Monday 11 November 2019

බඹරවළල්ල හා සංඥාර්තවේදය


බඹරවළල්ල හා සංඥාර්තවේදය

කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළින් රසවිඳිය හැකි අතර විචාරය කළහැකිය . සිනමාව හුදෙක් විනෝදය විසූක දස්සනය පමණක් නොව එය ප‍්‍රශස්ත රසවින්දනයක් සඳහා වූ නිමිත්තකිx ඒ අනුව ගෝණමඩිත්තේ පොඩි එකා සහ මැල් මහත්තයා විසින් පණ පොවන මෙම සිනමා කෘතිය විවිධාකාර කෝණ තුළින් අපට බඹර වළල්ලේ අර්ථයන් කියවීමට හැකිවේ. අතුල ලියනගේ අධ්‍යක්‍ෂණයෙන් හා කසුන් කල්හාරගේ කුළුදුල් සංගීත නිර්මාණයෙන් හැඩ වූ බඹරවළල්ල චිත‍්‍රපටය 2009 වර්ෂයේ තිරගත වූවකිx බඹර වළල්ල චිත‍්‍රපටය සමාජයේ පුළුල් සාකච්ඡුාවක් ඇති කළේ යx එයට හේතුව එය බහු අරුත් දක්වන චිත‍්‍රපටයක් වීමයිx විවිධ අය බඹර වළල්ල තුළ තම තමන්ට කැමති දේ දුටහx ඇතැමුන්ට එය 

යතාර්ථය නියෝජනය කළ හx තවත් අයෙකුට එය මානව යතාර්ථය විදහා දැක්වී යx තවත් අයෙකුට එය යටි සිත පිළිබද ෆ්‍රොයිඩියානු සත්‍යය විචිත‍්‍රවත් කලේ යx මෙහි ප‍්‍රධානම කතා නායකයා වන්නේ ගෝනමඩිත්තේ පොඩි එකා නොහොත් ධර්මදාස යx 
දිඟු පුවතකින් සිනමාපටය සමන්විත යx එක් චරිතයක් මුල් කර ගැනේx වසර ගණනාවක් තිස්සේ මේ පුවත ඇදී යයිx මෙහි ප‍්‍රමුඛ චරිතය වන පොඩි එකා වටා සිටින චරිත සමූහයකිx සිදුවීම්ද බහුලයx චරිතද සිදුවීම් ද ඉබාගාතේ නොයනු පිණිස තිර රචනය පළමු කොටම ඉවහල් කරගන්නා බව පෙනෙයිx 
බඹරවළල්ල චිත‍්‍රපටය කොටස් තුනක් යටතේ විකාශනය වේx එහිදී පොඩි එකාගේ ළමා කාලය, බාප්පා මැරූ වරදට සිරගෙයට ගොස් පැමිණි තැන සිට මැල් නැමති මිනී පෙට්ටි මුදලාලි විසින් චිත‍්‍රපටයට අනුව පොඩි එකා බේරා ගන්නා අවස්ථාව දක්වාත්, මැල්ගේ අවසානය පොඩි එකා අතින් සිදු වීම දක්වාත් යx
 විශේෂයෙන් ඔහු ජීවත් වන්නා වූ පරිසරය විසින් සහ ලබන අත්දැකීම් හා අධ්‍යාපනයේ ප‍්‍රමාණය මත අනාගතයේ ඔහුගේම කි‍්‍රයාකලාපයන් තීරණය වන බව දකිx පළමු කොටසේදී පොඩි එකා අධ්‍යාපනය නොහදාරයිx තම මවගේ දෙවන සැමියාගේ හොර කසිප්පු ජාවාරමට උදව් කරමින් ජීවිතය ගත කරයිx මවගේ දෙවන විවාහයේ සැමියා (බාප්පා* ගෙන් එල්ලවන ලිංගික හිංසනය ඉවසාගත නොහැකිව අක්කා ගෙල වැල ලා ගෙන මියගිය අයුරු දුටු පොඩිඑකා කෝපයට පත් ව බාප්පා මරා දමයි. තම දියණිය හා සැමියා එක ම දිනෙක මරණයට පත් වී පුතා මිනීමැරුමකට අත් අඩංගුවට ගැනීම නිසා තනිවන මවගේ සිහිය විකල් වේ. දෙවන අවස්ථාවේදී බාප්පා මරා ගැටවර වියේ දී සිර දඬුවම් විඳි පොඩිඑකා තරුණයකු ලෙස සිරෙන් නිදහස් වී ගමට පැමිණ කුඹුරු හිමියකු ළඟ හරකුන් බලා ගනී. තමා බලාගන්නා හරක් පට්ටියෙන් එකකු සොරාගෙන ගොස් මරා මස් කිරීම නිසා කෝපයට පත්වන පොඩිඑකා හරක් හොරාට කුරිරු දඬුවම් දෙයි. කුඹුරු හිමියාගේ දියණිය තම පේ‍්‍රමය ප‍්‍රතික්ෂේප කොට මුහුණට කෙළ ගැසීම නිසා කෝපයට පත් පොඩිඑකා ඇගේ කෙස් වැටිය කපා දමයි. ඊට පළිගැනීමක් වශයෙන් පිරිසක් යොදවා බරපතළ ලෙස පහර දී මහමඟ දමා යයිx මෙම අවස්ථාවෙන් පසුව පොඩි එකාගේ ගමෙහි ජීවිතය අවසන් වෙයිx මහ මඟ වැටී සිටින පොඩිඑකා දකින මිනීපෙට්ටි සාප්පු හිමියකු වන මැල් මුදලාලි ඔහුව රෝහල් ගතකොට සුව වූ පසු තමා යටතේ රඳවා ගනී. ඉන්පසු ජීවිතය ගත වන්නේ මිනී පෙට්ටි සමඟයx අවස්ථාවන් කිහිපයක් ගළා යයිx මැල් මුදලාලි ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වෘත්තීය ඝාතකයකු බවට පත්වන ඔහු ගෝනමඩිත්තේ් පොඩිඑකා යනුවෙන් ප‍්‍රකට වෙයි. අවසානයේ මැල් මුදලාලි විසින් පොඩිඑකා මරා දැමීමට දැරූ උත්සාහය පරාජය කොට මැල් මුදලාලි මරා ඔහු එම ව්‍යාපාරය අත්පත් කර ගනී. කතාව අවසානය සිදුවන්නේ එසේ යx


බඹරවළල්ල සිනමාපටය පිළිබඳව විචාරකයන් විවිධ මත අදහස් පළ කර ඇතx  සිනමාපටය විවිධ ආකාරයෙන් විචාරයට ලක් කළ හැකි බව ඔවුන්ගේ අදහස වී ඇතx ඇතැම් විචාරකයෙකු මෙය මාක්ස්වාදී කියමනක් ලෙස ඉදිරිපත් කරනු ලබයිx විශේෂයෙන්ම ”මාක්ස්ගේ පංති විග‍්‍රහයේ සිට බලන විට බඹර වළල්ලේ ඇති සෑම චරිතයක්ම ධනපති පංතියේ බලය විසින් නිර්ධන පංතියේ ශ‍්‍රම සූරාකෑම නිරූපණය කරන්නකි. මාක්ස් වාදී ආකෘතිය තුළ ප‍්‍රාග්ධනය යන කාරණය ආර්ථික සාධක හරහා මෙම පංති දෙකේ ගැටීම තුළින් බඹර වලල්ල කියවීමට හැකි බව ඔවුන්ගේ මතයයි.  මූලිකව මෙම කෘතිය රස විඳීමේ දී මෙහි ඇති සියුම් චරිත තුළින් එළිදකින යථාර්තය තේරුම් ගැනීමට පෙර මාක්ස්වාදී අදහස් කීපයක් වැදගත් වනු ඇත. ජර්මන් දෘෂ්ඨිවාදය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය යන ග‍්‍රන්ථ තුළින් මෙම අදහස් ඉදිරිපත් කොට ඇත. අපෝහක භෞතික වාදය නැතහොත් පංති දෙකක ගැටීම තුළින් නව පංතියක් බිහිවීමත් මෙහිදී ධනපති පංතිය විසින් නිර්ධන පංතිය සූරාකෑම ග‍්‍රාමීය සුළු ධනේෂ්වරය සහ නාගරික සුළු ධනේෂ්වරය අතරද දක්නට ලැබෙන බව මාක්ස් දක්වයි. ප‍්‍රාග්ධන සාධක මුල්කොට ගෙන ධනේෂ්වරය විසින් නිර්ධනයින්ව අමානුෂික ලෙස භාවිත භාණ්ඩ හෝ හුවමාරු භාණ්ඩ ලෙස යොදා ගැනීම එහිදී දක්නට ලැබුණු අතර හුදෙක් වෙළඳ භාණ්ඩයෙන් තොරව මානුෂික හැඟීමෙන් බැලීමට ඔවුන් කිසිවිටෙකත් උත්සාහ නොකළහ.
    බඹර වළල්ලේ ප‍්‍රධාන චරිතය පොඩිඑකා උපතින්ම ධනේෂ්වරය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුමවූ සමාජ සංස්කෘතික සාධක මත පොඩි එකාගේ පංතිය තීරණය වන බව දක්වා ඇතx ගමේ කසිප්පු මුදලාලි වන තමාගේ බාප්පාගේ අතකොලූවක් බවට පත් වන පොඩිඑකා ඔහුගේ යටත් සේවකයකු ලෙස ලාභ ප‍්‍රයොජන සඳහා කටයුතු කරයි. අකුරු නොදත් පොඩි එකා බාප්පගේ කූඨ වෙළඳාමි වලට තම ළමාශ‍්‍රමය දියකර හරී. පොඩි එකා විසින් දකින්නේද බලවතාගේ සූරාකෑමේ සිදුවීම් මාලාවන්ය.බාප්පා විසින් තමන්ගේ මව, සහෝදරිය ලිංගිකව සූරා කෑමට ලක්වීම, සහෝදරිය ගෙල වැළලා ගෙන මරණයට පත් වීම අකුරු නොදත්තද සංසංකෘතිය කියවූ පොඩිඑකාට දෑස් පියා බලාසිටිය නොහැකි කරුණක් බවට පත්වේ.ස්තී‍්‍රත්වය ගම තුළ දකින්නේ තිරිසන් ආකාරයෙනි. මතට ඇබ්බැහි වූ තිරිසන් ගති ඇති මිනිසුන් පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ කාන්තාවට ඇති ස්ථානය හෙවත් ඔවුන්ගේ විඥානය ගොඩ නැගී ඇති ආකාරය මෙයින් පැහැදිලි වේ. ඔහු දෙවන අවස්ථාවේදී තම මාමාගේ හරක් බලාගනිමින්ද නිර්ධන පංතිය හමුවේ ඇති අභියෝග ඉදිරිපත් කරන බව දක්වයිx ඉන් පසු කාලය මැල් නැමති ව්‍යාපාරිකයා යටතේ සූරාකෑමට ලක්වේx එම නිසා විචාරකයන් බොහෝමයක් පවසා ඇත්තේ බඹර වළල් වූ කලී මාක්ස්වාදී කියමනක් බවයx 
 තවත් විචාරක මතයක් වන්නේ මනෝ විශ්ලේෂණවාදී ආකෘතියක් මඟින් සිග්මන් ප්‍රොයිඞ් හා ලැගාන් දැක්වූ න්‍යාය ආශ‍්‍රයෙන්ද බඹර වළල්ල තවත් අයෙකුට කියවිය හැකි බවයි. ප්‍රොයිඞ් දැක්වූ ඉඞ්, ඊගෝ, සුපර් ඊගෝ යන මනසේ ආකෘතිය හරහා පොඩි එකාගේ සිට සෑම චරිතයක්ම කියවිය හැකිය බව එම විචාරකයන්ගේ මතය වී ඇතx මෙවන් අවස්ථාවලදී 

පුද්ගලයකු කි‍්‍රයා කරන ආකාරය පිළිබඳව පැහැදිලිව මෙම සිනමා කෘතිය තුළින් දැක ගත හැකි බවද දක්වා ඇතx
මෙහි පැහැදිලිවම පරිසර සාධකත් සමඟත් කියවීමට හැකියි. එනම් මිනිසුන් වෙනස් කරනුයේ පරිසර සාධක මත බව මෙහිදී පැහැදිලිව දක්වා තිබෙන කාරණයක්. පොඩි එකා ගත කරන ජීවිතය ඇතුලේ විවිධ පාරිසරික සාධක වෙනස් වන ආකාරයත් සමඟ පුද්ගල චර්්‍යාවන් සිතුම් පැතුම් කි‍්‍රයාකාරකම් හැඩ ගැසෙන්නේ එම පරිසර සාධක අනුව බව මෙම නිර්මාණය තුළ පැහැදිලිවම හඳුනාගත හැකි කාරණයකි. සමාජය වෙනස් වුවත් පොඩිඑකාගේ පරිසරය ඔහුට කළ බලපෑම මෙම සිනමා කෘතිය පුරාවටම පොඩිඑකාගේ චරිතය නිර්මාණයේදී යොදාගෙ ඇතx
  එමෙන්ම මෙම නිර්මාණය දේශපාලන සාධක හරහා ද කියවීමට හැකි සිනමා නිර්මාණයක් වේ. වර්තමානයට අදාල දේශපාලන චර්්‍යාවන් මෙම බඹර වළල්ල තුළදී අතුල ලියනගේ විසින් යොදා ගෙන ඇත. මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වෙළදාම්, ලිංගික අතවර, හමුවේ නීතියේ බලාධිකාරය සැකසෙන අයුරු මෙහිදී පෙන්වා දී ඇත. කෙසේ හෝ උක්ත සඳහන් කළ සෑම ආකාරයෙන්ම විචාරයට ලක් කළ සෑම ආකාරයෙන්ම විචාරයට ලක් කළ හැකි බඹරවළල්ල සිනමා පටය සංඥාර්ථවේදය පදනම් කරගනිමින් විචාරය කිරීම මෙහිදී අරමුණ වී ඇතx එයට හේතුව වන්නේ සිනමා කෘතියක සාර්ථකත්වය රදාපවතින්නේ සංඥාර්ථවේදය පදනම් කරගෙන වීම මතයිx පැහැදිළි ලෙසම සමාජයේ අප දකින අසන එහෙත් අප නොදකින හා නොඅසන සිදුවීම් ලෙස ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා ක්‍ෂණිකව අමතක කර දමන මිනිසුන් ඇති රටකට මෙම සිනමා කෘතිය බඹරයක්ම වීම නිසා යx මෙම නමෙහිම ගැබ්ව ඇත්තේ සංඥාවකි නැතිනම් සංකේතයකිx ජීවිතය වූ කළී වළල්ලකි උපතේ සිට මරණය තෙක් එකිනෙකට වෙනස් වූ සිදුවීම් කිහිපයක් සමඟ ජීවීතය කැරකීමක් සිදුෙවීx එම වළල්ල චක‍්‍රය අතුල ලියනගේ විසින් හරි අපූරුවට ඉදිරිපත් කර ඇතx  
සංඥාර්තවේදය ලෙස සරළව දැක්වීමේදී යම් ප‍්‍රපංචයකට තමා ගැන හැර වෙනත් ප‍්‍රපංචයක් පිළිබදව අදහස් ප‍්‍රකාශ කළ හැකිනම් එය සංඥාවකිxx සංඥාර්ථ විද්‍යාව යනු වාග් විද්‍යාව භාෂාව අධ්‍යයනය කරන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ලෙස හදුන්වා දිය හැකි යx බමරවළල්ල සිනමාපටය ජාත්‍යන්තරය පවා ජය ගැනීම සඳහා ඉවහල් වී ඇත්තේ සංඥා සංකේත යොදාගැනීම බවයි යන්න වුවද තර්ක කළ හැකියx සංඥාර්ථවේදය යටතේ චිත‍්‍රපටය විචාරය කිරීමේදී චරිත නිරූපණය, අවස්ථා නිරූපණය, ගම සහ නඟරය අතර සම්බන්ධය, වර්ණ, කැමරා කෝණ, භාෂාව යනාදි කොටස් අනුව බෙදා වෙන් කරමින් විචාරය සිදු කරනු ලබයිx



චරිත නිරූපණය
බඹර වළල්ල සිනමා පටය දිග හැරෙන්නේම එක් ප‍්‍රධාන චරිතයක් වටා යx පොඩි එකා නෙහොත් ධර්මසේන නැමති චරිතය මෙහිදී ප‍්‍රධාන වේx චිත‍්‍රපටයේ දී පොඩි එකා වටේට හමුවන අනෙක් චරිත මෙහිදී නිරූපණය වේx එම චරිත අතුරු චරිතමැයි කිව නොහැකි යx ඒ කුමක් නිසාද යත් පොඩි එකාගේ චරිතය ගොඩ නැඟීමට එම චරිත කාලයෙන් කාලෙට වෙනස් වෙවි බලපෑම් කරනු ලබන නිසාවෙනිx පොඩි එකාගේ කුඩා කාලයේදී අම්මා, අක්කා, බාප්පා (මවගේ දෙවෙනි පියා* හමුවේx මෙම චරිත මතින් පොඩි එකාගේ චරිතය ගොඩ නැඟී විකාශනය වේx සිරගෙයින් නිදහස් වී පැමිණ අවස්ථාවේ සිට ඹහු ගමින් නඟරයට යාම දක්වා අවස්ථාවේදී අප්පුහාමි මාමා, මමාමාගේ දියණිය යන චරිත ප‍්‍රධාන ලෙස හමුවේ එම අවස්ථාවේදී අතුරු චරිත ලෙස සෝමේ, අප්පුහාමි මාමාගේ බිරිද, ස්ටැන්ලි නැමති චරිත හමුවේx තුන්වන අවස්ථාවේදී මැල් මුදලාලි, කුමාරි යන චරිතද අතුරු චරිත ලෙස ධර්මේ අයියා, සරත් වැනි චරිතද ඉදිරිපත් වේx  මේ සෑම චරිතයකම සෑම කාලයකම පොඩි එකා චරිතය නිරූපණය වේx මෙම චරිත විටින් විට යොදාගනිමින් බඹරවළල්ල චිත‍්‍රපටය සඳහා විවිධ වූ සංඥාර්ථ භාවිතා කර ඇතx 
ධර්මදාස චරිතය (පොඩි එකාx*
ධර්මදාස චරිතය චිත‍්‍රපටය පුරාවටම දිග හැරෙන්නේ පොඩිඑකා නැමති සංඥා නාමයෙනිx පොඩි එකා කුඩා කාලයේදී තම බාප්පාගේ කසිප්පු වාඩියෙහි අත් උදව් කරුවකු ලෙස මුලින්ම ඉදිරිපත් වේx චිත‍්‍රපටය ආරම්භයේ මිනිස් කටහඩක් හෝ නාමයක් ලෙස මුලින්ම ඇසෙන්නේ පොඩි එකෝ යනුවෙන් අමතමිනිx ඉන් කතාව ගොඩ නැෙඟන ආකාරයට සංඥාර්ථයක් ඉදිරිපත් කරනු ලබයිx පොඩි එකාගේ ළමා කාළය වළල්ලේ මුල් පුරුක නියොජනය කරන්නකි. එසේ නැතහොත් උපතින්ම ධනේෂ්වරය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුමවූ සමාජ සංස්කෘතික සාධක මත පොඩිඑකාට සිදුවේ.ගමේ කසිප්පු මුදලාලි වන තමාගේ බාප්පාගේ අතකොලූවක් බවට පත් වන පොඩිඑකා ඔහුගේ යටත් සේවකයකු ලෙස ලාභ ප‍්‍රයොජන සඳහා කටයුතු කරයි. අකුරු නොදත් පොඩි එකා බාප්පගේ කූඨ වෙළඳාමි වලට තම ළමා ශ‍්‍රමය දියකර හරී. පොඩි එකා අකුරු නූගතෙකු බව බොහෝ අවස්ථාවන්හි සංඥාර්ථ මඟින් ඉදිරිපත් කරනු ලබයිx මුලදී ම බාප්පා විසින් ලබාදුන් මුදල ගෙන ඇවිත් ගණන් කරන බව ඒත්තු ගන්වමින් කතිර බිත්තියේ අඳිනු ලබයිx එය මොහු අකුරු නොදත් බවයිx එම කතිරය චිත‍්‍රපටය පුරාවටම ඉදිරිපත්වන සංකේතයකිx මෙම සංකේතය පළමු අවස්ථාවේදී පොඩි එකා විසින් අඳිනු ලැබූවද පසුව චිත‍්‍රපටයෙහි එම සංකේතය යොදා ගනු ලබන්නේ මවගේ චරිතය ඉදිරිපත් කිරීම සඳහා යx  එසේම එක් අවස්ථාවක මව විසින් කරනු ලැබූ ප‍්‍රකාශයකින්ද පොඩි එකා නූගත් අයෙකු පාසල් නොයන අයෙකු බව පැහැදිලි වේx 
”උඹව ඉස්කෝලේ යාවාගන්න බැරිවුණානේ”

එසේම පොඩි එකා හිරගෙයට ගොස් එම අවස්ථාවේදී අත්සන් කිරීමට නොහැකිව ඇඟළි සළකුණ තැබීම. පොඩි එකා බොහෝ අවස්ථාවන්හිදී කියන වචනයක් වන්නේ ”මට හුඟක් දේවල් තේරෙන්නේ නැහැ” ලෙයසිx ගැමි තරුණියට ආදරය ප‍්‍රකාශ කිරීමේදී හා මැල් චරිතය සමඟ සම්බන්ධ වූ අවස්ථාවකදී පවසයිx මේ සෑම අවස්ථාවකදී සංකේත වන්නේ පොඩි එකා ගමෙහි ඉපදී හැදුණු නූගත් අයෙකු බවයිx
පොඩි එකාගේ චරිතය බොහෝ අවස්ථාවන්හි නිහතමානි චරිතයක් ලෙස පෙන්වීම සඳහා සංඥාර්ථ යොදා ගෙන ඇතx පොඩි එකා හිරගෙයින් නිදහස් වී පැමිණි අවස්ථාවේදී මාමා විසින් උඹ දැං මොකද කරන්නේ යැයි ඇසූ පැනයට පිළිතුරු වශයෙන් කියා සිටියේ ”මගෙනුත් මොනා හරි වෙන්න එපැයි” යනුවෙනිx තවත් අවස්ථාවක තමන් කුමුර සී සා පැමිණ මුදල් ලබා දීමෙන් පසුව නැන්දණිය විසින් මුදල් ලබා දීමේදී ”ඔය වැඩි” යැයි පවසයිx එසේම මැල් සමඟ ඉන්නා කාලයේදී මිනීමැරුමක් කර යන්නට සැරසීමේදී ”ධර්මේ අයියේ සරා බලපන්” යනුවෙන් පවසයිx එමඟින් ඔහුගේ අව්‍ය්‍යාජබව පැහැදිලි වේx තම අක්කා ගැන සිතමින් ලත වෙන අයෙකිx
මව
මෙම සිනමාපටය මුල් අවස්ථාවේ මවගේ චරිතය හමුවෙයිx පොඩි එකා ගමෙන් නඟරයට යාමේදී මව අතුරුදන් වේx මවකට තම දරුවන් වෙනත් අයෙකුගේ ලිංගික ගොදුරුකරුවන් වීම තම සියැසින්ම දැක ගනී ”තිරිසනා ඇරපං දොර” යනුවෙන් පවසන්නේ තම දියණිය තම දෙවන සැමියා විසින් අතවරයට ලක්වන අවස්ථාවයි එවැනි අවස්ථාවක් නොපෙන්න වුවද චරිත ස්වාභාවයෙන් එය මැනවින් සංකේත කර ඇතx තම ආදරණීය පුතණුවන් මිනීමැරුමකට හසුවී මිනීමරුවකු ලෙස සිරගෙට යාමත් ස්වාමියා අහිමිවීමත් යන විඳීමට හා දරා ගැනීමට අපහසු සිදුවීම් පටාචාරවට සේම පොඩිඑකාගේ මවටද එකසේ අත් විඳිින්නට සිදුවීම එම මවට සිහිය විකල්වීමට හේතුව වේx එම මව හොර රහසේම නගරයට යන්නේ විකල් මනසින් වුවත් මේ අවනඩුව ලෝකයාට ඉදිරිපත් කිරීමට යx එය පැහැදිලිව සංකේත වේx මවගේ චරිතය බොහෝ විට නිශ්ශබ්ද චරිතයක් ලෙස ඉදිරිපත් කෙරෙයිx ඔහු තම පුතා කුඩා කාලයේ බිත්තියේ තම පවුල නිරූපණය කිරීමට අඳිනු ලැබූ කතිර තුන සෑම තැනකම අඳියිx එය තම පවුල විනාශ වූ බවට අඳින ලබන පැහැදිළි සංකේතයකිx නමුත් ලෝකයා එයට ප‍්‍රතිචාර දක්වන්නේ වතුර බාල්දියකිනි. පොඩිඑකා එයට එරෙහි වුවත් මාමා එය වලක්වනු ලබන්නේ ලෝකයා ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කිරීම ඵලයක් නොවන බැවිනි.
සුළුපියා (මවගේ දෙවන සැමියා*
පොඩි එකාගේ කුඩා කාලයේදී හමුවන චරිතයක් වශයෙන් බාප්පා දැක්විය හැකි යx මොහු ගමේ කසිප්පු වෙළදාම් කරන අයෙකු ලෙස චිත‍්‍රපටයේ මුල් අව්සථාවේදී මුණ ගැසේx 

මොහුගේ උදාන වාක්‍ය වූයේ ”මම ඇට හිටවලා ගස් වවලා ඒවාගේ ගෙඩි ඉස්සෙල්ලාම කන මිනිහෙක්” යනුවෙනිx ඔහුගේ මෙම වාක්‍යයෙහි බොහෝ දේවල් ගැබ්ව ඇතx තම බිරිදගේ සහ බිරිදගේ පළමු කසාදයේ දියණියගේ කම් සැප විදින බව මින් සංකේත කෙරෙයිx එහු විටෙක පවසන්නේ ”ඇට හිටවන උන් ගෙඩි කෑවට කමක් නැහැ” යනුවෙනිx මින් පැහැදිළි වන්නේ පොඩි එකාගේ පවුල ජීවත් කරන්නේ ඔහු බවත් එම නිසා ඔහුගේ කි‍්‍රයාවන් නිවැරදි බවත් යx 
අප්පුහාමි මාමා
ගමෙහි පිළිගත් ගොවියෙක් ලෙස දැක්විය හැකි යx සුළු ධනේෂ්වරයට ගොඩ වීමට උත්සාහකරන අයෙක් ලෙසටද මාමාව දැකිය හැකිය. මී හරක් විශාල සංඛ්‍යාවක් සිටි මාමා නැතහොත් ආර්ථික අතින් දියුණු වුවත් සමාජ බලය නැති නිසා එය ලබා ගැනීම උදෙසා පොඩිඑකා පාවිච්චි කරනු ලබයි. එය සී සෑමේ තරඟය සඳහා පොඩිඑකා සූදානම් කිරීමත් සමඟින් පැහැදිලි වේ. ජීවිතයේ කිසිම දවසක තරඟයක නොයෙදුනු නමුත් ජීවිත තරඟයේ බාධක මතින් දුවන පොඩිඑකාට මෙය එක් තරඟයකි. එම තරඟයේදී ඉදිරියට එන කාහට වුවත් නොපෙනී සිට බිම වැට්ටවීමට උත්සාහ කරන මනුෂ්‍ය ස්වභාවය ජීවිත තරඟයේ අත්දකින්නට හැකි පොදු ස්වභාවයකි. නමුත් ඔවුන් දුවන්නේද එකම රවුමේ එකම පිරිසක් වටේ ය. පොඩිඑකාද මේ යථාර්ථය අත්දකින ලද වුවත් අවසානයේ ජයග‍්‍රහණය කරනු ලබයි. එම ජයග‍්‍රහණය සැබවින් ම ජයග‍්‍රහණයක් වන්නේ ද යන්න මෙම සිනමා කෘතිය තුළ පැහැදිලිව පෙන්වා දී ඇත. මෙම තරඟයේ පොඩි එකා ලොකු වැඩක් කළ අයෙකු ලෙස මාමා සලකන අතර වෙනදාට වඩා පොඩි එකාට සංග‍්‍රහ කරයි. ”දැං බලපං උඹ මුලු ගමේම හොදම මඩවන්නා ආයේ කතා කළාම මේසේට ඇවිත් කෑම කන්න  ඕන ” යනුවෙන් පැවසීමෙන් පැහැදිලි වේx මනුෂ්‍යත්වයට සැලකීමට වඩා තම ලාභ ප‍්‍රයොජන ඇති තැනදී සැලකීම බොහෝ අයගේ ස්වභාවය පසක් කර දෙයි. 
 මැල් මහත්තයා
පොඩි එකා ගමෙන් නඟරයට ගෙන යනු ලබන්නේ මැල් නැමති මිනී පෙට්ටි වෙළෙන්දා විසිනිx ඔහු ධනේෂ්වරය මෙහෙය වන්නේ මල්ශාලාව ප‍්‍රධාන ආර්ථික සම්පත කරගෙනය. මල් ශාලාව ආරම්භ කරනු ලබන්නේ අවසන් වී තොගය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කරමිනි. ”ඔන්න අවසන් වී තොඟයත් පැටෙව්වා” එයින් සංකේතවත් කරනුයේ විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් යුගයේ අවසානය නඟරයෙන් ආරම්භ කරන බවයිx වී ගබඩාව අවසානය මිනීපෙට්ටි සාප්පුව තුළින් පෙන්වන්නේ කෘෂිඅර්ථික ක‍්‍රමයේ මළගම ලෙස සංකේත කළ හැකි යx 
මැල් චරිතය සෑම විටම පොඩි එකා නම් චරිතය නඟරය හුරු කළා වූ පුද්ගලයායx එය අවස්ථාවන් කිහිපයක නිරූපණය වේx ”ගමේ හුරු වම් අත...ඒක ටිකක් හරි මදි ,දකුණින් 

කාපං.....ගමෙන් ගෙනාපු ගොඩක් දේවල් අතාරින්න වෙනවා නැත්නම් අපට අනාගතයක් නෑ හෙටක් නෑ......... ” මෙහිදී පැහැදිලිවම මැල් නම් වූ මිනී පෙට්ටි සාප්පු මුදලාලි විසින් පොඩි එකා සූක්ෂම හා තියුණු ලෙස එම පරිසරයට හුරු කර ගැනීමේ මෙහෙයුම සංකේත වේ එසේම මෙමඟින් සංකේත වන්නේ මිනිසා සමාජයට අනුරූප වන්නට ගතවන්නේ සීමිත වෙලාවකි තවද අයෙකු යම් කිසි දෙයකට අනුරූප වීමට කෙනෙකුගේ වචනය හෝ බලවත් වන බව දැක්විය හැකි යx
     මැල් නැමති චරිතය සෑම විටම තම අවශ්‍යතාවයන් සඳහා පොඩිඑකා භාවිතා කරනු ලබන බව බොහෝ අවස්ථාවන් මඟින් සංකේත කරනු ලබයිx ”ආයුධ පාවිච්චි කරන්න එපා සල්ලි පාවිච්චි කරපන් ” සෑම දේටම මුදල් මුල් වන බව නිසි ලෙස හදුනාගත් මැල් මහත්තයා පොඩිඑකා නිෂ්පාදන බලවේගය යටතට හුරුකරනු ලබන්නේ මැල්ගේ අවශ්‍යතාවන් සඳහාය. මැල්ගේ උදාන වාක්‍යය වන්නේ ”මම වලදාන්නේ මැරිච්ච මිනිස්සු” ලෙයසිx මැල් නම් මිනිසා පොඩි එකාගේ රැුකවරණයට පැමිණෙන අයෙකු ලෙස පෙන්වයි. මැල් ස්වාමියා තම පැවැත්ම සදහා ආයුධය කර ගන්නේ පොඩි එකාවයි.
මැල් මුදලාලි සැදැහැවත් මිනීමරුවා සේ ඉතා මනාව සිනමාපටය පුරාම රඟ දක්වයි. පෝයට මිල අධික මල්වට්ටියක් හා අටපිරිකරක් පූජා කරන, පන්සිල් සමාදන්වන, බෞද්ධ සම්මේලනවල සභාපතිකම් හොබවන ගමන්ම කුඩු විකුණන, රටේ මිනිසුන්ගේ කණකර උකස් කර ජාවාරම් කරවන මුදලාලිලා හා නෝනලා   ඕනෑ තරම් ලාංකේය සමාජය ආක්‍‍්‍රමණය කරගෙන සිටිති. මැල් චරිතය මෙම සිනමාපටය පුරාම දිග හැරී ඇත්තේ මෙම සත්‍ය සංකේත කිරීම සඳහා යx
අවස්ථා නිරූපණය
සිනමාපටය නිර්මාණය කිරීමේදී අවස්ථා නිරූපණය කෙරෙහි වැඩි සැලකිල්ලක් ගෙන නිර්මාණය කර ඇතx සංඥාර්ථ යොදා ගනිමින් එම අවස්ථාව නිරූපණය කිරීමට අතුල ලියනගේ විසින් සිදු කර ඇති කැපවීම අඟනේ යx චරිත සමඟම සම්න්ධ වන ලක්‍ෂණයක් ලෙස අවස්ථා නිරූපණය දැක්විය හැකි යx කතාවේ මුල මැද අඟ අතර සම්බන්ධය ගොඩ නැගෙනුයේ ඇස් අදහාගත නොහැකි ලෙස පෙළ ගැසෙන හා නිසි හේතුඵල සම්බන්ධයකින් තොර උද්වේගකර සිදුවීම් පෙළක් මඟිනිx සියදිවි නසා ගැනීම්, හරක් හොරකම, මැඩවීම් උත්සව, ගුටිමුර, තරුණියකගේ කෙස් කැපිම, ගෙවල් ගිණි තැබීම්, පහර දීම්, වෙඩි තැබීම්, මිනී මැරුම්, කකුල් කපා දැමීම්, මංකොල්ල කෑම්, ආදී එකී නොකී සිදුවීම් රැුසක් සහිතව මෙම සිනමාපටය ගොඩනඟා ඇතx 
සිනමාපටය ආරම්භයේදීම භයානක ශබ්ධයක් හා අබලන් වූ ලොරියක හබ්ධයකින් ආරම්භය සිදුවේx සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතය වන පොඩි එකාගේ කුඩා කාලය තුළ ඔහුගේ ජීවිතය පෙන්නුම් කර ඇතx පොඩි එකා සහ වසු පැටියෙකු අවස්ථාවක් ප‍්‍රථම දර්ශනය වේx 

වසු පැටවා තම දෙමාපියන්ගේන් වෙන්වීම පෙන්වීම සඳහා භයානක ශබ්ධය ලෙස ගොඩ නඟා ඇත්තේ ගවයෙකුගේ අදෝනාවකිx තම මව් පියන්ගෙන් වෙන් වූ අවස්ථාවේදී පැටවාගේ තනියට රැුදෙන්නේ පොඩි එකා යx එම අවස්ථාව කුඩා දරුවන්ගේ මනෝ භාවය නිරූපණය කිරීම සඳහා කදිම සංකේතයකිx මෙහිදී බාප්පා නැමත්තා සෑම විටම පොඩි එකා අම්මා සහ අක්කාගෙන් වෙන් කර තැබීමට කටයුතු කරයිx ඔහුගේ ළමා කාලය තුළම කසිප්පු වෙළදාම සඳහා වතුර අද්දවා ගැනීමෙන් එය පැහැදිළි වේx එසේම මව විටෙක පවසන්නේ ”පොඩි එකා තාම මේගැන දන්නේ නැහැx උඹ ගියාම මම ඌට මොනාද කියන්නේ ලොක්කියේ” යන්වෙනිx මින් කරුණු දෙකක් නිරූපණය වේx පොඩි එකාට තම සහොදරිය සහ මව සමඟ ගත කිරීමට කාලයක් නොවීම හා පෙෘඩි එකා හා සහෝදරිය අතර පවතින බැදීමයිx 
කතාවේ මුල් භාගයේදී සාමාජීය විවරණයක් ලෙස කතාව ගොඩනඟා ඇතx කාන්තා ලිංගික සූරාකෑම් හමුවේ කාන්තාව අත්විදින වේදනාව මෙහිදි මනාවට නිරූපණය කර ඇතx තම බාප්පා විසින් නිතර නිතර ලිංගික හිංසනයට ලක් වන අක්කා ගමෙන් පිටව යාමට තැනක් පවා සොයයිx කතාවේ විටෙක තම මව ගෙයින් පිටත සිටියදී බාප්පා විසින් දියණිය ලිංගික හිංසනය ලක් කරනු ලබයිx එම අවස්ථාව සංකේත කිරීම සඳහා මවගේ විලාපය දොරට ගැසීම හා අක්කාගේ කෙදිරිලි හඩ යොදාගෙන ඇතx ක්‍ෂණයෙන් බාප්පා ගෙයින් පිට වීමත් සමඟ අක්කාගේ හඩ වෙනස් වීම හා කඹයක් උඩ කොටසින් පෙන්වීම වැනි සංකේත යොදා ගනිමින් අක්කා බෙල්ලේ වැල දාගත් බව පොඩි එකා විසින් පසක් කරගනු ලබයිx ඔහු වහා දිවවිත් දොරට ගසා අක්කාගේ කකුළෙන් බදා හඩා වැටෙයිx මෙම අවසථාවන් සියල්ල ඉදිරිපත් කර ඇත්තේ හඩ හා ඉරියව් සංකේත කරගනිමින් යx පොඩි එකා බාප්පා වෙත පැමිණ ඔහු මරණයට පත් කිරීමත් පෙන්වා ඇත්තේ විලාපයෙනිx 
බාප්පා සහ අක්කාගේ මිනිය වළලනු ලැබූ ස්ථානයෙහි දී මවට සිහිවිකල් තත්වයක පෙර ලකුණු පෙනේx එහිදී මව විසින් වැලි මිටක් ගෙන මිරිකා ඔළුවට දමා ගන්නා අවස්ථාව එය සංකේත කරයිx මෙය සමාජ සාධාරණ අවස්ථාවකිx තම දෙවන සැමියා විසින් තම දියණිය ලිංගික හිංසනයට ලක්වීම ඉවසාගත නොහැකි ව දියණිය මිය යාම ස්වාමියා මිය යාම කුඩා දරුවා මිනීමැරුමකට සිරගෙයට යෝජනා වීම වැනි අවස්ථාවන් සියල්ලම දරා සිටින මව සිහිවිකලයට පත්වීම සාධාරණ අවස්ථාවකි අතුල ලියනගේ මෙම සිනමාපටයෙන් එම අවස්ථාව සංකේත භාවිතයෙන් වුවද පැහැදිලිව ඉදිරිපත් කර ඇතxමෙම අවස්ථාව දකින විට පටාචාරාවන්ගේ කතාව මැවෙන්නේ නිරායාසයෙනිx එහිදී පොඩිඑකා පොලීසිය පැමිණෙනු දැක මුත‍්‍රා කරගනීx ඔහු සැබවින්ම කිසිවක් නොදත් පොඩි එකෙකුම බව එම අවස්ථාව මඟින් නිරූපණය කර ඇතx 
සාම්ප‍්‍රධායික ගමක තත්වය ඒ ආකාරයෙන්ම ගෙන ඒමට අතුල ලියනගේ සිනමාපටය සඳහා මැඩුවම් තරඟයක් ගෙන ඇතx ගමක කුඹුර මැඩවීම එහි දිනන පුද්ගලයා හොදම 

මඩවන්නා ලෙස පත් කිරීම ඔහුට වෙල් කිරීමේදී වැඩි කොටසක් හිමිවීම වැනි තත්වයන් පදනම් කරගෙන ඇතx එම තරඟය සාම්ප‍්‍රධායික චාරිත‍්‍රවාරිත‍්‍ර පදනම්කරගනිමින් නිර්මාණය කර ඇතx මෙම තරඟයට පොඩි එකා සහභාගී වී එයින් ජයග‍්‍රහනය කිරීම නිසා ජීවිතය තුළ ඇති තරඟකාරීත්වය සංකේත කර ඇතx තරඟකාරීත්වය හමුවේ නැවත නැවත මඩට ඇද දමන අවස්ථාවන් ජීවිතයේ පැමිණෙන බාධක මිනිසුන් දක්වන ප‍්‍රතිචාරයන් සංකේත කිරීමක් වැන්නx 
මැඩුවම් තරඟය නැරඹීමට පැමිණිමෙන් මැල් චරිතය මුලින්ම සිනමාපටයට සම්බන්ධ කර ඇතx ඔහු පොඩිඑකා පෙන්වීම තුළින් මැල් විසින් පොඩිඑකාගේ ජීවිතය ඉදිරියට තීරණය වන බව හෝ පොඩි එකා විසින් මැල් ගේ අවසානය සිදුවන බව සංකේත කිරීමක් වේx එසේම ඔහු එම අවස්ථාවට සම්බන්ධ වීමෙන් මැල් යනු සාම්ප‍්‍රධායික ගොවියෙකු බවද පැහැදිලිව තීරණය කළ හැකx
සමාජයක මනුෂ්‍යයා හා සිව්පාවා අතර ඇති සම්බන්ධය සාම්ප‍්‍රධායිකත්වය ගරුකරන සමාජයක් සිව්පා සතුන්ට දක්වන කරුණාව පෙන්වීම සඳහා හරක් හොරකම් කළ අවස්ථාව ගත හැකි යx පොඩිඑකා සිරගෙයින් නිදහස්ව පැමිණ නැවත ජීවිතය ආරම්භ කරනු ලබන්නේ අප්පුහාමිමාමාගේ මීහරක් බලාගැනීමත් සමඟයx ඔහු විසින් මීගවයක් රැුක බලාගන්නේ ඉතාමත් ආදරයෙන් හා පරිස්සමකින්x ඔහු නැවත ජීවිතය ආරම්භ කරනු ලැබුවේ ≤මීගවයන් බලා ගැනීමෙන් බව පොඩිඑකා මීගවයන් නාන වලට බැස නෑමෙන් පැහැදිළිව පෙනේx ගව ගාලක සිටි සතුන් මරාගෙන කන සමාජයක් ගමක බිහිව ඇති බව පැහැදිළිව නිරූපණය කර ඇතx පොඩි එකා විසින් ගව ඝාතකයා මොරසූරන වැස්සේම කකුලෙන් ඇදගෙන එන අවස්ථාව උද්වේගකරයx තමන් ජීවත්වන්නේ උන් නිසාය එය පොඩිඑකාගේ මානසිකත්වයයිx තම අක්කා ලිංගික අතවරයට ලක්කර බාප්පා මරා සිරගත වූ පොඩිඑකාට තමන් ජීවතත් කරවූ සත්වයා මරා කෑ පුද්ගලයා මැරීමට දෙපාරක් සිතිය යුතු නොවේx එම අවසථාව නිරූපණය කර ඇත්තේ එම චරිතයේ පවතින උද්වේගකර ස්වාභාවය පෙන්වීම සඳහායx ඔහු එම අවස්ථාවේ පවසනු ලබන්නේ ”තෝ මගේ දරුවා මරාගෙන කෑවේ යකෝ” යනුවෙනිx මෙම අවස්ථාවේදී ග‍්‍රාමීය වචන යොදාගනිමින් ගැමි සමාජය සංකේත කර ඇතx ”ගෙරි ගද”  මී ගවයා හැදින්වීම සඳහා ගෙරි යන වචනය භාවිත වේx  
සිනමාපටයෙහි අවස්ථාවන් පෙළ ගැසී ඇත්තේ එකිනෙකාට ගැළපෙන අයුරිනිx අප්පුහාමිමාමා විසින් කිහිපවිටකදීම පොඩිඑකාට පවසන්නේ ” ඕක හරියන්නේ නැහැ පොඩි එකා ඉක්මනින්ම පිළිවෙලක් වෙන්න බලපං” යනුවෙනිx මෙය එක දිගටම පැවසීම සමඟම පොඩි එකාගේ සිතෙහි ඒ පිළිබද කැමැත්තක් ඇති වේx අක්කා මිය ගිය පසු අම්මා වෙනුවෙන් අක්කා කල යුතුව තිබූ බොහොමයක් දෑ සිදු කරනු පෙනෙන්නේ අප්පුහාමි මාමාගේ දුව වන පුංචි මැණිකා අතිනි. පොඩි එකා සිරෙන් නිදහස්ව එන පලමු දිනයේ ඇය අම්මාට කෑම රැුගෙන එන 

දර්ශනය මේ අර්ථයෙන් සුවිශේෂී වෙයි. එම නිසාම පොඩි එකාගේ සිත්හි පුංචිමැණිකා කෙරෙහි ආදරයක් උපදින බව අවස්ථාවන් කිහිපයකදී පෙන්වා ඇතx ඒ බව පොඩි එකා විසින් පුංච්මැණිකාට පවසන අවස්ථාව ප‍්‍රබල වේx එය ගැමි සිරිතක් පෙන්වීම ලෙස පැහැදිලි වේx ඔහු පවසන දෙයින් කලබල වන පුංචිමැණිකා ”උඹ අපේ හරක් බලන එකා” මිනීමරුවා ලෙස කියයිx එයින් නොනැවතුන ඇය මුහුණට කෙළ ගසා ආපසු යන්නට සැරසෙයිx පොඩි එකා තම ඉනෙහි තිබූ දැලි පිහිය ගෙන ඇයගේ කොණ්ඩය කපා දමයිx මෙම අවස්ථාව සිනමාපටය තුළ උද්වේගකර වේx ආදරයට කුලමල සහ චරිතය තදින්ම බලපාන බව මෙම අවස්ථාවෙන් පැහැදිලි වේx ගැමි සිරිතට අනුව කන්‍යාවකගේ කොණ්ඩය කැපීම අසුභ ලකුණක් ලෙස ගම්මු සිතයිx ඒ බව අප්පුහාමි මාමාගේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වේx ”ඇයි යකෝ මගේ කෙල්ලගේ බෙල්ල නොකපා කොණ්ඩෙ කැපුවේ” මෙම අවස්ථාවන් සියල්ල එකිනෙක සම්බන්ධ වේx
පොඩි එකාගැමි සමාජයෙන් ඉවත් වීම ආරම්භ වන්නේ මෙම සිද්ධියෙනිx මම ආයේ මඩවන්නෙත් නෑ මැඩවෙන්නෙත් නෑ යනුවෙන් පවසන්නේ එය සංකේත කරමිනිx ගැමි ජීවිතය තුළ මැඩවී අවසන් වූ පොඩිඑකා නැවත නගරය තුළ මැඩවීම ආරම්භ වේx අපුපහාමි මාමාගේ මැරයින් විසින් පොඩි එකාගේ නිවසට මව සමඟම ගිණිතබයිx එහි ප‍්‍රධාන සංඥාර්ථයක් ගැබ්ව ඇතx එනම් පොඩි එකාගේ ගැමි ජීවිතය අවසන් බවයx එසේම අප්පුහාමිගේ මැරයන් විසින් පොඩිඑකාගේ කකුල් කඩයිx එය පොඩිඑකාට ඉදිරියට යාමට ඉඩ නොදීම පිළිබද සංකේතයකිx මාමා නගරයේ මහා පරිමාණ පාතාලය සේ ගමේ පාතාලය තම බලය කි‍්‍රයාත්මක කර පොඩිඑකාගේ කකුල් දෙක කඩනු ලැබේ. මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයකුට මනසට පහර දෙනවාට වඩා ඉදිරියට යාමට නොහැකි වන ලෙස කකුල් දෙක කඩාදැමීමය. මෙයින් හැඟවෙන්නේ සූක්ෂම ලෙස ගම තුළ කි‍්‍රයාත්මක වන බලවේග නගරයේ මෙන් ප‍්‍රසිද්ධියේ නොවූවත් ගමේ තුළද පවතින බවයි.පොඩි එකාගේ දෙවන ජීවිතය නිමා වන්නේ මෙතැන් සිට වේ. චිත‍්‍රපටයේ පසු අවස්ථාවක අප්පුහාමි මාමාගේ උදවිය විසින් පණ පිටින් අම්මාත් සමඟ නිවස ගිනිතබා මරා දැමූ පසු පොඩිඑකා දුක්වනවා විනා මෙසේ පලි ගැනීමට ගියේ නැත. අනෙක් අතට පොඩි එකා සහ අම්මා අතර සම්බන්ධය පිලිබඳව අප මඳක් විමසිලිමත් වුවහොත් එහිදී අපට හමුවන්නේ චිත‍්‍රපටයේ මුල් අවස්ථාවකදී පොඩි එකා විසින් ගෙදර බිත්තියෙහි මමයි, අම්මයි, අක්කයි ලෙසින් අඳිනු ලබන සංකේතයක් සිහි විකල්වීමෙන් අම්මා විසින් ගෙයි බිත්ති පුරාත්, ගෙදරින් පැනගිය අවස්ථාවක ඈ ගිය මඟ දිගේත් ඇඳ ඇති ආකාරයයි. සිර ගෙයින් නිදහස්ව ගෙදර එන පොඩි එකා තමාගේ මේ සංකේත සිතුවම අම්මා විසින් ඒ මුලූ කාලය පුරාවටම ගේ පුරා ඇඳ ඇති ආකාරය දැකීමෙන් එතරම් කම්පාවට පත්වන සෙයක් නිරූපනය නොවේ (ඔහු දුකට පත්වූවිට මහ හඬින් හඬා වැලපෙමින් සිය හැඟුම් පළ කරන්නෙකි*. මමයි, අම්මයි, අක්කයි ලෙසින් වන සංකේත සිතුවම පොඩි එකා විසින් අඳිනු එක් වතාවක් පමණක් අප දකින අතර එතැන්සිට එය දිගින් 

දිගටම අඳිමින් සිටින්නේ අම්මාය. ඒ අනුව මමයි, අම්මයි, අක්කයි යන සංකේත සිතුවම පොඩි එකාට වඩා දරා සිටින්නී අම්මාය. 
පොඩි එකා නැවතත් තම ජීවිතය නඟරයෙන් මැල් නම් මිනී පෙට්ටි මුදලාලි යටතේ නිර්මාණය වේx එහි ජීවිතය මැරයෙක් ලෙස ගෙවේx ”වමතින් කාපූ මට දකුණතින් කන්න කියලා දුන්නේ මැල් මහත්තයාx” මෙයින් අදහස් වන්නේ ගමේ හිටපු මාව නඟරයට ගෙනාවේ මැල් මහත්තයා බවයිx එසේම ඔහු එම අවස්ථාවේම පවසන්නේ ”මොනාද අපි ඒ අතින් කෑවේ ජරාව” යනුවෙනිx ජරාව යනුවෙන් සංකේත කරනු ලබන්නේ ¥ෂණ හොරමැර වංචාවන් යx තම සහෝදරිය අතවරයට ලක් කළ බාප්පා නොදැනුවත්ව මැරූ පොඩි එකා නගරයේදී කළින් සැලසුම් කර මැල් මහත්තයාගේ එදිරිවාදීන් මරණයට පත් කරයිx එම අවස්ථාවන් මෙම සිනමා පටයෙහි ප‍්‍රචණ්ඩ අයුරින් ඉදිරිපත් කර ඇතx එම එදිරිවාදීන් මරණයට පත් කරන අවස්ථාවන්හිදී වෙඩි හඩ හා කුරුල්ලන් ඉගිලීමෙන් එම අවස්ථාවන් සංකේත කර ඇතx 
නාගරික පරිසරයේ එකිනෙකා පාගා තරග කරන සමාජයක් මෙහිදී පෙන්වා දී ඇතx තමන්ගේ මුදළින් බොහෝ වැඩකටයුතු කරමින් රටටම බරක් වෙමින් සියල්ලට වඩා ඉහළින් වැජඹීමට පොරකන ධනපති පන්තියක් මෙමඟින් නිරූපණය කර ඇතx අවසානයේදී නිර්ධන පාන්තිකයෙකු විසින් ධනපතියෙකුගේ අවසානය සිදුවීම මෙහිලා වැදගත් වේx එනම් පොඩිඑකා විසින් මැල්ගේ මරණය සිදුවීමයිx 
තුන්වන අවස්ථාවේදී කාන්තා චරිතයක් හමුවන්නේ අවසාන මොහොතේ යx එනම් කුමාරීයx පොඩි එකාට අක්කාගේ භූමිකාව නිරූපණය කිරීමට සම්බන්ධවන්නේ ඇයයිx පොඩිඑකා විසින් මැල්ගේ එදිරිවාදීන් මරණයට පත් කර සැඟව සිටින අවස්ථාවේදී ඇය හමු වේx ඇය හා ඔහුගේ හිතවත්කම් ගොඩනැගෙන්නේ කතාවේ බොහෝ අවස්ථාවන් විකාශනය වීමෙනිx කුමාරි වූ කලී සමාජයේ පහත් යැයි සම්මත පන්තියක කිසිදු හව්හරණක් නොමැති වූ අයෙකිx ඇය පොඩි එකාට ගැළපෙන්නේ එහෙයිනිx  පොඩි එකාද දෙමාපියන් නොමැතිව අසරණව සිටින අයෙකිx ආර්ථික බවින් පීඩනය ලබන්නට මානසික වශයෙන්ද දුප්පත් වේ. කුමාරිගේ චරිතය ගලා යන්නේ සමාජයයේ මෙම අසාධාරණය පසක් කරමිනි. එය ඇයගේ ප‍්‍රකාශයන්ගෙන් පැහැදිලිවේ. ”අපිට ලෝකයක් තිබුන් නෑ..අපේ මුලූලෝකෙම අර රාජගිරයෙ වත්ත ” ”මම මහත්තයා කිව්වේ අපේ ගෙදරවුන් මහත්තයා කියන නිසා.....” -කුමාරි- ”ඉරපායන කල් බලාන හිටිය අහසින් කටට මොනවහරි වැටෙනකම්.” -මැල්මහත්තයා- මෙම අවස්ථාවන් සියල්ලෙන්ම සංකේත වන්නේ කුමාරි යනු දුප්පත් අයෙකු බවයිx සිනමාපටයෙහි එක් අවස්ථාවක මැල්ගේ වාසිය තකා පොඩි එකා සහ කුමාරි විවාහ කර දෙයිx එම අවස්ථාව සැබවින්ම බලා සිටින්නන්ට කුතුහලජනක සිදුවීමකිx කසාදය සඳහා අත්සන් කරනුයේ එම සමාජයේ නොවැදගත්ම රැුකියාවන් කරන පුද්ගලයන් දෙදෙනකිx එම කසාදයෙහි බොරු ස්වාභාවය ඉන් පැහැදිලි වේx කසාදය යනු උන්ට අවශ්‍ය නොවන දෙයක් ලෙස ඉන් සංඥාර්ථ කරනු ලබයිx මැල්ගේ අවශ්‍යතාවයන් සඳහා මංකොල්ලකන පොඩිඑකා මැල් විසින් එදින 

රාතී‍්‍රයේ මැරීමට තීරණය කර තිබේx එහෙත් අවසානයේදී  පොඩි එකා විසින් මැල්ගේ අවසානය සිදු වියx
රූප හා කැමරා කොණ
සිනමාවේදී හෝ රූපවාහිණි මාධ්‍යයයේදී රූපයක් යනු කැමරාවේ පටිගත කිරීමේ බොත්තම තද කළ අවස්ථාවේ සිට පටිගත කිරීම නතර කිරීම සඳහා නැවත බොත්තම තද කරන අවස්ථාව දක්වා අඛන්ඩව කැමරාව තුළ පිටත හා ඉදිරියේ සිදුවන කි‍්‍රයාකාරකම් සමුදායයිx බඹරවළල්ල සිනමාපටය නිර්මාණය කිරීමේදී ඉතා සමීප රූප ගෙන කතාව ගොඩනඟා ඇතx එහිදී මුහුණේ ඉරියව් මඟින් බොහෝ දේ සංඥාර්ථ ලෙස භාවිතා කර ඇතx කතාවේ මුලදීම බාප්පා විසින් පොඩිඑකා අතට රුපියල් 60ක මුදලක් ලබා දෙන්නේ පොඩි එකෝ මේක අම්මට දියන් යනුවෙන් පවසමිනිx එම අවස්ථාවේදී මුදල් හා පොඩි එකාගේ අතෙහි සමීප රූපයක් ගෙන ඇතx ඉන් සංඥාර්ථ වන්නේ නිර්ධනපාන්තික ජනතාවගේ ජීවිත අඩු මුදලට ලංසු වන බව යx ලිංගික අඩත්තේට්ටම් ඉවසාගත නොහැකි තැන ගෙල වැලලා මිය යන අක්කාගේ රුව නොව කකුල් පමණක් සමීපව පෙන්වීමෙන් ඇය ගෙල වැලලාගත් අයුරු සංඥාර්ථ වේx 





මුල් කාලයේ සියල්ල අවසන් වීමෙන් පසුව මවගේ කළනිරුණු ස්වාභාවය ඇයගේ සිහි විකල් ස්වාභාවය ඉතාමත් පැසැදිළිව මුහුණේ ඉරියව් තුළින් පැහැදිළිවේ අපේක්‍ෂාභංගත්වය පරාජිත බව අසරණබව ආදී සියල්ලම එම කෝණයෙන් නිරූපණය වේx ඇය සහ ඇය නියෝජනය කරනු ලබන සංකේතය එකම කෝණයකදී රූපරාමුවට ගෙන ඇතxඇය කතාවේදී ජීවත්වන ස්වරූපය ඉන් පැහැදිලි වේx
බොහෝ අවස්ථාවන්හි මුහුණේ ඉරියව් තුළින් හැගීම් ප‍්‍රකාශනයන් සිදුව ඇතx පොඩිඑකා විසින් පුංචිමැණිකාට කැමැත්ත ප‍්‍රකාශ කරන අස්ථාවේදී පුංචිමැණිකාගේ සමීප රූපයක් ගෙන ඇතx ඇයගේ මුහුණින් අකමැත්ත මෙන්ම රෞද්‍ර පෙනුමක් සංඥාර්ථ වී ඇතx ඇය පොඩිඑකාගේ මුහුණට කෙල ගසන අයුරු ඒ ආකාරයෙන්ම සමීපව ඉදිරිපත් කිරීමෙන් ඇයගේ උද්දච්චකම පියාගේ මාන්නක්කාර බව පැහැදිළිව නිරුපණය වේx 

පොඩිඑකාට මැල් හමු වූ විට මැල් විසින් ආයුධ ලබා දෙයි එහිදී ආයුධයෙහි සමීපරූපයක් ඉදිරිපත් කර ඇතx ”ආයුධ පාවිච්චි කරන්න එපා සල්ලි පාවිච්චි කරපන්  වත්මන් නූගත් පිරිස ධනහිමි පිරිසගේ අතකොලූ වීම ස්වභාවික කාරණයක් සේ සැළකිය හැකි බව මෙහිදී පෙන්වා දිය හැකියx ඔහු ලබා දෙනුයේ හිස් ආයූධයකිx මැල්ගේ පරමාර්ථය වන්නේ පොඩි එකා විසින් තම සිතැඟියාවන් වර්ධනය කර ගැනීම බව මින් පැහැදිලි වේx





මැල් මහතා හා තම එදිරිවාදීන් අතර සිදුවූ සටනේදී මැල්ගේ මිනී පෙට්ටි සාප්පුවකට එල්ල වූ ප‍්‍රහාරයෙන් මැල්ගේ ගෝලයෙකු මියයාම හා සාප්පුවෙහි වීදුරුව බින්දේයx එම අවස්ථාවේදී එය ආරංචි වී පැමිණි මැල් වීදුරු කටු උඩ ඇවිද මිනිය ළඟට පැමිණේx එහිදී ඉදිරිපත් කර ඇත්තේ පාදයෙහි සමීපරූපයකිx ඔහු ඇවිදින්නේ සෙරෙප්පු පැළදගනිමිනි මින් පැහැදිළිව සංඥාර්ථයක් නිරූපණය වේx එනම් ධනපතියන් සෑම විටම ආරක්‍ෂාකාරී බවයx ඔහු පැමිණෙන විට කකුලින් තරමක් උඩට එක් පැත්තකින් සරම ඔසවාගෙන පැමිණේx  ඔහු එන ආවේගය ඔහුගේ සිත්හි පවතින තරහව ඉන් නිරූපණය කරනු ලබයිx ඔහු ඔසවා පැමිණෙන සරම පහත් කරනුයේ මිනිය දුටු විඟස යx එය සිනමාපටය තුළ ඉදිරිපත් කරන ලදසිරිතක් ලෙස ගත හැකx මිනියක් ළඟ සෑම අයෙකුම තම තරහව ආවේගය පාලනය කරමින් ගෞරව කිරීමක් කරනු ලබයxි මෙම අවස්ථාවේදී එම කෝණයෙන් එය මනාව සංඥාර්ථ වේx 





පොඩි එකා විසින් මංකොල්ලය සිදුකරනු ලබන අවස්ථාවේදී පොඩි එකාගේ දුරරූපී කෝණයක සිට තුවක්කුවෙහි සමීප කෝණි රූපයක් දක්වා අවස්ථාව විදහා දක්වයිx ඉන්  සංඥාර්ථ කිහිපයක් නිරූපණය වේx එනම් පොඩි එකාගේ මුහුණේ උද්වේගකර ස්වාභාවය හා 

තම ස්වාමියා විසින් පැවරූ අවසන් කටයුත්තත් සිදුකරමින් තමන්ගේම ලෝකයක් තනා ගැනීමේ ආශාවත් යx 





පොඩිඑකා විසින් මිනීමැරුම් කර සැඟව සිටින අවස්ථාවේදී කුමාරි හමුවේx කුමාරිට කතා කළ නොහැකි බව මැල් මහත්තයා පවසන්නේ කුමාරිගේ ඉල්ලීම පරිදි යx එහෙත් අවස්ථාවකදී කුමාරි හා මැල් අතර සිදුවන සංවාදය අසාසිටින පොඩිඑකා පළමු වතාවට මැල්ගේ ඇත්ත ස්වරූපය පිළබද දැන ගනීx එය දැනගත් අවස්ථාවේදී පොඩි එකාගේ මුහුණේ ඉරියව්වෙන් මැල් පිළිබද පිළිකුලක් ඇති බව සංකේත වේx තවත් අවස්ථාවක පොඩි එකා ධර්මේ මැල් මහත්තයා කුමාරි යන චරිත හතරම එකම කැමරා කෝණයෙහි නිරූපණය කර ඇතx එම අවස්ථාව වූ කලී කතාවේ අවසාන භාගයේ අර්ථය සංඥාර්ත කරනු ලබයිx එසේම මැල් සදහා අවසන් මංකොල්ලයත් සිදුකරමින් පොඩිඑකා තමාගේ ජීවිතය පිළිබද කණගාටුවට පත් වේx එම අවස්ථාවේදී පොඩිඑකාගේ මුහුණේ ස්වරූපය ඔහු තමන් ගතකළ ජීවිතය පිළිබද දරන පිළිකුල් සහගත බව නිරූපණය වේx 
කතාවේ බොහෝ අවස්ථාවන් වලදී වස්ත‍්‍ර තුළින් සංඥාර්ථ ඉදිරිපත් කර ඇතx චරිත නිරූපණයේදී මෙය ප‍්‍රබලව දැක ගත හැකි යx මැල් චරිතය කතාවට හදුන්වා දීමේදී සාදු චරිතයක් ලෙස ඉදිරිපත් කර ඇතx ඔහු සෑම විටම සුදුපැහැති සරමක් සහ කමිසයකින් සැරසී සිටීx ඔහු කරනු ලබන සියළු වැරදී ඔහුගේ එම නිරූපණයෙන් වසා ඇතx ඔහු දාමරිකයෙකු බව සිතීමට කරුණු ඉදිරිපත් වන අවස්ථාවන් කිහිපයකදී ඔහුගේ ඇදුම වෙනස් වේx ඔහු ධනපතියන්ගේ ඇදුම ලෙස සලකනු ලබන කලිසම සහ කමිසය ඇඳ සිටීx 
මැල්ගේ එදිරිවාදීන් මරණයට පත් කර සැඟව සිටින නිවසෙහි කාන්තාවක් වාසය කරන බව පැවසීමට කාන්තා ඇදුම් වැලක දමා තිබීමෙන් සංඥාර්ථ වේx ඇදුම් පැළදුමි සංඥාර්ථ ලෙස ගනිමින් අවස්ථාවන් ගණනකදී  කතාව නිර්මාණය කර ඇතx වර්ණයන්ද සංඥාර්ථ ලෙස යොදාගෙන ඇතx එක් අවස්ථාවක කහ පැහැති මල් පෝච්චියක් ගෙන ඇතx මැල්ගේ නිවසින් කුමාරි සහ පොඩිඑකා පැන යන අවස්ථාව සංකේත කිරීම සඳහා එම මල් යොදාගෙන ඇතx කුමාරි හා පොඩිඑකා එකිනෙකා හොදින් වටහා ගැනීම එම මල් පෝච්චියෙන් නිරූපණය කර ඇතx කහ යනු ශාන්ත බවයිx 
මෙවැනි සංඥාර්ත හමුවේ කතාවේ අවසානය සිදුවීම සැකවින් මෙසේ දැක්විය හැකි යx පොඩි එකා නිවසට පැමිනෙන අවස්ථාව වන විට කුමාරි තමන් විසින්ම තමා ගොලූ තැනැත්තියක බව හැඟවීමට තීරණය කොට තිබෙන්නේ සිය ජීවිතයෙන් හෙම්බත්වීම නිසා හෝ මැල් මහත්තයාගේ මේ වක‍්‍ර බලහත්කාරය කෙරෙහි දක්වන විරෝධයක් ලෙසිනි. ඇය ගොලූ සහ එනිසා බිහිරි බව පොඩි එකාට පවසන්නේ මැල් මහත්තයා විසිනි. නමුත් පළමු වරට පොඩි එකාට මැල් මහත්යා කී දෙයක් අසත්‍යයයැයි ප‍්‍රත්‍යක්ෂවන්නේ ගොලූ තැනැත්තියක් යැයි ඔහු කී කුමාරි දුරකථනයෙන් කථාකරනු දැකීමෙනි. මැල් මහත්තයාගේ වචනයට ඇති අධිකාරී බලය ප‍්‍රශ්ණගත වන මොහොත වන්නේ මෙයයි. මෙතෙක් ගරු කටයුතු ලෙස මැල්මහත්තයා යැයි ඔහුට කටපුරා ආමන්ත‍්‍රණය කළ පොඩි එකා ආවේගයෙන් කුමාරිගෙන් විමසා සිටින්නේ ‘‘කවුද මෙහෙම කියන්න කිවුවෙ, මැල්ද‘‘ යනුවෙනි ඔහුගේ ආවේගය මෙහිදී නිරූපණය කරනු ලබයි. මේ ඔස්සේ ගොඩනැගෙන්නට ඇතැයි සිතියහැකි කුමාරිගේ හා පොඩි එකාගේ සම්බන්ධය කෙළවර වන්නේ ඔවුන් දෙදෙනා මැල් මහත්තයාගේ පාලූ නිවෙසින් පැන යාමෙනි. එසැනින් ඔවුන් හඹා එන මැල් මහත්තයාගේ කැඳවීමට ඔහු සමඟ පැමිනෙනවා විනා වෙනත් විකල්පයක් ඔවුන්ට නැත. එසේ නැවත පැමිණන පොඩි එකා සහ කුමාරි අමතමින් මැල් මහත්තයා සිය වේදනාත්මක ආව්ගයන් මුදහරින දර්ශනය අපේ කියවීමේ තීරණාත්මක ලක්‍ෂයක් සනිටුහන් කරයි. 
එහිදී කිසියම් හැඬුම්බර එමෙන්ම ආවේගාත්මක ස්වරයකින් බැණවදින මැල් මහත්තයා කුමාරි දෙසට හැරී කියා සිටින්නේ ‘‘මම උඹට ආදරය කළා‘‘ යනුවෙනි. අනතුරුව පොඩිඑකා දෙසට හැරී ‘‘මම උඹටත් ආදරය කළා‘‘ යැයි කියයි. ‘‘මම උඹලට සැලකුව මදිද.... උඹල දෙන්න මගේ ඇෙඟ් කෑලි දෙකක් වගේ හිටියෙ... මම හිතුවෙ කවදහරි උඹල දෙන්න මගේ මිනිය වළලයි කියල...‘‘. මෙහිදී කුමාරි හා පොඩිඑකා දක්වන්නේ නිහඬ ප‍්‍රතිචාරයකි. මෙය කුමාරි සහ පොඩිඑකා මැල් මහත්තයාගේ දරුවන් බවට ඔසවා තබන බව පැහැදිළි වේx 
මැල් විසින් එක් අවස්ථාවක ”වහු පැටවෙක් මිනිසෙක් කළේ මමයි” යනුවෙන් පවසයිx මෙම ප‍්‍රකාශයේ මුල මතක් කර දෙන්නකිx පොඩි එකා ගමෙහි ගත කළ ජීවිතය පිළිබද මෙහිදී සංඥාර්ථ කරනු ලබයිx අනතුරුව මැල් මහත්තයා විසින් පොඩිඑකාට කුමාරිව විවාහ කරදෙන්නේ (මෙය ව්‍යාජ විවාහයකි* පොඩි එකාව තවදුරටත් තමා වෙතම රඳවා ගැනීමේ උපක‍්‍රමයක් ලෙසිනි. එසේ රඳවා ගැනීම අවශ්‍ය වන්නේ ඔහුගේ විශ්වාසය නැවත තහවුරුකොට මංකොල්ලය සඳහා ඔහුව යොදාගැනීමටත්, අනතුරුව මේ සියල්ලෙන් ඔහුව බැහැර කරනුවස් මරාදමනු පිණිසත්ය. චිත‍්‍රපටයේ උච්චතම අවස්ථාව වන මංකොල්ලය 

නිමවීමෙන් පසු එදිනම රාත‍්‍රියේ පොඩි එකා ඝාතනය කර දැනටමත් දැවෙමින් ඇති සොහොනක දවාලීමට මැල් මහත්තයා සැලසුම් කරන්නේ ඒ අනුවය. ව්‍යර්ථවන මෙම සැලස්මේදී වෙනත් අයකු අතින් මැල් මහත්තයා ඝාතනයට ලක්වන අතර පොඩි එකා දවාලීමට සැලසුම් කළ සොහොන වෙත මැල් මහත්තයාගේ මිනිය ගෙනගොස් එය දැල්වෙන සෙහොනට දමන්නේ යx මැල් විසින් පවසනු ලැබුවේ පොඩි එකා සහ කුමාරියනු තම පුතා හා දියණිය ලෙසයx මැල්ගේ මිනිය සොහොනට ගෙන ගොස් බෑණා විසින් සිදුකළ යුතු චාරිත‍්‍රය නැවත මතක් කර දීමක් කරනු ලබයිx පොඩිඑකා එක් අතෙකින් මැල් මහත්තයාගේ පුතා වන අතර අනෙක් අතින් ඔහුගේ දියණිය/ කුමාරිව විවාහ කරගත් බෑණා ද වෙයි. එම නිසා එය පැහැදිලි යx
මින්පසුව එන අවසාන දර්ශනය තුල අප තවදුරටත් දකින්නේ පොඩිඑකා නොවේ. ජිනෙ අයියා ඔහුට ‘මහත්තයා‘ යි ඉතා ගරු සරු ඇතිව ආමන්ත‍්‍රණය කරනු පෙනේ. ඝාතනය වූ පියා චිතකයෙහි දවා ලූ පුත‍්‍රයා තම සොහොයුරිය හිමි කර ගෙන පියාගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ අභිමානවත්ව වැජඹෙනු අපි දකිමු. මැල් විසින් සිරකරගෙන සිටි පිරිස් පොඩිඑකා යටතේ නැවත ඉතාමත් සතුටින් කාලය ගත කරන බව අවසානයේ වාදනයෙන් පැහැදිළි වේx මෙම සිනමා පටය මුල සිට අඟදක්වාම තල තුනක් යටතේ සංඥාර්ථ යොදා ගනිමින් නිර්මාණය කර ඇතx 
සිනමාපටයෙහි සාර්ථකත්වය පිළිබද මෙන්ම සිනමා පටය පිළිබඳ විවිධ  මත ඉදිරිපත්ව ඇතx ඇතමෙක් පවසා ඇත්තේ මෙම සිනමාපටය ප‍්‍රවේගය චිත‍්‍රපටය ආශ‍්‍රය කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයිx එමෙන්ම මෙම සිනමා කෘතිය කිසිදු වාරණයකින් තොරව ප‍්‍රදර්ශනය වන විට ලොවුස්කි කියූ කථාවක් සිහිවේ. ”සමාජවාදී පෝලන්ත ආණ්ඩුව සිනමා කෘතීන් අරබයා වූ වාරණ නීති තද කරන හැම විටම සිනමාකරුවෝ කොඩි අතරින් ඒවායේ නොගැටී රිංගා යන හිම ක‍්‍රීඩකයන් පරිද්දෙන් වාරණ නීති අතරින් රිංගා යාමට උගත්තෝය. එසේ රිංගා යාමට ඔවුන් යෙ¥ සංකේතාර්ථ වටහා ගැනීමට පෝලන්ත පේ‍්‍රක්‍ෂකාගාර සමත්විය.” මෙහි ඇති සංඥාර්ථ භාවිතයේ ස්වාභාවය ඉන් තවදුරටත් තහවුරු වෙයිx මෙම සිනමා පටය ”වයිට්ටයිගර්කෘතිය මතක් කර දීමක්” ලෙසද ඇතමෙක් සිතයිx එම කෘතියෙහි වයිට්ටයිගර් තම ස්වාමියා මරා පෙහොසතෙකු බවට පත්වෙයිx මෙම සිනමාපටයෙහිද පොඩි එකා මැල් මරා ඔහුගේ තැන ලබා ගනීx 
එසේම බඹර වළල්ල පෙනී සිටින්නේ හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ලෙසද ඇතැමෙකු පවසයිx  මිනිසෙකු යහපත්වීම හෝ අපරාධකරුවෙකු වීම සම්බන්ධයෙන් සමාජයේ භූමිකාව කුමක් ද? මෙම චිත‍්‍රපටයට අනුව සමාජය මිනිසුන්ට යහපත් වීම සඳහා අනුබලයක් නොදෙයි. ඒ වෙනුවට සමාජය කරන්නේ මිනිසුන් අපරාධකරුවන් කිරීමට හවුල් වීමයx ලෙස ද මෙම සිනමාපටය අර්ථකතනය කර ඇතx මෙලෙස සිනමා පටයෙහි සංඥාර්ථවේදය පිළිබද අදහස් දක්වා ඇතx 

No comments:

Post a Comment

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...