Friday 13 July 2018

භාෂණ ප‍්‍රකාශන නිදහස හා ජනඝෝශා නඩුව


    මානවයෙකු ලෙස උපත ලද සියල්ලන්ටම හිමි විය යුතු  අයිතිවාසිකම්  මුලික අයිතිවාසිකම්  ලෙස  හැදිිින්වේ.  නිදහසේ  ජීීීවත්විිිමේ  අයිතිය  එහා  මෙහා  යාමේ  අයිතිය  මෙන්  භාෂණයේ  හා  ප‍්‍රකාශණයේ  නිදහස  තහවුරු  කර  ඇත.ලේඛනයෙන්  හා  භාෂණයෙන්  අදහස්  පළ  කිරීීීමේ  අයිතිය  සැමට පවතී.  අදහස්  පලකිරීීීමේ  අයිතිය  දැක්වෙන  ජත්‍යන්තර  ප‍්‍රකෘශන ප‍්‍රධාන  වශයෙන්  04  පවතී.

1 මානව  හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය  
2 සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය
3 ආර්තික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිලිබද ජාත්‍යන්තර සම්මුතිය       
4 මානව හිමිකම් පිළිබද යුරෝපා සම්මුතිය 
මීට අමතරව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ 1978 ආණ්ඩුක‍්‍රම වයවස්ථාවේ (14)  (අ )ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දක්වා ඇත.ආණ්ඩුව හා දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති සහ වැටසටහන් විවේචනය කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන රටාව අති ටමූලිකය නිදහස හා යුක්තියේ මූලික මූලධර්ම උල්ලංගනය නොකරන ලෙස කතා කිරීම හා ප‍්‍රකාහනය නිදහස එක සමාන වේ. 
මෙම භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස සම්බන්ධය ගන්නා නඩු තීන්දු බොහෝමයක් පවතී. ඉන් ප‍්‍රධාන අවස්ථාවක් ගන්නා නඩු තීන්දුවක් වශයෙන් අමරතුංග එරෙහි සිරිමල් නඩුව දැක්විය හැකිය. මෙය ශ්‍රේෂ්ඨාධීකරනයේ 468 /92 ලෙස දැක්වේ.
ජනඝෝශා නඩුව නමින් හදුන්වන මෙය 1993 දී  විභාගයට ගන්නා ලදී.විපක්‍ෂ 1992 ජූලි මස 1 දින ජන ඝෝෂා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. කවර හෝ ස්ථානයක සිටියද එදින 12 ට කුමන හෝ විශාල ශබ්දයක් කිරීමෙන් රජයට විරෝධය ප‍්‍රකාශ කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. විරෝධය දැක්වීමේදී තමාගේ සහභාගීත්වයට පොලීසිය විසින් නොයෙක් ආකාරයේ  බාධා පමුණුවන ලද හොරණ ප‍්‍රාදේශිය  සභාවේ මන්ත‍්‍රීවරයෙක් බලයේ සිටින රජය විවේචනය කිරීමට තමාට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කරනු ලැබීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කලේ ය. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ අනාගතයේදි ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි  අදහස් පළ කිරීමේ නිදහස පිළිබද අධිකරණය සහතික කරන ලදී.   

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව
14 (1) (අ) ව්‍යවස්ථාව    
සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.” 

මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය
19 වැනි වගන්තිය
අදහස් දැරීම හා ප‍්‍රකාශනය පිළිබද නිදහසේ අයිතිය හැම දෙනාම සතු වීම බාධාවකින් තොරව අදහස් දැරිමේද එසේම දේශසීමා නොසලකා ඔිනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු සෙවීමේ ලැබිමේ හා බෙදා හැරීමේ අයිතිය”


නඩුව        
අමරතුංග එරෙහව සිරිමල් සහ තවත් අය
(ජන ඝෝෂා සිද්ධිය)
පෙත්සම් කරු
නඩු අංකය –ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය 468/92
ශ‍්‍රී ලංකානීතී වාර්තා 1993 ඩදක 264 හි දැක්වේ
පසුබිම් ව හේතුව
රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවන්ට අදාල කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයදැක්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ කිහිපයක්ම විසින් තීරනය දරන ලදුව ඔවුන්ගේ චර්යාවන් මිනිත්ත 15 ක කාලයක් තුලදී ජන ඝෝෂාවක් මගින් ප‍්‍රකාශයට පත් පාර්ශව තීරණය දරන ලදී. සීනු නාද කිරීම රථවාහන නලා ශබ්ද කිරීම බෙර ගැසිම සාස්පාන් ආදී උපකරණ වලට ගැසීමෙන් ශබ්ද සිදු කිරීම  මේ ආදී වශයෙන් වශයෙන් විශාල ඝෝෂාවක් ඇතිකර ජනතාව අවදි කිරීම කිරීම මෙහි අරමුණ විය . මෙම පෙත්සම ඉදිරිපත් කල පුද්ගලයාද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සාමාජිකයෙකු වන හොරණ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරයෙකු වූමොහද ඊට සහභාගි විය. පෙත්සම්කරු විරෝධය පලකරමින් සිටිනුයේ බෙරයක් ගැසීමෙනි. එය නතර කරන ලෙස පොලීසිය දුන් අණ නොතක ාදිගටම බෙරය වාදනය කරන්නට විය. ඔහුට පහරදී පොලීසිය විසින් මෝල්ගසකින් ගසා බෙරය කඩා දැමීමක් සිදුකරන ලදී . එයද නොතකා අත් පුඩි ගැසීම මගින් සම්බන්ධ විය.එවිට පොලීසිය විසින් ඔහුට පහර ගසන ලදී .විරෝ ධතා කරුවන් විසින් රජයට එරෙහිව සටන් පාඨ කියමින් ඇතුළු වීමට නොදී පිටවීම වළක්වන මුර බල්ලන් ලෙස සැදී මාර්ගය හරස් කඅ සිටියේ පෙිලිසිය විසිනි. තමන්ගේ භාෂණ ප‍්‍රකාශනයේ අදහස් පළ කිරීමේ නිදහසට බාධා පැමිණ වීය 14 (1) (අ) ව්‍යවස්ථාව යටතේ රජයට එරෙහිව නඩුවක් ගොනු කරන ලදී.

මෙසේ සිදු කිරීමට තීරණ කරන ලද්දේ,
සාමය ප‍්‍රචණ්ඩත්වය සිදුවේයැයි බලාපොරොත්තු වීමට පොලීසියට හේතුවක් නොතිබුණි.පොලීසිය විසින් ක‍්‍රියාකරන ලද්දේ රජයට එරෙහිව සටන් පාඨ සපයමින් ඝෝෂා කිරීම 
පෙත්සම්කරු සතු කතාකිරීමේ සහ අදහස් පල කිරීමේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතකි වීම. රජයට සහයෝගය දැක්වීම හෝ රජය එන දේශපාලන පසු ප‍්‍රතිපත්ති රජයේ වැඩ පිළිවෙලට විවේචනය කිරීම සදහා ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුීවන ක‍්‍රියාවන් මූලික අයිතිවාසිකම් වේ. සෑම සිවිල් සහ දේශපාලන ආයතනයකම මූලික පදනම වන්නා වූ නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්මයන් උල්ලංගනය කරමින් තොරව එහි එම අයිතීන් අහිමිකිරීමට නොහැකි වීම
රජය සහ දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති විවේචනය කිරීම 14 (1) (අ) වගන්තිය යටතේ කථනය හා ප‍්‍රකාශ කිරීමේ නිදහස ක‍්‍රියාත්මක කිරීමක් වීම

තීන්දුව 
1993-මාර්තු-8
ඵීනිසුරු ප‍්‍රනාන්දු මැතිතුමා 
ධරාගත නොහැකි අධික ජීවන වියදම රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලීකරණය ඒ අනුව සිදුවන ක‍්‍රියා අහිමිවීම සහ රැුකියා කප්පාදුව දේශපාලන කරුණු අරභයා නාස්තිකාර වියදම් ඳුෂණය ජනතා යහපත සදහා හේතුවන්නා නූ පොදු වැදගත් කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් රජයට කෙරෙන සාකච්චා යටත් කිරිම් පිරිවැය ඉහල යෑම් පැහැර ගැනිම් මනුෂයය ඝාතන යන උතුරු නැගෙනහිර යුද්ධය යනාද කරුණු රාශියක් සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක‍්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ ගණනාවක්ම මෙම ඝෝෂාවට එක් වීම.

ශේෂ්ඨාධිකරණ තීන්දුව 
14 (1) (අ)  වගන්තියෙන්  ජනතාවට හිමි මූලික අයිතිවාසිකම්  කඩ වී ඇති වී ඇති ඉබව තීරණය වේ. රජයට දේශපාලන පක්‍ෂ වලට ඒවායේ තීරණ වලට ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන ක5මයක මූලික ලක්‍ෂණයකි. සිවිල් සමාජයේ සහ ආයතන වල පදනම වී ඇති නිදහස සහ යුක්තිය පිළිබද පිළිබද මූලදර්ම කඩකිරීමකින් තොරව එම අයිතීන් අහිමි කිරීමට නොහැකිය . මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබදව කල් තබා ප‍්‍රචාරය කරනු ලැබ තිබූ අතර පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබූණි. රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීම සදහා වැඩ පිළිවෙලක් පිළිබදව තොරතුරු ලැබී තිබුණු බවට දෙවැනි වගඋත්තරකරු විසින් කරන ලද ප‍්‍රකාශන පිළිගත නොහැක. මක් නිසාද යත් ඒ සම්බන්ධයෙන් සියළු වාර්තාවන් ඉදිරිපත් නොකළ බැවිනි. ඇත්ත වශයෙන් කැරැුල්ලක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් බලාපොරොත්තුව සිට නැත. රජයට එරෙහිව සටන්පාඨ සපයමින් ඝෝෂාි කරද්දී ප‍්‍රහාර දියත් කර ඇත. එසේ වුවත් පොලිස් ආඥා පනතේ  78(1) වගන්තියේ ක‍්‍රියා කිරිමට අවහයතාවක් නොවී ය.එබැවින් වගඅත්තරකරුවන් එම ක‍්‍රියාව සදහා පෙළඹීමකින් හිතමතාම පෙත්සම්කරුැගේ කථනය අදහස් ප‍්‍රශකිරීමේ අයිතිය  එරෙහිව සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීරණය කරන ලදී. එම 

නිසා පෙත්සම් කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ලංගනය කිරීමේ වරදට රු-50000 දඩ මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද තීරණය කරන ලදී.
‌මෙම නඩු වාරයේදී සිදු වු විශේෂ වැදගත් සිදුවීම ලෙස අනාගතයේදී ඒ හා සමාන උල්ලංගනය කිරීම්  සිදු නොවන පරිදි  මෙම තීන්දුව සියළුම පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට උපදෙස් දීමක් සිදු විය. 


3 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...