව, ඇදහිලි විශ්වාස මිත්‍යාමත යනාදිය එක් කිරීමක් සිදුකර ඇත.
 ”සද්ධර්මරත්නාවලියෙන් වහනය වන්නේ පුස්කොළපොත් වල සුවඳ ගැමි ජනතාවගේ ජීවන සුවඳයි.” යන නිර්වචනයෙන් පැහැදිලි වන්නේ මාහැඟි ග‍්‍රන්ථයෙහි අඩංගු වන්නා වූ ජන විඥානය ස්වභාවය යි.
 ව්‍යවහාර සිංහල භාෂාවෙන් ලියැවුණු සාහිත්‍ය ග‍්‍රන්ථයක් වශයෙන් උගත් නූගත් හැම දෙනාගේ ම සිත් ගන්නාසුලූ ධර්ම ග‍්‍රන්ථයක් වශයෙන් ද සද්ධර්මරත්නාවලිය දැක්විය හැකි ය. දඹදෙණි සමයේ ලක්දිව පැවති සිරිත් විරිත්, ජන කතා ආදිය උගන්වන සමාජ දර්ශන ග‍්‍රන්ථයක් වශයෙන් ලංකාවාසීන් අතර ජනප‍්‍රිය ග‍්‍රන්ථයකි. සද්ධර්මරත්නාවලිය ප‍්‍රස්තාවනාවෙහි දැක්වෙන පරිදි ”දඹදිව සිදු වූ උපහාසාදියෙන් සරසා රසවත් කරන ලද මෙම ග‍්‍රන්ථය මහනුවර රජුන්ගේ සිංහල සිංහාසනයට සමාන යැයි කිව හැක.” අපරදිග සැලැස්මක් අනුව අපරදිගින් පිරිනැමුණු ඒ ආසනයෙහි ලක්දිව රන් කැටයම් මැණික් රාජ්‍ය ලාංඡුන ආදියෙන් සැරසීමෙන් අපරදිග ලක්ෂණ අතුරුදහන් වූවා සේ පොතේ ඇතුළත් දඹදිව කථා වස්තු කියවන විට සිතෙහි පහළවනුයේ ලක්දිව සිදු වූ කථා ප‍්‍රවෘත්ති ලක්ෂණයන්ය.
සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි පොදු ජනතාවගේ සම්මානය ලත් එමෙන්ම අන් ගද්‍ය කවීන්ට වඩා හාත්පසින්ම වෙනස් මඟක් ගත් එසේම සාහිත්‍ය අන් අතකට යොමු කළ පැරණි කවියා ධර්මසේන හිමියන් යැයි කීම වරදක් නැත. මෙය පාලි ධම්මපදට්ඨ කථාවේ අනුවාදයක් වුවද සම්පූර්ණ අනුදිත ලක්ෂණ එහි නොපෙනෙන්නේ ඉන් බැහැරි දැය ද ඇතුළත්ව ඇති බැවිනි. ආරියදාස පෙරේරා විසින් රචිත ගැමි සාහිත්‍ය නම් පොතෙහි සඳහන් පරිදි ධම්මපදට්ඨ කථා ආශ‍්‍රයෙන් කතා හා කර්ම මාර්ගද විස්තර කරමින් ලියු ජීවිත විවරණය කැයි කිව සත්‍යයෙන් එතරම් ඈත් නොවේ. සෑම කතාවක් ම ආරම්භ කරනු ලබන්නේ ජන විඥානය සකස් කිරීම සඳහාය. උපහාසය කියුම් හා සමාජයේ ඇතැම් ගතිගුණ වලට එල්ල කොට ඇති අපහාසද උපහාස රසයෙන් යුක්තව කියවීමට ලැබෙන තැන් ද සුලබය. ධර්මසේන හිමියන් පාලි අනුවාදයක් සිංහලෙන් ඉදිරිපත් කිරීමම උන්වහන්සේගේ ජන විඥානය පැහැදිලි වේ.
සෑම කතා පොතක් ම නිර්මාණය කිරීමේදී භාෂාවට ලබා දී ඇත්තේ අද්විතීය ස්ථානයකි. සෑමවිටම සිංහලයාට තේරෙන භාෂාවක් යොදාගෙන ඇත. උපමාවන්ට තැනක් ලැබුණු ගද්‍ය ග‍්‍රන්ථ අතුරෙහි රත්නාවලියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඒ අතින් ධර්මසේන හිමියන් දෙවැනි වෙතොත් විද්‍යා චක‍්‍රවර්කීට පමණි. රජ ඇමැති ආදී ලොකු තැන්වල  ජීවිතයන්හි ඇති මහත්ම්‍යයට වඩා ගැමි පොදු ජනතාවගේ ජීවිත පිළිබඳ පත්ලට බැස ඔබ දුටු තැන් විවරණය කරන්නේ ආදීනත්වයෙන් හෙබි ස්වෛරී භාවයකින් යුතුවය. සද්ධර්මරත්නාවලිය නිර්මාතෘ ධර්මසේන ස්ථවිරයෝ ගැමියන් අතර ඔවුන් හා එක්ව දොඩමින් සිනාසෙමින් දිවි පෙවත හිසින් ගත් බරක් මෙන් නොව හිස  සරසනාවක් මෙන් සලකමින් ජීවත් වූ ප‍්‍රිය වාදයෙකි. උන්වහන්සේ වීදාගම හිමියන් මෙන් ”කුමන නැටුම් කෙළි කවට සිනා දා” යන උවදෙස සිහිකරමින් විසූවකු නොව තමන් කරා පැමිණි උපාසකයන් හා ගැමියන් සමඟ ද කෙලි කවට තෙපුල් තෙපලීමෙන් බැලීමෙන් සන්තෝසෙන් විසුවෙක් යැයි සිතීමට අනුබල දෙන්නේ සද්ධර්මරත්නාවලිය යි. සද්ධර්මරත්නාවලියේ සුලබ ඇතැම් කියුම් එවැන්නකුගේ කටින් මිස මනුෂ්‍යාත්මභාවයෙහි දුර්ගුණද සසර දුක්ද නිතරම මෙනෙහි කිරීමේ කලකිරී කිපිනෙකුගේ කටින් නම් ගිලීගිය හැකි නොවේ.
පුරාණ ග‍්‍රන්ථ නිර්මාතෘවරුන්ගේ වගතුග අපට ලැබී නැතත් ඔවුන්ගේ නිර්මාණය කළ ග‍්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් හා ගතිගුණද ක‍්‍රියාකලාපයන් ද කාලය සිරිත් විරිත් පිළිබඳ තොරතුරු පොතපතින්ම අනුමානයෙන් දත හැකිය
  ”ලේඛකස්‍ය යද් රූපම්
චිත්‍රෙ භවති තද් රූපම්”
 ලේඛකයා හට යම් රූපයක් වේ නම් ඒ රූපය චිත‍්‍රයෙහි ද දැකිවේ. යන පැරණි අගනා කීම වඩාත් ගැලපෙනුයේ කවීන්ගේ රචනාවන් පිළිබඳ වූ තැනට යයි හැෙඟයි. ඒ අයුරින් සද්ධර්මරත්නාවලිය වහනය වන්නේ කුමන කරුණක් ද කුමන සිරිත් විරිත්ද, භාෂාවක්ද, යන්න සොයා ගැනීමෙන් ජන විඥානය තහවුරු කර ගත හැක. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ධර්මසේනයන් පිළිබඳ දක්වා ඇති අදහස වන්නේ
 ”ධර්මසේන ස්ථවිරයන් නඟරයෙහි නොව පිටිසර ඉපිද ජනයා අතරම ඇතිදැඩි වූ පිටිසරයෙකු විය යුතුය. සද්ධර්මරත්නාවලිය කියවන කල මා තුළ ඇතිවන හැඟීමකි. පුරාතනයෙහි නගරය හා පිටිසර අතර, මෙකල දක්නා ලැබෙන වෙනස් නොවුවද ධර්මසේනයන් පිටිසර ඉපිද පිටිසර ඇති දැනුම පමණක් නොව ඔවුන් අඟය කළ ඔවුන්ට ඇලූම් කළ ඔවුන්ගේ ව්‍යවහාරයෙන් පෝෂණය ලත් කවීත්වය ඇත්තකු යැයි මම සිතමි.”
සද්ධර්මරත්නාවලියේ කතා ආකෘතිය වර්මාන කතාව මෙන්ම අතීත කතාව ද උපයෝගී කොටගෙන තිබේ. බෞද්ධ කතාවන් සේවනය කරන ලද නූගත් ගැමි ජනතාවට සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පහසුවෙන් අවබෝධ කරදෙනු වස් අතීත කතාව හා වර්තමාන කතාව මැනවින් සුසංයෝජනය කරමින් කතාව රචනා කර ඇත. උගත් ගැමි ජනතාවට මෙන්ම නූගත් ජනයාට එක ලෙස රසවඳීමට සමත් අයුරින් ගැමිජනතාවට සමීප වන ක‍්‍රමවේදයන් කතාවස්තු රචනා කිරීමේ දී උපයෝගි කරගෙන ඇත. එය සද්ධර්මරත්නාවලියේ ඉදිරිපත් කරනු ලැබූ ජන විඥානයයි.
කුණ්ඩලකේසියගේ කතාවස්තුව මගින් ඇයගේ ප‍්‍රයෝජනවත් නොවන කි‍්‍රයාකලාපයන් නිසාවෙන් අවසානයේ දී ඇයට මුහුණදීමට සිදු වූ ඉරණම කොතරම් ශෝචනීය දෙයක් ද යන්න හැගවීමට කතාව ආරම්භයේ දී අපූරු ඉගියක් ලබා දී තිබුණි. ලෞකික සැප සම්පත් කොපමණ භුක්ති විඳියද, අනුවණ කි‍්‍රයාකලාපය නිසා මුළු ජීවිතයම විඳවීමක් බවට පත් වූ ආකාරය මැනවින් අවබෝධ කරවීමට සමත් වී ඇත.

උදා ÷ ”තවද නිෂ්ප‍්‍රයෝජන කතාවෙන් ප‍්‍රයෝජන ලවයකුත් නැති නියාව හගවන්ට කුණ්ඩලකේසියගේ වස්තුව දක්වමු......යනුවෙන් කතාව ආරම්භයට නිමිත්ත කොටගෙන තිබුණි.”
කතාව පිළිබඳ කිසියම් කුතුහලයක් ජනිත කරවීම නිසා මුළු කතා වස්තුවම කෙරෙහි රුචිකත්වයක් දක්වා එය ශ‍්‍රවණය කිරීමට ගැමි ජනයා උනන්දු වෙයි. ඒ නිසා කතාව කෙරේ ජනතාවට විශ්වාසයක් ඇති කිරීමටත් මෙමගින් උත්සාහ දරා ඇත.
ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියේ කතා වස්තු  රචනා කිරීමේ දී සෑම කතා වස්තුවකම අවසානයේ ධර්මෝපදේශයක් ගෙනහැර දක්වා ඇත. එය උගත් පාඨක ජන සමාජයට වඩා නූගත් ජන සමාජ සමාජයක ජීවත් වන ජනතාවට මෙලොව පරලොව දියුණුව සලසා දෙනුවස් මහගු පිටුබලයක් වන බැවිනි. කිසාගොත්මීන්දෑගේ කතා වස්තුවේ කිසාගෝතමියගේ ස්වකීය දරුවා මියගිය ශෝකයෙන් කල්ගෙවා අවසන නිවන් අවබෝධ කර ගැනීමට ඇයට වාසනා මහිමය උදාවිය. ඒ බව,
උදා÷ ”එහෙයින් සත්පුරුෂයන් විසින් ශරීර පුෂ්ටිය නැතත් චිත්ත පුෂ්ටිය ඇතිව.....ගුණ පුෂ්ටිය එවාගත යුතුය.”
ධර්මසේන හිිමියන්ගේ කතා කලාවේ සුවිශේෂත්වය වන්නේ ගැමිජන සමාජ විඥානය අවබෝධ කර ගනිමින් උන්වහන්සේ කතා කලාවේ නිරතවීමයි. ගැමිජනතාව අතර උපත ලබමින් ගැමිජනතාව අතර ජීවත් වෙමින් ගැමිජන හඳවතට ගැෙඟන රාවය පවා ප‍්‍රතිරාවය කර ගැනීමේ නැණ නුවණක් උන්වහන්සේ සතු විය. නිර්වාණ අවබෝධය පිණිස ගමන් ගන්නා මිනිසුන්ට නවාතැන්පලක් ලෙසින් ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත.
”එහෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදි වූ සෙසු සටන් හැර විවසුන් නැමති අතින් මාර්ගඥාන නැමති බඩුගෙන ......”
  යනුවෙන් කතාවස්තුව අවසානයේ ධර්මෝපදේශයක් ලබාදීමට සමත් වී ඇත. නුවණැති ජනතාව තවකෙකු සමග සටනට එන්නේ ආයුධ වලින් නොවේ. මාර්ගඥාන නැමති කඩුගෙන ය.එය මෙලොව පරලොව සුබසිද්ධිය පිණිස හේතු වන කාරණයකි.
ධර්මසේන ස්ථවිරයන් ග‍්‍රන්ථය නිර්මාණය කිරීමේ දී යොදා ගෙන ඇති බස පොත පතින් පෝෂණය වූවක් නොවේ. ඔහු පිටිසරයන්ගේ දිවි පෙවෙතින් ලත් උගැන්ම ඔවුන්ගේ ජීවිත කාලයේම අල්ලා ගැනීමේ ප‍්‍රතිඵලයකි. සද්ධර්මරත්නාවලියේ වහරන බස ජනවිඥානය කියා පායි.
 ධර්මසේන හිමියන් සෑමවිටම පොදු ජනතාවට තේරෙන සරල බස් වහරක් නිර්මාණයෙහිදී යොදා ගැනුණි. සෑම විටම ගැමියන් වහරන පදනම ඇදගත්හ, එහෙයින් සෑම විටම සද්ධර්මරත්නාවලිය ජනතාව අතර ජනප‍්‍රිය විය. ලිහිල් කිරීම් කටෝර කිරීම් උචිත සේ කිරීමයි. උගත්කම කවුදෝ පණ්ඩිතයෙක් හෝටලයකට ගොස් සේවකයෙකු හට පවසා ඇති කියමනක් ගැමි සාහිත්‍ය කෘතියෙහි මෙසේ දක්වා තිබේ.
”නෙරළු වෘක්‍ෂයකින් නෙලනු ලැබූ ඵලයක් ගෙන එහි ජල භාගය පසෙකලා අයෝමය ද්‍රව්‍යයකින් සුපරිසිදු පරිදි ස්නිග්ධකොට වඩා මෙහි ගෙන එව” මේ පොල් ටිකක් ඉල්ලූ පරිදි ය. සේවකයා උඩ බිම බැලීලූ මෙසේ තැනටත් නොතැනටත් නුසුදුසු සේ අපේ ඇතැම් පණ්ඩිතයන් බස යොදන සේය. බසට තමන්  වහල් නොවී බස තමන්ට වහල් වූවක් කරගත යුතුය.”
සාමාන්‍ය ජනයා වෙනුවෙන් ග‍්‍රන්ථයක් නිර්මාණය කිරීමේදී එම ජනයාට තේරෙන පරිදි භාෂාවක් යොදා ගැනීම යෝග්‍ය වන්නේ එහෙයිනි. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය නිර්මාණය කිරීමේදී සැමවිටම සරල බසක් යොදා ගෙන ඇත. එය එතුමා ජීවත් වූ සමාජයේ පුද්ගලයන්ගේ විඥානය විදහා දැක්වීමයි. සෑම කතා වස්තුවක්ම ආරම්භ කරනුයේ ඉතාමත් සරල භාෂාවකිනි. එම කොටස ඉදිරිපත් කිරීමේ අර්ථය වන්නේ කතාවේ අන්තර්ගතය පැවසීමයි. කාලි යකින්නගේ වස්තුව ඉදිරිපත් කිරීමේදී කතුවරයා ඉදිරිපත් කර ඇත්තේ
උදා÷ තවද වෛර බැන්දවුන්ගේ වෛරය නිවා ගන්ට බැරිව දාගෙන යන ගින්නත් බොහෝ පැන් ඇති තැනකට පැමිණ නිවෙන්නා සේ කරුණා නැමති දියෙන් පිරුණ සර්වඥ නැමති මුහුඳට පැමිණ නිවෙත් මුත් සෙසු ලෙසකින් නොනිවෙන නියාව දක්වන පිණිස කාලි නම් යකින්නගේ වස්තුව දක්වමු.
 මෙම ෙඡ්දය කියවීමෙන්ම කතා වස්තු හා අන්තර්ගතය හඳුනා ගැනීමේ හැකියාවක ඇත.
දඹදෙණි සාහිත්‍ය යුගයෙහි වහරන බස සරල ආකාරයෙන් ම ගෙන ඒමට ධර්මසේන හිමියන් සමත් වී තිබේ. අත්ථිගන්ධ කුමාරයන්ගේ කථා වස්තුවේදී කුමාරයාගේ  නම් තැබීම පිළිබඳ විස්තරය මෙසේ සඳහන් වෙයි.
 උදා÷ එසේ හෙයින් අතිගණ්ධ කුමාරයෝයයි නම් තබාලූහ.  සොළොස් හැවිරිදි කල්හි  පිය රජ්ජුරුවෝ කුල පරම්පරාව පැවැත්ත මනාවේ දැයි ජාති සම්පන්න නොයෙක් කොළවලින් ස්ත‍්‍රීන් ගෙන්වා තුළින් කෙරෙහි කුමාරයන් ළඟ තිරයක් අද්දවා ලාගේ මඩුලූ කරවයි. විධාන කළහ. කුමාරයෝ නටන ගී කියන බෙරගසන හඩ අසා මේ කුමන අරගලයක් දැයි විචාළහ.
 
ඕනෑම අයෙකුට මෙම ෙඡ්දය කියවීමෙන් ඉදිරිපත් කර ඇති දේ සරලව වටහා ගත හැක. මෙය ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය ඉදිරිපත් කිරීමේ දී ජනතා මනස ඉදිරිපත් කළ ආකාරය යි.
ග‍්‍රන්ථාරම්භයේදීම සරල බසකින් මෙම ගද්‍ය කෘතිය ඉදිරිපත් කරන බවද දක්වා ඇත.
”එසේ හෙයින් ඔබගේ අනුශාසනයෙහි පිහිටා නිවන් දහම් පසක් කරන්නවුන් විසින් යම්සේ වැසි ඇති කළ සුභික්ෂ වැසි නැති කල දුර්භික්ෂ ද එහෙයින් සුභික්ෂ දුර්භික්ෂ දෙක මුල් ද එසේම අකුසලින් දුරු ව කුසල්හි පිහිටා සිත් සතන් පවිත කරන්නවුන්ට ධර්මාදී යෝගය මූල ධර්මාභියෝගයෙන් නම් නිස්සාධාරණයෙන් බණ උගැන්මය. හෙද වැලිත් කෘත්‍යාධිකාරි මහ පිනැති කෙනෙකුටම වීදුරු පර්වත විදින්නට කුහුඹුවන්ට බැරියx එසේ හෙයින් යම් කෙනෙක් නොවන මදවන් කුශලච්ඡුන්දය ඇතිව ධර්මාදී යෝගයට උපදෙස් ලැබී බණ දැන පින්කම් ඇති ව හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් ප‍්‍රබන්ධය කරමු.”
මෙහි ගැබ්ව ඇත්තේ පොත කිරීමෙහි ලා උන්වහන්සේ තුළ බලපැවැත්වූ හැඟීමයි. සුභික්ෂ යටත් දුර්භික්ෂයටත් මුල්වන්නේ වර්ෂාවයිx එමෙන්ම කුසල් අකුසල් දෙකෙහි තත්වය දැන එහි පිහිටීම ඉවහල් වන්නේ ධර්මාභියෝගයටයි. ධර්මාභියෝගය ලෙස දක්වන්නේ ශ‍්‍රද්ධා සිතින් බණ උගැන්වීමයි. පෙර පින් කළ මහ පිනැතියන්ට විනා වෙන කෙනෙකුට කළ නොහැක. ඒ පිළිබඳ විචාරකයකු පවසා ඇත්තේ මෙලෙසය.
”වීදුරු පව්ව කුහුඹුවන්ට විඳින්නට බැරියා සේ එනමුත් යමෙකුට නුවණ මද නමුත්, කුසල් කැමැත්ත ඇත්නම් ධර්මාභියෝගය උපදෙස් ලැබුණහොත් බණ දැන පින්කමෙහි හැසිර නිවන් සාදා ගන්නට හැකිය.”
 ඉන් පැහැදිලි වන්නේ මෙම ග‍්‍රන්ථයේ ඉදිරිපත් කරනුයේ පාලිය දත් උගතුන්ට බණ උගත හැකි නමුත් එබඳු නුවණින් නැති අයට බණ උගැන්මට ක‍්‍රමයක් නැත. එයට විසඳුමක් ලෙස සද්ධර්මරත්නාවලිය සරල බසින් ඉදිරිපත් කර ඇති බවද දක්වා ඇත.
  සද්ධර්මරත්නාවලියේ කතුවරයා ඉදිරිපත් කිරීමේ ක‍්‍රමයක් ලෙස ගැමි බස යොදා ගෙන තිබේ. එකල පැවැති රුහුණ,ු පිහිටි, මායා රටෙහි සිටියවුන් සියල්ලටම බසෙහි මුහුණුවර වෙනසක් නැත. සෑම විටම ධර්මසේන හිමියන් නුවණ මඳ වුවත් ඡුන්දය ඇත්ත උන් වෙනුවෙන් ගැමි බස යොදා ගැණුනි. එය කොපමණද යත් සීසාන කුඹුරට ගොස් එහි ඇති නඟුල කෙවිට ගෙඩිවල වියගස වර වටමඩ යන උපකරණ ක‍්‍රියාත්මක වන අයුරු බලා සිටි බඳුය. කමතෙහි භාවිතා වන පිදුරුවේනිය ගොයම් කොලය අස්වැන්න දැතිගොයියා කුල්ල පැදුර බත යනාදියද මුළුතැන්ගෙයි ඇති මිරිස් ගල  වලස්මුල්ල දිය කළය දියබොන කෝප්පය තැටිය මාළුව බත් සැළිය දරණුව කසල වැනි උපකරණද පිළිබඳව සද්ධර්මරත්නාවලි කතුවරයා අලංකාරවත්ව ගැමි පසකින් යුක්තව බස හසුරුවා තිබේ. ගැමිවහරේ එන යෙදුම් ධර්මසේන හිමියන් අවස්ථානෝචිතව යොදා ඇත. ඉඩවාඩයක්, මුසුප්පු, ඉනිපත්තච, පෙරාතුව, ඈත, මෑත බලා මේ වදන් යෙදීම තුළින් උන්වහන්සේගේ සුවිශේෂත්වය ඉස්මතු වේ. ”සිංහල ගැමියන් වෙහෙස කර තත්ත්වයට පත් නොවී කියන දෙය මනාව අවබෝධකරගත්හ. පාලියෙන් ගත් කථා ඒ අයුරින් ම නොකියා ගැමියන්ගේ අභිරුචිය අනුව වර්තමාන කථා ව්‍යවහාරයෙන් සරළව සුගමව කීම තුළින් වහා අවබෝධවන බව එතුමෝ අවබෝධ කොටගෙන ඇත.”මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතාගේ සිංහල සාහිත්‍ය වංශය දෙක නම් කෘතියෙහි මෙසේ සඳහන් වෙයි’ ධර්මසේන හිමියන් ඇසුරුකළ ගොවිජනයා එතුමන් විසින් සළකනු ලැබූ අයුරු වටහා ගැන්මෙන් ගත්කරු හිමියන්ගේ කථා කීමේ ආරේ වැදගත් අංශයක් හෙළිවන්නේය.ගැමිබස ඇසුරු කරගනිමින් උපමාවන් භාවිතා කර ඇතx
ආඳා යවා තබාලා වල්පත ගන්නාසේ
ඇඹුලකින් තඹ මලකඩ  නැතිවන්නාසේ
තමාගේ ඡුායාව තමා හැර නොපවන්නාසේ
නියං සමයේ අඬන ආසක් මෙන්
මකුළුවන් කෑ කෑ දෙය හූ වන්නා සේ්
තමා ම ලාලූ ගිනි තමාට නිවන්නට බැරියාසේ
මට්ටකුණ්ඩලී කතා වස්තුවේදී නොගැළපෙන ඖෂධයක් කරන අදින්න පුබ්බකගේ ක‍්‍රියා කලාපය ගැමි හදවතය ස්පර්ශවන අයුරින් උපමා ආශ‍්‍රයනේ ගෙන හැර පාන්නේ පහත අයුරිනි.
. ‘‘පය බරවායට පිටිකර බෙහෙත් බ`දිනා සේ’’ ‘‘ඇස් සරහන්නට තොල අ`දුන් ගානා සේ’’
‘‘ආ`දා යවා තබාලා වල් පත ගත්තා සේ’’
‘‘කන්නට එන බල්ලන් අසුරු ගසා සාද කරන්නා සේ’’
‘‘මුසුප්පුව පියා බත් කන තැන බලා හි`දන් උළත් නොළත් බල්ලකු පරිද්දෙන්’’
‘‘දඩයම් බලූ මුළක් රැුස්ව වැ`ද හි`ද තලා සපා බත් කන්නා සේ’’
යන පිරු`ඵ ද
‘‘නිවටෝ ද ඒ දැක බලූ මුළක් බුරා වන්නා සේක විටම සිටාණන්ට දොඩා වැද ගියාහු’’
‘‘ඌ බල්ලනා ලවාලා හූරන් ලූහු බ`දවන්නා සේ තුමූ නොපෙනී අඹුවන් ලවාලා දොඩවා බණවා නෙරිති’’
‘‘ගෝනුසු වලග තුඩු මෙන් උපහාස විෂ පෙවූ අනුම් පද වලට හැරෙයි’’
‘‘මෙලොව නාසා කොට්ටු පර ලොවත් නාසා කොට්ටු වෙති’’
‘‘කළ මැ`ඩියක පැන් කළය ගෙයි තබා පියා බඩ දළ දැඩි හෙයින් වහ වහා වළන් මුල්ල සමනා පියන්ට යන ගමනක් සේ’’
යන ගැමියන්ගේ ස්ථානෝචිත බැවින් හෙබි කතා බහ ද සද්ධර්මරත්නාවලියේ රසවත් බව දියුණු කරයි. මෙලෙස ගැමියන්ගේ කතා බහ හා ගතිගුණ පිරික්සූ ධර්මසේන ස්ථවිරයන් සද්ධර්මරත්නාවලියේ භාෂා අලංකරණය ස`දහා උපමා නිසි තැන යෙ අයුරු කැපී පෙනෙයි එමෙන් ම පුතිගත්තතිස්ස තෙරුණ් වහන්සේගේ කතා වස්තුවේ එන ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට ස්වභාවික වස්තු පෙළක් උපමා කොට තිබේ. ඒ අනුව,
”තවද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථිතික නොවන නියාව ද අවුරුදු අසංඛ්‍යයක් මෙන් සිටියත් දිය බුබුලක් මෙන් බිෙක්‍ෂන සුළු නියාව ද , තණග පිණි බිඳුවක් මෙන් ආයුක්ෂයෙහි සිෙක්‍ෂන නියාව ද දියෙහි ඇඳි ඉරක් මෙන් මැකෙන නියාව ද දක්වන්නමෝ පූතිගත්තතිස්ස තෙරුණ්ගේ වස්තුව දක්වමු”.
ස්වභාවික ලෝකයේ හා එන උපමා භාවිතා කරමින් සද්ධර්මරත්නාවලිය ගැමිජන ජීවිතයට සමීප කරවීමට සමත් වී ඇත. සද්ධර්මරත්නාවලිය පුරාවට ම උපමා පිරුළු දහස් ගණනක් ඇත. ඒ සියල්ල යොදා ගත්තේ කතා වස්තු ගැමි ජනයාට වඩා හොඳින් අවබෝධ කරවීම පිණිසයි.
”බතින් සාද විඳ සිටියවුන්ට බුලත් දෙවා සාදය නිමවන්නා සේ”
”සමහර විෂයන් බානා කළ දෂ්ඨ කළ සර්පයා ලවා විෂ උරවන්නා සේ”
”කළුවර දෙපොයේ සඳ පරිද්දෙන්”
”දෙනුන් හැඳින වස්සන් ගන්නා සේ ”
”හාවුන්ගෙන් අං ලැබ්බ නොහැක්කා සේ”
”මී වික්කාට නගුටු නැත්තා සේ”
”අධෝමුඛ නැකතින් ශ‍්‍රාස්ත‍්‍රයට පටන් ගත්තා සේ”
මෙවැනි ගැමියන්ට හුරු පරිසරයෙන් ලබාගත් උපමා රූපපක මඟින් සද්ධර්මරත්නාවලිය නිර්මාණය කර ඇතx
ධර්මසේන හිමියන් වූ කලී පොතින්ම පෝෂණය ලත් කවිත්වයක් නොව ජීවිතය නැමති තක්සලාවෙන් ලත් පසක් නුවණින් පෝෂණය ලත් අව්‍යාජ කවියෙකිx ධර්මසේන හිමියන්ගේ කවීත්වය හා වර්ණනා ශක්තිය බෙහෙවින් පිබිදෙනුයේ ගැමියන් ද ඔවුන්ගේ දිවි පෙවෙත ද ඔවුන්ගේ ව්‍යවහාරයන් ද පිළිබ`ද අවස්ථාවන්හීය. පටාචාරා කතා වස්තුව ඊට නිදර්ශන සපයයි. ගෙයි දාසයෙකුට පෙම් බැඳි පටාචාරාවෝ දෙමාපියන් නියම කළ කුළවත් සිටු පුත‍්‍රයා සමඟ සරණ යනු නොකැමති වූවාහු, කලින් කතා කරගත් පරිදි ඒ දාසයා සමඟ සැඟවී ගියේ යx
‘‘සිටු දියණියෝ ද දෙවන දවස් කිළිටු අදහස් සේම කිලිටු කඩ රෙද්දක් කොයින්දෝ සොයා හැ`දගෙන මිඩියන්ගේ ලෙස ලීල් කොට හිසකේ බැ`දගෙන ? දෙවරු වී පෑරියා සේ ඇ`ග මු`ඵල්ලේ ධූලි ගාගෙන කළයක් හැරගෙන පැනට යන කෙල්ලක මෙන් කෙල්ලන් හා එක්ව ගෙන් පිටත්ව මිඩි වෙස් ගත් ලෙසට කොල්ලා සිටි තැනට ගියහ. ඒ කොලූ ද ක‍්‍රියාවෙන් කුම් වුවද ජාතීන් සම්පත්තීන් උතුම් තරම් ඇති සිටු දියණියන් රෙදි කඩෙකින් වසාලූ මැණිකක් පරිද්දෙන් කැ`දවාගෙන දුරට ගොස් එක් ගමෙක ර`දා හි`ද අයට අ`දයට සී සාගෙන වස් වපුට ගෙන දර පළා ගෙනවුත් ජීවත් වෙති.’’
අකුෂලයෙහි අනිශ්ට විපාක දැක්වීම සඳහා ”වී බත් කමින් සිට හමු බත් කන්නා සේ ” යන උපහැරණය භාවිතා කර ඇතx
”උපන් දරුවන් පයින් යන්නට දුබල හෙයින් උනුත් වඩාගෙන බඩ දරුවාත් බඩින් ගෙන නික්මුණ හ.
”ඒ වෙලාවට නඟන විදුලියෙන් හා මේඝ නාදයෙන් වස්නා වැස්සෙන් ආකාශය අතුරු සිදුරු නැති විය. එවෙලාවටම පිට පිට හෙළා විදුළිය ගසන්නා සේ විළිත් පහරන්නට විය. අහස ගුගුරන්නා සේ හඩගස්සන්නටත් වස්නා වැසි බෝවා සේම ප‍්‍රසව දුකත් බෝ විය.”
මෙවැනි අලංකාරවත් කවීත්වය සඳහාද උපමාවන් භාවිත කර ඇත්තේ ගැමිපරිසරය ඇසුරු කරගනිමිනි. සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ ස`දහන් වන්නේ මෙබ`දු අදහසකි.
‘‘සද්ධර්මරත්නාවලියේ කතා වස්තූන් නිරන්තරයෙන් නව්‍ය ස්වරූපයක් ගනු ලබයි. වර්ණනයන් කරන්නට සිතූ තැන ධර්මසේන ස්ථවිරයෝ හැම විටම තමන් ඇසූ දුටු දේ උපමාවන් උදෙසා ඇද ගත්හ. කතා වස්තුවල පුරුෂයන් ද ස්ත‍්‍රීන් ද හැ`දින්වීමට තමන් දන්නා හ`දුනන ගැමියන් ද ගැමි ජීවිතය ද පිළිබ`ද තොරතුරු ඇද ගත්හ.’’
ජීවිතේ සෑම අවස්ථාවකම තොරතුරු හොඳින් දත් නිසා ලෞකික මිනිස් ජීවිත පවා උන්වහන්සේගේ නුවණඑළිය නොපහන තැනෙක් නැතිx මේ ඇසුරින් ලියැවෙන සාහිත්‍යයක මොනතරම් පොදු ජනයාගේ ජීවිත විවරණයක් කෙරී ඇද්දැයි මනාව කිව යුතු ය. එලොව ගැන නොබලා මෙලොව ගැන පමණක් බලන මිනිස් ජීවිතයක් වෙතොත් එහි අඩුව සම්පූර්ණ කිරීමේ රිස්ස ඇති විය යුතුය. සද්ධර්මරත්නාවලියෙන් එය මනාව පිළිඹිබු වේ. එහෙයින් කුසල මදවත් කුසලච්ඡුන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හා නිවන් සාදා ගනිත් නම්, එසේ වූ සත්පුරුෂයන්ට හි වදාළේ, ග‍්‍රන්ථාරම්භයේදීම ගැමි නූගත් ජනතාව සඳහාය යන්න ඉදිරිපත් කළ බව පැහැදිලිය. මට්ටකුණ්ඩලී කතාව ප‍්‍රධාන නිදසුන් සපයයි.


”ඒ කුමාරයන් සොළොස් හැවිරිදි අවස්ථාවෙහි පාණ්ඩුව රෝග උැති විය. එක් දවසක් කුමරුන් ගේ මෑණියෝ බමුණන්ට වස්තු ලෝභයෙන් ඊට අවස්ථාවක් නැතත් තුමු පුතණුවන්ගේ සැටිපෙවෙත් නපුර උන් තමන් නොකියතත් ලෙඩක් දුකක් ඇත්තා සේය. ඊට නිසි පිළියම් දක්නා කෙනෙකුන් ගෙනවුත් පිළියම් කරවයි උන්ගේ අදහස්, ආභරණය කළ ලෙසින්ම නොහැගුණා සේ කිවූහ. බමුණන් ඒ අසා පින්වත් බැමිණිය කුමක් කියයිද පිළියමට වෙදදුරන් ගෙනා කළ වෙදකම් නිමන තෙක් බතුත් දුන මැනව මං කුලීත් දුන මැනව. කෙළවර මිලත් දුන මැනව බලවත්ව තිබෙන ව්‍යාධි හෙයින් මිළත් මදෙකින් සෑහී නොයෙයි. ඒ අසා බැමිණියෝ බමුණානෙනි එසේ කළමනා කිම්දැයි විචාලෝ ය.”
මෙහිදී ගැමිජීවිතයන්හි අඹූසැමි ජීවිත විවරණයක් සිදුවේ.  බොහෝ නිවෙස් වල සැමියා අධික ලෙස ලෝභ කළ වැඩිමනත් වියදම් යන දැය බිරිද විසින් සැමියාට නොපවසයි. එසේ සඟවා සිටින්නේ තම සැමියා පිළිබද හොදින්ම දත් නිසා ය. නොකියාම බැරි අවස්ථාවක තම  සිතැඟි පැවසුවද සැමියාගේ කීමට පිටින් කිසිවක් කිරීමට බොහෝ ස්ති‍්‍රන් වග බලා ගනියි. ඒ සිරිත ධර්මසේන හිමියන් දැන සිටිය හ. බිරිය එසේ කී කළ බමුණු සැමියා තර්ක කරයි. බමුණා සිය බිරිඳට කථා කලේ පින්වත් බැමිණිය කියායි. මෙහි පින්වත් යන්නෙහි විශෘල අර්ථයක් තේරුමක් ඇත. අනේ පින්සිද්ධ වෙයි බැමිණියනි මේවා විතරක් නොකියා සිටින්” මේ කාලයේ පවා මෙබදු අවස්ථාවක තමන් අනවශ්‍යයැයි සිතන දැයකට වියදම් කිරීමට බිරියට කී කළ සැමියා එසේ පවසනු ඇති. මෙම ජේදය තුළින් එදා තිබූ සංස්කෘතිය  සිරිත් විරිත් ගෙනහැර පෑමක් සිදුවේ. වෙදකමට පැමිණෙන වෙදැදුරන් ගෙන්වන කලිහී ඔවුනට බතුත් දුන මැනව කුලීත් දුන මැනව යන්නෙන් එය පැහැදිලි වේ. අදින්නපුබ්බක නැමති මසුරු සිටාණන් වර්ථමාන සමාජ වලද ජීවත් වේ. ඔවුන් ලෙඩකට දුකකට හෝ බෙහෙත් නොගෙන මිය ගිය පසු හඩා වැටෙයි. ධර්මසේන හිමියන් එදිනෙදා සමාජයේ විවරණයන් බොහෝ කතා වස්තු මඟින් ඉදිරිපත් කර ඇත. දෙමාපියන් ෂතු ධනය තමන් ෂතු කර ගත්තායින් පසු දෙමාපියන් ගැන නොබලන දරුවන් වර්ථමානයේ මෙන්ම අතීතයේද සිටි බවත් ඔවුන්ට අවසානයේ විදින්න සිදු වූ වේදනාවන් පිළිබදවත් ධර්මසේන හිමියන් ඉදිරිපත් කර ඇත්තේ හරි අපූරුවට ය. එක්තරා මහළු බමුණෙකුගේ කතාවක් ලෙෂ සඳහන් කතා වස්තුවක් මෙයට නිදසුන් සපයයි.
උදා ÷ ”මාව බලා ගත යුතු අවධියේදී අත් හැරියා.  ඔවුන් මාගේ දරුවන් මෙන් පෙනී සිටි යක්කුයි. අනේ මගේ දරුවන් ගැන බලනකොට ඊට වැඩිය හොදයි මගේ මේ හැරමිටිය ඒ මන්ද අනින්ට ආ ගෙරිසරකුන්, කන්ට ආ බල්ලන්, මෙයින් පන්නා ගන්නවා. කළුවරේ යන්ට පිළිවන් මේ ආධාරයෙන් වැටෙන්ට යන විට මේ වාරුවෙන් නැගිටිය හැකියි.”
මෙසේ පුතුන් සතර දෙනාට වඩා ඇති මේ අප‍්‍රාණික සැරමිටියෙන් ලැබෙන වහල ඔහු විස්තර කළ අයුරු මෙසේ දක්වා ඇත. සමාජය තුළ දක්නට ලැබෙන මේ දැහැටි ප‍්‍රතිපත්තියට නිගා දෙනු වස් එය විස්තර කලේ ඉතාම උචිත නවතාවයකනි. අදත් සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දෙමාපියන් සතු ධනය තමන් සතු කර ගත්තායින් පසු දෙමාපියන් ගැන නොසළකන දරුවන් සිටිති. මෙම සමාජයේ ඇත්ත ධර්මසේන හිමියන් ගැමිභාෂාව යොදාගනිමින්ම ඉදිරිපත් කර ඇත. ගෙරි සරක් ,හැරමිටියෙන්, දරුවන් මෙන් පෙනී සිටි යක්කුයි වශයෙන් ගැමියා වහරන පදම ඉදිරිපත් කර ඇත. විවාහ වූවායින් පසු ඒ බිරියගේ බොහෝ විට පැනෙන විශේෂ ලක්‍ෂණයක් නම් නැදි මයිලනුවන් රොඩු කුණු මෙන් සැලකීමයි. නැනිදා ලේලි හබය මෙරටේ ප‍්‍රසිද්ධ සංස්‘කෘතික ලක්‍ෂණයකි. එයට හිමියාගෙන් ලැබෙන වහල හෝ පිටු දැක්ම උඩ, එය බලවත් හෝ දුර්වල වෙයි. මෙම කතාවේ තැනක එය ” බල්ලන් ලවා ලා ඌරන් එළවන්නා සේ” ඒ ලේලිය ලවා මාමාව එළවා ගත් සැටි කී අයුරු ය.
සමාජ විවරණය කිරීමේදී ධර්මසේන හිමියන් ඇතැම් ඉන්දියානු කතා විස්තර කිරීමට ගිය අවස්ථාවේදී තමන් නිතර දැක පුරුදු ලාංකික තොරතුරු ආදිය ඊට ඇතුළත් කර ඇත. නිදසුන් ලෙස විශාඛාවන්ගේ මංගල උත්සවය ගත හැකි ය. එය සිදු වූයේ උත්තර භාරතයේ දී කි‍්‍ර.පු. 6 වන ශත වර්ෂය පමණ වකවානුනක දීය. කොසොල් රජතුමන් පසුපස ආ පිරිසට නවාතැනට සුදුසු ගෙවල් නියම කරවීම ගැන මෙසේ සඳහනි විය.
උදා ÷ පුත තොපගේ මයිලණුවෝ කොසොල් රජ්ජුරුවන් වහන්සේත් කැදවාගෙන අවු ය. තොපගේ මයිලණුවන්ට නවාතැනට කවර ගෙයක් නිල කර මෝද, රජ්ජුරුවන් වහනිසේට කවර ගෙයක් නිල කරමෝද, යුව රජ්ජුරුවන්ට කවර ගෙයක් නිල කරමෝද, සෙනෙවි රදුන්ට කවර ගෙයක් නිළ කර මෝද, ලංකා අධිකාර දෙමළ අධිකාර මුදල්පත් ආදී වූ ඒ ඒ දෙනාට කවර කවර ගෙවල් නිල කරමෝදැය් විචාළෝ ය.
ඉහතින් සඳහන් වූ ලංකා අධිකාර දෙමළ අධිකාර මුදල්පත් ආදී නිළධාරීහු කි‍්‍ර.පු. 6වන ශතවර්ෂයට අයත් ඉන්දියාවේ කිසියම් ප‍්‍රදේශයක තනතුරු දැරූ අය නොව කි‍්‍ර.ව. 13, 14 වන ශතවර්ෂවලදී ලංකාවේ රජ කළ රජවරුන් යටතේ සේවය කළ අය වෙති.
”විශාඛාවන් සැවැත් නුවරට යන්ට රථයට නැඟි කළට සාකේත නුවර තමන් සන්තක මහතින් ලක්දිව අනුරාධපුර නුවර බත්ගම් තුදුසේ හිඳිනා පරිවාරයට මදුන් හා කැටිව යනු කැමති කෙනෙකුන් ගිය මැනවයි විධාන කළ හ.”
මේ කතාවට සම්බන්ධ කාලයේදී අනුරාධපුර නම් නඟරයක් නොවූ බව පාඨකයා සිහිපත් කල මනා ය. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය නිර්මාණය කිරීමේදී සෑම දේම ගැමිජන විඥානය පදනම් කරගත් බව දැක්විය හැකි ය.
භික්ෂූත්වය පමණක් නොව ගැමි ජන ජීවිතය පිළිබ`දව උන්වහන්සේට ගැඹුරු අවබෝධයක් තිබූ අයුරු උපමා වලින් පමණක් නොව ගොවිතැන වෙළදාම ආදීය පිළිබ`දව කරන විස්තර කතා වලින් ද හෙළි වේ.කෘෂිකර්මය වෙළදාම සහ අනෙක් ජ්‍යෙතිශය ශ‍්‍රාස්ත‍්‍රය බුද්ධධර්මය යනාදී කරුනු ආශ‍්‍රයෙන් ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලිය පෝෂණය කර ඇත. වී ගොවිතැන පිළිබ`දව ධර්මසේන හිමියන් දක්වන විස්තරය මෙරට ගොවියන්ගේ ජීවන ප‍්‍රවෘත්තිය පිළිබිඹුවන කැඩපතක් වැන්න.
උදා÷ ‘‘ පළමු කොට කුඹුර ගෙවඩිය යුතුය. පසුව දෙසී සෑව යුතුය. නියර කෙටිය යුතුය. තුන් සී සාන්ට යුතුය. කැට තලා පෝරු ගෑ යුතුය. කලල් ලා කටයුතුය. වපුළ යුතුය. වැට බැන්ද යුතුය. ඉස්නන් තෙමිය යුතුය. දිය බැන්ද යුතුය. ගොයම් රෝගයට කෙම් කල යුතුය. ගොයම් පැසී ගිය කල දාට මැ`ඩ වී අටු කොටු වල ලිය යුතුය. පෙරළා ඉපනැලි සෑව යුතුය. වල් පොළ කෙටිය යුතුය. දවා හෙළි කට යුතුය. වපුළ යුතුය. මාස් සමයක් මෙලෙසම කටයුතුය.’’
මෙලෙස ගොවිකම විවරණය ධර්මසේන හිමියන් එය කෙළවර කරන්නේ.
‘‘සසර කෙළවර නොපෙනෙන්නා සේ මේ කර්මාන්තයෙහිත් කෙළවරක් නොපෙනෙයි’’
ඉහතින් ස`දහන් වනුයේ ගොවිතැන පිළිබ`ද තොරතුරු සද්ධර්මරත්නාවලිය ඔස්සේ ධර්මසේන හීමියන් ගෙන ආ අවස්ථාවකි. වී අටුවට දමා දෙවැනි කන්නයට වැඩ අරම්භ කරන අයුරුද එහි දක්වන්නේ අලෂ ගොවියන් ඒ කයුත්තෙහි නැවත උදේ‍යා්ගිමත් කරන අදහසිනි.
ගැඹුරු දහම් විස්තර කිරීමේදී කුඹුරු හා ගොවිඋපකරණ වහල් කරගත් බව පෙනේ. කසීභාරද්වාජ බමුණාට වදාළ කසීභාරද්වාජ සූත‍්‍රයෙන් එය මනවෙ පැහැදිලි ය. ඒ වදාළේ ත කුඹුරකදීමයි
උදා ÷ ..... බුදුන් දුටු බමුණා කීයේ මම වපුරා සී සා ජීවත්වෙමි. ඔබද එසේ කරව ඔව් මාත් වපුරා සී සා ජීවත් වෙනවා. නමුත් මා දැක නැහැ ශ‍්‍රමණ ගෞතමගේ වියගහක් නඟලක් සීවැලක් කෙවිටකත් ගොන්නු ඈ උපකරණ එහිදී බුදුන් වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය මැ ගොවිඋපකරන සේ  දක්වා වදාළහ. මාගේ ශ‍්‍රද්ධාව බීජයයි. තපස වැස්සයි. ප‍්‍රඥාව විය හා නඟුලයි ලැජ්ජාව පත කඩයයි. සිත යොතයි සිහිය හ’ී වැල හා කෙවිටයි. වීර්්‍යය එය උසුලන ගොනුයි.....
මෙසේ ගොවිඋපකරණ අධ්‍යාත්මක ගුණ වඟාව හා සම්බන්ධ කලේ පළපුරුදු ගොවියෙකු මෙනි. සද්ධර්මරත්නාවලී රචකයන් වහන්සේ විසින් නැවත නැවතත් තමන් වහන්සේගේ බස සැරහීමට කෘෂි කර්මාන්තය යොදා ගත් ආකාරය මිත‍්‍ර දෙනමකගේ වස්තුවෙහි එන පහත පාඨය සාක්ෂි සපයයි.
‘‘යම් සේ ඇස නොවන යහපත් බිජුවට තෙමේ මනා වී නමුත් සරු කෙත වපුරන ලද්දේ වැසි දිය ලත් නම් අසු පුවත යහපත්ද එමෙන් බුදු සසුන් නැමැති සරු කෙත සිල් නැමැති බිජුවට වපුට භාවනා නැමැති ඇළවලින් මාර්ග නැමැති දිය පෑ අර්හත් ඵල නැමැති වී ලබනු නිසා වීර්ය නැමැති කර්මාන්ත කොටයම් සේ සී සකස් කුඹුරෙහි වපුළ බිජුයට වපුළවුන් සතුටු කරවා උදවු කොටම පීද පැසේද එමෙන් වීර්ය කර්මාන්තයේ සකස් නිසා කෙලෙස් කුඩු මැටි නැංග නොදී බුදු සසුන් කෙතින් රහත් ඵල නැමැති වී මිරිකා සිත් සතන් ගැළෙහි පුරා ගත් සේක’’
එදිනෙදා ජන ජීවිතයට අතිෂයින් සමීප කෘෂි කර්මාන්තය පදනම් කර ගනිමින් ධර්මසේන හිමියන් ධර්ම කරුණු අවබෝධ කරනු වස් උපමා උපමේය යොදා ගත්තේ මෙපරිද්දෙනි.
‘‘අටුවෙක කොටුවෙක ලාලූ දෙයක් කා නිම් කලට ඒ කොටුවේ තියෙන දෙය එතෙක්ම වන්නා සේ’’
”නියං සමයේ හඩන ආසක් මෙන්”
”සිත දුටුවත් දුටු සීනය ගොළු කළ කියා ගන්ට බැරියා සේ”
‘‘දිය කෑ කුඹුර ගොයම් නැගීමට නිසි වන්නා සේ’’
”බතින් සාදා විද සිටියවුන්ට බුලත් දෙවා සාදය නිම වන්නා සේ”
‘‘ගොයම් දාගෙන කුඹුරු සේන් හළ කලට වැට කොටු නැති වන්නා සේ’’
‘‘ගොයම් කුඹුරෙක ගොයම් කා පුරුදු ගොනෙකු ගොයම් කෑමෙන් රැුකවලිය නොහැක්කා සේ’’
‘‘රජව සිට ඇ`ග මඩ ගා සී සාන්නා සේ’’
‘‘සරු කෙතක් නැගි ගොයම් අසු පැවත වන සේ’’
‘‘පයියෙක පුරාලූ සහල් මෙන්’’
ධර්මසේන හිමියන්ගේ අත්දැකීමට හසු වූයේ ගොවිකම පමණක්ම නොවේ. ස්වකීය ජීවනෝපාය ස`දහා මිනිසුන් හා ගැහැණුන් යෙදුණු නානාවිධ රැුකියාවන් ගැන ධර්මසේන හිමිපාණෝ දැන සිටියහ. ඒ ඒ රැුකියාවන්හි නියතු වූවන් පිළිබ`ද ස`දහන් තොරතුරු ග‍්‍රන්තය පුරා පවත්නේය. මසුන් ඇල්ලීම රැුකියාව කොටගත් මස් මරන්නෝ, වනයෙහි දඩයම් කොට වල් සතුන් මරා ගත් වැද්දෝ, නූල් කැටීම් ආදියේ යෙදුණු පෙහෙකරුවෝ, දැව කපා වඩු වැඩ කළ ලී වඩුවෝ, දර පැළීම වැනි කුළී වැඩ කරමින් ජීවත් වූවෝ මේ ආදී නොයෙක් රැුකියාවන්හි නියැලූ ජන කොටස් ධර්මසේන හිමියන්ගේ නෙත ගැටිණ. ග‍්‍රන්තයේ සමහර තැනෙක ඒ ඒ විවිධ කර්මාන්තයන් පිළිබ`ද උන්වහන්සේ දක්වන සියුම් විස්තර ඒ කර්මාන්තයන්හි විශේෂඥයෙකුගේ දැනුමට නොදෙවෙනිය.

‘‘ යම් සේ වඩුවෝ ක`ඵ හූ ගසාලා හළ මනා තැන් සැස හරිත්ද එමෙන්ම බුදුන්ගේ අනුශාසනා ලෙසින් සිල් නැමැති පොළොවෙහි පිහිටා සිට සැදෑ නැමැති අතින් නුවණ නැමැති වෑ හැරගෙන අකුසල් නැමැති බොරු හර සැසැ හැර කුසල් හර පමණක් සිටුවා ගෙන.......’’
යන්න වඩු වැඩ දෙස තියුණු ඇසකින් බැලූ ස්ථවිරයන්ගේ කියමන විය.
රන්කරුවන් පිළිබ`ද ධර්මසේන හිමි සතු පරිචය පහත පාඨය සාක්ෂි කරවයි.
‘‘ යම් සේ බඩාල්ලූ රත්රන් මේවර කරන කල ගිනිවරින් ම රිදී භාගය දවා කසළ හැර කර්මක්ෂම කට නොහෙත් ද නොඑක්වර කොට කර්මක්ෂම කිරීමෙන් ඔටුනු ආදී නොයෙක් ආභරණ කෙරෙත්ද ඒ පරිද්දෙන් නුවණැත්තෝ ම`දින් ම`ද වුවත් නොයෙක් වර පින් කරන්නාහු කෙලෙස් කිලූටු පින් නැමති ගින්නෙන් දවා හැර සිත් නැමැති ඝන රන් ලොවී ලොවුතුරා ගුණ නැමැති පල`දනා කිරරීමට තරම් කෙරෙති වදාළ සේක’’
මෙහිදී රන් කර්මාන්තයේ තොරතුරු ධර්මසේන හිමි විසින් ඉදිරිපත් කර ඇත. පහතින් වනුයේ වෙළදාම පිළිබ`ද තම කෘතියට එක් කළ අවස්ථාවකි. මිනිසුන් තම එදිනෙදා ජීවිත සරිකර ගැනීම සඳහා රජ මැදුර සමඟ වෙළදාම් කර ඇත. සුමන මල් කරුවාගේ කතා වස්තුවෙන් එය පැහැදිළි වේ.
උදා ÷ ”රජගහ නුවර වසන ඒ මාලකාරයෝ දවස් පතා උදාසනම දෑ සමන් මල් අට නැලියක් බිම්බිසාර මහරජුන්ට දීලා දවස් පතාම මල් නැලියකට මස්සක් බැඟින් අට කළදක් ලැබෙති.”
උදා ÷ ‘‘ යම් කෙනෙක් ම`දක් වුවත් අසා ඉගෙන වෙළදාම් දන්නා කෙනෙකුන් භාණ්ඩ මූලය නොනසා වෙළදාම් කරන්නා සේ පිළිවෙත නොනසා බණ පිළිවසත් නම් උන් ධර්මධර යයි කියති’’
වෙනත් වෘත්තීන් පිළිබ`ද ධර්මසේන හිමියන් සතු මනා පරිචය පහත උපමා ඔස්සේ හෙළි වේ. ගොවිතැන” වෙළහෙළඳාම මෙන්ම වෙදකම ගැන ද උන් වහනන්සේ සතු වූ දැනුම සද්ධර්මර්මරත්නාවලියෙන් හෙළි වෙයි.”
”ඔබ වැලිත් ගෙ.ායම් කළමනාවක තබා පියාක් පසුකොට කරන ගෙ.ායමක් සේ’
”වණයෙක කෂාරෝදකයක් වත් කළ කලක් මෙන්’
”තිබී බලවත් වන ලෙඩක් බෙහෙතක් දී සන්සිදුවන කලක් මෙන්’
”රෝග කර නියාව දැන දන්නා පිළියමුත් නොකරන්ට සිතන වෙදවරුන් සේ’
‘‘අත්දුටු බෙහෙත් තිබියදී ඔබ්බේ බෙහෙත් විචාරන්නා සේ’’
‘‘වෙළදාම් නොකළ කලට වස්තු නැත්තා සේ’’
‘‘යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවේ නම් හාල් මල්ලට ගුල්ලෝ ගැසීම කිම’
        ‘‘යකඩ වානේ තිබූ කල දිවුණුලා කැපෙන සේ’’

ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය උන්වහන්සේ ජීවත් වූ දඹදෙණි සමාජයේ ජීවත් වූ නූගත් ශ‍්‍රාවක ජන සමාජයට නිවන් මග අවබෝධ කරදීමේ පරම අපෙක්ෂාවෙන් යුක්තව රචනා වූවකි. සද්ධර්මරත්නාවලියේ එන කතාංග තුළ රස නිෂ්පත්තියට ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත. ඒ අනුව උපහාසය හා හාස්‍ය රස කතා වස්තුව රචනා කිරීමේ දී යොදා ගත්තේ ඒ මගින් පාඨක ශ‍්‍රාවක ජනයා කතා වස්තුව කෙරෙහි බැඳ තබා ගැනීමටයි. එම උපහාසාත්මක භාෂාව ගැමිසමාජයෙන් ගෙන ඇත. ථුල්ලතිස්ස තෙරුණ්වහන්සේගේ කතා වස්තුවේ උපයෝගී කරගත් හාස්‍ය රස මේ ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.
උදා ÷”එකකුගේ එකකුට නායක කමක් නැතත් නම් පමණකුත් පෙරාතු හෙයින් පූර්ණ කාශ්‍යප කරා ගොසින් පාපයෙහි ලැජ්ජාවක් නැති නිසා මෙලෙසින් දනුවක් දක්වන්නාක් මෙන් පිළි නොහැඳ හුන්නහු දැක නුවණැති නියාව දැන නොවැඳ ගුණ නැතත් නුවණ විඩා නිවූ දෙයට නිසිකොට කතාකොට ලත් නම් මින් ප‍්‍රයෝජන නම් දවසෙහි හා කුඩු හැර සාල් පමණක් සේ අපට ප‍්‍රයෝජන නම් සලකා කන්නට එන බල්ලන්ට අසුරු ගසා නාද කරන්නා සේ පාද සාමිචි ලෙස කතාකොට ලා එකත්පස්ව හුන්හ.
කතාවස්තුව රචනා කිරීමේ දී සියුම් උපහාසාත්මක හාස්‍ය මුසු භාෂාවක් භාවිත කළ ද ඒ තුළින් උපහාසයට එහා ගිය ගැඹුරු ජීවන යථෘර්ථයක් අවබෝධ කරදීමට උත්සාහ දරා තිබේ.
උදා÷ ”වස්තු හානියම සලකා ලජ්ජා සම්පන්න කෙනෙකුන් අවස්ථානයෙහි ඇති ලෙඩක්  අනුන්ට කියන්න මැලිවන්නා සේ මැලිව කිසිකෙනෙකුටත් නොකියති.”
 මෙවැනි චිරිත   ඕනෑතරම් සමාජය තුළ සිටී. ඒ නිසා උන්වහන්සේ කියා සිටියේ ලෙඩක් දුකක් ඇති වූ කල්හි එයට ප‍්‍රතිකාර නොකර මසුරුකමින් දිවිගෙවන මිනිසුන් සිටිය ද ඔවුන් මරණාසන්න මොහොතේ පවතින ධනය වන්නේ තමන් විසින් එක්රැුස් කළාවූ කුසල් අකුසල් දෙක පමණක් බව උන්වහන්සේ කතාවසතුව මගින් ව්‍යංගයෙන් යුතුව ගෙනහැර දක්වයි.
 සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන හිමියෝ කතා වස්තුව රචනා කිරීමේ දී බුදුන් වහන්සේගේ මහාකරුණා මහා ප‍්‍රඥා බලය, අසමසම වූ ගුණාංගයන් පිළිබඳව අවබෝධයක් ලබාදීමට උන්වහන්සේට ම ආවේනික භාෂා විලාශයක් භාවිතා කර ඇත. බුදුන්ගේ ගුණය වචනයෙන් කියා විස්තර කළ නොහැක. මහා කරුණා වූ ප‍්‍රඥා සම්පන්න වූ බුදුරදුන්ගේ අනුත්තර පුරුසාදි ගුණයන් පිළිබඳව කතා වස්තුව අසන පාඨක ශ‍්‍රාවක ජනයාට බුද්ධාලම්බවන පී‍්‍රතිය ඇති කිරීම ඊ උචිත පරිදි භාෂාව භාවිතා කර තිබුණි.
උදා ඃ ”මහපොළොව සේ තුන්ලොවට පිහිට වූ ගුණ ඇති මහසමුදුර සේ ගැඹුරු වූ ගුණ ඇති ආකාසය සේ අනන්ත ගුණ ඇති මහමෙර සේ සාර වූ ගුණ ඇති, ඉරමඩල සේ තේජස් වූ ගුණ ඇති , සඳමඩල සේ සෞම්‍ය ගුණ ඇති, තිලෝගුරු බුදුපියාණන් වහන්සේ.......”

 ඒ අනුුව බුදුන් වහන්සේගේ අසමසම ගුණය නිර්මාණකරුවෙකුට වචන වලින් කිව නොහැක. ශ‍්‍රද්ධාවන්ත බොදු ජනයාට බුදුන් වහන්සේ කෙරෙහි වන ශ‍්‍රද්ධාව ද අසමාන කරුණා ගුණය පෙන්නුම් කිරීමට ඊටම උචිත අලංකාරවත් භාෂා භාවිතයක් සිදුකර ඇත. එම භාෂා භාවිතයේදී ගැමි පරිසරය මඟින් වර්ණනයන් එක් කිරීමෙන් ජන විඥානය පැහැදිළි වේ.
  එමෙන් ම සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී පාඨක ශ‍්‍රාවක ජනතාවට චිත්තරූප ජනනය වන ආකාරයට කතාවස්තු පෙළතබා ඇත. ගැමිජන සමාජයෙන් ගත් උපමා පිරුළු රූපක ආදිය ඒ සඳහා යොදා ගෙන තිබුණි. කෘෂිකාර්මික ජීවිතය සමග දිවිගෙවන ජනයාට දෛනික ජීවිතයේ නෙතගැටෙන වස්තූන් පෙළක් උපමාකරගෙන තිබුණි ඒ මගින් කතාව කෙරෙහි පාඨක ශ‍්‍රාවක ජනතාව බැඳ ගැනීමට සමත වී ඇත.
 පුතිගත්තතිස්ස තෙරුණ් වහන්සේගේ කතා වස්තුවෙහි තිස්ස තෙරුණ්ට හටගත් රෝගී තත්ත්වය විස්තර කිරීමට ස්වභාවික පරිසරයේ නෙත ගැටෙන වස්තූන් පෙළක් යොදාගෙන තිබුණි. ඒ අනුවඋන්වහන්සේ කුඩා රෝගයකින් හටගෙන දරුණු වූ රෝගයක් දක්වා පැතිර ගිය ආකාරය
උදා ÷ ”හබ සා විතර සීන් කස් ඇතිවලා, පසුව මුංසාව,පසුව මෑ සාව පසුව ඇඹුල සාව,පසුව බෙල් සාවලා ගොසින් පැලී සිල් වන්නට විය.....”
 යනුවෙනි. ඒ අනුව අබ ඇටයක් තරමින් ඇති වූ රෝගය ක‍්‍රමයෙන් වර්ධනය වූ ආකාරය ගැමි ජනයාට දෛනික ජීවිතයේ නෙත දකින වස්තූන් අනුසාරයෙන් ඉදිරිපත් කර ඇත. තිස්ස තෙරුණ් රෝගාතුර වූ අවස්ථාවේ උන්වහන්සේට දැනුණ වේදනාව කොතරම් ද යත් කතා වස්තුව රස විඳින පාඨක ශ‍්‍රාවක ජනතාවට එහි වේදනාව ඇති කරවීමට සමත් විය.
උදා ÷ ”සියල් සිරුර වේයන් කෑ පරඬැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය.......හඳනා පොරෝනා සිවුරු ලෙයින් වැකකි පුස්කා ගිය පැණි කැවුමක් සේ විය........”
 කතා වස්තුව රචනා කිරීමේ දී ගැමිජනයාට සමීප වස්තු උපමා රූපක භාවිතා කර තිබුණි. වේයන් කෑ පරඬැල් පතක ස්වභාවය තිස්ස තෙරුණ්ගේ සිරුරෙන් දිස්වන්නේ ය යන කීමෙන් රෝගී තත්ත්වයේ බරපතලකම මැනවින් අවබෝධ වෙයි. පැණි කැවුම ගැමි සමාජයේ ඉතා රසවත් වූ රසකැවිලි විශේෂයකි. නමුත් එය කල් ඉකුත්ව පුස්කා ගිය විට ඇති වන අප‍්‍රසන්න තත්ත්වය ඉතාමත් අධික ය. මිනිස් ශරීරය එබඳුය. කොතරම් භාහිරින් පුහු ආටෝපයක් පෙන්නුම් කළ ද රෝගී වී ගිය කළ කුණු ශරීරය අප‍්‍රසන්නය යන්න අවබෝධ කිරීමට සද්ධර්මරත්නාවලියේ කතා තුළින් සමත් වී ඇත.
  කතා වස්තු රචනා කිරීමේ දී ධර්මසේන හිමියෝ සංවාදාත්මක භාෂා භාවිතයක් සිදු කර ඇත. ඒ අනුව පොදු ජන සමාජයට ව්‍යවහාරයට ලක්වන භාෂාවක් භාවතා කළ නිසා කතාවස්තුව ගැමිජනයා අතර ප‍්‍රචලිත විය.
උදා ඃ නන්ද වස්තුව
”ඒ වන්නා මෙතෙක් තැන් නිකමුත් නොව බර උසුලාගෙන යව. ගිය තැන ගමන් ඇවිදී ගිය පය මිරිකන කෙනෙක් ඇත් ද?නැද්ද?
”ස්තී‍්‍රන් දුටු කළ ”අත යහපත”නිය යහපත”සිගු යහපත”හිණ වඩකර යහපත””ඇස්කන් යහපත”




සද්ධර්මරත්නාවලිය තුළින් ගැමි ජන සමාජයන්හි සිටින චරිත නිරූපණයන් මඟින් ජන විඥාණය ප‍්‍රකට කරනු ලබයි.  ඕනෑ ම ක:ාවක ක;ාරසය කුළු ගැන්වීමේ දී මෙන් ම විචාරයට පාත‍්‍ර විමේ දී ද වඩා වැඩි වපසරියක සංවාදයක් විවෘත වන්නේ චරිත නිරූපණය කර ඇති ආකාරය වටා ය. චරිත නිරූපණයෙහි මෙන් ම ඊට අනුරූප අයුරින් වස්තු විකාශනය කිරීමේ සමත්කම ථූලතිස්සතෙරුන් වහන්සේගේ හා මච්ඡුරිය කෝසිය සිටුතුමාගේ චරිතය පටාචාරාවගේ සිත හරහා වඩාත් හොඳින් ප‍්‍රතීයමාන වෙයි. සැම චරිතයකට ම පොදුවේ සානුකම්පිත දෘෂ්ටියක් හෙළිකරීම ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ පොදු ලක්ෂණයක් බවට පත් ව ඇත්තේ නිරායාසයෙනි.
උදා ÷ ”සිටුදුවණියෝ ද දරුවන් දෙන්නා බඩතුරෙහි ලා ගෙන දෙදණත් දෙවැලමිටත් ඔබා නැබුරුව ගෙන තුන්යම් රාත‍්‍රිය ගෙවාපීහ‘’
සමාජය තුළ තම දරුවන්ට අසීමිතව පේ‍්‍රම කරනු ලබන මව්වරු අදටත් ජීවමානය. මෙවැනි උතුම් මාතෘත්වය ගැමි ජන සමාජය ඇසුරුකර ගනිමින් නිර්මාණය කිිරීම තුළින් ජන විඥිනය පැහැදිළි වේ.
                සද්ධර්මරත්නාවලියේදී චරිත නිරූපණය කිරීමේ දී උන්වහන්සේ එම චරිතයේ ස්වභාවය අපුර්ව ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. පාළි කතා වියළි ස්වභාවයක් උසුලන විට ධර්මසේන හිමියෝ එයට පණපොවා සජීවි ආකාරයෙන් ඉදිරිපත් කරති. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ මච්ඡුුරිය කෝසියගේ ලෝභකම ගෙනහැර පෑවේ ගැමි ජනයාට එය වඩාත් අවබෝධ වන අන්දමිනි. සෑම ගමකම එවැනි මසුරු මිනිස්සු ජීවත් වෙති. නමුත් ඔවුන්ට මරණාසන්න මොහොතේ රැුුගෙන යාමට කිසිවක් අත නොවෙති. එනම් ඔවුන් කළ පින්පවු පමණක් ඉතිරිවෙයි.
උදා ÷ ”සැවැත් නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වසති. ඌ තුමූ සුධාභෝජන ජාතකයෙහි කෙළ ගණන් වස්තුව ඇති පියාණන් සක් දෙවිඳුගේ උපදෙසින් දන් දීමෙහි අදහස් ඇතිවන තෙක් කිසිකෙනකුට කිසිවක් දීලන්නට මැලියා සේ, ඉල්ලීස සිටාණන් ඉල්ලීස සිටුගත් වෙස් ගත් සක් දෙවිඳුහු සම්පත් විසුරුවා දන්දෙන තෙක් තමන් දී ගත නුහුණුවා සේ බුදුන්ගෙන් බණ අසා නිවන් දැක මසුරු සිත් තුනී වන තෙක් තණ අගලා තෙල් බිඳුවක් විතරක් අනුන්ට නොදුන් විරූ ය. එසේ හෙයින් ”අදින්න පුබ්බකය”යන නම අර්ථාන්විය.
 ගැමිජන සමාජයේ වුවද අනුනට යමක් දීමට ඉතා ලෝබකමක් දක්වන මිනිස්සු අනනත්වත් ජීවත් වෙති. තණකොළ ගසෙහි අග තෙල් බිඳුවක් ගත් විට එයට හසුවන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි. එවැනි ඉතාම මසුරු මිනිසුන් දිවිගෙවන සමාජයක ඔවුන්ට ඇතිවන ඛේදනීය ඉරණම මෙම කතා පුවත තෙක් ගෙනහැර දක්වයි. අදින්න පුබ්බක යැයි සාමාන්‍ය ගමේ ජීවත්වන ඉතා ලෝබ පුද්ගලයන්ට පවා ගම්වල නම් පටබැඳේ .තවද සෑම සමාජයකම අදින්න පුබ්බක මසුරු සිටාණ යනාදි නම් ගම් බද ගැමියන් අතර පවා ඉතා ප‍්‍රසිද්ධයx මෙවැනි වචන ගැමි ව්‍යවහාරයේ එන පද වේ. ඇතැම් විට ලෝභ මුදලාලිලාට මේ නම් ව්‍යවහාර කිරීමට ගම්ද මිනිසුන් යුහුසුළු වෙයි. එසේම පෝරිසාදයන්, මූසිලයන්, කේවට්ටයන්, පුක්කුසයන,් කාලිදාසයන්, විශාකාවියන් අදද සමාජයේ දක්නට නැත්තේම නොවේx මෙය ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙන් ඉදිරිපත් කළ ජන විඥානයයිx ථුල්ලතිස්ස තෙරුණ් වහන්සේගේ කතාවස්තුවේ අපූර්ව භාෂා භාවිතයක් දැකගත හැකි ය.
උදා ඃ ”වැඩිමහලූ කළ මහණව රූක්ෂ ප‍්‍රතිපත්ති නැමති රළු පරළුදෙය හැර බුදුන්ට උපන් මියඅරු ආහාරද්‍රව්‍ය සේ වළඳා පිළිවෙළින් සීන් වුවත් මසින් ලෙයින් මත්ව ඉසත් බඩත් මහත් හෙයින් ථුල්ලතිස්ස තෙරුණ් වහන්සේ යැයි ප‍්‍රසිද්ධව...........”
 ථුල්ලතිස්ස තෙරුණ්ගේ ශාසනික ලැදියාව උන්වහන්සේගේ රූප ශෝභාව අසන ශ‍්‍රාවකයාට බෞද්ධයන් වශයෙන් කල්ගත කිරීමේ දී ලද ආනිශංසයන් මැනවින් පැහැදිලි වෙයි. වැඩි මහලූ කල්හි මහණ වී රූපවත්ව සසුන්ගත වූයේ රූපයෙන් උඩගු වූ නිසාවෙනි. අඩුවයසින් ශාසනික ගත වූ උන්වහන්සේ පින් මහිමයෙන් මෙලොව පරලොව දෙලොවම සුගතිය කරා ළගාවිය හැකිවිය. ධර්මසේන හිමියන් මෙම චරිත ස්වාභාවයන් ඒ ආකාරයෙන්ම සද්ධර්මරත්නාවලියට එක් කරමින් ජන විඥානය ප‍්‍රකට කලේ ය. සුරංගනා කථා නොව බුද්ධකාලීනව සමාජයේ ජීවත් වූ චරිත තෝරා බේරා ගනිමින් කථා පෙළ ගැස්වූ ආකාරය ද ධර්මසේන හිමියන්ගේ කථා රීතියෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.
 ගෙරි මරා කන එකකුගේ වස්තුව
 සිවුරු හළ එකෙකුගේ වස්තුව
 අනර්ථ විචාළ බමුණන්ගේ වස්තුව
ආදී ලෙස දේශීය ජන රීතියට අනුව කථා නම් කිරීමෙන් ද ධර්මසේන හිමියන්ගේ ස්වාධීන චින්තනය පළ වෙයි. එමෙන් ම කථාවක් අරඹන පිළිවෙළ මෙන් ම අවසන් කරන පිළිවෙළ ද උන්වහන්සේට ම ආවේණික රීතියකි.
ජන සමාජයෙහි වෙසෙන්නවුන්ගේ විවිධ ඇදහිලි මිත්‍යා මත පිළිබ`දව ද සද්ධර්මරත්නාවලියේ නිතර ස`දහන් වේ. වැඩිහිටි ගැහැණු, පිරිමි උදවිය අතර කවදාත් ඇදහිලි පැතියේය. දැනුමින් වැඩි නොවීම ඒ මිනිසුන් අතර එම මිත්‍යා මත ඇති වීමට එක් හේතුවකි. ගත්කරුවාට මෙන්ම ඒ ඒ සාහිත්‍ය පිළිබ`ද කරුණු සොයන්නාට වැදගත් වනුයේ එබ`දු ඇදහිලි රැුසක් පැවති මිනිසුන්ගේ පැවැත්ම පිළිබ`ද සෙවීමය. ඒ පිළිබ`ද  ධර්මසේන හිමියන් දැක්වු උනන්දුව පහත කරුණු ඔස්සේ තේරුම් යන්නකි.
‘‘ මී අං වලින් දුනුකේ ගස් නැංගා සේ’’
‘‘ දීලා පූ තැනින් හී තණ නැගෙන්නා සේ’’
‘‘ තල මුරුවට ලූ තැනින් හත්තන ගස් නැගෙන්නා සේ’’
‘‘ යම් සේ කෑරලූ හැ`ඞීමෙන් අනුන්ට වන වැඩ අවැඩ හ`ගවත්ද’’
‘‘කකු`ඵවන්ට සම්භ  වූ දරුවන් මෙන් නසයි’’
‘‘ පොළොව බස් බොහෝ කොට බඩ පුරා කැවහොත් පසුව සැ`ගවී වැද හෝනා තැනුත් නැතැයි යන විරුද්ධ කල්පනාවෙන් ගැජවුලූන් පස් සුග කොට කන්නා සේ නැවත අහස වැටී ගියත් එවිතරක රැුදුන මැනවයි යන විරුද්ධ කල්පනාවෙන් කිර`ඵන් පා උඩුකුරු කොට වැද හෝනා සේ නැවත කොස්වා ළිහිණියන් නොසැලී සිටිනා කලට පොළොව ධරා ලිය නොහෙතියි යන විරුද්ධ කල්පනාවෙන් පෙ`ද සලන්නා සේ මුගේ විරුද්ධ කල්පනාවත් බලවත් නියා යයි ගිය ගිය විටකම උන් නොකීවත් බණ කතාවක් වදාරණ සේක’’

අනේ පි`ඩුසිටාණන්ගේ වස්තුවේ එන ඉහත උද්ධෘතය වැරදි කල්පානවේ නියාව දක්වන්නට උපමා 03ක් යෙ¥වකි. කුරා කුහුඹුවන්ගේ පමණක් නොව කුරුල්ලන්ගේ ද සියලූ සිව්පාවන්ගේ ද සිරිත් මැනෙවින් දත් පිටිසර ජනයාට මෙබ`දු උපමා අත්‍යන්තරයෙන්ම අලංකාරයෝ විය. එයින් උන් කෙරෙහි බලපෑ ඇදහිලි රැුසක්ම සිහිපත් කරනු ලබයි.
පොදු ජනයාගේ ඇදහිලි හා විශ්වාස සම්බන්ධ උපමා,
‘‘කොස්වාලිහිණියන් නොසැලී සිටින කලට පොළොව දරාලිය නොහෙති යන විරුද්ධ කල්පනාවෙන් පෙ`ද සලන්නා සේ’’
‘‘සමහර විෂයක් බානා කල දෂ්ට කල සර්පයා ලවාම උරවා ගන්නා සේ’’
‘‘අහස වැටී ගියත් එවිතරක රැුදුණ මැනවැයි යන විරුද්ධ කල්පනාවෙන් කිර`ඵන් පාඩුකුරු කොටලා වැදහෝනා සේ’’







Tuesday, 28 August 2018

ගරිල්ලා අලෙවිකරණය



ගරිල්ලා අලෙවිකරණය යනු අඩු පිරිවැයකින් උපරිමඵල නෙලා ගැනීමකින් යුත් සාම්ප‍්‍රධායික නොවන අලෙවිකරණ උපක‍්‍රම කෙරෙහි අවධානය යොමු කරනු ලබන ප‍්‍රචාරණ උපක‍්‍රමයකි. මෙහිදී ඉතා සීමිත අයවැයක් සමඟ විශාල බලපෑමක් ඇති කිරීම සිදු වේ. ගරිල්ලා අලෙවිකරණය යනු පේ‍්‍රක්‍ෂකයාට ආකර්ෂණය කර ගැනීම සඳහා අසම්මිතික ක‍්‍රමවේදයක් භාවිතා කරන අළෙවිකරණ ක‍්‍රමයකි. ගරිල්ලා අලෙවිකරණයේ ප‍්‍රධාන කරුණ වන්නේ බොහෝ ක‍්‍රියාකාරකම් සුබසාධන වැඩසටහන් ඉදිරිපත් කරමින් ප්‍රෙක්‍ෂකයන් ආකර්ෂනය කර ගැනීම යි. මේ සඳහා  මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන සාප්පු මධ්‍යස්ථාන, උද්‍යාන හෝ වෙරළවල් වැනි වෙළඳසැල්, පාරවල් හෝ වෙනත් ප‍්‍රසිද්ධ පොදු ස්ථාන වල සුබසාධන කටයුතු කරමින් වෙළද සන්නාම ප‍්‍රවර්ධනය කිරීමයි. විශාල සමාගම්වල අයවැය ප‍්‍රමාණ හා අලෙවිකරණ ව්‍යාපාර සමඟ තරග කළ නොහැකි කුඩා ව්‍යවසායයන් විසින් මුලින් භාවිතා කරනු ලැබුවද මෑත කාලයේ විශාල සමාගම් පවා ගරිල්ලා උපාය මාර්ග භාවිතා කිරීමට පටන් ගෙන ඇත.
ගරිල්ලා අලෙවිකරණය පිළිබද මුල්ම යෙදුම ඉදිරිපත් කර ඇත්තේ ජේ.කෝනාර්ඞ් ලෙවින්සන් විසන් ඔහුගේ ”ගරිල්ලා ඇඞ්වර්ටයිසින්”පොතෙහිය. ගරිල්ලා අලෙවිකරණය යන වචනය ගරිල්ලා යුද්ධයෙන් අභායසය ලැබුවේ සන්නද්ධ සිවිල් වැසියන් විසින් භාවිතා කරන කුඩා උපාය මාර්ගන් විසින් ය. මෙම උපක‍්‍රම බොහොමයක් තුළ සැගවී කඩාකප්පල් කිරීම් වැටලීම් සහ විශ්මයජනක අංග වේ. ගරිල්ලා යුද්ධයේදී මෙන්ම ගරිල්ලා අලෙවිකරණය තුළද එකම කර්මාන්ත උපක‍්‍රම භාවිතා වේ. මෙම විකල්ප වෙළද ප‍්‍රචාරණ විලාසිතාව අවිධිමත් වෙළද උපාය මාර්ග අධිශක්තී හා පරිකල්පනය මත දැඩි ලෙස රදා පවතී. ගරිල්ලා අලෙවිකරණය යනු සරළව පාරිභෝගිකයා පුදුමයට පත් කිරීම හා නොපෙනෙන හැගීමකින් තොරව සමාජ මතය ගොඩනගා ගැනීමයි. මෙය සාම්ප‍්‍රදායික වෙළද දැන්වීම් සහ අලෙවිකරන වලට සාපේක්‍ෂව පාරිභොගිකයන් සමග වඩාත් වටිනා අදහස් දැක්වීමක් සිදු කරයි. බොහොමයක් ගරිල්ලා අලෙවිකරණ ව්‍යාපාරයන් පාරිභොගිකයන්ට වඩාත් පුද්ගලික හා මතක තබා ගත හැකි මට්ටමක සිටීම අරමුණු කර ගත්තකි. වර්තමානයේදී ගරිල්ලා අලෙවිකරණය තවමත් භාවිතා කරනු ලබන අතර එය නිරන්තරයෙන් වර්ධනය වේ.
 ලෙවින්සන් මහතා ලියූ බර්නෙට් ඇඩිවර්ටයිසන්හි ජේ වෝල්ටර්තොම්සන් හි ජේ්‍යෂ්ට උපසභාපති පසු කාලීනව නිර්මාණශීලි අධ්‍යක්‍ෂවරයෙකු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඔහුගේ ගරිල්ලා ඇඩිවර්ටයිසින් පොතෙහි සාම්ප‍්‍රදායික ආකාරයේ ප‍්‍රචාරණ කටයුතු වලට ප‍්‍රවේශ වීමේ හා සටන් කිරීමට සුවිශේෂ මාර්ග ඔහු යෝජනා කරයි. ගරිල්ලා මාර්කටින් ඉලක්කය වූයේ කුඩා අයවැයක් මත ප‍්‍රචාරණය කිරීම සදහා සාම්ප‍්‍රදායික උපක‍්‍රම භාවිතා කිරීමයි. මේ කාලය තුළ ගුවන් විදුලිය ,රූපවාහිණිය සහ මුද්‍රණය වැඩිවෙමින් තිබුණත් පාරිභෝගිකයන් වෙහෙසට පත් විය. ලෙවින්සන් යෝජනා කරන්නේ උද්ඝෝෂණ කම්පනකාරී ප‍්‍රකෝපකාරී සහ දක්‍ෂ ලෙස පැවතිය යුතු බවය. කුඩා ව්‍යාපාරයන් තම සිතුවිලි වෙනස් කරමින් නව වෙලදාමකින් අළෙවිකරණයට පිවිසියේ ය. ගරිල්ලා මාර්කටින් සංකල්පය තවදුරටත් ඵෙන්ද්‍රීයව ඉදිරියට ගමන් කරනු ලබයි.   
ගරිල්ලා අලෙවිකරණ ක‍්‍රියාවලිය කෘෂිකාර්මික ක‍්‍රියාවලියකට සමාන වන බව දක්වයි. ඔවුන්ගේ අලෙවිකරණ සැලැස්ම වන්නේ ඒවා වගා කරන බීජයි. ඔවුන්ගේ අලෙවිකරණ කටයුතු එක් එක් බලාගාරයට ලබා දෙන පෝෂණය වේ. ඔවුන්ගේ ලාභය කපන ලද අස්වැන්නයි. ඔවුන් දන්නවා එම ලාභ කෙටි කාලයක් තුළ නොපැමිණෙන බව. නමුත් ඔබ සැලැස්මක් ආරම්භ කර එය ඒ සඳහා කැප කළහොත් එය ඔවුන් වෙත පැමිණෙනු ඇත.ඔවුන්ගේ වර්තමාන පාරිභෝගිකයන්ගෙන් ලාභ සොයා ගත යුතු බව  දක්වයි. පාරිභෝගිකයින්ගේ පසු විපරම් කිරීම සඳහා ඔවුහු නමස්කාර කරති. ඔවුන් තම පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම්වල ප‍්‍රමාණය පුළුල් කිරීම සඳහා ලොව ඉහළ පෙලේ විශේෂඥයෝ වෙති. අලෙවිකරුවෙකුගේ අලෙවිය සඳහා පවතින පිරිවැය වර්තමාන පාරිභෝගිකයෙකුට විකිණීමකට වඩා හය ගුණයකින් වැඩි වන බැවින්, ගරිල්ලා අලෙවිකරුවන් ආගන්තුකයන්ට තම මිතුරන් වෙත යොමු කරති. මෙමගින් පාරිභෝගික සබඳතා ශක්තිමත් කර ගැනීම අලෙවිකරණ පිරිවැය අඩු කරයි.
ගරිල්ලා අලෙවිකරණය යනු සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය ඔස්සේ වැඩි මාර්ගගත සහ විද්‍යුත් මාධ්‍යයන් වෙත ගමන් කරන විට සංකල්පයක් ලෙසද ඇතැමුන් පවසයි. සාම්ප‍්‍රදායික දැන්වීම් මාධ්‍ය යනු මුද්‍රණ, ගුවන්විදුලි, රූපවාහිනී සහ ඍජු තැපැල් වැනි නාලිකා ය. මෙම නාලිකා අලෙවිකරුවන්ට හා දැන්වීම්කරුවන්ට ඔවුන්ගේ වෙළඳ දැන්වීම් සඳහා පාරිභෝගිකයින් වෙත නව ක‍්‍රමෝපායන් සොයාගත යුතුව ඇත. ගරිල්ලා අලෙවිකරණය විකල්ප උපාය මාර්ගයක් වන අතර එය වෙළඳනාමයක් හෝ නිෂ්පාදනයක් පිළිබඳව සංවේදීතාවයක් ඇති කිරීම සඳහා පාරිභෝගිකයා පුදුමයට පත් කිරීමයි. නිෂ්පාදනයක් හෝ සේවාවක් ප‍්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වී වැඩි කරන ප‍්‍රචාරක ක‍්‍රමයක් වන අතර එය පාරිභේා්ගිකයෙකුට අමතක නොවන අත්දැකීමක් නිර්මාණය කර ඇත. පාරිභොගිකයෙකුට මෙම සුබසාධන කටයුත්ත කිරීමෙන් පාරිභෝගිකයෙකු හෝ ප‍්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වූ කෙනෙකුට ඒ පිළිබඳව තම මිතුරන් වෙත දැනුම් දෙයි සහ ප‍්‍රචාරය කරන ලද භාණ්ඩය හෝ සේවාව පිළිබද නැවත නැවත බොහෝ පුද්ගලයන් වෙත පවසයි.
මෙම අලෙවිකරණ විලාසිතාව කුඩා ව්‍යාපාර සඳහා ඔවුන්ගේ භාණ්ඩය හෝ සේවාව ප‍්‍රචාරය කිරීම ඉතාම ඵලදායී වේ. විශේෂයෙන් ඔවුන් වඩාත් ලාභදායී වන බැවින් විශාල සමාගම් වලට තරඟකාරී වන අතර සංඛ්‍යාත වඩා වැඩි ප‍්‍රමාණයකට යොමු කරවයි. සාර්ථක ව්‍යාපාර සඳහා ගරිල්ලා ව්‍යාපාරය යටතේ විශාල මුදල් වැය කිරීම අවශ්‍ය නොවේ. ඔවුන්  පරිකල්පනය, ශක්තිය හා කාලය ආවේගශීලිත්වය භාවිතා කිරීම, විශේෂයෙන්ම ඔවුන් සබැඳි කි‍්‍රයාකාරකම් වලට සම්බන්ධ නම් ,ගරිල්ලා ව්‍යාපාරයේ සාර්ථකත්වයට අතිශයින් වැදගත් වන මිනිසාගේ අන්තර්කි‍්‍රයාකාරිත්වයේ මෙන් ම, සමාගම් සහ පාරිභෝගිකයින් අතර ඇති බාධක බිඳ දැමීමටත්, සාර්ථක ගරිල්ලා වා්‍යපාරයක් සාර්ථකත්වය සඳහා හුදෙක් පුදුම සහගත හැඟීමක් තිබීමත් ය. අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත හැකි අතර එය ඡුායාරූප හෝ වීඩියෝ ආකාර වලින් භාවිතා කළ හැකිය. සමහර අවස්ථාවලදී සමාගම් විසින් හුරුබුහුටි ලෙස භාවිතා කළ හැකි විශේෂිත පුහුණුවක් ලැබූ හෝ හොඳින් හඳුනන පුද්ගලයන් තම අලෙවිකරණයන් සදහා යොදාගනු ලබයි. සාම්ප‍්‍රදායික ජනමාධ්‍යවලට ගරිල්ලා අලෙවිකරණය සංඛ්‍යාලේඛන, විකුණුම් හා පහරදීම්වලින් මනිනු නොහැකි නමුත් ලාභය මනිනු ලබන්නේ ය. එය සාම්ප‍්‍රදායික දැන්වීම් ප‍්‍රචාරය කඩාකප්පල් කිරීම හා ප‍්‍රචාරණය කරන දේ ගැන අභිරහසක් නැත. පාරිභෝගිකයින්ට පණිවිඩය පැහැදිලි සහ සංක්‍ෂිප්ත වනු ඇත, ව්‍යාපාරය පාරිභෝගිකයා වෙත පණිවුඩය විවිධාංගීකරණය නොකරන අතර අවධානය යොමු කරනු ඇත. මෙම වර්ගයේ අලෙවිකරණය ද සිහිකල්පනාව මත ක‍්‍රියා කරයි. බොහෝ විට මිලදී ගැනීම් නිතර සිහි නැති සිහින මගින් තීරණය වේ. සිහිකල්පනාවේ නිෂ්පාදනයක් හෝ සේවාවක් පවත්වා ගැනීම සඳහා පුනරාවර්තනය අවශ්‍යය වේ නම්, එමඟින් යම් නිෂ්පාදනයක් වටා නිර්මාණය වී ඇති අතර එය මිතුරන් අතර බෙදාහදා ගනී.
දැන්වීම් පුවරු භාවිතා කරන සාමාන්‍යය වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාර මෙන් නොව, ගරිල්ලා අලෙවිකරණය මගින් පාරිභෝගිකයන් සමඟ සෘජු සම්බන්ධතා ස්ථාපිත කිරීම සඳහා විවිධ තාක්ෂණික ක‍්‍රම සහ භාවිතයන් යෙදීම ඇතුළත් වේ. මෙම අන්තර්ක‍්‍රියාකාරිත්වයේ එක් ඉලක්කයක් වනුයේ ගනුදෙනුකරුවන්ගේ චිත්තවේගීය ප‍්‍රතිකි‍්‍රයාවක් ඇති කිරීම හා අලෙවිකරණයේ අවසාන අරමුණ වන්නේ මිනිසුන් භාවිතා කිරීමට වඩා වෙනස් ආකාරයේ වෙළඳ නාම මතක තබා ගැනීමයි. මෙම ක‍්‍රමවේදය ප‍්‍රධාන වශයෙන් උත්සවයකදී මෙහෙයවීම සඳහා ෆෙස්බුක් බෙදා හැරීමේ සිට සිදු කරනු ලැබේ.  ඕනෑම ගරිල්ලා අලෙවිකරණ ව්‍යාපාරයක අභියෝගය වන්නේ නීතිමය ගැටළු වලට මැදිහත් නොවී ක‍්‍රියා කිරීම සඳහා නිවැරදි ස්ථානය සහ වේලාව සොයා ගැනීමයි.
විශේෂයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ වන තෙක් අපගෙන් බොහෝ දෙනෙක් එහි පැමිණ සිටින බවක් නොපෙනේ. අන්තර්ජාලය භාවිතා කරන්නන් ක්ෂණිකව හසුරුවීම සඳහා ඇති ආශාව, ගරිල්ලා උපක‍්‍රම සමඟ අලෙවිකරණය සඳහා මාවතක් සම්පාදනය කරයි. සරල උදාහරණවලින් සමන්විත වන්නේ, ‘පැටවීම‘ පිටු හෝ පින්තූර පෙළක් භාවිතා කිරීමට උත්සාහ කළ අය වෙත ප‍්‍රවේශ වීමට උත්සාහ කරන අයට  අපේක්ෂා කරන, විනෝදාත්මක හෝ දැනුම්වත් පණිවිඩයක් පෙන්වීමටය. පරිශීලකයින් අන්තර්ජාලය තුල කිසිදු රැුකියාවක් නොමැතිව රැුඳී සිටීම අකැමැති බැවින්, මේ ආකාරයෙන් ඔවුන්ගේ අවධානය අල්ලා ගැනීම පහසුය. අනිකුත් වෙබ් අඩවි ක‍්‍රමෝපායන් වෙබ් අඩවි වලට සම්බන්ධ කිරීම වැනි රසවත් වෙබ් අංග ඇතුළත් වේ. ෆෙස්බුක් සහ ලින්ඩින්න් වැනි සමාජ මාධ්‍ය වැනි වෙබ් අඩවි අලෙවිකරණ උපාය මාර්ගද ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම, බෙදා හදා ගතහැකි ලක්ෂණ සහ සිදුවීම් සත්කාරක සිදුවීම් යනාදිය භාවිතා කරයි. වෙනත් සමාගම් තම නිෂ්පාදනයට සම්බන්ධ අන්තර්ගතයන් බෙදාහදා ගැනීමට හෝ නිර්මාණය කිරීමට පරිශීලකයින් දිරිගැන්වීම මත තරඟ හෝ වට්ටම් පවත්වාගෙන යයි.  viral යනු ගරිල්ලා අලෙවිකරණයේ ඉතා ජනප‍්‍රිය ක‍්‍රමයකි. අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර බෙදාහදා ගැනීමට හා භුක්ති විඳීමට ඉඩ සලසන සමාගම් සිනමා විනෝදජනක හෝ පුදුම සහගත වීඩියෝ දර්ශන, ඔවුන්ගේ සුපිරි වෙළඳසැල් හෝ නිෂ්පාදිතය ප‍්‍රචාරය කිරීම. ගූගල් වැනි සමහර සමාගම් පවා උනන්දුවෙන් හා උනන්දුවක් ඇති කිරීමට තේමා ගූගල් ලාංඡන කී‍්‍රඩා වැනි අන්තර්කි‍්‍රයාකාරී අංග නිර්මාණය කරයි. මෙම ගතික ගරිල්ලා අලෙවිකරණ උපක‍්‍රම ගෝලීය ප‍්‍රවෘත්ති බවට පත්වන අතර ව්‍යාපාරයන්ට සැලකිය යුතු ප‍්‍රසිද්ධියක් ලබා දෙයි. සමහර උපක‍්‍රම ව්‍යාපාරයේ කොටසක් ලෙස සලකනු ඇති අතර එය ස්වභාවිකවම සිදුවූයේ තාන්විත දෙයක් වන අතර එය ගරිල්ලා වෙළඳපොළට වඩා හොඳ නිදසුනක් නොවේ.  ඉලක්කය විශාල අලෙවිකරණ කාර්යසාධනය සහ ක්ෂණිකව වර්ධනය වන අතර, එය ඉතා වේගයෙන් වර්ධනය වන අතර, දිගු ගේම් සෙල්ලම් කිරීමට ඉඩ දිය හැකි නිසා, අන්තර්ජාතික ක‍්‍රියාකාරිත්වයන් හෝ අවබෝධය වැනි දේවල් දෙස බලන විට, විශාල සමාගම් විසින් මෙම මෙට්‍්‍රක් ක‍්‍රමයට සම්බන්ධ කළ හැකිය.ෆෙස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල, සමාගම් බොහෝ විට වෙබ් පිටුවක් තැනීමට සහ එම භාණ්ඩය ප‍්‍රවර්ධනය කිරීම සඳහා සමාගම් කුලියට ගන්නා අතර එමඟින් එම භාණ්ඩය ප‍්‍රවර්ධනය කරන සමාගම නොව, ට්විටර්, යූ ටියුබ්,  බ්ලොග් අඩවි වැනි අනෙකුත් සමාජ වේදිකාවන් සඳහාද මෙය අදාළ වේ
සමාගම් එසේ කරනුයේ සංවිධායකයින්ගේ අවසරය ලැබීමෙන් පසුව පමණි. සමාගමට කිසිදු අනුග‍්‍රාහකත්ව ගාස්තුවක් ගෙවීමට සිදු නොවන අතර එමගින් ඔවුන්ගේ නිෂ්පාදන නොමිලේ  ප‍්‍රචලිත කරගත හැකිය. අනික් අතට, පාරිභෝගිකයින්ට හෝ වෙළඳ සන්නාමය මෙම සිද්ධිය සම්බන්ධව පාරිභෝගිකයින්ට හැඟී යන අතර ඔවුන්ගේ මනස තුළ නිර්මාණය කරන ලද සන්නාමයේ ධනාත්මක ප‍්‍රතිරූපය ලබා ගත හැකි බවක් පෙනේ.  තාරුණ්‍යය අලෙවිකරණය ශීඝ‍්‍රයෙන් බහුලව දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ භාණ්ඩ ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ලෙස නිරීක්ෂණය කරන ලද ක‍්‍රීඩා ඉසව්ව භාවිතා කරන වෙළඳ නාමයන් සමඟ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. උදාහරණයක් ලෙස 2012 ඔලිම්පික් තරඟය විය හැකිය. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා නිල ශ‍්‍රව්‍ය සහකරු පැනසොනික් විය. මලල කී‍්‍රඩකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන අඳින්න හා ලොවට පෙන්වීමට අපේක්ෂා කරන අතර, පැනසොනික් විසින් ඔවුන්ගේ අතිරේක නාලිකා බෙදාහරිනු ලැබීය. එහෙත් ඔවුන්ගේ උපායමාර්ගය ප‍්‍රතිප‍්‍රහාරයෙන් බිට්ස් විසින් මයිකල් ෆෙල්ප්ස් සහ ටොම් ඩලෙයි වැනි ප‍්‍රධාන මලල කී‍්‍රඩකයන්ට ත්‍යාග ලෙස නොමිලේ පිරිනමනු ලැබිනි. අනුග‍්‍රාහකත්වය සඳහා පවුම් මිලියන 64 ක මුදලක් ලබා දීමට සිටි ඔවුන්ගේ ප‍්‍රතිවාදී අනුග‍්‍රාහකයාට වඩා වැඩි වාර ගණනක් ලබා ගැනීමට බීට්ස් සමත් විය. 
 වෙළඳාම් අලෙවිකරණ උත්සාහයන් වඩාත් සංවේදී පාරිභෝගිකයින් සමඟ සංවාදයක් ඇති කර ගැනීම සහ ද්වි-මාර්ග, සහයෝගී අන්තර් කි‍්‍රයාකාරිත්වය සමඟ සම්බන්ධ කිරීම මගින් පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ දරයි. මහින්ද්‍රා මංගල්‍යයෙන් පලා යෑම නිදසුන් වශයෙන් ගත හැකිය. සෑම වසරකදීම මහින්ද්‍රා විසින් ත‍්‍රාසජනක උනන්දුවක් දක්වන්නන් සඳහා මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. ඔවුන් මහින්ද්‍රා  හි දී දිල්ලියේ සිට ලෙෂ් දක්වා සංචාරයක් සඳහා රැුගෙන යයි. මෙය සෑම වසරක් සඳහාම පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව වැඩිවීම නිසා ඵලදායි උද්ඝෝෂණයක් මේ වන විට මහින්ද්‍රා සඳහා ඵලදායි ලෙස ඉහළ නැංවීමක් සිදු කරයි. වෙළඳ පොළ අලෙවිය  අළෙවිකරණය යන යෙදුම අඛණ්ඩ හිමිවිය. භාණ්ඩය දෘෂ්‍ය වෙළඳාම අරමුණු කරගනිමින් වෙළෙඳපොළ ඉලක්කය බවට පත්වීම නිසා වෙළඳ නාමය සහ සමාගම ප‍්‍රවර්ධනය කිරීම සඳහා එහි අරමුණ වන්නේ එහි සිටීමයි. වෙනත් ගරිල්ලා ව්‍යාපාරය වැනි වෙනත් ආකාර  මෙන්ම වෙළෙඳ ජාලය සමාජ ජාලයන්ට වඩාත් කාර්යක්‍ෂම වේ. බ්ලොග් සහ පෝස්ටයන් පවත්වා ගනිමින්, අපේක්ෂිත පාරිභෝගිකයින්ගේ දෘෂ්ටිකෝණයන් තුළ රැුඳී සිටීමටත් සමාගම් නිරන්තරයෙන් රැඳී සිටීමටත් නඩත්තු වේ. අලෙවිකරණය විකල්ප වෙළඳ අලෙවිකරණයට වඩා වෙනස් වේ. මෙහි ඇති වෙනස වන්නේ මාධ්‍ය වේදිකාවන් භාවිතා කිරීමයි. අලෙවිකරණ සමාගම් පෙනී සිටින විට වෙබ් පිටු වල කි‍්‍රයාකාරී වුවද, අලෙවිකරණයේ දී ඔවුන් අන් අයව නඩත්තු කිරීම සඳහා අන් අයව කුලියට ගන්නා අතරම ගනුදෙනුකරුවන් ප‍්‍රඥාවන්ත නොවේ. සාම්ප‍්‍රදායික අලෙවිකරණය හා ගරිල්ලා අලෙවිකරණය යන දෙඅංශයෙන්ම තම නිෂ්පාදන හා සේවාවන් ප‍්‍රවර්ධනය සඳහා සමාගම් විසින් භාවිතා කරනු ලැබේ. 

Tuesday, 14 August 2018

සෙනෙහසක මහිමය


‍‍‍

පටලවා සුළගිල්ල
පියෙන් පිය පා තබන්නට
පිපුණු නිකැලැල් සිනා සමගින් 
දිරියෙන් ලොව දිනන්නට
මෙලොව එළිය දුටු දා පටන්
සෙවනැල්ලක්ම මා පසුපසින් 
අපමණක් දුක් ගැහැට විදිමින්
නිරනිතරයෙන් මා සම`ග රැුදෙමින්
ජීවිතේ අරුත වටහාදුන් 
මගේ හිස රැදි මිණි කිරුළ නුඹමයි........
සදා නොවෙනස් සෙනෙහසින් නුඹ
හැකි පමණින් සැපත දුනි මට
ශිල්ප ෂතර කියා දෙමින් 
ධිනන්නට මග සොයා දුනි නුඹ
ළබැදි සෙනෙහසින් මග කියමින් 
සෙනෙහසේ අරුත පසක් කළ නුඹ
දිනන පරදින ලෝකයක් තුළ
නුඹෙන් උගන්නෙමි යථාර්තය
පියාණෙනි.........
නුඹමයි මා ලද අමිල සම්පත.......


Tuesday, 7 August 2018

ඕස්ටේ‍්‍රලියානු මැතිවරණ ස්වාභාවය


   

ජාතික මට්ටමේදි  ඕස්ටේ‍්‍රලියානු ෆෙඩරල් මැතිවරණය සෑම අවුරුදු තුනකට වරක්ම පවත්වනු ලැබේ.අගමැතිවරයා  ඕනෑම අවස්ථාවක නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සඳහා මැතිවරනයක් කැඳවීමට අගමැතිවරයාට උපදෙස් දිය හැකිය. එහෙත් සෙනෙට් ඡුන්ද පැවැත්විය හැක්කේ  ඕස්ටේ‍්‍රලියානු ‌ව්‍්‍යවස්ථාවෙහි දක්වා ඇති ඇතැම් කාලසීමාවන් තුළ පමණි. මෑතකදී  ඕස්‌ෙ‌ෙට්‍්‍රලියානු ෆෙඩරල් මැතිවරණය පැවැත්වුණේ 2016 ජූලි 2 වෙනිදාය. මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ අග‍්‍රාමාත්‍යයවරයාය. 

නියෝජිත මන්තීී‍්‍ර මණ්ඩලය තෝරා ගනු ලබන්නේ  ඕස්‌ෙ‌ෙට්‍්‍රලියානු ක්ෂණික ඡුන්ද ක්රමය භාවිතා කිරීමෙනි. එමගින් කුඩා පාර්ශව ඡුන්දදායකයින්ගෙන් ගලා එන මනාපයන් දෙකේම මැතිවරන ප‍්‍රතිපලවලදී සැලකිය යුතු වැදගත් පක්ෂ දෙකට බෙදී ඇත. සෙනෙට් සභාව තෝරා පත්කර ගන්නා ලද එක් චක‍්‍රලේඛන ඡුන්ද ක‍්‍රමය භාවිතා කර ඇති අතර, සෙනෙට් සභාවේ කුඩා පක්ෂවල වැඩි සහභාගීත්වයක් ඇති විය. පසුගිය වසර තිහක කාලය තුළ බලයේ සමබරතාවයක් පවතිද්දී, ආණ්ඩුව හෝ විපක්ෂයට සෙනෙට් සභාව කෙරෙහි සමස්ත පාලනය තිබුණේ නැත. සිය බලය සඳහා මෙම සීමා කිරීම සඳහා ආණ්ඩුවේ ව්‍්‍යවස්ථාදායක න්‍යායපත‍්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා සුළු පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂකයන්ගේ සහයෝගය නිතරම අපේක්ෂා කළ යුතුය. සෙනේට් සභාවේ සමානුපාතික නියෝජන ප‍්‍රතිඵලයක් වශයෙන් කුඩා පාර්ශවයන්ට සෙනෙට් සභාවේ නියෝජනයක් ලැබිය හැකි සරලම වාතාවරණය මගින් අදහස් කෙරෙනුයේ එම පක්ෂවල ඉහළ මන්තී‍්‍රවරයාගේ නියෝජනය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම උත්සාහයන් නිතරම යොමු වී ඇති බවයි. මෙය රාජ්‍යය මට්ටමේ දී ද ප‍්‍රාන්ත දෙක හා ක්වීන්ස්ලන්ඞ් පමණක් ද්විත්ව * පමණක් වේ. නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන දිනා ගැනීමට සුළු පක්ෂවලට කලාතුරකිනි. 
ෆෙඩරේෂණයෙන් පසු, ජාතික දේශපාලන පක්ෂ සංවිධාන විසින්  ඕස්ට්‍්‍රලියාවේ දේශපාලන භූ දර්ශනය ආධිපත්‍යය දරයි. 19 වන ශතවර්ෂයේ අගභාගයේදී සංවිධානාත්මක කම්කරුවන් නියෝජනය කල  ඕස්ට්‍්‍රලියානු ලේබර් පක්ෂය නැඟී ආවේ ය. ප‍්‍රධාන විරුද්ධ පක්ෂ දෙකට විරුද්ධ පාර්ශවයන් එකිනෙකා සමග එකතු වූ අතර, ව්‍යාපාරික කටයුතුවල මූලික අඩිතාලම සහිත පක්ෂයක් හා මධ්‍යම පංතියේ මධ්‍යම පන්තිකයන් වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වන වර්තමාන  ඕස්ටේ‍්‍රලියාවේ ලිබරල් පක්ෂය.  ග‍්‍රාමීය හෝ කෘෂිකාර්මික සාම්ප‍්‍රධායික පක්ෂයක් වන වර්තමාන   ඕස්ට්‍්‍රලියාවේ ජාතික පක්ෂය. පාර්ලිමේන්ත ුනියොජ්නය  කර ඇති කුඩා දේශපාලන පක්ෂ ගණනාවක් පවතින නමුත්  ඕස්ට්‍්‍රලියාවේ සෑම තැනකම දේශපාලනය සංවිධානය වී ඇත ප‍්‍රධාන ප‍්‍රධානීන් තිදෙනා පමණක් වන අතර, වෙනත් පක්ෂවල හෝ ස්වාධීන මනත‍්‍රී්වරයකුට පාර්ලිමේන්තුවේ  ඕනෑම තැනක කටයුතු කිරීම හෝ නඩත්තු කිරීමේ දී කිසියම් කාර්යභාරයක් ඉටු කර ඇත. ආණ්ඩු. ලිබරල් පක්ෂය සහ ජාතික පක්ෂය අතර ස්ථිර ස්ථාවරයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔස්‌ෙ‌ට්‍්‍රලියානු දේශපාලනය ද්විපක්ෂ ක‍්‍රමයක් ලෙස ක‍්‍රියාත්මක වේ. එක්සත් ජනපදය වැනි වෙනත් රටවල තත්වය මෙන් නොව, අභ්‍යන්තර 
පක්ෂයේ විනය ඓතිහාසිකව දැඩි වී ඇත.  ඕස්ට්රේලියාවේ දේශපාලන පද්ධතිය සෑම විටම ද්විපාර්ශවි්ක ක‍්‍රමයක් නොවී ය, මෑත දශකවලදී මෙන් ම එය සෑම විටම අභ්‍්‍යන්තර වශයෙන් ස්ථාවර වී නැත. 
 ඕස්ටේ‍්‍රලියානු ලේබර් පක්ෂය  මෑත දශක කිහිපය තුළ ඇති ස්වයං-විස්තර කරන ලද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයකි. ලිබරල් ආර්ථික වැඩසටහනක් අනුගමනය කළේය. එය  ඕස්ටේ‍්‍රලියානු කම්කරු ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද අතර එය පුළුල් ලෙස නියෝජනය කරන්නේ නාගරික කම්කරු පන්තියයි. එය වඩවඩා සානුකම්පික මධ්‍යයම පාන්තික සහයෝගයේ පදනමක් ද ඇත. 
 ඕස්ටේ‍්‍රලියාවේ ලිබරල් පක්ෂය කේන්ද්‍රීය දක්‍ෂිනාංශික පක්ෂයක් වන අතර එය පුළුල් ලෙස ව්‍යාපාරික, උප නාගරික මධ්‍යම පංති සහ බොහෝ ග‍්‍රාමීය ජනයා නියෝජනය කරයි. ජාතික මට්ටමේ ස්ථාවර සභාග හවුල්කරු වන්නේ ග‍්‍රාමීය අවශ්‍යයතාවන් නියොජ් නය කරන කොන්සවේටිව් පක්ෂයක් ලෙස කලින් හැඳින්වූයේ  ඕස්ට්රේලියාවේ ජාතික පක්ෂයයි . මෙම පක්ෂ දෙක සාමූහික වශයෙන් සභාගය ලෙස හැඳින්වේ. ක්වීන්සලන්ඞ් හි සහ මෑත දී නෝර්වේහි දී පක්ෂ දෙක නිල වශයෙන් ලිබරල් ජාතික පක්ෂය පිහිටුවීම සඳහා නිල වශයෙන් පිහිටුවා ඇති අතර උතුරු ප‍්‍රදේශය තුල ජාතික පක්ෂය ජාතික ලිබරල් පක්ෂය ලෙස හැඳින්වේ. 
 ඕස්ටේ‍්‍රලියානු දේශපාලනයේ සුළු පක්ෂ අතර කුඩා පාර්ශවයන්ගෙන් විශාලතම  ඕස්ට්‍්‍රලියානු හරිතයින් වන හරිත පාර්ශවයක් ද වේ. මධ්‍යමික පක්ෂයක් වන නික් සියෑෆොෆන් කණ්ඩායම ; ජාතිකවාදී පක්ෂය වන පෝලින් හැසන්ගේ එක් ජාතියක් ; සහ පුද්ගලීකරනය කරන ලද විරෝධී පක්ෂය වන කැටර්ගේ  ඕස්ට්රේලියානු පක්ෂය . මෑත වසරවල අනෙකුත ්වැදගත් පාර්ශවයන්, සමාජයීය සාම්ප්රදායික පවුල් පළමු පක්ෂය සහ සමාජශලීී ලිබරල්  ඕස්ටේ්රලියානු ඩෙමොක්රටිකයන් අතරින් පාමර් එක්සත් පක්ෂය , ඇතුලත්ව තිබේ. 


Monday, 30 July 2018

මෙගා රැල්ල



ලෝක රූපවාහිණී ආගමනයේ වසර කිහිපයකට පසුව ශී‍්‍ර ලංකාව තුලට රූපවාහිණී මාධයය පැමිණ ඇත. රූපවාහිණිය පැමිණීමට පෙර ගුවන්විදුලිය මගින් ජනතාව තමන්ගේ සන්නිවේදන අවශයතා සපුරා ගන්නා ලදී. ගුවන්විදුලිය හඩින් පමණක් සන්නිවේදනය ලබා දීම මත නිර්මාණාත්මක මිනිසුන් බිහි වීමට මහෝපකාරි වන්නට ඇත.එහෙත් රූපවාහිනී මාධ්‍යය පැමිණීමත් සමග මිනිසුන්ගේ නිර්මාණ ශක්තිය පවා හීන් විමක් දක්නට ලැබුනේ විදුලි වේගයෙනි. රූපවාහිණිය පැමිණි මුල් කාලයේදී රූපවාහිණියක් පැවතියේ ගමේ වගකිව යුතු පුද්ගලයෙකුට පමනී. ඔහු ගමේ මුලාදෑනියා හෝ ආරච්චිල විය. එම නිසාම රූපවාහිණිය තරමක් දුරස් මාධ්‍යයක් වුවද සියළුම දෙනා එකතු වී රූපවාහිණිය නැරඹීීමට පුරුදුව සිටියේ ය. ජනතාවගේ සිනමාශාලා වලට ගොස් සිනමාපට නැරඔීම සීමා විය.තාක්‍ෂණය ක‍්‍රමයෙන් දියුණුවත්ම මිනිසුන් නවීකරණය වීමත් සමග ලංකාව තුළ රූපවාහිණිය යන්ත‍්‍රවල වැඩිවීමක් දක්නට ලැබුණී.එම නිසා බොහෝ පිරිස්ට කළු සුදු රූපවාහිණී යන්ත‍්‍රයක් හෝ පැවතුණි. ඉන් පසුව සතියකට වරක් ඉතා හරවත් වූ ටෙලි නාටයයක් රූපගත වූයේ විඩාවට පත් ජනතාවගේ සිත් ෂතන් තුළ සෞන්දර්යයක් ඇතිකිරීම සදහා ය. ඒ වන විට ඉංගම්මාරුව,සරදියෙල්,මුවන් පැලැස්ස ටෙලි නාට්‍යය වැනි ඉතාමත් වැදගත් ටෙලිනාට්‍යය කිහිපයක් පැවතුණි.එය විකාශන කාලසීමාව වූයේ ෂතියකට වරකි. එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු සියල්ල නිම කරමින් ප‍්‍රවෘත්ති විකාශයක් නැරඔීම ස`දහා රූපවාහිණිය ළග වාඩිගන්නේ වෙනත් කිසිදු ක‍්‍රමයකින් තොරතුරු දැනගැනීමේ හැකියාවක් නොපවතින බැවිනි. එය ඔවුන් පුරුද්දක් කරගත්තේද නැත තම දරුවන් සමග සියල්ලන සමග කතාබස් කිරීමට ප‍්‍රශ්න විසදීමට රූපවාහිණිය ඉදිරිපිට භාවිතා නොකලේ ය. ඔවුන් ඒ ස`දහා භාවිතා කරනු ලැබුවේ රූපවාහිනියෙන් තොර වටමේසයකි.

21 වන සියවස වන විට මෙම සිය චාරිත‍්‍ර වාරිත‍්‍ර උඩු යටිකුරු වීය. නිවසින් බැහැර කාර්යබහුල වූ ගෙහිමියන්ගේ සවස් වරුව ගතවන්නේ ආලින්දයේ රූපවාහිනිය ඉදිරිපිට වීම අකමැත්තෙන් හෝ කිව යුතුමය. කළුසුදු රූපවාහිණී යන්ත‍්‍ර වෙනුවට වර්ණ රූපවාහිණී පැමිණියේය. රූපවාහිනීය තුළ විවිධ මාධ්‍යය බිහිවීමත් සමග එම සෑම නාලිකාවකම හතු පිපෙන්නා මෙන් මෙගා ටෙලි නාට්‍ය ආරම්භ විය.  දරුවන් සමගවත් කතාබහකින් තොර වූයේ මෙගාවේ බලවේගය හේතුවෙනි.”අනේ අදවත් අවන්ත දෙව්මිට ආදරේ කියයිද,” අයියෝ අදවත් ස්වප්නා හොරු ටික අල්ලා ගනිද” සියල්ලගේ ම ආශාවයි. සෝප් ඔපෙරාවෙන් බිදී ආවක් වශයෙන් මෙගා නාට්‍ය දැක්වීය හැකි ය.
එක් නාලිකවක පමණක් නොව බිහි වූ සැම නාලිකාවේම ප‍්‍රධාන මුදල් උපයා ගැනීමේ මාර්ගය වශයෙන් මෙගාව දැක්විය හැකි ය. ශාන්ති ප‍්‍රවීනා විසින්  ඇරඹිි  ඉන්දීීය  ටෙලිනාට්‍ය ”ආදරෙයි  මං  ආදරෙයි”, ජෝදාඅක්බර් සදහටම ඔබමගේ , ආදරේ අහස තරම් වැනි මෙගා නාට්‍ය දක්වා විහිදී ඇත. එහි අනුකරණ වශයෙන් බොදමීදුම්  වැනි කතාංග තුළින් ඇරඹිි දෙවෙනි ඉනිම, පබා,අහස් මාළිගා, රුවන් මාළිගා, ස`ද දිය ,නීල පබළු වැනි මෙගා නාට්‍ය දක්වා ඇත. මහන්සි වී නිවසට පැමිණෙන සියල්ලගේම සවස් වරුව ගත වන්නේ මෙම මෙගා පවුල සමගය.  ‌ මේ වන විට සියළුම දෙනා රූපවාහිණිය වටා එක් වන්නේ පුරුදුකාරයින් වශයෙන් ය.දරුවන්ට කතන්දර කියමින් බත්අනා ගුලි කර කවමින් දරුවන් නිදිකරවූ මවද සියල්ලට කලින් මෙගාව දෙස කට ආයන්නේ අනේ කතාව පටන්ගත්තොත් අපරාදේ මගහැරුනොත් ලෙසය.
එම නාව්‍ය අවසන් කරන්නේද කුතුහලයක් ඇතිවන ආකාරයෙනිx එයින් කුතුහලයට පත්වන පේ‍්‍රක්‍ෂකයා පසු දින එම වෙලාව පැමිණෙන තුරු සිටින්නේ ඉතාමත් නොඉවසිල්ලෙනි. ගෙට සොරෙකුට වුවද පැමිණ  ඕනෑම දෙයක් රැුගෙන යා හැකි පැය දෙක තුනක් ලෙෂ මෙගා පැය දැක්විය හැකිය. එතරම්ම කතාවට ඇබ්බැහි වේ.
  මෙම මෙගා රැුල්ල තුළින් සංස්කෘතියටද විවිධ බලපෑම් ඇති වේ. ටෙලිනාට්‍ය නළුවා නිළිය ගත කරන ජීවිතය සාමාන්‍ය සමාජයේ ජීවත්වන පුද්ගලයාට ගත කිරීම කළ නොහැක. එහෙත් සිදුවන්නේම එවැනි දෙයකි ඒ ඇදුම් පැළදු සොයයි,ඒ කෑම බීම පතයි, එසේම ගමන බීන කතාබහ සියල්ලම වෙනස් වනනේ මෙගාවටය මෙගා තාලයටය. සිංහල බෙදා හදාගත් ජාතියකට උරුමකම් කියන අපි බදාගෙන කෑමේ පීළිවෙතකට සැරසෙයි. දරුවන් පවා තම අධ්‍යයන කටයුතු කළ හැකි හොදම වෙලාවේ රූපවාහිණිය දෙස කට අයා බලා සිටී. එක් කෑම මේසයකට වී ආහාර ගත් පවුල, එක එකා ගොස් ආහාරබෙදාගෙන විත් රූපවාහිණී වෙළද දැන්වීම් යන අවස්ථාවේදී කටින් කට ආහාර ගනී. කෙතරම් කාර්යබහුල වුවද දරුවන්ට වේලාවක් ලබා දීම වැදගත් වේ.
එහෙත් දෙමාපිය දුදරු සම්බන්ධය පවා ඈත් වී ඇත්තේ මෙම නිසාවෙනි. මේ සදහා කළ යුත්තේ කුමක්ද නිර්මාණශීලී මිනිසුන් වශයෙන් ජීවත්වන සියළුම දෙනා විවේකය සදහා රසවින්දනය අවශ්‍ය වේ. ෂතියකට වරක් වශයෙන් ඉතාමත් හරවකත් ටෙලි නාට්‍ය පමණක් ඉදිරිපත් කිරීම මගින් මෙගා රැුල්ලෙන් නිදහස් ජීවිතයක් ගත කර ගැනීමට  හැකිය.  

Friday, 27 July 2018

මිරිගුවට පෙම්බදිමි




වසන්තයේ අරුණළු සොයා විත්

ඔබ මගේ ළග නැවතීලා
සිදුව සෙනෙහස මහමෙරක් මට
ඔබම පතනෙමි දිවිතුරා

ඉඩෝරයේදී ඉරි තැලී ගිය
සිතට නව හැගුමන් පුරා 
අළුත් වැස්සක් වී ඇවිත් නූඹ
මගේ ලෝකය එළිකලා නුඹ

හෙමින් සියොළග දැවටෙමින් සිත
සිහිනයෙන් සිහිනය මවා 
මගේ සෙනෙහේ පහසපතමින්
පෙරුම් පිරුවෙමි ? දිවා

සෙනෙහසින් අප පැතූ පැතුමන්
අතර මා අද තනිවෙලා
ඔබ එ්විදෝ නොදන්නෙමි මම
භලා හිදිනෙමි නෙත් අයා  

Monday, 23 July 2018

සෙල්ෆි මාෆියාව




කාර්මීකරණයත් සමග සමාජය තුළ බොහෝමයක් කාර්මීකරණය හා සම්බන්ධ උපකරණ පැමිණීය. පුවත්පත,සිනමාව,ගුවන්විදුලිය,රූපවාහිණිය පමණක් නොව වර්ථමානය වන විට දුරකතන සමාජජාල මාධ්‍ය දක්වාම වර්ධනය වී ඇත. මිනිසා තම තමන්ගේ පන්තිමය උපකරණයක් වශයෙන් මෙම සියල්ලම උපයෝගී කරගනු ලැබේ. මෙසේ පැමිණි ස්මාර්ට් දුරකතනය හා සම්බන්ධව සෙල්ෆි මාෆියාවක් වී පැමිණීය. ලෝක ප‍්‍රකට ඔක්ස්ෆර්ඞ් ශබ්දකොෂයට අනුව සෙල්ෆියක් යනු ”යමෙක් තමන්ගේ ඡුායාරූපයක් තමන් විසින්ම ලබාගැනීම යි ”. මේ සදහා බොහෝ විට ස්මාර්ට් ෆෝනයක කැමරාවක් යොදාගනු ලබයි' සෙල්ෆි යන වචනයේ ජනපි‍්‍රය වීම ඇරඹුනේ 2012 වර්ෂයේ සිට වුවද ලොව ප‍්‍රථම සෙල්ෆිය  ලබාගෙන ඇත්තේ 1839 දී  ඇමරිකානු ඡුායාරූප ශිල්පි රොබර්ට් කෝර්නේලියස් විසිනි. මොහු මෙම ඡුායාරූප ගෙන ඇති බව බොහොමයක් විශව්ාස කරන්නේ ඔහ ුවිසින් කැමරාව කි‍්‍රයාත්මක කොට එය ඉදිරියට දිව ගොස් සිටගත් බවයි. සෙය්ා පට වෙනුවට සිල්වර් අයඩයට් සේයා තැටි භාවිතා කළ ඒ අවධියේ ඡුායාරූප ගැනීම ඉතාම අපහසු බවයි.සෙල්ෆි යන්න මුලින්ම භාවිතා කළ පුද්ගලයා වශයෙන් සැළකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡුායාරූපයක් පලකරමින් එය සෙල්ෆියක් ලෙස විස්තර කළ  ඕස්ටේ‍්‍රලියානු ජාතික තරුණයෙකි.

 කෙසේ හෝ සමාජය තුළට පැමිණි සෙල්ෆිය මාෆියාවක් වශයෙන් සමාජයේ බොහෝ දෙනෙකුට අයහපත සපයන්නක් බවට පත්ව ඇත. ඡුායාරූපයක් ගෙන එසැණින් සමාජජාලයට මුසුකිරීම වර්තමානය තුළ විලාසිතාවක් වී හමාරය. ස්මාර්ට් දුරකතනයකින් සෙල්ෆියක් ගෙන චරදසෙකැ චසජඑමරු දැම්මේ නැත්තම් ”ආපෝ ඒ ෙඉ එක ආපෝ ඒ  චරදසෙකැ චසජඑමරු එක කිසිම වැඩක් නෑ අනේ සියල්ලන්ගේම පිළිගැනීම වී ඇත.
සෙල්ෆි නිසා  ලෝකය පුරා සිදු වී ඇති ජීවිත දේපළ හානි මෙතෙකැයි ලෙස සීමා කිරීමක් නම් කළ නොහැක.රුමේනියානු ජාතික ඌසු 18 හැවිරිදි සුරූපිනියක් වන ඇය සෙල්ෆි ගෙන එසැනින් සමාජ මාධයයට යොමු කරයි. එම නිසාම ඇගේ ගිණුම සියල්ලන් අතරම ජනපි‍්‍රය වී පැවතීය. දිනක් ඇය සෙල්ෆියක් ගැනීමට ගොස් පළුදු වූ වයරයක් පෑගී පිළිස්සී මිය ගියේය. එසේම ලංකාවේ ඉතාම මෑතකදී කෑගල්ල අරණායක ප‍්‍රදේශයේ 32 හැවිරිදි තරුනයෙකු යහළුවන් සමග චාරිකාවකට සහභාගී වී අසුපිණි ඇල්ලට බිලි වූයේද මෙම සෙල්ෆිය මාෆියාවක් වූ නිසා ය. මෙය ඉතාමත් සංවේදී පුවතකි. එපමණක් නොව එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු සෙල්ෆි ඡුායාරූපයක් ගැනීමට ගොස් යකඩ යකාට බිලිවීම , එසේම විදේශීය පිරිසක් සෙල්ෆියක් ගැනීමට යාමෙන් යකඩයාට බිලි වීම ආදී බොහෝමයක් ශෝචනීය තත්වයන් ආරංච් වන්නේ  කාගේත් ඇස් උඩ යවමිනි.  
 බොහෝ දෙනෙකු සෙල්ෆි ගැනීම සදහා යොදා ගැනෙනුයේ අලංකාර හා භයානක ස්ථාන වලයි. දුරකතන කැමරාවට මුහුණලා සිටින විට ඉන්නේ කොතනද,තමන් කවුද ස්ථානයේ ඇති භයානක කම පවා මතක නැත. ඇත්තෙන්ම කිව යුතු ශෝචනීීය තත්වය වන්නේ මනුස්සකම්පවා අමතක කරමින් අසරණයන් දුටු විට හෝ අසරණයාට පිහිට නොවී ඔහු සමග හෝ සෙල්ෆියක් ගැනිමට සිතන්නා ව ූකාලයක වර්ථමාන සමාජය ජීවත් වේ.  එතරම්ම සෙලෆ්ිය මාෆියාවක් බවට පත්ව ඇත. සෙල්ෆියේ අළුත්ම පැටන් එක වී ඇත්තේ අවධානම් ස්ථාන වල සිට ගන්නා සෙල්ෆියයි. එය වර්ථමාන තරුණ පරපුර වෙත වෙත ඇතිකරන්නේ මහත් අබිරුච්යකි. එහෙත් එමගින් සිදුවන්නේ ජනපි‍්‍රය වීමක්නම් නොවේ අකාලයේ මිය යාමට පොට පාදා ගැනීමකි.  
 සෙල්ෆි නිසා ජීවිතහානි මෙන්ම සියදිවි නසාගැනීමේ තත්වයන්ට පවා මුහුණ පෑමට සිදුවේ. විවිධ අයුරින් ඡායාරූප ගෙන එය අන්තර්ජාලය වෙත මුදා හරිමින් එම ඡුායාරූප ගෙන විවිධ ආකාරයේ අසභ්‍යය කි‍්‍රයාවන් සිදු කරමින් අපහසුතාවයට පත්වී සියදිවි නසා ගැනීම්ද සිදු වන බව නිතර නිතර අසන්නට ලැබේ. සයිබර් බළධාරීන් පවසන්නේ තනිව ගන්නා පින්තූර අන්තර්ජාලයට මුදා හරිනවාට 
වඩා කණ්ඩායම් වහයෙන් රූප මුදා හැරීම ආරක්‍ෂිත බවය. කෙසේ හෝ වර්ථමානයේ සිදුවන මාර්ග අනතුරු අකාලයේ ජීවිත දේපළ හානි සිදු වීම් හේතුවෙන් සෙල්ෆි මාෆියාවක් බවට පත්ව තිබේ. තමන්ගේ තත්වය තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කරගනිමින් ජීවත්වීමට සිතා ගනිමින් සෙල්ෆියට මුහුණ දීම තුළින් මෙම මාෆියාවෙන් බේරීමට හැකියාව උදාවනු නොඅනුමානය.  

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...