Friday 20 July 2018

ගීතයක අරුත දැනගනිමු



දම් පාටිිින්  ළා  සඳ  බැස  යනවා 
    ආකාසේ  රන්වන්  පාටයි
සමුගෙන  යන්නමගෙන්  තව  මොහොතයි
නොදොඩා ඉන්නේ  ඇයි

දම් පාටින්  සඳ  මුහුණ  පෙනෙනවා
වෙන්  වීීී යන  මොහොතක්  නෑගෙයි
දෑෑසට  ළංවිිි  තවත්  මේ  මොහොතෙ
ගොවීීී  ඉන්නෙමිිි  මම්

සෙවනැලි  නොමැකේනම්
එළිය  කළු නෙවේනම්
බිිිත්ති  පුරා  ඔබේ  සෙවනැළි  ඇන්දේ  
තනිය  මකා  ගන්නයි
එනතුරු  සොයා  මගේ සනෙහස  මතුදා

?  කළ  දිගු වේනම්
ළා සඳ  නොමැකේනම්
නෙළුම්  පතක  රැුදි පිනි  බිිිදුුුවක්  සේ  
ළමැද  තලා  යහනේ  ඉන්නම්
පමාවෙලා  හිරු  නැගෙන  තුරා
ගී  පද   -   ලූූූෂන්  බුලත්සිංල 
                                සංගීතය  -  ඔස්ටින් මුණසිංහ
ගායනය  -  ගුණදාසකපුගේ සමග මාලණි බුලත්  සිංහල
    

                                                                                                                                                                             


සාහිත්‍යයේත් සංගීතයේත් මධුර ඵලයක් ලෙසින් ගීතය උපදී. පුද්ගලයාගේ ජීවිතය අර්ථයෙන් ආනන්දයෙන් තෘප්ත කලාංගයකි.ගීතයට හිමි සාහිත්‍යමය අන්තර්ගතය හෙවත් රචනය කාව්‍යමය විය යුතු අතර සංක්‍ෂිප්ත විය යුතු ය.කවියක් ලෙස නිර්මාණය වන රචනයට ස්වර ලිපියක් ලියා එයට සංගීතය මුසුකළ පමණින් ගීතයක් බිහි නොවේ.ගීතය යනු කවිය නොවන අතර කවිය යනු ගීතයද නොවේ.වර්ථමානය වන විට ගීත වර්ග කිහිපයක් පවතී.  ලිංගිකත්වය ආදරය සෙනෙහස සමාඡ සංසිද්ධීන් පාදක කර ගනිමින් ගීත නිර්මාණය වේ. එය පද රචකයාගේ මනෝභාවයන් පදනම් කරගනිමින් වෙනස් වේ.

ගීතයක්  විචාරය කිරීමේදී පුද්ගලයාගෙන්  පුද්ගලයාට  පවතින  විවිධත්වයන්  මනෝභාවයන්  බුද්ධිිිමට්ටම්  මත  ගීත විිිචාර  වෙනස්  වේ.   ගීතය ගා‍්‍රහකයා වෙත සමීප වන්නේ ගායනා ශෛලිය මතය. ලූූූෂන්  බුලත්සිංහලයන්ගේ  පද ගැලපුමෙන්  ඔස්ටිිින්  මුණසිංහයන්ගේ  සංගීත  අධ්‍යක්ෂණයෙන්  හා  ගුණදාස කපුගේ  සූරීන්  සමග  මාලනී  බුලත්සිංහලයන්  විිිසින්  ගායනා කරන  ලද  ”දම්  පාටිිින්  ලා  සඳ  බැස  යනවා  ආකාසේ  රන්වන්  පාටයි  ”  ගීතය  සදහාද විවිධ  විිිචාර  මතවාදයන්  පවතී. මෙහිදීීී  බාහිර  සබදතාවයක  අනියම්  සබදතාවයක  තොරතුරු  ඉදිරිපත්  වන  බව  මතවාදයයි.  නීත්‍යාකූල  නොවන  භාහිර  සබදතාවයක්  පිළිබද  තොරතුරු  ඉදිරිපත්  වේ.  තම  ආශාවන්  තමන්ගේ  ලිංගික  තෘප්තිය  ඇතකරගැනීම  සදහා  ඇතිකරගන්නා  වූ  සබදතාවයන්  වේ.  ශ‍්‍රී  ලංකාවේ  සංස්කෘතියට  අනුව  අනියම්  සබදතා  හා  සම  ලිංගික  විිිවාහ  තහනම්  කර  ඇත.  එම  නීතියට  එරෙහිව  සබදතා  ඇතිකරගනී  .නීති  සදහා  මනෝභාවයන්  ආදාල  නැත.අප  ජීවත්වන සමාඡය  තුළ  නීතිවලට  එරෙහිව  ගිය  බොහෝ  අනියම් සබදතා පවති. අප විසින් අධයයනය කරනු ලබන සාහිතයය තුළ  විවිිිධ  වර්්්ණ  ඇත .  එම  වර්ණ  අප  ව්සින් භෞතික  සමාඡුයේ  ඒ  ඒ  අවස්ථාවන්  සදහා  යොදා  ගනු  ලබයි .  ලිංගිකත්වය  සදහා  සම්මත  වර්ණය  වන්නේ  නිල් වර්ණයයි.  එය  රාගයට  කාමයට  බලපාන  වර්ණයයි.  රතු  රෞ\ත්වය  උදවේගය  ආවේගය  පෙන්වන  වර්ණය  වේ.  කහ  ශාන්ත  රසය  වර්ධනය කරන බෞද්ධ හැගීම් හෝ බැති හැගීම් ඇතිවන වර්ණය වශයෙන්  පිළිගැනීමයි. මෙම වර්නයන්ට අනුව මෙම ගීතයේ පළමු පද තුළ සදහන් වන්නේ 
දම් පාටිිින්  ළා  සඳ  බැස  යනවා 
    ආකාසේ  රන්වන්  පාටයි
සමුගෙන  යන්නමගෙන්  තව  මොහොතයි
නොදොඩා ඉන්නේ  ඇයි                                                                 
සමාජයෙ  භාවිිතා  වන  වර්ණයන්ගෙන්  එහා  ගිය  වර්ණයක්  වශයෙන්  ළා  දම්  වර්ණය  දැැක්විිිය  හැකි  ය.  ළා  දම්  ලෙස මෙම ගීතයෙහි මුලින්ම යොදා ගනු ලබන්නේ  මෙය  

නීත්‍යානුකූල  නොවන  බැදීීීමක්  ලෙෂ  දැැැක්වීීීමට  ය. නිල්  පාටට  විිවිිිධ  වර්ණයන්  එකතු  වීීී  විිිශේෂයෙන්    රතු  වර්නය  එකතු  වීීී  ළා  දම්  පැහැය  සෑදේ.  මෙය  නීත්‍යානුකූල  නොවන  රාගයක්  පේ‍්‍රමයක්  නොවන  බව  ළා  දම්  පාටිිින්  දක්වනු ලබයි.  එසේ  නොමැතිනම්  මෙම  පද  ”නිල්  පාටිිින්  ළා සඳ  බැස  යනවා”  යනුවෙන්  පැහැදිිිලිව  ඉදිිිරිපත් කිරීීීමට  හැකි  වේ.  මෙම  වර්ණය  තුළ  රාගය  සැකය  බිිිය  ඇතුළත්  වේ.  මෙම  සබදතාවය  භාහිර  සමාඡුය  පිළිබද  වැරදිිි    ආකල්පයක්  දරයිද  ඔවුන්ගේ  සැකයට  භියට  හේතු  වේ.  ළා  දම්  පැහැය  හා  රන්වන්  පැහැය  යනු  හාත්පසින්ම වෙනස්  වූ  වර්ණයන්  ද්විත්වයකි.  දම්  පාටිිින්  හඳ  බැස  යනවිිිට  අහසේ  වර්ණයද  ළාදම්  පැහැ  විිිය  යුතු  ය.එහෙත්  මෙම  පද  පෙළ  නර්මාණය  වීීී  ඇත්තේ  රන්  වන්  පාටිිින්  සඳ  බැස  යන  ආකාරයෙනි.  මෙයින්  ද  නීති්‍යානූකූල  නොවන  බාවය  දක්වයි.    නීතියානුකූල  පේ‍්‍රමයකටනම්  භාහිරිිින්  වුවද  කිසිදුුු  බාධාවක්  නොමැත.  මෙය  අනියම්  ලිංගික  පේ‍්‍රමයක්  බව  සමුගෙන  යන්න  මගෙන්  තව  මොහොතයි    යනු  පද  පෙළෙන්  ද  කියැවේ. ඔවුන්  සමුගෙන  යන  බවද  නොපවසා  සිටිිින්න  එපා  යයිද  ඔවුන්ගේ  ආයාචනයයි
එසේම  ඊළග  පද  පෙළෙන්  කියැවෙන්නේ  ඔවුන්  ලිංගික තෘප්තිය  ලබන  ආකාරයය

දම්පාටින් සඳ  මුහුණ  පෙනෙනවා
වෙන්  වීීී යන  මොහොතක්  නෑගෙයි
දෑෑසට  ළංවිිි  තවත්  මේ  මොහොතෙ
ගොළු වීීී  ඉන්නෙමිිි  මම්
මෙහිදීීී  පෙර  කියූ  පරිිිදිිි  අනියම්  පේ‍්‍රමය    තුළින්  ඔවුන්  ලිංගිකත්වය  ලබන  අයුරුත්  වෙන්  වන්නට මොහොතක්  තිබිිියදීීී  ඔවුන්  දෙදෙනා  එම  තෘප්තිය  දිිගින්  දිගටම  ලබා  ගන්නා  අයුරු  දක්වයි. දම්පාටිිින්  සඳ  මුහුණ  පෙනෙනවා  මෙම පෙලෙන් අදහස් වන්නේ අනියම් පෙම තුළින් ලබන ලිංගික තෘප්තියයි. සඳ මෙහි අදාල වන්නේ ලිංගික හැසිරිමක් ලෙසය. ඔවුන්ට  ආදරය  පිළිබද  හැගීමක්  නොමැත. ඔවුන්ගේ  බලාපොරොත්තුව  වන්නේ  හුදෙක්  ලිංගික  ආශාවන්  ඉටුකර  ගැනීම  පමණි. මොවුන්  අතර  ප‍්‍රශ්නයක්  පවතින  බව  මෙයින්  පැහැදිිිලි  වේ.
සෙවනැලි  නොමැකේනම්
එළිය  කළු නෙවේනම්
බිිිත්ති  පුරා  ඔබේ  සෙවනැළි  ඇන්දේ  
තනිය  මකා  ගන්නයි
එනතුරු  සොයා  මගේ සනෙහස  මතුදා

මෙම  ගීතයේ  ගැඹුරුම  ස්ථානය  මෙය  යැයි  පැවසීම  නිවැරදිිිය  සෙවනැල්ලක්  වැටෙනුයේ ආලෝකයක්  වටෙන    ස්ථානයකට  ය. මෙහි  කාන්තාව  ආලෝකය  හා  සෙවනැල්ල  

දෙකම  පතයි.  මෙය  සංකර්ණ  උපමා  භාවිිිතයක්  මගින්  නර්මාණය කර  ඇත.  සෙවනැල්ල  යනු  අනියම්  පේ‍්‍රමයත්  එළිය  යනු  නීති්‍යානුකූල  පේ‍්‍රමයත්  ලෙස  දක්වා  ඇත.  මැය  අපේක්ෂා  කරන්නේ  සෙවනැල්ලත්  ආරක්ෂා  කරමිිින් එළියත්  අදුුුරු  නොකර  තබා  ගැනීමටය.  සෙවනැල්ල  යනු  යමක  ප‍්‍රතිබිිිම්බයකි.  ආලෝකය  හේතුවෙන්  ඇතිවන්නා  වූ  දෙයකි.  ආලෝකය  ඉවත්  වූ  විිට  සෙවනැල්ල  ද  ඉවත්වේ.  මැය තමන්ගේ  තනිය  මකා  ගැනිම  සදහා  ඔහු  හා  ලිංගික  කටයුතු  වලට  සම්බන්ධ  වේ.  සෙවනැල්ල  ආරක්ෂා  කිරීීම  සදහා  බිිිත්ති  වල  ඔහුගේ  රුව  අදිි  මෙය  සංකීර්ණ  ව්‍යංගයක්  වේ. ඇය  තම  අනියම්  පේ‍්‍රමයට හානියක්  සිදුවේයැයි  බිියෙන  ඔහුට  අවශයය  ආශා  නිරාශාවන්  සන්තර්නය  කරනු  ලබයි.  ඇය  එම  කාමුක  පේ‍්‍රමය  ආරක්ෂා  කර  ගැනිම  සදහා  මෙවැනි  ක‍්‍රම  උපයෝගි  කර  ගනු  ලබයි.  ඇය  ඔහු  හා  නිතරම  සැගවීීී  ලිංගික  පහස  ලබනුයේ  ඇයගේ  තනිය  මකාගැනීමට  පමණි.  ඇය  තමාගේ  තනිය  මකා  ගැනීම  සදහා  මෙ  සෙවනැල්ල  නැතිනම්  අනියම්  පේ‍්‍රමය  ආරක්ෂා  කරගනුයේ  ”එනතුරු  සොයා මගේ  සෙනෙහස  මතුදා”  මෙයින්  ද  අදහස්  කෙරෙනුයේ  තම  නීති්‍යානුකූලපේ‍්‍රමයක  පමණි.  ඇයගේ    ස්වාමිිියා  දුුුර  බැහැරක  රැුකියාවක  ගොස් ඇත. මැයට  දැැැනෙන  පාළුව තනිකම හේතුවෙන් මැය අනියම් සබදතාවයක් මත තම ලිංගික තෘප්තිය ලබා ගනී. එහෙත් මෙම සියලූුු  කාර්යයන්  සිදුුු  කරනු  ලබන්නේ  මැයගේ  නීතීයානුකූල  පේ‍්‍රමය  නැවත  පැමිිිණෙන තුරු  පමණි. 
මෙය  පුරුෂයාටද  ප‍්‍රශ්නයක්  හෝ  බාධාවක්  නොවේ. තම  නීති්‍යානුකූල  ස්වාමිිියා  එනතුරු පමණක්  මෙම  අනියම්  සබදතාවයේ  පහස  විිිදිිමිිි  ලෙස ස්ත‍්‍රිය  පැවසුවද  එය  කිසිදුුු  විිිටෙක  පුරුෂයාට  බාධාවක්  නොවේ.
?  කළ  දිිිගු වේනම්
ළා සඳ  නොමැකේනම්
නෙළුම්  පතක  රැුදිිි පිනි  බිිිදුුුවක්  සේ  
ළමැද  තලා  යහනේ  ඉන්නම්
පමාවෙලා  හිරු  නැගෙන  තුරා
ඔහුට  අවශ්‍යය  වන්නේ  ද  මෙම  රාත‍්‍රීය  තවත්  දිිිගු  වීීීම  පමණ  එනම්  ලිංගික  කාර්යයෙහි  තව  දුරටත්  නිරත  වීීීමට පමණි.ළා  සඳ  නොමැකි  තිබීීීම  පමණි.  ළා  සඳ  යනු  ලිංගිකත්වය  සදහා  සංකේතයක්  සපයයි.  පොහොය  පෙහෙවස්  සමාදම්  වීීීම  පුරා  සඳ  දිිිනට  සිදුුු  කරනු  ලබයි.  ළා  සඳ  ඇති  විිිට  පෙම්වතුන්ගේ  රාගය  පේ‍්‍රමය අවුස්සන  බව  දක්වයි.ඔහුගේ  අවසාන  අපේක්‍ෂාව  වන්නේද  ලිංගිකත්වයම  පමණි. මොහුට  අවශ්‍යය  වන්නේ  ආශා  නිරාශාවන්  සන්තර්පනය  කිරීීීමට  පමණි. ”නෙළුම්  පතක  රැුදිිි  පිනි  බිිදුුවක්  සේ ” නෙළුම්  කොළයකට වතුර  වැටුනාම  එය  පිහිටීීීමකත්  නොවේ.  චංචල ස්වාභාය මත  පිනි  බිිිදුුුව නෙළුම් කොළෙන් බිමට වැටෙයි. එවිට නිසි  බැදීීීමක්  නොමැති  චංචල  පේ‍්‍රමයට  නෙළුම්  කොලයක්  මගින්  උපමේයක්  ගෙන  බස  රසවත්ව  ඉදිිිරිිිපත්කර  ඇත.  මොවුන්  තුළ  පවතින  සරාගිකත්වය  මත  කෙදිිිනක  හෝ  මෙම  අනියම්  පෙම  තමන්  තුළින්  ගිලිහෙන  බව  දැැැන  දැැැන  ලිංගික  සබදකම්  පවත්වයි. ” ළමැද  තලා  යහනේ  ඉන්නම් ” මෙම ගීතයේ එන අතිශය ශුංගාරතේමක පදයක් වශයෙන් දැක්විය 


හැකිය.පිණි  බිිදුුුව  මෙන්  මොවුන්ගේ  පේ‍්‍රමය  අස්තීර  අනිවාර්ය  විිියෝජනයක්  සිදුුවන  පෙර  නිමිත්තකි.  ඔවුන්  එය  දැැන  දැැන  එක  යහනක්  හිද  තම  ආශාවන්  සන්තර්පනය  කිරීීීමට  කාලය  අවැසි  බවත්  පමාවෙලා  හිරුට  එන්නයැයි  ආයාචනයක්  සිදුුුකිරීමයි. අනියම්  පේ‍්‍රමයක්  ඇතිකරගනු  ලබන්නේ  තමන්ගේ  පාළුව  කාන්සිය  මකා  ගැනිම සදහා  අනියම් පෙම්  සබදතා බොහෝ විට මරණයෙන්  අවසන්  වේ. ප‍්‍රජන්ඩත්වය  සිතීම තොර වූ සමාජයේ  මෙවැනි  සබදතා  ඇතිවීීීම  ප‍්‍රශ්නයක්  නොවේ.මටය  මගේය  මගේමය  ලෙස  බැදීමක්  නොමැත.මෙමගින්  ගැටුම්  ඇති  වේ.  මරණයකින්  කෙළවර  නොවන  අකාරයෙන්  ගැටුම්  ඇති  නොවන  ලිංගිකව  පමණක්  එක්වන  ස්වාබාවයක්  මිිින්  ජනිත  කරයි.  මෙය  සමාජයට  ආදර්ශ  සපයයි.  පවතින  නීති  ක‍්‍රමයන්ගෙන්  එපිටට  ගියා  වූ  නුසුදුුුසු  සබදතාවක්  වුවද  මෙහි  අපහාසයක්  ගැටුමක්  නොවීීීම  මත  ආදර්ශ  සපයයි.  තමන්ගේ  නීතී්‍යානුකූල  ස්වාමිියා  පැමිිිනෙන  තුරු  මෙම  කාර්යයන්හි  නිරතව  සිටිිින  බව  දක්වනු  ලබයි.  මරණය  සංකල්ප  මෙහි  නැත.  ලිංගිකත්වය  සරාගිකත්වයෙන්  එහා  ගිය  සංකල්ප  අනියම්  සම්බන්ධය  සම්මතයෙන්  එහා  ගිය  අසම්මත  පේ‍්‍රමය  ඹවුන්ගේ  ලිංගිකත්වය  මෙම  ගීයේ  පදනමයි.
මෙම  ගීතය  පුරාවටම  හොදම  පද  හොදම  ආකාරයෙන්  ගලපමිිින්  ගීතය  ගලා  යයි.  වර්ථමානයේ මෙවැනි  ගීයක් රචනා  කළ  විිිට  එය  කුණුහරපයකි.  හොදම  පද  පේළියට  හොදම  අදහස  සිටිිින  ආකාරයෙන්  මෙය  ගායනා  කරනු  ලබයි.  මෙහි  අනියම්  පෙමක  එක්  වීීීමක්  බව  පැවසුවද  ශිෂ්ට  භාෂාවකින්  සාර්තකව  රචිිිත  ගීතයක්  වශයෙන්ද මෙය දැක්විය හැකි ය.                            
මෙම  ගීතයෙහි  සාර්තකත්වයට  පද  පෙළ  මෙන්ම  යොදාගෙන  තිබෙන  සංගීතයද  වැදගත්  වේ.  ළයාන්විිිත  මන්\ ස්වර  සහිත වූ  සංගීතයක්  මගින්  මිිනිසාට  හැගීමක්  ඇතිකරවන  ආකාරයෙන්  කෙනෙකුට  නැවත  නැවත  මෙය  රසවිිිදීීීමට  අවැසි  ආකාරයෙන්  මෙම  ගීයේ  තනු  නිර්මාණකයා  සමත්  වීීී  ඇත. ගීතය පරිසමාප්ත භාවයට පමුණුවනු ලබන්නේ සංගීතය මගිනි. ගේය රචනය මෙන්ම ගීතයේ අලංකරණය සදහා සංගීතයද භාවිතා වේ. 
සංගීත භාවිතයේ දී මාත‍්‍රා හතරෙන් හතරට ගීතය ගලා යයි. පෙර වාදනය සහ අතුරු වාදනය මගින් ගීතයෙහි අලංකරණය රැුඳී පවතී. පෙර වාදනය යනු ගීතය ආරම්භ වීමට පෙර ඉදිරිපත් වන සංගීතයයි. මෙහි පෙර වාදනය වයලීනය මගින් හැඩ කරනු ලබයි. පෙර වාදනය සහ අතුරු වාදනය මගින් ගීතයේ පසුබිම සකස් කර ඇත. පෙර වාදනය වයලීනය මගින් ආරම්භ කරනු ලබයි. ගීතයේ තේමාවට පාදක වී ඇත්තේ අනියම් යුවලකගේ ශෘංගාරාත්මක එක් වීම සහ වෙන් වීමයි. මෙය සාහිත්‍යයේ දී සාම්භෝවී ශෘංගාරය සහ විප‍්‍රලම්භන ශෘංගාරය වශයෙන් හදුන්වයි.ගීතය ගලා යන්නේ යුග ගායනයක් වශයෙනි. එහි තේමාව උචිතට පරිදි ප‍්‍රශ්න කිරීමක් වශයෙන් ඉදිරිපත් වේ. 
”නොදොඩා ඉන්නේ ඇයි” 
මෙලෙස ප‍්‍රශ්න කිරීමක්, සංවාදයක් ලෙස ඉදිරිපත් වුව ද ගීතයක් ලෙස නිර්මාණය වී ඇත්තේ අපූර්වත්ව සංගීත සංකලනයෙනි. මෙම සංගීත නිර්මාණයේ වැදගත් ස්ථානයක් වන්නේ ලෙලවීම, ඇදීම මගින් හැඟීමක් ප‍්‍රකාශ කිරීමයි. 
”ලා සඳ නොමැකේ නම්”
වැනි පද පේලිවල දී හැඟීම් ප‍්‍රකාශනයක් සිදු කරනු ලබයි. යටි අදහස මත පිහිටවමින් හැඟීම් ඉදිරිපත් කිරීමක් සිදුවේ.තේමාව අනුව හිඳිමින් එම ලයාන්විත බාවය මත මෙම දෙදෙනාගේ ස්පර්ශයන් හුස්ම ගැනීම් වැනි භාවමය ප‍්‍රකාශනයන් ගීතයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ සංගීතය තුළිනි. 
සංගීත නිර්මාණයේ දී ගායනය පිළිබඳව සඳහන් කිරීම වැදගත් වේ. මාලනී බුලත්සිංහල සහ කපුගේ ශූරීන් යන ගායන ශිල්පීන්ගේ ගායන විලාශයන්, හඩ, සමාන ලයාන්විත සියුමැලි වූ ස්වරූපයක් ගනී. යුග ගි්තයක දී ගායනා හඩ විවිධ වූ විට එහි රසයට බාධාවක් වේ. එහෙත් එසේ නොමැතිකම නිසා මෙම ගීතයේ රසයට බාධාවක් වී නොමැත. මෙම ගීතයේ පවතින සුවිශේෂත්වයක් වශයෙන් දෙවන කවියේ සහ තුන්වන කවියේ පළමු පද පේළිය පුනරුක්ති ගායනය මගින් ගීතයේ අලංකාරය තව තවත් තිව‍්‍ර වී ඇත. එසේම මෙහි අදහස නැවත තහවුරු කිරීමක් සහ අදහස තිව‍්‍ර කිරීමක් සිදුවේ. 
ගීතයේ ස්වාභාවිකත්වය වැඩි කිරීම සඳහා යොදාගත හැකි සංගීත භාණ්ඩයන් වශයෙන් වයලීනය, තබ්ලාව, ගිටාරය දැක්විය හැකිය. මෙහි පෙර වාදනය සහ අතුරු වාදනය තබ්ලාවෙහි හඩෙහි ස්වභාවය මත වෙනස් කරනු ලබයි. ගීතයෙහි  රසය ඉතා ඉහළින් ගෙන ඇත්තේ වයලීනය තුළිනි. සංගීතය නිසා හෝ යොදාගෙන ඇති සංගීත භාණ්ඩයන් මගින් ගීතයේ රසයට හානියක් වී නොමැත. තව ද මෙම ගීතය සඳහා කවුන්ටර් පාර්ට්ස් නමින් බටහිර සංගීතයේ සංගීත භාණ්ඩ යොදාගෙන ඇති නමුත් ගීතාය් රසයට හෝ අර්ථයට කිසිදු හානියක් වී නොමැත. 
සමස්ථයක් වශයෙන් පද පේළියේ හෝ සංගීතය මගින් හෝ ගීතයේ අර්ථයට හෝ ශබ්ධ රසයට හානියක් වී නොමැත. මෙම අනියම් සබඳතාවයේ ශෘංගාරය මතු කොට පෙන්වීමට සංගීතයෙහි දායකත්වය ඉහළ ය. බොහෝ ගීතවල මෙන් මෙම ගීතයෙහි සෘජුවම ශෘංගාරාත්මක අදහස් ඉදිරිපත් වී නොතිබුණ ද භාවයන් ව්‍යංගයන් මගින් ශෘංගාරය රහසේ එක්වීම රහසේ වෙන්වීම මෙහි තේමාවට සංගීතයට කිසිදු බාධාවක් කර නොමැත. නිවැරදි පද පෙළකින් මෙන්ම නිවැරදි ගැලපෙන සංගිතය යොදා තිබීම මත මෙම ගීතය ඉතා ඉහළ රසයක් පවතින බව දැක්විය හැකිය.    




4 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...