ගම්බද පාසල්වල මන්දගාමී සංවර්ධනය
” පැන මඩ කඩිති වැව් තාවලූ වැහි කාලේ ....”
මෙම පද පෙළ ඇසෙත්ම අප සිහියට එන්නේ කුමක් ද ? ගමේ පාසල , සංවර්ධනය නොවූ ගමේ පාසලක කටුකත්වයයි. වර්ථමාන අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දුෂ්කර පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය කෙසේ ද ? ඉංග‍්‍රීසින්ගෙන් මිදී ශ‍්‍රී ලංකාව ස්වෛරී අධ්‍යාපන භූමිකාවක තතු සොයමින් ගිය ගමනේ මිෂනාරි පාසල් වලින් මිදී සිංහල ගැමි පාසල් ස්ථාපිත විය. සංවර්ධන ව්‍යාපෘති සදහා යොදවන විට ගමේ පාසලෙන් ලැබෙන පන්නරය කෙසෙ ද ? ශිෂ්‍යත්ව විභාගය සමත් වී වැඩිම ලකුණු ලබා ගන්නේ ඇයි ? ගමේ පාසලෙන් ඉවත් වී ඉහළ පාසලකට යාමට ය. සංවර්ධනය වෙමින් පවතින රටක දුෂ්කර පාසල් වල ජීවත් වන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වත්මන් සමාජයට අදාළ නොවන්නේ ද ? කොහෙන් ඉගෙන ගත්ත ද අකුරු අකුරුම ය ; දැනුම දැනුමම ය. එහෙත් මෙම පාසල් වල තිබෙන අඩුපාඩුකම් මග හැරීම සදහා සියලූ බලධරයින් ඒ වෙත ඇස් ඇරිය යුතු කාලය එළඹ ඇත.
ලක්ෂ සංඛ්‍යාත පාසල් දරුවන් ප‍්‍රමාණයක් ජීවත් වන ශ‍්‍රී ලංකාව වැනි රටක සංවර්ධනය නොවූ පාසල් තිබීම මහගු නොවේ. වැවයි - දාගැබයි , ගමයි - පන්සලයි යන සංකල්පයට පාසල එක් කරනු ලැබුවේ මෑතකදී ය. ගම් කිහිපයකට එක පාසැලක් දුෂ්කර ජනයාගේ ලැබීමයි. දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම පිණිස කාටත් විශ්ව්සනීය දායකත්වයක් අවශ්‍ය වේ. ගමේ පාසලෙත් , නගරයේ පාසලෙත් එකම අධයාපන ක‍්‍රමයකට ඉගැන් වේ. විටෙක නගරයේ දරුවන් අභිබවා ගමේ දුප්පත් අම්මාගේ තාත්තාගේ දරුවා ලංකාවේ විශිෂ්ඨ පුද්ගලයෙකු වීම කාගේත් ඇසට කදුලක් එක් කරනු ලබයි. විශේෂයෙන් ගමේ පාසලේ බොහෝවිට විෂයන් සදහා ගුරුවරු අගහිගකම් ඇත. එසේ ම සංගීතය , නර්ථනය වැනි විෂයයන් සදහා අවශ්‍ය වන්නා වූ භාණ්ඩ අල්ප ය. දරුවා ලොකු ඉස්කෝලයකට යැවීමට නොහැකි එදා වේල සරිකරගන්නා අම්මාගේ තාත්තාගේ පැතුම ද ලොකු ඉස්කෝලයකට ගොස් අධ්‍යාපනය හදාරන දරුවාගේ අම්මාගේ තාත්තාගේ පැතුම ද සමාන ය. අඩු සනීපාරක්ෂක පහසුකම් මගින් ඔවුන් තම ඉගෙනීම සිදු කරනු ලබයි. කළු සපත්තු , සුදු මේස් දමා පාසල් යාමට ද අලූතින් සුදු ගවුමක් , සුදු කලිසමක් ඇද පාසල් යාමට ඔවුන් තුළ ද ආශාවක් පවතී. එම සියලූ ආශාවන් කැමැත්තෙන් මගහැර දරුවා අධ්‍යාපනය හදාරන්නේ රටක් රාජ්‍යයක් අල්ලා ගැනීමට නොව තම දෙමාපියන්ගේ අභිලාෂයන් යම් තරමකින් හෝ ඉටු කිරීමට ය.
ගමේ පාසලේ දරුවන්ගේ බොහෝවිට ඉදිරිපත් වීමේ හැකියාව අඩු ය. එසේ සිදු වන්නේ ඉතා සීමිත දරුවන් පිරිසක් ඇසුරු කිරීමට ලැබෙන නිසාවෙනි. උසස් අධ්‍යාපනයට පැමිණි විට එය කැපී පෙනෙයි. ඔවුන් ලිං මැඩියන් වශයෙන් කාලය ගත කිරීමට කැමති පිරිස් ය. එසේම ඔවුන්ගේ දක්ෂතා විටෙක සියල්ලන්ගේම ආකර්ශනය දිනා ගැනීමට සමත්කම් දක්වයි. දරුවා පාසල ්යවා අම්මා රැකියාව සදහා පිටත් ව යන්නේ දරුවාගේ පැතුම් වෙනුවෙනි. බොහෝවිට පිටිසර ගම්මාන වල අධ්‍යාපනය හදාරන සිසුන් උදය වරුව පාසල අධ්‍යාපනය හදාරා සවස් වරුව යම්කිසි කුඩා කියාවක යෙදීමත් සුලබ දඑක මේසයක දරුවන් දෙදෙනකු පුටු තබාගෙන අකුරු උගනා ආකාරයත් , එකම පොතෙහි සියලූ අධ්‍යාපන කරුණු එක්කර ගන්නා ආකාරයත් දුටුව විට අප කාගේත් ඇස් වලට ක`දුලක් උණනු ඇත. එසේ ම මෙම පාසල් වල සංවර්ධනය විය යුතු තවත් විෂයක් වශයෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපනය බව පැවසීම නිවැරදි ය. තර`ගකාරී සමාජයට අවතීරණ වන දරුවා කුමන පාසලකින් පැමිණියේ ද ලෙස කවුරුන් හෝ ප‍්‍රශ්න කිරීමක් නැත. ඔවුනට ඉංග‍්‍රීසි සහ පරිගණක සාක්ෂරතාවය පිළිබ`ද අනුම අවැසි ය. කුමන පාසලකින් පැමිණිය ද එය වැදගත් වේ. හෙට දවස භාර ගැනීමට සිටින දරුවන්ගේ අභිප‍්‍රාය විය යුත්තේ ඉගෙනීම ය.
එසේ ම බාල වයස් විවාහ මෙම පාසල් තුල දක්නට ලැබේ. සියලූ දැනුම ලබා දීම මෙන් ම දරුවන්ට හො`දින් ජීවත් වන ආකාරයද ඔවුන්ට කියාදීම අවශ්‍යය වේ. එම පාසල් වල සිටින දරුවන් ක‍්‍රීඩාවන් ස`දහා ද යොමු කළ යුතු ය. ජාත්‍යන්තරයට යැවීමේ දී ලොකු පාසල් වල දරුවන් ම පමණක් නොව කුඩා දුෂ්කර පාසලේ දරුවා ද අධ්‍යාපනයට මෙන් ම ක‍්‍රීඩාවට දස්කම් දක්වයි. ජාත්‍යන්තරයේ පවා දක්ෂතා පෙන් වූ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් බොහෝමයක් ගමේ පාසලේ දරුවන් වීම විශේෂ වේ. එම නිසා ගම - නගර භේදයකින් තොරව සියලූ පාසල් සංවර්ධනය කිරීම තුළින් ශ‍්‍රී ලංකාව නිවැරදි අධයාපන ක්ෂේත‍්‍රයට ඉදිරිපත් කළ හැකි ය.
සමහර විටෙක අ.පො.ස.සා.පෙළ විභාගයට මාසයක් දෙකක් තබා ගුරුවරුන් මාරුවීම් වලට ලක් වේ. එහෙත් එම පාසලේ අඩුව පිරවීම ස`දහා කිසිදු ගුරුවරයෙකු ලබා නොදෙයි. උපකාරක පංතියකටවත් යාගත නොහැකි දරුවන් තම බලාපොරොත්තු සුන් කර ගනී. මෙම පාසල ්දරුවන් පෙළෙන තවත් පොදු ප‍්‍රශ්නයක් වශයෙන් පෝෂණ මට්ටමේ අඩුපාඩුව ගත හැකි ය. බොහෝ දරුවන් උාදේ රැුස්වීමේ දී ක්ලාන්තය දමා ඇද වැටෙයි. ඔවුන් උදේ ආහාරය ගෙන පැමිණ නැත. උදේට කඩයට කඩයප්පම් දමා පාසලට පැමිණෙන දරුවන් ද නැතුවා ම නොවේ. පිටිසර ගම්බද දරුවන් බොහෝ අධ්‍යාපන ගැටළු වලින් පෙලේ.
එම දරුවන් න`ගා සිටුවීම ස`දහා සමාජයක් වශයෙන් අප සතු වගකීම් ද රාශියක් පවතී. දුප්පත් පාසල් සොයා උදව් උපකාර කිරීම , සංවර්ධනයට දායක වීම , ගුරුවරු අඩුපාඩු ඇති පාසල් ස`දහා ගුරුවරු ලබාදීම , එසේම සනීපාරක්ෂක පහසකුම් අඩු පාඩු සොයා සනීපාරක්ෂක සේවාවන් යළි ස්ථාපිත කිරීම , පහ ශ්‍රේණිය දක්වා ලබාදෙන උදේ ආහාරය අඩුම තරමින් සාමාන්‍ය පෙළ දක්වාම ලබා දීම කළ හැකිනම් රටේ අනාගතය භාර ගැනීමට බලා සිටින මල් කැකුළු ගම්වල ඉපදී ගම්වලට මියදීමට නොදී රට - සමාජය වෙත ගෙන්වා ඔවුන්ගේ ලස්සන ලෝකය පෙන්වීමට අපට කාලය උදාවනු නොඅනුමාන ය.
වටින අදහසක්...
ReplyDeleteNiyamai nadee
ReplyDeleteමුදලට අලෙවි වන නිදහස් අද්‍යාපනය නිදහස් අද්‍යාපනයකි ලෙස රැකගෙන අනාගත පරපුරට ලබාදීම අප සතු වගකීමකි.නගර බද පාසල් මෙන්ම ග්‍රාමීය පාසල් සදහා ලබාදිය හැකි සෑම පහසුකමක්ම සමාන ලෙස ලබාදීම රජයේ වගකීමය.
ReplyDeleteග්‍රාමීය පාසල් වෙනුවෙන් මෙවැන් අදහසක් ඉදිරිපත් කිරීමට යොමුවීම පිළිබඳව හදවතින්ම සතුටුවෙමි.
සුභ පැතුම්
Thank akke.... Eth akuru weradi
Deleteහොඳ වැඩක්.
ReplyDeleteGreat..!
ReplyDeleteGreat..!
ReplyDeleteGreat..!
ReplyDeleteExcellent
ReplyDeleteExcellent
ReplyDeleteExcellent
ReplyDeletekeep it up
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteWow niyama wadak akke
ReplyDeleteGodak අර්ථවත් akke..
ReplyDeletegood writing akkeeeeeeee.........keep it up.............sathutui.
ReplyDeletegood work
ReplyDelete