Wednesday 27 June 2018

පුවත්පත් කතුවැකි භාෂාව



පුවත් පත් භාෂාවේ සාර්ථකත්වයට බලපාන ප‍්‍රධාන සාධකයක් වශයෙන් කතුවැකිය දැක්විය හැකිය.
විවිධ අදහස් ප‍්‍රවෘත්ති තුළින් ඉදිරිපත් වනු ලැබූවද පුවත්පතේ හා කතුවරයාගේ මතය සෘජුවම ප‍්‍රකාශ වන්නේ
කතුවැකිය තුළ වේ. පුවත්පතෙහි ප‍්‍රධානතම කාර්යබාරය වන මහජන මතය සකස් කිරීම සදහා හොදම ආයුධය
වන්නේ කතුවැකියයි. පුවත්පතෙහි ප‍්‍රධාන කැඩපත වශයෙන්ද කතුවැකිය දැක්විය හැකිය. දිනපතා පුවත්පතක
නම් දිනපතා කැඩපත හා සතිපතා පුවත්පතක නම් සතියේ කැඩපත ලෙසද දැක්විය හැකිය.පුවත්පතේ හිමිකාරිත්වය
හා දේශපාලන පාක්‍ෂිකත්වය මත කතුවැකියේ අන්තර්ගතය වෙනස් වේ.කතුවැකිය පුවත්පතේ කර්තෘගේ වාක්‍ය
වේ. නමුත් මෙය කතුවරයා බලය පවරන ලද ජේ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් හෝ මණ්ඩලයකින්ද
කතුවැකිය රචනා කළ හැකිය.මෙම කතුවැකි නිර්මාණයේදී කතුවරයා බොහෝ විට ගැනෙනුයේ කාලීන සිද්ධී හා තොරතුරු ය.

කතුවැකකි පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් වී තිෙබි.
”යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සගරාවක ජේ්‍යෂ්ඪ කතුවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් දැක්විය හැකිය.”
(විකිපීඩියා විශ්වකෝශය)
කතෘමණ්ඩලය සිය මතය දැක්වීමේදි පුවත්පතක හෝ සගරාව ප‍්‍රකාශයට පත් කරන වාරයක් පාසා කාලානුරූපීව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්වකෝශය සදහන් කරනු ලබයි. 
”කතුවැකිය කාලීන ප‍්‍රස්තූතයක් සම්බන්ධව කතෘමණ්ඩලයේ මතවාදය දැක්වීමට පළකරන ලියවිල්ලක් වේ.”
(ඹකස්වර්ඞ් ශබ්ද කෝෂය)
තවද ”ප‍්‍රකාශයට පත්වන පුවත්පතක පළවන කාලීන තොරතුරු පිළිබද ප‍්‍රධාන කර්තෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් ”වශයෙන්ද කතුවැකිය දැක්විය හැකිය. එසේම පුවත්පතක හෝ කාලීනය ප‍්‍රකාශයට පත් කරන මුද්‍රිත ප‍්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සදහා කතුවැකිය උපයෝගී කර ගන්නා බව කියැවේ.
කතුවැකි පිළිදව විශේෂ අවධානය යොමුකළ පුද්ගලයෙක් වූයේ ප‍්‍රංශ පුවත්පත් කලාවේදියෙක ව ඇල්බෙයා කැමූය.ඔහුගේ අදසහසට අනුව කතුවැකියක අඩංගුවිය යුත්තේ එක අදහසක් උදාහරණ දෙකක් සහ පිටු තුනකි.එසේම වචන ප‍්‍රමාණය 600 ත් 700ත් අතර ප‍්‍රමාණයකින් සමන්විත විය යුතුය.

කතුවැකිය ප‍්‍රධාන ලිපිය වීම නිසාම එය පළ කරන පිටුව කතුවැකි පිටුව ලෙසද හැදින්වේ.බොහෝ විට පුවත්පතේ මැද පිටුවේ පළවන ප‍්‍රධාන ලිපිය හා දේශපාලන කාටූනය කරනුයේද එම පිටුව තුළමය. කතුවැකි  පිටුව එක් එක් පුවත්පතට අනුව වෙනස් විය හැකි නමුත් බොහෝ විට වම්පස පිටුවක යොදාගනු දැක ගත හැකිය. එහෙත් විශේෂිත අවස්ථාවලදී පාඨක අවධානය යොමුකර ගැනීම සදහා මුල් පිටුවෙහි පළ කරන අතර වරක් ඇත්ත පුවත් පතෙහි කතුවැකියද මුල් පිටුවේ පළ විය.
පුවත් පතේ අරමුණු දේශපාලන බල අධිකාරියේ ස්වාභාවය මත කතුවැකි පුවත්පතෙන් පුවත්පතට වෙනස් වේ.ඒවායෙහි අන්තර්ගත ලක්‍ෂණ අනුව වර්ග කිහිපයකට වෙන් කළ හැකිය.
1. ජනමතයක් නිර්මාණය කිරීම සදහා රචනා කරන කතුවැකි.
2. සමාජ ප‍්‍රශ්න සදහා උනන්ඳුවක් ඇති කිරීම සදහා රචනා කරන කතුවැකි.
3. සමාජ අසාධාරණයන්ට විරුද්ධ වීම සදහා ජනතාව පොළඹවාලන කතුවැකි.
4. යම් යම් පාර්ශවවල මත ආකල්පයන් කෙරෙහි බලපෑම් ඇති කරන කතුවැකි.
5. සරළ ප‍්‍රවෘත්ති පිළිබද ගැඹුරු විග‍්‍රහයක් සිදු කරන කතුවැකි.
6. විශේෂිත පුද්ගලයන්ට සුබ පැතීම සදහා රචනා කරන කතුවැකි.
7. ආයතන හෝ ව්‍යාපාර අභිවෘද්ධිය සදහා රචනා කරන කතුවැකි.
පුවත්පත් කලාවේදීන්ගේ මතය වන්නේ සෑම කතුවැකියක් ම රචනා කිරීමේදී ආරම්භය,මධයය භාගය හා අවසානය නිසි ලෙෂ ගැලපිය යුතු බවයි.
පුවත්පත් භාෂාව විවිධ වූ භාෂාවක් අනුගමනය කරනු ලැබූවකි.පුවත්පතේ ලේඛන ආකෘති සහ විෂය අන්තර්ගතයන්ට අනුව එහි භාෂාලක්‍ෂණ වෙනස් වේ. ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලිකාංග ත්‍වන් වෙන් භාෂා ලක්‍ෂණ ප‍්‍රකට කරනු ලබයි. කතුවැකි නිර්මාණය කරන විට නිර්මාණශීලි ලේඛකයන් සාම්ප‍්‍රදායික ලේඛණ ආකෘතියේ නොසිට සූක්‍ෂම ලෙස භාෂා රටා වෙනස් කරති. පුවත්පතක අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සදහා කතුවැකියේ භාෂාව වැදගත් වේ . කතුවැකියේ භාෂාවේ නිර්මාණශීලී ස්වරූප පිළිබද අවධානය යොමු කිරීමේදී මූලික වශයෙන් කතුවැකිය දෙඅංශයක් යටතේ හඳුනාගත හැක.
1.කතුවැකියේ ආකෘතිය
2.කතුවැකියේ අන්තර්ගතය
ආකෘතිය යටතේ කතුවැකියේ භාහිර ස්වරූපය පළිබදව අවධානය යොමු කෙරේ. ඒ අනුව පුවත්පතේ කර්තෘවරයා හෝ ඔහු විසින් බලය පවරන තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරනු ලබයි. සමකාලීන සමාජ ප‍්‍රස්තූතයන් සමාජයක් තුළ පැවතුන දෙයක් අනාගතයේ සිදු වේ යැයි අපේක්‍ෂිත යම් සිදුවීමක් කතුවැකිය සදහා විෂය වේ. බොහෝ විට ජනමාධයය තුළ වාර්ථා වූ සිදු වීමක් ඇසුරින් කතුවැකිය නිර්මාණය වේ. 
ආකෘතිය තුළ කතුවැකිය ඉදිරිපත් වන පිටුවද දැක්වේ. එහිදි කතුවැකි බොහෝ විට ප‍්‍රධාන පිටුවෙහි පළ වේ. ප‍්‍රධාන තේමාවට අදාළවගොඩනගා ගන්නා අවසානය ඔස්සේ පියවර කිහිපයකි යටතේ ඉදිරිපත් වේ. කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ඨියට හා ප‍්‍රතිරූපයට අනුව සියල්ල සමාලෙිචනය කිරිමෙනි. ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලී බව උදෙසා එහි ආකෘතික ලක්‍ෂණ ඉවහල් වේ.
කතුවැකියේ අන්තර්ගතය කෙරෙහි එහි ආඛ්‍යානය භාෂා ලක්‍ෂණ පිළිබදව අවධානය යොමුකෙරේ. කතුවැකියේ ප‍්‍රධාන වශයෙන් නිර්මාණශීලිත්වය උදෙසා ඉවහල් වන්නා වූ අංගයන් වශයෙන් භාෂාව දැක්විය හැකිය. නිර්මාණශීලි කතුවැකි රචනාවන් වූ කළි දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂනය වූවකි. මෙහිදී රචකයා අන්තර්සංස්කෘතිකමය වශයෙන් ලබන ශික්‍ෂණය වැදගත් වේ. පුරාතන නූතන භාෂා සම්ප‍්‍රධායන් මෙන්ම ඒවායෙහි නව ප‍්‍රවණතා පිළිබදවද කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් පැවතිය යුතුය. එසේම භාෂාව සහ සංස්කෘතිය ජනවහර හදාරා තිබීමද වැදගත් වේ. භාෂාව ගොඩනැංවීම  රටාවක් සේම බස හැසිරවීමේ වියරණ නීතිද හදුනාගෙන තිබීම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශයය වේ. ඒ අනුව කතුවැකි රචකයා බාහිර අංග වශයෙන් ගැනෙන වචන සහ එහි අබ්‍යන්තර අංගයන් වශයෙන් සැලකෙන අදහස් හැගීම් පිළිබදව සමබරව අවධානයට ලක් කළ යුතුය. 
කතුවැකි භාෂාව පිළිබද සැලකිලිමත් විය යුතු ප‍්‍රදාන කරුණු දෙකකි. 
1. යොදා ගන්නා වචනවල නිශ්චිතාර්ථ යන් පිළිබද සැළකිළිමත් වීම.
2. අදාළ ලිපියේ ස්වරයට ගැලපෙන පරිදි වචන බාවිතා කිරිම
කතුවැකි වල භාෂා භාවිතය පිළිබද ව අවධානය යොමු කරන විට ප‍්‍රකට පුවත්පත් කලාවේදියෙක් වන දෙනගම සිරිවර්ධන විසින් මතුකළ අදහස් වැදගත් වේ.
”කතුවැකියක අදහස් ප‍්‍රකාශනය අතිශය සංක්ෂිප්ත විය යුතුය. වැල් වටාරම්වලට උපමා අලංකාරවලට කතුවැකියක ඉඩක් නැත . උපමා අලංකාරවලට ඉඩ නැතත් එහි බස මන බදනා සුුළු විය යුතුය. කෙතරම් වැදගත් හරවත් කරුණුවලින් පිරී පැවතියදඑ ය ඉදිරීපත් කරන ආකාරය පාඨකයා ආකර්ශනය කරන්නක් නොව් නම් ඒ කතුවැකිය සහිත පිටුව ගැලපෙන්නේ බඩු එතීමට පමණි. මන්ද ජනවිඥාණය මෙහෙයවීමට ඒ කතුවැකියට ශක්තියක්  නැති හෙයිනි.”
කතුවැකි රචකයා මෙම සියළු අංශයන් කෙරෙහි සැළකිළිමත් වෙමින් කතුවැකි රචනා කිරීමෙන් නිර්මාණශීලි කතුවැකි රචනා කළ හැකිය.

5 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...