Wednesday 27 June 2018

පුවත්පත් කතුවැකි භාෂාව



පුවත් පත් භාෂාවේ සාර්ථකත්වයට බලපාන ප‍්‍රධාන සාධකයක් වශයෙන් කතුවැකිය දැක්විය හැකිය.
විවිධ අදහස් ප‍්‍රවෘත්ති තුළින් ඉදිරිපත් වනු ලැබූවද පුවත්පතේ හා කතුවරයාගේ මතය සෘජුවම ප‍්‍රකාශ වන්නේ
කතුවැකිය තුළ වේ. පුවත්පතෙහි ප‍්‍රධානතම කාර්යබාරය වන මහජන මතය සකස් කිරීම සදහා හොදම ආයුධය
වන්නේ කතුවැකියයි. පුවත්පතෙහි ප‍්‍රධාන කැඩපත වශයෙන්ද කතුවැකිය දැක්විය හැකිය. දිනපතා පුවත්පතක
නම් දිනපතා කැඩපත හා සතිපතා පුවත්පතක නම් සතියේ කැඩපත ලෙසද දැක්විය හැකිය.පුවත්පතේ හිමිකාරිත්වය
හා දේශපාලන පාක්‍ෂිකත්වය මත කතුවැකියේ අන්තර්ගතය වෙනස් වේ.කතුවැකිය පුවත්පතේ කර්තෘගේ වාක්‍ය
වේ. නමුත් මෙය කතුවරයා බලය පවරන ලද ජේ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් හෝ මණ්ඩලයකින්ද
කතුවැකිය රචනා කළ හැකිය.මෙම කතුවැකි නිර්මාණයේදී කතුවරයා බොහෝ විට ගැනෙනුයේ කාලීන සිද්ධී හා තොරතුරු ය.

කතුවැකකි පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් වී තිෙබි.
”යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සගරාවක ජේ්‍යෂ්ඪ කතුවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් දැක්විය හැකිය.”
(විකිපීඩියා විශ්වකෝශය)
කතෘමණ්ඩලය සිය මතය දැක්වීමේදි පුවත්පතක හෝ සගරාව ප‍්‍රකාශයට පත් කරන වාරයක් පාසා කාලානුරූපීව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්වකෝශය සදහන් කරනු ලබයි. 
”කතුවැකිය කාලීන ප‍්‍රස්තූතයක් සම්බන්ධව කතෘමණ්ඩලයේ මතවාදය දැක්වීමට පළකරන ලියවිල්ලක් වේ.”
(ඹකස්වර්ඞ් ශබ්ද කෝෂය)
තවද ”ප‍්‍රකාශයට පත්වන පුවත්පතක පළවන කාලීන තොරතුරු පිළිබද ප‍්‍රධාන කර්තෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් ”වශයෙන්ද කතුවැකිය දැක්විය හැකිය. එසේම පුවත්පතක හෝ කාලීනය ප‍්‍රකාශයට පත් කරන මුද්‍රිත ප‍්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සදහා කතුවැකිය උපයෝගී කර ගන්නා බව කියැවේ.
කතුවැකි පිළිදව විශේෂ අවධානය යොමුකළ පුද්ගලයෙක් වූයේ ප‍්‍රංශ පුවත්පත් කලාවේදියෙක ව ඇල්බෙයා කැමූය.ඔහුගේ අදසහසට අනුව කතුවැකියක අඩංගුවිය යුත්තේ එක අදහසක් උදාහරණ දෙකක් සහ පිටු තුනකි.එසේම වචන ප‍්‍රමාණය 600 ත් 700ත් අතර ප‍්‍රමාණයකින් සමන්විත විය යුතුය.

කතුවැකිය ප‍්‍රධාන ලිපිය වීම නිසාම එය පළ කරන පිටුව කතුවැකි පිටුව ලෙසද හැදින්වේ.බොහෝ විට පුවත්පතේ මැද පිටුවේ පළවන ප‍්‍රධාන ලිපිය හා දේශපාලන කාටූනය කරනුයේද එම පිටුව තුළමය. කතුවැකි  පිටුව එක් එක් පුවත්පතට අනුව වෙනස් විය හැකි නමුත් බොහෝ විට වම්පස පිටුවක යොදාගනු දැක ගත හැකිය. එහෙත් විශේෂිත අවස්ථාවලදී පාඨක අවධානය යොමුකර ගැනීම සදහා මුල් පිටුවෙහි පළ කරන අතර වරක් ඇත්ත පුවත් පතෙහි කතුවැකියද මුල් පිටුවේ පළ විය.
පුවත් පතේ අරමුණු දේශපාලන බල අධිකාරියේ ස්වාභාවය මත කතුවැකි පුවත්පතෙන් පුවත්පතට වෙනස් වේ.ඒවායෙහි අන්තර්ගත ලක්‍ෂණ අනුව වර්ග කිහිපයකට වෙන් කළ හැකිය.
1. ජනමතයක් නිර්මාණය කිරීම සදහා රචනා කරන කතුවැකි.
2. සමාජ ප‍්‍රශ්න සදහා උනන්ඳුවක් ඇති කිරීම සදහා රචනා කරන කතුවැකි.
3. සමාජ අසාධාරණයන්ට විරුද්ධ වීම සදහා ජනතාව පොළඹවාලන කතුවැකි.
4. යම් යම් පාර්ශවවල මත ආකල්පයන් කෙරෙහි බලපෑම් ඇති කරන කතුවැකි.
5. සරළ ප‍්‍රවෘත්ති පිළිබද ගැඹුරු විග‍්‍රහයක් සිදු කරන කතුවැකි.
6. විශේෂිත පුද්ගලයන්ට සුබ පැතීම සදහා රචනා කරන කතුවැකි.
7. ආයතන හෝ ව්‍යාපාර අභිවෘද්ධිය සදහා රචනා කරන කතුවැකි.
පුවත්පත් කලාවේදීන්ගේ මතය වන්නේ සෑම කතුවැකියක් ම රචනා කිරීමේදී ආරම්භය,මධයය භාගය හා අවසානය නිසි ලෙෂ ගැලපිය යුතු බවයි.
පුවත්පත් භාෂාව විවිධ වූ භාෂාවක් අනුගමනය කරනු ලැබූවකි.පුවත්පතේ ලේඛන ආකෘති සහ විෂය අන්තර්ගතයන්ට අනුව එහි භාෂාලක්‍ෂණ වෙනස් වේ. ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලිකාංග ත්‍වන් වෙන් භාෂා ලක්‍ෂණ ප‍්‍රකට කරනු ලබයි. කතුවැකි නිර්මාණය කරන විට නිර්මාණශීලි ලේඛකයන් සාම්ප‍්‍රදායික ලේඛණ ආකෘතියේ නොසිට සූක්‍ෂම ලෙස භාෂා රටා වෙනස් කරති. පුවත්පතක අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සදහා කතුවැකියේ භාෂාව වැදගත් වේ . කතුවැකියේ භාෂාවේ නිර්මාණශීලී ස්වරූප පිළිබද අවධානය යොමු කිරීමේදී මූලික වශයෙන් කතුවැකිය දෙඅංශයක් යටතේ හඳුනාගත හැක.
1.කතුවැකියේ ආකෘතිය
2.කතුවැකියේ අන්තර්ගතය
ආකෘතිය යටතේ කතුවැකියේ භාහිර ස්වරූපය පළිබදව අවධානය යොමු කෙරේ. ඒ අනුව පුවත්පතේ කර්තෘවරයා හෝ ඔහු විසින් බලය පවරන තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරනු ලබයි. සමකාලීන සමාජ ප‍්‍රස්තූතයන් සමාජයක් තුළ පැවතුන දෙයක් අනාගතයේ සිදු වේ යැයි අපේක්‍ෂිත යම් සිදුවීමක් කතුවැකිය සදහා විෂය වේ. බොහෝ විට ජනමාධයය තුළ වාර්ථා වූ සිදු වීමක් ඇසුරින් කතුවැකිය නිර්මාණය වේ. 
ආකෘතිය තුළ කතුවැකිය ඉදිරිපත් වන පිටුවද දැක්වේ. එහිදි කතුවැකි බොහෝ විට ප‍්‍රධාන පිටුවෙහි පළ වේ. ප‍්‍රධාන තේමාවට අදාළවගොඩනගා ගන්නා අවසානය ඔස්සේ පියවර කිහිපයකි යටතේ ඉදිරිපත් වේ. කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ඨියට හා ප‍්‍රතිරූපයට අනුව සියල්ල සමාලෙිචනය කිරිමෙනි. ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලී බව උදෙසා එහි ආකෘතික ලක්‍ෂණ ඉවහල් වේ.
කතුවැකියේ අන්තර්ගතය කෙරෙහි එහි ආඛ්‍යානය භාෂා ලක්‍ෂණ පිළිබදව අවධානය යොමුකෙරේ. කතුවැකියේ ප‍්‍රධාන වශයෙන් නිර්මාණශීලිත්වය උදෙසා ඉවහල් වන්නා වූ අංගයන් වශයෙන් භාෂාව දැක්විය හැකිය. නිර්මාණශීලි කතුවැකි රචනාවන් වූ කළි දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂනය වූවකි. මෙහිදී රචකයා අන්තර්සංස්කෘතිකමය වශයෙන් ලබන ශික්‍ෂණය වැදගත් වේ. පුරාතන නූතන භාෂා සම්ප‍්‍රධායන් මෙන්ම ඒවායෙහි නව ප‍්‍රවණතා පිළිබදවද කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් පැවතිය යුතුය. එසේම භාෂාව සහ සංස්කෘතිය ජනවහර හදාරා තිබීමද වැදගත් වේ. භාෂාව ගොඩනැංවීම  රටාවක් සේම බස හැසිරවීමේ වියරණ නීතිද හදුනාගෙන තිබීම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශයය වේ. ඒ අනුව කතුවැකි රචකයා බාහිර අංග වශයෙන් ගැනෙන වචන සහ එහි අබ්‍යන්තර අංගයන් වශයෙන් සැලකෙන අදහස් හැගීම් පිළිබදව සමබරව අවධානයට ලක් කළ යුතුය. 
කතුවැකි භාෂාව පිළිබද සැලකිලිමත් විය යුතු ප‍්‍රදාන කරුණු දෙකකි. 
1. යොදා ගන්නා වචනවල නිශ්චිතාර්ථ යන් පිළිබද සැළකිළිමත් වීම.
2. අදාළ ලිපියේ ස්වරයට ගැලපෙන පරිදි වචන බාවිතා කිරිම
කතුවැකි වල භාෂා භාවිතය පිළිබද ව අවධානය යොමු කරන විට ප‍්‍රකට පුවත්පත් කලාවේදියෙක් වන දෙනගම සිරිවර්ධන විසින් මතුකළ අදහස් වැදගත් වේ.
”කතුවැකියක අදහස් ප‍්‍රකාශනය අතිශය සංක්ෂිප්ත විය යුතුය. වැල් වටාරම්වලට උපමා අලංකාරවලට කතුවැකියක ඉඩක් නැත . උපමා අලංකාරවලට ඉඩ නැතත් එහි බස මන බදනා සුුළු විය යුතුය. කෙතරම් වැදගත් හරවත් කරුණුවලින් පිරී පැවතියදඑ ය ඉදිරීපත් කරන ආකාරය පාඨකයා ආකර්ශනය කරන්නක් නොව් නම් ඒ කතුවැකිය සහිත පිටුව ගැලපෙන්නේ බඩු එතීමට පමණි. මන්ද ජනවිඥාණය මෙහෙයවීමට ඒ කතුවැකියට ශක්තියක්  නැති හෙයිනි.”
කතුවැකි රචකයා මෙම සියළු අංශයන් කෙරෙහි සැළකිළිමත් වෙමින් කතුවැකි රචනා කිරීමෙන් නිර්මාණශීලි කතුවැකි රචනා කළ හැකිය.

Saturday 23 June 2018

ඕස්ටේ‍්‍රලියානු මුද්‍රිත මාධ්‍ය ආචාර ධර්ම




 


ආචාර ධර්ම ලෙස විවිධ මතවාදයන් පැමිණ ඇත . දර්ශන විෂය තුළ ආචාරධර්ම ලෙස හදුන්වනු ලබන්නේ සමාජක‍්‍රියා සමාජඅන්තර්ක‍්‍රියා සහ මානසික සාධක පාදක කරගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. කෙසේ හෝ ජනමාධ්‍යයක කාර්යබාරය වන්නේ ජනතාව වෙත නිවැරදි  තොරතුරු ලබා දීම ය. විශ්ව ගම්මාන සංකල්පය සමග තොරතුරු සමාජයක් ගොඩනැගී ඇත . එම හේතුව මත ජනතාව නිවැරදි හා නව්‍ය තොරතුරු දැනගැනීමේ අභියෝගයක නිරතව සිටී. මෙම අභියෝගය සාර්ථක කිරීම සදහා ප‍්‍රබලව උදව් කරනු ලබන්නේ ජනමාධ්‍යයන් ය. මාධ්‍ය වූ කලී කොටස් දෙකකින් හදුනා ගත හැකි ය.



▪ මුද්‍රිත මාධ්‍ය
▪ විද්‍යුත් මාධ්‍ය
 මුද්‍රිත මාධ්‍ය යටතේ බොහෝ විට මුද්‍රණය කරන ලද පුවත්පත් සගරා පෝස්ටර් වැනි සාදක ඇතුළත් වේ.රටකට මාධ්‍යයන් පාලනයකට ලක් කරමින් මාධ්‍යයන්ගේ අත්තනෝමතික පාලනය තුරන් කළ හැකිය. මේ සම්න්ධයෙන් ජනතා සුබ සිද්ධිය ම ූලික කරගෙන ඇත . මේ වන විට බොහෝ රටවල් ආචාරධර්ම සංග‍්‍රහයක්
හෝ ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇත . ඕස්ටේ‍්‍රලියාව තුළද මුද්‍රිත මාධ්‍යය හා සම්බන ්ධ ප‍්‍රතිපත්ති සංග‍්‍රහයක් ඉදිරිපත් කර ඇත . මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ එරට පුවත්පත් මණ්ඩලය විසිනි. 1976 දී ආරම්භ කරන ලද මෙම පුවත්පත් මණ්ඩලය මාධ්‍ය ප‍්‍රායෝග ික ප‍්‍රමිතීන ් ප‍්‍රවර්ධනය කිරීම මහජන යහපත සදහ තොරතුරු ලබාගැනීමට ප‍්‍රජා ප‍්‍රවේශයන් සහ ජනමාධ්‍යය හරහා ප‍්‍රකාශ කිරීමේ නිදහස  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් සගරා සහ ආශ‍්‍රිත
ඩිජිටල් වෙළදසැල් පිළිබද පැමිණිලිවලට ප‍්‍රතිචාර දැක්වීමේ වගකීම දරන ආයතනය ලෙස දැක්විය හැකි ය.
 ඕස්ටේ‍්‍රලියානු මුද්‍රිත මාධ්‍යයන්ට බලපාන ආකාරයෙන් ප‍්‍රමිතීන් කොටස් දෙකක් ඉදිරිපත් කර ඇත .
▪ පොදු  මූලධර්ම
▪ පුද්ගලිකත්ව ප‍්‍රකාශන  මූලධර්ම
මෙම ප‍්‍රමිතීන්හිදී කරුණු 8 ක් සහ 7ක් වශයෙන් ප‍්‍රමිතීන් ඉදිරිපත් කර ඇත . පොදු ප‍්‍රමිතීන් වල දිගුවක් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමක් වශයෙන් පෞද්ගලික ප‍්‍රතිපත්තිය හදුන්වා දිය හැකි ය. මෙම කරුණු වලදී ජනතාවට වග කියන මාධයයක් මාධ්‍යයක් මෙන්ම ජනතා සුබසිද්ධිය උදා කර ගත හැකි ආකාරය පිළිබද කරුණු ඉදිරිපත් වේ. මෙම ප‍්‍රමිතින්ට අමතරව සංශෝධන වශයෙන් තවත් ප‍්‍රමිතීන් දෙකක් ඉදිරිපත් කර ඇත .පොදු මූලධර්ම හිතාමතාම පුළුල් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඒවා නම්‍යශීලීව හා සංවේදීව යෙදිය යුතු ය. එසේම මාධ්‍යවේදීන් සහ මහජනයා විශේෂිත අවස්ථාවන්හි ඒවා භාවිතා කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබද යම් ඇගවීමක් කර ඇත . එබැවින් පොදු මූලධර්මයන් අනුකූගලනය කිරීම සදහා පා‍්‍රයොගික ප‍්‍රමිතීන් හි අවශ්‍යතාවය ඉස්මතු වී ඇත . එම නිසා 2011 දී හා 2014 දී පිළ වෙලින් ප‍්‍රමිතීන් හදුන්වා දී ඇත .
▪ සියදිවිනසාගැනීම් ආවරණය කිරීම (2011 අගෝස්තු මස*
▪ රෝහල්වල නේවාසික පහසුකම් ලබන පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම ( 2014 ජූලි*
මෙම ප‍්‍රමිතීන් සියල්ලෙන්  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත්හි ප‍්‍රතිපත්ති මාලාව සම්පාදනය කර ඇත. රටක මාධ්‍යයන් වෙත පොදු ප‍්‍රතිපත්ති මාලාවක් පැවතීම ඉතා වැදගත් වේ. එම වැදගත් වීම මත පොදුජන යහපත මෙන්ම මාධ්‍ය ඉදිරිගමනේ සාර්තකත්වය තීරණය වන බව අදහසයි. 

Monday 18 June 2018

පුවත්පත් කාටූන් කලාව



වර්ථමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත් වී තිබෙන කාටූන් අකුරු කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුලුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. කාටූන් ,චිත‍්‍ර කලාවෙන් පෝෂණය වී බිහි වූවක් වුවද අද එය ජීවත් වන්නේ පුවත්පත් කලාවේය.ශිෂ්ටාචාර වල ආරම්භයේ පටන්ම චිත‍්‍රක සන්නිවේදනය පැවතියද මුල්ම කාටූන් ලක්‍ෂණ දක්නට ලැබුණු ස්ථානය ලෙෂ ඇතැමෙකු සලකන්නේ පොම්පෙයි නුවර ඇද තිබූ සියුම් හාස්‍යයක් ජනිත කරවන සිතුවම් පෙළකි . එසේම යුරෝපයේ සමහර පල්ලි ආශි‍්‍රතව ගාර්ගොයිල්ස් යනුුවෙන් හැදින් වූ විකට ස්වරූපයක් ගන්නා මූර්ති පෙළක්ද 13 වැනි සියවසේදී දක්නට ලැබුණු අතර ඊ.එස්.මාස්ටර් නම් ජර්මන් ජාතික චිත‍්‍ර ශිල්පියෙකු 1466 වර්ෂයේදී හෝඩියේ අක්‍ෂරවලට හාස්‍යයජනක මුහුණුවරක් ලබා දී තිබුණි.මේ අයුරින් නව චිත‍්‍ර කලාවකට මාවතක් වැටී තිබුණද එය ඉදිරියට ගෙන එනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික අනිබාල් සහ අගෝස්තිනෝ යන සහෝදරයන් දෙදනා විසිනි.ඔවුහු 16 වන සියවසේදී නූතන කැලිකා්චර චිත‍්‍ර නිර්මාණය ආරම්භ කළහ.

කාටූන් චිත‍්‍ර කලාව ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ බටහිර ජාතීන් මගිනි. වර්ෂ 1940 දී බි‍්‍රතාන්‍යය ජාතිකයින් විසින් චීනයට කාටූන් කලාව හදුන්වා දුන් අතර ජපාය 1867 වසරේදී එය හදුනා ගන්නා ලදී . ඊට පෙර ද ජපානයේ පැරණි කාටූන් කලාවක් පැවත ඇත. 19 වැනි සියවසේදි ඇලෙක් සැන්ඩර් ඔර්ලෝවස්කිමගින් රුසියාවේ කාටූන් කලාව ඇරඹී අතර බෙන්ජමින් ෆ‍්‍රෑන්ක් ලීන් ඇමරිකාවට එය හදුන්වා දුන්නේය.ඇමරිකානු පුවත් පතක පළ වූ ප‍්‍රථම කාටූනය වන්නේ  වදසබ දර ාසැ  නැමති 1754 මැයි 9 වන දින පෙනිසිල්විනියන් නම් ගැයට් පත‍්‍රයට අදිනු ලැබූ කාටූනයයි. එම කාටූනයෙහි කැබලි අටකට වෙන්වූ සර්පයෙකු දැක ගත හැකි වන අතර එමගින් ඇමරිකාවේ ප‍්‍රාන්ත 8 ක් පිළිබදව තොරතුරු හමුවේ.එනම් නිව්යෝර්ක් ,නිව් ඉන්ග්ලන්ඞ්, නිව්යොර්ක්, නිව්ජර්සි, පිලඩෙල්ෆියා, මිනසෝටා, වර්ජිනියා, නෝර්ත් කැලරිනා සහ සවුත් කැලරිනා යන ප‍්‍රාන්ත සංකේතවත් කරමිනි.බි‍්‍රතාන්‍යය යටත් විජිතයන් වලට කාටූන් හදුන්වා දෙනු ලැබුවේ මිෂනාරින් විසිනි.කැරිකේචර් චිත‍්‍ර අතීතයේ සිට බි‍්‍රතාන්‍යයේ තිබුනද කාටූනය බි‍්‍රතාන්‍යයට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් බ‍්‍රවුන් නම් ශිල්පියාටය. බි‍්‍රතාන්‍යයේදීද කාටූන් කලාවට සුවිශේෂි ස්ථානයක් හිමිවුණි. එය විරෝධය පෑමේත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත් ජනප‍්‍රිය අංගයක් විය. ඉතිහාසයේ කෘරතම පාලකයෙක් වශයෙන් සැලකෙන රුසියාවේ ජෝෂප් ස්ටාර්ලින් සිය විරුද්ධවාදීන් දහස් ගණනින් ඝාතනය කළඅයෙකි. ඇමරිකාවේ හර්බට් ලොරන්ස් බ්ලොක් නැමති කාටූන් ශිල්පියා වොෂින්ටන් පෝස්ට් පුවත් පතට අදිනු ලැබූ ස්ටාර්ලින් මාරයා රැුගෙන යාමේ කාටූනය 50 දශකයේ කැපී පෙනුන කාටූනයකි. ලේ 


තැවරුනු දෑකැත්තක් අතින් ගෙන පිටුපස හරවාගෙන ඇවිදින ස්ටාර්ලින්ට සමීපව විශාල ආයුධයක් අතින් ගත් මාරයාද ඇවිද යන බව එම කාටූනයයි. වර්ෂ 1838 දී ප‍්‍රංශයේ චරිවරි පුවත්පත දේශපාලන කාටූන් භාවිතා කළ අතර එයින් ආභාෂයක් ලැබු ලන්ඩනයේ රිචට් ඩෝලි පන්ච් පුවත් පතට කාටූන් ඇන්දේය. ප‍්‍රධාන දේශපාලන කාටුන් කලාව පුවත් පතට එකතු වූ මුල් අවස්ථාව වන්නේ 1884 දී ඇමරිකාවේ පැවති ජනාධිපතිවරනය අරභයා වෝල්ට් මැක් ඩෝගල් විසින් නිව්යෝර්ක් වර්ල්ඞ් පුවත් පතට සැපයූ බෙල්පාසර්හි රාජකීය මංගල්‍යය නම් තේමාව යටතේ ඇදි කාටූන් පෙළ ලෙස සැළකේ.
දේශපාලන කාටූන් චිත‍්‍ර නිර්මාණකරණයේ ආරම්භක අවධියේ සිටි ශිල්පියෙකු වශයෙන් ඇමරිකාවේ තෝමස් නැට්ස් ප‍්‍රමුකස්ථානයේ විය. ශ‍්‍රී ලංකාවේ කාටූන් කලාව පිළිබදව දැක්වීමේදී සෑම රටකම පාහේ ලංකාවේද කාටූන් ආරම්භ වී ඇත්තේ චිත‍්‍ර කලාව පදනම් කරගෙනය. ලංකාවේ පැරණි මූර්ති කලාවේ රූප කාටූන් කලාවට සමීපත්වයක් දක්වයි.ඉසුරුමුණියේ ගලින්   නෙළු පිළිම තුළ හාස්‍යය උපහාසය තිබෙන බවට සාදක  ඇත. අපේ පැරණි වෙස් මුහුණු කලාවෙත් අතිශයෝක්තියට නැගුණු මූලික ලක්‍ෂණ පිළිබිඹු වෙයි. 
කාටූන් චිත‍්‍ර වලට සමානකම් පාන චිත‍්‍ර විශේෂයක් කැලෑ චිත‍්‍ර ලෙස පැමිණ ඇත.මෙහිදී සිදුවන්නේ තවකෙකුගේ නොහොබිනාකම් උපහාසයට ලක් කිරිමයි. කෙසේ වෙතත් වර්ථමාන කාටූන් චිත‍්‍රයට කැළෑ චිත‍්‍ර හා විකෘති චිත‍්‍ර හේතු විය. ලංකාවේ පුවත්පතක් මුද්‍රණය වන්නේ ලංකාවේ පුවත් පතක් මුද්‍රණය වී සියවස් දෙකක් පමණ ගත වූ පසුවය. 
ලංකාවට කාටූන් කලාව ලැබුනේ බටහිරිනි. නිදහස ලැබීමට පෙර මෙරට පුවත් පත් තුළ දේශිය කාටූන් චිත‍්‍ර දක්නට ලැබුනේ නැත. එහෙත් විදෙස් පුවත් පත් වල පළ වූ කාටූන් මෙරට පුවත් පත් වලද දක්නට ඇත. ශී‍්‍ර ලංකාවේ පළවූ මුල්ම කාටූනය ලෙෂ සිංහල විශ්ව කෝෂයේ සළකන්නේ දිණමිණ පුවත්පතේ පළ වූ ”මුදලාලි” කාටූනයයි. බොහෝ පුවත් පත් ස`ගරා සන්නිදර්ශන චිත‍්‍ර නිර්මාණයේදී සුදු කළු වර්ණය භාවිතා කළ ඇත. ඔෆ්සෙට් මුද්‍රණ ක‍්‍රමය ව්‍යාප්ත වීමෙන් පසුව මේවා වර්ණයෙන්ද මුද්‍රණය වී ඇත. මේ අයුරින් විකාශනය වී ශී‍්‍ර ලංකාව තුළද කාටූන් නලාව ජනප‍්‍රියත්වයට පත්ව ඇත. 
කාටූන් වර්ග කිහිපයක් යටතේ කාටූන් ශිල්පියෝ තම නිර්මාණය කරනු ලබයි. එනම්,
  • දේශපාලන කාටූන් 
  • පොකට් කාටූන්
  • කාටූන් චිත‍්‍ර කතා 

වශයෙනි. කාටූන් පිළිබදව දැක්වීමේදී විශේෂ ලක්‍ෂණ රාශියක්ද පවතී. එහිදී



  • කාලීන ගැටළු නිරූපනය කරයි.
  • උපහාසාත්මක බව.
  • කාලත‍්‍රයේම කියවිය හැකිය.
  • නෛතික රාමු නැත .
  • විශාල පරාසයක් රූප සටහනකින් ඉදිරිපත් කරයි.
  • සමාජය පුළුල්ව විශ්ලේෂණය කරයි.

යනාදී ලක්‍ෂණ දැක ගත හැකිය. දේශපාලන කාටූන් ශිල්පීන් කාටූනයක් නිර්මාණය කිරීමේදී එක් එක් කාටූන් ශිල්පියා භාවිතා කරන විවිධ ක‍්‍රමවේද පවතී.දේශපාලන කාටූනයක් කොටස් හයක් යටතේ සාකච්ඡුා කෙරේ.
  • සංකේත
  • නම් සටහන් කිරීම
  • ශීර්ෂපාඨ
  • අතිශයෝතිය
  • පොදු ක‍්‍රමවේදය
  • දෙබස්

වශයෙනි. පවතින ගැටළුකාරී තත්වයන් මේ යටතේ කාටූන් ශිල්පීන් විසින් කාටූන් නිර්මාණය කරනු ලබයි.

Wednesday 13 June 2018

උන්මාදනීය පේ‍්‍රමය

 ජනපි‍්‍රය සංස්කෘතිය තූළ දේව්දාස්
   
ඉන්දියාවේ දී, දේව්දාස් ජනප‍්‍රිය චරිතයක්  බවට පත්වී ඇති අතර, නොකැළඹවූ පේ‍්‍රමනීයයන් සඳහා වූ උපකරණයක් බවට පත්ව ඇත. එය ශරත් චන්ද්‍රා චැටර්ජිගේ කෙටි නූතන වලින් උපුටාගත්තකි. 

1917 දී ප‍්‍රකාශයට පත්කරන ලද නවකතාවේ කතුවරයාගේ නොසතුටට පත් වීමෙන් එය සම්භාව්‍ය තත්ත්වයක් අත්පත් කර ගෙන ඇත. පරපෝෂිතයන් සහ සමාජීය කම්පනයන්ට මුහුන දීමෙන් ඇතිවන ඛේදජනක කථාව මෙයයි. ප‍්‍රධාන චරිතය නිරතුරුවම බේබදුකමක් බවට පත්වන අතර, මත්පැන් හා කාන්තාවන් පිළිබද භීතියට පත්වන  චරිතයකි. කතාව අවසන් වන්නේ ප‍්‍රධාන චරිතයේ මිය යාමෙනි.  බොහෝ සාහිත්‍යය රාශියකට වඩා පුස්තකාලවල ධූලි පොත් රාක්කවලට එය අමතක වී නැත. කතුවරයා නවකතාවෙන් ඉවත්වූ විට, චිත‍්‍රපට නිෂ්පාදකයින් විෂයය භාර ගත්තේය. බොන්ගාලි, තෙලිගු, දෙමළ සහ හින්දි වැනි විවිධ ඉන්දියානු භාෂා  මත පදනම්ව බොහෝ චිත‍්‍රපට නිර්මාණය කර ඇත. 1930 දී බරුවා විසින් දේව්දාස් පිළිබඳ තවත් චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. බුටෙලි අනුවාදයේ බෙංගාලි අනුවාදය ලෙස බුරෙයිහීම් හා ඞී. ඩබ්ලිව්. සෙයිගල් හින්දි අනුවාදයෙන් චිත‍්‍රපටය නිර්මාණය විය. මෙය බෙන්ගාලි භාෂාවෙන් පේ‍්‍රක්‍ෂකයන්ගේ සිට දේව්දාස්ගේ පළමු පිටපත හා ගමන් කළහ. එබැවින්, සෑම භාෂාවක්ම චිත‍්‍රපට නිෂ්පාදකයින් සඳහා දේව්දාස් මාතෘකාවක් බවට පත්විය. බොලිවුඞ් නාට්‍යයේ බොලිවුඩයේ බලධාරියා නිසා හෝ උතුරු-ඉන්දීයන් වෙත ළඟාවීම සඳහා ඇති හැකියාව හෝ බොලිවුඞ් නිපැයුම් වලට පසුපසින් තිබෙන නාදය හා අනුනාදය තුල අතිශයින්ම ආකර්ෂණයට පත්ව ඇත.

ඉන්දියාවේ ජනප‍්‍රිය පරිකල්පනය බොක්ස් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා වන බිමල් රෝයි විසින් 1955 දී දේව්දාස්ගේ තවත් ජනප‍්‍රිය අනුවාදයක් නිර්මාණය කරන ලද්දේ ය. සංජේලීලා බන්සාලි විසින් 2002 දී දේව්දාස්ගේ තවත්් සංස්කරණයක්  අනුගමනය කරමින්  2009 දී නිකුත් කරන ලද අනුරාග් කාෂාෆ්ගේ දේවා ඞී චිත‍්‍රපටයද අගය කළ හැකි චිත‍්‍රපටයකි. මෙම නැවත අති විනෝදාස්වාදයන් සඳහා නිශ්පාදන ස්ථානයක් නිර්මාණය විය. දේව්දාස් ජනප‍්‍රිය ඉන්දියානු පරිකල්පනය තුළ. මෙම න්‍යායේ අර්ථය අහිමි වී ඇති අතර, සෑම පසු චිත‍්‍රපට නිෂ්පාදනයක් පසුව ටොනොව්ඇල්ලෙන් නිශ්චිත බැහැරවීම් ගෙන එනු ඇත. එමගින් මුල් කථාව හා පූර්ව චිත‍්‍රපට නිර්මාණයන්, සියල්ල නැවත අර්ථකථනය කිරීම සඳහා නව ප‍්‍රයත්නයක් සඳහා මූලාශ‍්‍ර පෙළ බවට පත්ව ඇත. බිමල් රෝයි සහ සංජේ ලීලා බන්සාලි අනුවාදයේ ඇත්ත වශයෙන්ම, මහජන පරිකල්පනයේ දී දේව්දාස්ගේ මතකය ප්ලැම්ස්පෙස්ට් ලෙස පවතී. සෑම ඉන්දියානුවෙක්ම ඔහුගේ ජීවිත කාලය තුළ දී දේව්දාස්ගේ සමහර අනුවාදයන් පිළිබඳ දැනුමක් ලැබුනේ බෙංගාලි නාට්‍යය කියවීම හෝ විවිධ පරිවර්ථනවල හෝ විවිධ භාෂා වලින් පසුව චිත‍්‍රපට නිශ්පාදන මඟින් ය. විවිධ භාෂාවල දී දේව්දාස් ප‍්‍රතිනිෂ්පාදනය නවීන ඉන්දියාවේ මධ්‍යයම මිත්‍යාවන්ගෙන් එකක් බවට පත්ව ඇත. ටෝටෝවෙල්ලා, බිමල් රෝයිගේ 1955 සංස්කරණය සහ සංජය ලීලා බන්සාලිගේ 2002 අනුවාදය සමඟ කටයුතු කරන්නේ, ‘ජාතියේ තේමාවන්‘ සහ ඒවායේ නිරූපණයන් ගැන සොයා බැලීම  තුළින් ජනපි‍්‍රය සංස්කෘතියේ දේව්දාස්ගේ භූමිකාව හදුන් ගත හැක.  
ඉන්දියානු සන්දර්භය තුල සමාජ හා දේශපාලන සංවර්ධනය පිළිබඳ පුරුක හඳුනා ගැනීම සඳහාමම මූලිකවම සලකා බලන සිනමාත්මක ප‍්‍රතිනිර්මාණයන්, හින්දි භාෂාවෙන් සිදු කරන ලද අතර එය බෙන්ගාලි හි ලියා ඇත. මේ අනුව, ඔවුන් භාෂාමය පරිවර්තන කාණ්ඩයට අයත් වන අතර, ඉලක්කගත ප්‍රෙක්‍ෂකයින් සැලකිය යුතු ලෙස වෙනස් වන නමුත්, සියළුම සිනමා අනුවාදයන් බෙංගාලයේ ජනප‍්‍රිය වී ඇත. මීට අමතරව, මෙම නිෂ්පාදන වසර 1917 සිට 2002 දක්වා සිට සියවසකට ආසන්න කාලයක් ගතවේ. ඉන්දියාවේ දේශපාලන වාසි සහ පාරිසරික චරිතවල වෙනස්කම් ඇති කරවන මාර්ගයන් මෙම පසුබිම් වලදී ස්වභාවික ප‍්‍රකාශනයක් සොයා ගනී. මේ හැම ඉන්දියාවේ ජනපි‍්‍රය  සංස්කෘතිය වේ.  රෝමානු ජාකොබ්සන්ගේ රචනා අනුව දේව්දාස් ”අන්තර්භාෂා” සහ ”ඉන්ටරේමියොට්ස්ටික්” යන පරිවර්තනයන් ලෙස සැලකිය හැකිය. චිත‍්‍රපට අනුවර්තනයන් හා සාහිත්‍යමය පාඨයන් සාමාන්‍යයෙන් අධ්‍යයනය කර ඇත්තේ සමාන අසමානකම් ගවේෂණය කිරීමයි. එනම්, සියලූම චිත්රපට අනුවර්තනයන් තුල සම්පතක් බවට පත් කිරීම සඳහා විශ්වාසනීයත්වය. 
දේව්දාස් චිත‍්‍රපටය සදහා සැලකිය යුතු බාධා එල්ල වී තිබේ. විශ්වාසවන්තකම වෙනුවට වඩාත් ඵලදායී ස්ථාවරයක් නම් චිත‍්‍රපටය ”වෙනත් තැනක නිෂ්පාදනය කරන ලද තවත් විෂය කථාවක් තුල, මූලද්‍රව්‍යයක් (කුමන්ත්රණයක්, තේමාව, චරිතය ආදිය*” ලෙස සැලකීමයි. කෙසේ වෙතත් තවත් මාධ්‍යයක් තුළ නැවත මතුවීම ද බලපානු ලබයි. එපමනක් නොව, සිනමා සම්ප‍්‍රදායේ සෘජු සම්ප‍්‍රදායක් ඇත. මේ අනුව, රෝයි ඩි දේව්දාස්හි  වෙතින් ලෞකික හැරීම් සහ නවෝත්පාදනයන් සිදු වේ. ඉන්දියානු සිනමා සම්ප‍්‍රදාය තුළ දේව්දාස්ගේ කථාව අධයක්‍ෂකවරුන් විසින් සැලසුම් කර ඇති පරිදි ප‍්‍රධාන චරිතයේ නව චලිතයන් සමඟ නැවත නැවත සැකසුම් රාමු හා ඇතුළත් කිරීම් සිදු කරයි. සමහර විට, වර්තමාන කාලයේ පැරණි කතාවේ ප‍්‍රති-සන්දර්භයක්, ෆ්රැුන්සෙස්කෝ කැෂෙට්ටි මෙසේ ලියයි. ”මූලාශ‍්‍ර පෙළ සහ එහි ව්යුත්පන්නය ලෝකය පුරා දර්ශනය හා ඉතිහාසය තුළ විවිධ ස්ථාන දෙකක් අල්ලා ගනී ......... .කෙසේ වෙතත්, අනුවර්තනය වීම මූලික වශයෙන් ප‍්‍රතිසමූලිකරනය පිළිබඳ ප‍්‍රචලිත කිරීම හෝ, වඩා හොඳ, එහි සන්නිවේදන වෙනස්කම් සැකසීම වේ. වඩාත් වැදගත් හා නොනැසී පවත්නා වෙනස්කම් වලින් එකක් වන්නේ වචනවල විස්තර කිරීම මත ප‍්‍රතිරූපය නිර්මාණය කිරීම නිසාය. චිත‍්‍රපටි සහ පෙළෙන් එක් සුවිශේෂී උදාහරණයක් නිදර්ශන ලෙස නවෝරා තුල පාරෝ හා චන්ද්‍රමූකී  එකිනෙකා මුණ ගැසී නැත. එහෙත් අධ්‍යක්‍ෂවරු සියලූ දෙනාම කෙසේ හෝ එකිනෙකා මුණගැසී ඇත. භන්ෂාලි පවා ගීත ගායනා කිරීමට හා ඔවුන් නර්තනයට එක්වීමෙන් පසුවය කතාව ගොඩනැගෙනුයේ.  ප‍්‍රවීණ චිත‍්‍රපට න්‍යායාචාර්ය ලාමාර්ක් සහ ඔස්ලෝට අනුව චිත‍්‍රපටවල තේමාවන් වර්ග දෙකකින් සමන්විත වේ.  බහුල තේමාවන් හා එක් මාතෘක් තේමාවන් වේ.
දේව්දාස් ජාතික ප‍්‍රශ්නයට සැලකිය යුතු ආකාරයකින් කටයුතු කරන බව ප‍්‍රකාශ කිරීමට අපහසු වනු ඇත. යටත් විජිතවාදයේ ලියැවුණු නව ලිපි පවා, යටත් විජිත අධිකාරය හෝ යටත්විජිතවාදී ජාතිකවාදයේ නාමකරණය ගැන සඳහන් කර ඇත. ඊට අමතරව, අධ්‍යක්‍ෂකවරයෙකුට ප‍්‍රතිවිපාකයක් වන (බිමල් රෝයි සහ සංජේ ලීලා බන්සාලි වැනි අධ්‍යක්‍ෂණයන් අතහැර දැමීම හැර*, මූලිකව සැලකිලිමත් වන චිත‍්‍රපටයක් බවට ඉන්දියාවේ කෙසේ වෙතත්, මේ සියලූ කලා කෘති අනිවාර්යයෙන්ම එය පැන නගින සන්දර්භය තුළ සමාජ-සංස්කෘතික හා දේශපාලන ව්‍යුහය සමඟ බැඳී සිටින බවක් ප‍්‍රතික්‍ෂේප නොකරයි. මෙම නඩුවේදී, මයිකල් බිලීග්ගේ සංකල්පීය ජාතිකවාදී සංකල්පය මෙම අදහසෙහි අපිරිසිදු බව පැහැදිලි කිරීමට උපකාරී වේ. ඇත්ත වශයෙන්ම, නාගරිකවාදය යනු දිනපතා ජීවිතයේ බොහෝ ජාතික රාජ්‍යයන්ගේ කොටසක් වන ජාතිකවාදයේ කුඩාම ආකාරයේ රූපයකි. ජාතියට වක‍්‍ර ලෙස යොමු කිරීම අනිවාර්යය වේ, එවැනි මාධ්‍යයක් ලෙස, සිනමාව, වාචික මෙන්ම රූප නිර්මාණ හරහා ක‍්‍රියාත්මක වේ. සරල ලෙස අර්ථකථනය කිරීම තුලින්, දේව්දාස් ඉන්දියාවේ ස්ථාන ගැන, ඉන්දියාවේ නළු නිළියන් හෝ චරිත දෙකකින් සහ ඉන්දියානු මිත්‍යාාවන්ගේ රාධා සහ ක‍්‍රිෂ්නා වැනි වෙනත් අවස්ථාවන්හි දක්නට ලැබේ. එහෙත් ජාතියේ මාතෘකාවන් සමඟ කටයුතු කිරීම සඳහා ලේබල් කළ යුතු අතර, ඒවායේ අවධානය යොමු කිරීමේදී ස්වයං දැනුවත්භාවයක් ඇති විය යුතුය. මෙට් හියර්ට් මෙසේ ලියයි: ”ජාතික භාෂාව සහ ජාතික සන්දර්භය තුළ ස්ටෝසිසෙට් සංවර්ධනය ජාතියේ තේමාවක් ස්ථාපිත කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. අයිතිවාසිකම් පිළිබඳ අයිතිවාසිකම් යම් යම් ජාතියක අනෙේ‍යානය විශ්වාසයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණින් පොදු අයිතිවාසිකම් වෙනුවට පැහැදිලි ලෙස තීරණය කළ යුතුය. ”බෙනඩික් ඇන්ඩර්සන්ගේ සූත‍්‍රවල දී, ජාතිය පරිකල්පිත දේශපාලන ව්‍යුහයකි. මෙම පරිකල්පනීය නිර්මාණය අධික ලෙස හැඩගස්වන ලද ගොඩනැගිල්ලක් හරහා සපිරි හැඩයක් ලබා දෙයි. ඇන්ඩර්සන් විසින් දේශපාලන ව්‍යුහය ඉදි කිරීම සඳහා මුද්‍රිත මාධ්‍යවේදීන් සමග සමපාත වූ පොදු භාෂාවේ වැදගත්කම විශ්ලේෂණය කළේය. විශේෂයෙන් ම නවකතාවේ ශාස්ත‍්‍රීය හා සාහිත්‍යය ජාතික රාජ්‍යයන් පිහිටුවීම වලංගු ලෙස සලකනු ලැබේ. මෙම ඉලෙක්ට්‍රොනික යුගයේ දී, සිනමා, ජනප‍්‍රිය විනෝදාස්වාදයේ වඩාත් ජනපි‍්‍රය මාදිලියේ, ජනතාවගේ මනස කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරයි. මැදිහත් වී ඇති සන්නිවේදනය මගින්, ඇතැම් අවස්ථාවලදී, ජාතික අයිතිවාසිකම් උත්පාදනය කරනු ලබයි. උදාහරණයක් ලෙස නවීන ඉන්දියාවේ ප‍්‍රධාන මිත්‍යාවක් ලෙස කථාන්තරයන් බව සියලූ ඉන්දියානු භාෂා චිත‍්‍රපටයක් බවට පත් කර ඇත. 
දේව්දාස් මූලිකවම ආදරය හා අසරණ භාවය ගැන නොව, දේශපාලන කියවීමක් ලෙස ගත හැකිය. අප සල කා බැලිය යුතු නම්, පරාවිතා කිරීම සංකේතයක් ලෙස නම්, දේවාස්ගේ අභාවයට යන ආශාවන් ඉන්දුනීසියානුවන් නිදහස් කර ගැනීමට නොහැකි වීම යටත් විජිත දම්වැල් වලින් රට. යටත් විජිත පාලනයේ ලියා ඇති පරිදි නවකතාවේ එවැනි අර්ථකතනයක් නොලැබේ. දේව්දාස් සෑම විටම සීමාව ඉක්මවා ඇති නමුත් එය කිසි විටෙකත් නොපැවැත්විය හැකිය. ළමා කාලයේ දී මෙන්ම තරුණයින් තුළද, දේව්දාස් හට පාරෝගේ උපාය මාර්ගයට ළඟාවිය නොහැකි වනු ඇත, ඇය කැමැත්තෙන් ඔහු වෙත ළං නොවන්නේ නම්. පෙළපතේ එක් අවස්ථාවක, කල්කටාවේ සිට පැමිණ කල්කටාවේ සිට ආපසු පැමිණෙන විට පාරෝගේ නිවසට පැමිණෙන විට, සංවාදය ඉක්මණින්ම අවසන් වන අතර, ඔවුන්ගේ උපකුලපතිගේ විරුද්ධ පාර්ශවීය විරුද්ධත්වය හේතුවෙන් ඔවුන්ගේ වෙන්වීමට ඔවුන් ඉක්මණින් යොමු කරයි. අවසානයේ දේව්දාස් පරෝගේ නිවසට පිටින් ම මිය යයි.  සම්පින්ඩනකාරි පද්ධතියේ පැමිණීම (දේව්දාස්ගේ පියා වන නාරායන් මුකර්ජි ගම්මානයේ ඉඩම් භාරව සිටි* සහ කල්කටාවේ යටත්විජිත කාලයේ පොලිස් වෙත ලබා දුන් කේන්යත්වය යටත් විජිත පාලනයේ සංකේතයකි. කස්තිෂ්පාදනයේ ස්වරූපය සහ නිශ්චිත ලිංගික චරිත රචකයන්හි ඇතිවන සමාජ භේදභින්නය ද මෙම කතාවේ ස්වභාවික ඉන්දියානු ස්වභාවයකි. තිවිලගේ පාසල් ගුරුවරයා වන ගෝවින්ද, ටෝටෝවෙල්හි අවම වශයෙන් දෙවරක් පහත් කුලයකට අයත් යැයි සඳහන් වේ. පාරෝ ගේ මිත්තනිය වරක් පාරෝ වැනි බ‍්‍රාහ්මණ දියණියන් පරාජය කිරීමට පහත් කුලකාර ගුරුවරයෙකු බය විය යුතු බව පවසමින්. සැබවින්ම, දේව්වාස් සඳහා අනාගත මනාලිය ලෙෂ පාරෝ ප‍්‍රතික්ෂේප කිරීම සඳහා හේතු, එය පාරෝ පහළ කාණ්ඩයට අයිති බවය. කුලවාදය පිළිබඳ කතිකාව සිනමා නිෂ්පාදනවලින් ජාතියේ තවත් වැදගත් තේමාවක් වන්නේ බුබ්බාන් චෞද්‍රිගේ නිවසේ සීමාව ඉක්මවා යාමට පෙර දේව්දාස් හි අද්විතීය ඉන්දියානු චාරිකාවක් ඔස්සේ දේව්දාස් සංචාරය කිරීමෙනි. බොම්බා, අල්ලාහ්බාද්, කොරී කේ කික‍්‍රිම් මෙසේ ලියයි. ”බොහෝ විට උග‍්‍ර විවේචන සහ සංචාරයන්  පිටත්වීම් වැනි එවැනි අළුත් විස්තර කිරීම, පාර්වතීගේ ගෙදරට යාමට පෙර ඔහුගේ මරණය ඉන්දියාවේ හරහා දේවදාස් හරහා දේව්දාස් යන ගමනට පත්කරයි. 
යටත් විජිත වියෝවෙන් පසුව තවම බිහිවන ලද පරමාදර්ශී ජාතියේ භූමි ප‍්‍රදේශය ගොඩනැගීමට උපකාර කරයි. ඇත්ත වශයෙන්ම, නවකතාවේ දී දේව්දාස් චුබු බාබු හමුවෙයි. ඉන් අනතුරුව ස්වාධීන ඉන්දියාවේ සිදු කරන ලද සිනමාත්මක පරිශ‍්‍රරමයක් පසුව, කොටස් කිරීමෙන් එම කාරනය ඉස්මතු කරයි. චූනි බාබුයිස් ලාහෝර් නගරයේ රැුකියාවක නියැලී සිටියි බිමල් රෝයි දිල්ලියේ රැුකියාවක නියැලී සිටින බව පෙන්නුම් කරන අතර, බන්සාලී විසින්  ඕනෑම රැුකියාවක් ගැන සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කරයි. එහෙත් ලාහෝර් බ්‍්‍රතානය  අධිරාජ්‍යවාදීන්ගේ අත්‍යවශ්‍ය අංගයක් වූ යටත් විජිත ඉන්දියාවෙන් ලියා තැබූ විට මෙය නොගැලපෙන පරිදි නොපෙනේ.  නවදිල්ලියේ නව අර්ථකථනයෙහි නියුක්තවූ නියුතුවක් ලබා ගැනීම සඳහා දිල්ලිහි රැුකියාවක් භාර ගැනීම පිලිබඳ කාරනය, කල්කටාවේ වාණි චන්ද්‍රමූකී. චිත‍්‍රපටය පිටු වල මුද්‍රණය කර ඇති පරිදි, චිත‍්‍රපටයේ පිටු වලට මුද්‍රණය කර ඇති අතර නවකතාවකින් කියවන ලද නොඇසෙන හඬකින් මෙම චිත‍්‍රපටය ඉදිරිපත් කරයි. මෙම චිත‍්‍රපටය අඛණ්ඩව විශ්වාසවන්තව සිටියි. ඉන්දියානු අළුත්ම නිදහස සහ ජාතිය නැවත ආරම්භ වූ විට මෙම චිත‍්‍රපටය විසින් නේරුගේ සමාජවාදය ගෙන ඒමෙන් යටත්විජිතවාදයෙන් පීඩා විඳින ලදී. ඉන්දියාවේ උභතෝකෝටික භාවය, සම්ප‍්‍රදායික හා නූතනවාදීන් අතරින් කපා හැරෙන ලෙස දේව්දාස්ගේ ලක්ෂණයකි. සංවර්ධනයේ වත‍්‍රයේ ඇති පූර්ව යටත් විජිත සමාජ දේශපාලන හා ආර්ථික රාමුව වෙත ආපසු හැරවීමට ලැබුණු අලූතින් අත්පත් කරගත් දේශපාලන ස්වාධීනත්වය ද සමානව ම සැලකිලිමත් විය. දේව්දාස් ගම්මානයේ තරමක් දාර්ශනික සහ ස්වාභාවික ලෝකයක පැහැදිලි ස්වාභාවික ලෝකයක් ඇත. කැල්ටූටා නගරයේ, අපිරිසිදු, පිරී ඉතිරී ගිය සහ උපායාත්මක නගරයකය. මෙම දුම්රිය මාර්ගයේ ගමන් මග පෙන්වා ඇත්තේ යටත් විජිත සමෘද්ධියේ තවත් ත්‍යාගයකි. මෙම පරස්පර විරෝධිත්වය භාවිතා කරමින් නිර්දෝෂී භාවය සහ ස්වභාව සෞන්දර්යයත්, ආඩම්බරයෙන් සැරසී ඇති නාගරික චන්ද්‍රමූකී අතරත් වඩා කැපී පෙනේ. මේ අනුව, පරාටීවේ හා කෝරන්මඩුකුඩි අතර ඇතිවූ මානසික උභතෝකෝටික මානසික උභතෝකෝටිකයක්, ජාතික සංවර්ධනය පිළිබඳ භූගෝලීය කටයුතු සිදු වෙමින් පවතින විට, දහනවවන ශත වර්ෂයේ සන්දර්භය තුළ සමාජ-දේශපාලන අනුනාදයන් සතුව ඇත. එක්තරා ආකාරයකින් චිත‍්‍රපටය අර්ථ නිරූපනය කළ හැකිය ස්වාධීන ඉන්දියාවේ පිහිටුවා ඇති නව දේශපාලන ව්‍යායාමයේ පැරණි වැඩවසම් යුගයේ විසුරුවා හැරීම. දේව්දාස් පවුලේ සාමාජිකයන්ගෙන් පැමිනි පසෙන් බලහත්කාරයෙන් පන්නා දමා කල්කටාවේ ඔහුගේ අධ්‍යාපනය සඳහා යවනු ලැබීය. නමුත් ඔහුගේ අධ්‍යාපනය අසම්පූර්ණයි. ඊට අමතරව, ඔහු කිසි  නව ආර්ථිකය තුල තමන්ම තම පවුල සහ ඔහුගේ පවුලේ සම්පත් නාස්ති කරයි. 
ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යයන් විසින් පනස් ගණන්වලදී මුල්ම වැඩවසම් පද්ධතිය අහෝසි කළ බව මෙම කල්පිතයයි. මේ අනුව දේව්දාස්ගේ පෞද්ගලික ඛේදවාචකය නව දේශපාලන හා ආර්ථික සැකැස්ම තුලින් අතිරික්ත සහගතව සිටි වැඩවසම් පන්තියේ සාමූහික ඛේදවාචකය සමග සමපාත වී ඇත. සංකේතයන් අනුව චිත‍්‍රපටය ජාතික වශයෙන් අයැදීම සඳහා යොමු කරයි. රෝයි නවෝරා අනුගමනය කරමින් දේව්දාස්ගේ ළමා කාලය තුළ ආඛයානය ආරම්භ කරයි. පාරෝ සහ දේව්දාස් ළමයින්සේ දක්ෂතා දක්වයි. දේව්දාස් ඔහුගේ අධ්‍යාපනය සඳහා කල්කටා වෙත යවනු ලැබූ පසු, ආඛ්‍යානයන් එය ආවේණික සංකේතාත්මක සංකේතයක් ආධාරයෙන් ගෙන යමින් තිබේ. මෙම නාදය ක‍්‍රමානුකූලව මල් පිපී ඇති වසා දැමූ නෙළුම් මලක් මත අවධානය යොමු කිරීමෙන් පසු කැමරාව ලෙස සුචිටා සේන් විසින් හැඩගැසුණු කැමරාව විහිදෙයි. නෙළුම් මල් භාවිතා කිරීම යනු දෙගුණයක් වැදගත් වන අතර එය ඉන්දියාවේ ජාතික මල ලෙස අනුමත කර සංකේතය, පරාවතීන්වල සහ ජාතියේ වර්ණනය කිරීම මෙන්ම කාල පරිච්ෙඡ්දයේ සිට කොලොන් සමස්ථ වියගහ ලබා ගෙන ඇති කාලයත් සමගය. එපමණක් නොව, එය ලෞකික ලක්ෂ්මි (ධනය දෙවියා* සමග සම්බන්ධ වී ඇති නිසා ආගමික සංකල්පයක් ද තිබේ.
වක‍්‍රව මාර්ගයෙන් පරාවිතාකාරී ලෙස පින්තාරු කරයි. අනෙක් අතට පාරෝ චන්ද්රමූහුගේ කොතා ළඟට පැමිණි විට, බෙල් මල් ප‍්‍රදර්ශනය කරමියි බෙල් මල් ප‍්‍රදර්ශනය කිරීම, සාම්ප‍්‍රදායිකව 19 වන සියවසේ හා විසිවැනි සියවසේ මුල් භාගයේ කල්කටා බබුසීන්ගේ රාත‍්‍රී විනෝදාස්වාදය සමඟ සම්බන්ධ විය. එහෙත්, මෙම සංකේතය ෂෝවාට නමස්කාර කිරීම සඳහා භාවිතා කරන හෙයින්, එහි ප‍්‍රතිවිපාකවලින් තොර නොවේ. භන්සාලී ද දේව්චාස්හිි ලොටුස් සංකේතය ද භාවිතා කරයි. පාහේ මිතුදම් පාටින් හා පාළුව තුල පාෂා සහ දේව්දාස්හි සමීකරණ සමුහය තුළ අපට නෙළුම් පොකුරක් නෙළා ඇත. මෙම අනුපිළිවෙල සාර්ථක වී ඇත. ඔවුන් දෙදෙනාගේ විවාහය සඳහා පාරෝගේ කන්නලව්ව සමඟ කථා කර ඇත. දේව්දාස් චිත‍්‍රපටයේ තවත් පුනරාවර්තන විශේෂාංගයක් වන්නේ, ඔවුන් සියල්ලන්ම රාධා හා කී‍්‍රෂ්ණා මිත්යාවයි. රෝයිගේ අනුවාදයේ අපි ගීතයේ වයිෂ්නාවිසින් ගීත දෙකක් ඇත, ”ආන් මිලෝ ඇන් මයිලෝ ෂියාම් සන්වාර්” චිත‍්‍රපටය විශාල වාණිජමය ජයග‍්‍රහණයක් විය. ෆිල්ම් බුෆ්ගේ ප‍්‍රශංසාව නොතකා, විවිධ හේතු නිසා විවේචකයන්ගේ ප‍්‍රශංසාව ලබා ගැනීමට අසමත් වූ අතර, කථාව හා උද්යෝගීමත් දර්ශනය (සුඩාන්වා ඩිස්පන්ඬේ සහ මැන්ඩක්රැුන්ටා බෝස්* වැනි අසාමාන්‍යය විභේදනයන් මෙන් නොව සරල චරිතයක් සඳහාද විය. 
සමකාලීන යුග සඳහා. බෙන්ගාලි විසින් වේගයෙන් ගමන් කරන විසිඑක් වන ශතවර්ෂයේ  රසවිඳිය හැකි පැකේජයක් තුළ අසම්පූර්ති සම්පන්න ආදර කථාවක් සාහිත්‍යමය කථාවක් පරිවර්තනය කළ අතර අතීතයේ හා වර්තමානය පිලිබඳව සාකච්ඡුා කරයි. පනස් හැවිරිදි දේව්දාස්ගේ කථාව බිමල් රෝයි වෙත සංකීර්ණ ලෙස සකස් කිරීම පහසු කරනු ලැබුවේ බොලිවුඞ් නළු සිනමාහල්වල නටබුන් චිත‍්‍රපටයක් වූ විටය. සිනමා කට්ටල, මිල අධික ඇඳුම්, ආභරණ සහ සිනමා පටය මුළු චිත‍්‍රපටය පුරාවට ඉහළින් ඇති විය. විවේචනාත්මක ප‍්‍රබන්ධ කතාවලින් පහර දෙයි එවැනි විවේචනාත්මක විචාරයක් එහි අදාළතාවයෙන් තොර වේ. එය සංවේදී කැලඹීම් හා සුන්දරත්වයෙහි ප‍්‍රබල ධාරාව ඇති කථාවක් සඳහා භාවිතා කර ඇත.  මෙම ශ්‍රේෂ්ඨතම විවේචකයන් අතරින් එකකි. බිමල් රෝයිගේ දේව්දාස්ට ප‍්‍රශංසා කරමින් ඔහු මෙසේ ලිවීය. ”නව ස්වාධීන රාජ්‍යය තමන් වටා ඇති මාවත්වලට රූපවාහිනිය බවට පත්විය.එහෙත් බන්සාලිගේ දේව්දාස් සමඟ කටයුතු කරන විට ඔහු මෙසේ ලියයි. ”චිත‍්‍රපටයට පූර්ව ප‍්‍රචාරක  පිතිකරු තුළ චිත‍්‍රපට නිෂ්පාදකයින් විසින් අවධාරණය කරනු ලැබුවේ චිත‍්‍රපටය රු. කෝටි 50 කි. මෙවන් දැවැන්ත අයවැයක් මීට අමතරව, භන්සාලි මෑතදී බොලිවුඞ් සිනමා කෘතිය හා සමකාලීන පේ‍්‍රක්‍ෂකයන්ගේ රසය හා සම්බන්ධ ආයතනික හා සංස්කෘතික රාමුව වෙත යොමු විය යුතුය. විවේචනාත්මකව මුළුමනින්ම අශෝභන ලෙස හැසිරෙන්නට වුවද, නිශ්චිත පැහැදිලි කිරීමක් විවේචනය කිරීමෙන් රංජනි මවුඩාර්ගේ බොලිවුඞ් චිත‍්‍රපට පිළිබඳ විස්මයනාත්මක විශ්ලේෂනයක් කල හැකි වුවද, ”එය සම්භාව්‍ය ලෝක වෙළඳ භාණ්ඩයක් වන එහි ප්‍රෙක්‍ෂකයන්ට හඳුන්වා දීම සඳහා වූ සිනමා කෘතියයි. සිනමාව සඳහා ජනේලයක් බවට පත් විය ...  එහි පේ‍්‍රක්‍ෂකයන්ට නූතන සාප්පු සවාරි අත්දැකීම් සහිතව ”බන්සාලි 

කුමන්ත‍්‍රණ වල සීමාවන් නිසා යුරෝපයේ ඇමෙරිකාවේ වෙඩි තැබිය නොහැකි විය. එහෙත් එය හියර්-සැබෑ හා අධි-සෞන්දර්යාත්මක දෙපිරිසම සානුකම්පිත වූ ෆැන්ටසිස්ට් අතීතයේ ප‍්‍රසාදය හා සුන්දරත්වය පේ‍්‍රක්ෂක අවධානයට ලක්කරනු ලැබීය. එමගින් නාගරික ජනගහනය තුළ පශ්චාත් ලිහිල්කරණ කාලය. ඇත්ත වශයෙන්ම, බන්සාලිගේ දේව්දාස් විසින් ස්වර්ණාභරණ විලාසිතා විප්ලවයක් ගෙන ආ විට, නැවතත් වරක් ඉන්දියාවේ නාගරික ගෘහ නිර්මාණ ශිල්පීන් බර ඇඳුම ඇඳීම ආරම්භ කර ඇත. ආලෝකමත් වූ අභ්‍යන්තර සැරසිලි ද හින්දු පවුලේ අයගේ නිරූපණයන් පිළිබිඹු කිරීමකි. පාරෝගේ අනුවර්තනය තුළ ආගමික චරිතය ඉතා පැහැදිලිව පෙනේ.  දේවිකා දර්ගාගේ ප‍්‍රතිරූපය සමග ආරම්භ වේ. පසුව, දෙවඟනගේ දර්ගා, පාර්වතීගේ දෙමව්පියන්ගේ නිවසේ වැඩ බිම තබා ඇත. දේව්දාස් ඇගේ නිවසේ සීමාව ඉක්මවා ගිය විට, දර්ගු පූජාහි නිරත වූ පාර්ටීති දුටුවේය. මෙය බිමල් රෝයිවර්ගයෙන් බද්ධ වූ ආකෘතියක් විය. අනෙක් සියල්ලම  එය මේ ආකාරයෙන් වැඩ කරන අතර, සෑම වසරකම එය දැඩි ලෙස සෘතුමය උත්සවයක් වන සෑම වසරකදීම දර්ගා චාලර්මර් මෙසේ ලිවීය: ”සැබෑ ලෝකය හෝ ඓතිහාසික කොන්ක‍්‍රීට් එක මඳ වශයෙන් යොමු කිරීමක් සහිත මනඃකල්පිත අවකාශයක් නිර්මාණය කිරීම මගින් සිනමා කෘතිය නිශ්චිතවම එහි උපරිම ස්ථානගත කිරීම නිශ්චිතවම වළක්වා නොගනී. දර්ශනීය ”බෙංගාලයේ” දර්ශනයක් බොහෝදුරට යටත් විජිත බෙංගාලය ජීවමානව පවතින බව පෙනේ. රංජනි මවුඩාර් විසින් තවත් සන්දර්භයක ලියන්නේ කුමක්ද? ”ගෘහනිර්මාණ ශිල්පයේ ව්‍යාපාරය”. ”පවුල් වටිනාකම්” සඳහා නව-සාම්ප‍්‍රදායික වර්ගවාදීන් සමඟ නිර්මාණය කර ඇති දර්ශනීය අභ්‍යයන්තරකරණයකි. මෙම ප‍්‍රක්ෂේපිත සිහින ලෝකයන් තුළ සම්ප‍්‍රදායික, ආගමික සහ සංස්කෘතික චාරිත‍්‍ර, ආදර සබඳතා හා පවුල් භක්තිය ඇතිවේ
දේව්දාස් සඳහා ද බෙහෙවින් සුදුසු ය. ආගමට ඇලූම් කිරීම චිත‍්‍රපටය තුළ ඇති නූතනත්වය සමඟ පැරණි අතීතය සමග සාකච්ඡුා කිරීම සඳහා අධ්‍යක්‍ෂක උපාය මාර්ගයක් විය හැකිය. භන්සාලි දේව්දාස්ගේ වඩාත් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ නූතනත්වයේ නොකැඩෙන මැලවීම යි. නූතන ඉන්දියානු ජීවන ක‍්‍රමයේ ලක්ෂණ. බන්සාලී විසින් අධ්‍යයන කටයුතු සඳහා කල්කටා වෙනුවට ලන්ඩන් වෙත දේව්දාස් යවයි. ඊට අමතරව, ලන්ඩනයේ සහ ඩයස්පොප්රොන්ගස්ට් යන ස්ථානවල විස්තර කිරීම සඳහා වන සංවාද කිහිපයක් තිබේ. බටහිර ඉන්දියානු පරිකල්පනය තුළ නූතනත්වයේ ගබඩාව සැමවිටම පවතී. ඩොක්ඩෙස්හි චරිතයන් ලන්ඩනයේ සිට නැවත පැමිණීමෙන් පසුව එම වෙනස්කම් සිදුවීම ඉතා අවාසනාවකි. පාරෝගේ අම්මා පවසනු ලබන්නේ ඇය ඉංග‍්‍රීසි ජාතිකයෙක්  වගෙයි ලෙසය. ඔහුගේ තරමටම විචිත‍්‍රවත් මනසකින් ඔහු බි‍්‍රතාන්‍යයේ ජීවන රටාව විශාල වශයෙන් උද්දීපනය කර ඇති බව පැහැදිලිය. කුමන්ත‍්‍රණයේදී එවන් මිනිත්තුවේ  දශක. ආධිපත්‍යයෙන් සංක‍්‍රමණයෙන් පිටතට යාම ඇඩොඩෝවිරිට්ස්ට අනුව, එහි ප‍්‍රධාන සහ අන්තර් සම්බන්ධිත ලෙස මාධ්‍ය සහ සංක‍්‍රමණය ලෙස එය නවීන ආත්මීයත්වයෙහි වයවස්ථාමය බලපෑමක් බවට පත්කර ඇත.  කුමන්ත‍්‍රණය කිරීමේ දෘෂ්ටි කෝණයෙන් එය වඩාත් ඵලදායී වන්නේ නවකතාවේ විස්තර කර ඇති දේව්දාස් නිවාඩු දිනවලදී ඔවුන් අවුරුදු 13 කට නොනවත්වා වෙන්වීමෙන් වෙන්වීම හා අශික්ෂිත භාවය උත්සන්න වීමයි.බන්සායිගේ  චිත‍්‍රපටය මෑත බොලිවුඞ් චිත‍්‍රපටිවල කැපී පෙනෙන ලක්ෂණයක් වන චරිතීය නූතනත්වය පෙන්නුම් කරයි. නවෝල්ලේ දී පාරෝගේ අධ්්‍යාපනයට අවශ්‍ය නොවන බව පාරෝගේ ආච්චි පවසන පරිදි කාන්තාවන්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු තරම්  ලෙස සලකනු ලැබේ. බන්සාලිගේ අනුවාදය  අඩුම තරමින් ඇය තේරුම් ගත යුතු අතර, ඉංග‍්‍රීසි භාෂාව ටිකක් කතා කළත් එය වැරදි නැත. ඇය පවසන්නේ, ”ඔබ නොසිටින්න” කියා දේව්දාස් පවසන විට ”ඔබ ඉතා මෝඩ” යයි පවසන විට ඇය පවසන්නේ, විසිවන සියවසේ මුල්භාගයේ සමාජයේ අතිශයින් සීමා සහිත වූ ස්ත‍්‍රීන්ගේ චලනය, නවීලේහි මෙන්ම සියලූම දේවාදාස්වල ද එය ප‍්‍රකාශයට පත් කරන බවයි. මුළුමනින්ම පැහැදිලි කර ඇත. මෙම චිත‍්‍රපටයේ  සතුව දේවදාස්ගේනිවසට හෝ අසල්වැසි නම්, කැල්ටුමුචි වෙත පැමිණෙන විට, කැල්ටුමුටා වෙත පරිපූර්ණ චලනය වී තිබේ. ඓතිහාසික යථාර්ථයක්  ගමනෙහි අනුපිළිවෙල පවා රෝයිගේ අනුවාදයෙන් අලංකාර ලෙස ප‍්‍රදර්ශනය කර ඇති අතර, ගේ මනාලිය ගමනට ඇයගේ නිතිපතා ස්ථානයට හැරී ඇත. දර්ගු පුජා තුළදී පරෝගේ මිතුරන් පවා දේව්දාස් කල්කටාවේ පාරෝගේ මිතුරා ලෙස හඳුන්වනු ලැබේ. චන්ද්‍රමූකී 
නැමැත්තා පිරිමි සංදර්ශනයක් සමඟ පැමිණේ. මෙම වර්ගයේ චලිතය කල්කටාවේ විසිවන නූතන ඉන්දීය ආචාර විධිය රාමුව සහ සම්ප‍්‍රදායික හා නූතනවාදයේ නොසැලකිලිමත් සම්ප‍්‍රදායක් ඔහුගේ සිනමා කෘතිය තුලිනි. ඔහුගේ රචනයෙහි ”යාන්ත‍්‍රික ප‍්‍රජනනය අවධියේ යුගයේ කෘතියේ කෘතිය” වෝල්ටර් බෙන්ජමින් විසින් චිත‍්‍රපටයේ හැකියාව අභියෝගයට ලක් කොට කලාව හා සාහිත්‍යය කාණ්ඩ අවලංගු කිරීමට සමත් විය.  ”.. ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ ශිල්පීය සම්පේ‍්‍රෂණය කරන ලද පරමාර්ථයෙන් පරම්පරාවේ පරමාර්ථයෙන් වෙන් කර ඇත. බොහෝ ප‍්‍රතිනිෂ්පාදනය කිරීමෙන් එය අද්විතීය අන්දමකට පිටපත් බහුත්ව ලෙස ආදේශ කරයි. ප‍්‍රති නිෂ්පාදකයා තම තමාගේම තත්වය තුළ නිරීක්ෂකයා හෝ සවන්දෙන්නුවා හමුවීමට ඉඩ දීමෙන්, එය ප‍්‍රතිබිම්බයෙහි යොදවයි ”දේව්දාස් සහ නවකතාව මත සාදන ලද විවිධ චිත‍්‍රපටි. හැරුණු විට, පිටපත් බහුකාර්යය 

මුල් පිටපත්වල තත්ත්වය අඩු කර ගැනීම පමණක් නොව, දේවානුයේ සිද්ධිය මෙන්ම එහි මුල් අන්තර්ගතය හා සංකල්පය වෙනස් කරයි. තාක්ෂණික වශයෙන් නිපදවන භාණ්ඩවල උපාය මාර්ග වැඩිදියුණු කිරීම රෝයිගේ දේව්දාස් හි නැවත නැවත විකාශනය කළ හැකි අතර, සංව්ධානය සඳහා වෙනමම නිශ්පාදනයක් නිර්මාණය කළ බෙන්ජමින් අනාවැකි පළ කළ ”යුරාව” අහිමි වීම ද සිදුවී ඇත. නවීල්ගේ ඉංග‍්‍රීසි පරිවර්තනයේ  සංස්කරණයේ මෑත කවරය වී ඇත්තේ ආශ්වර්යා රායි, ෂා රුක් ඛාන් සහ මධුරි ඩික්ෂිට් යන චරිත වලටය. 
දේව්දාස් නවකතාවේ නොයෙකුත් සිනමා නිර්මාණයන් නිසා ජනප‍්‍රිය විය. මේ අනුව මිදිනකි හි විවිධාකාර අනුවර්තන සහ ප්‍රෙරක, නූතන ඉන්දියාවේ කේන්ද්‍රීය මිථ්‍යාවක් ලෙස මතු වී ඇත. එය නිර්මානය කරන ලද ඓතිහාසික සන්දර්භය අනුව එය අර්ථකථනය කොට ප‍්‍රති අර්ථකථනය කර ඇත. මුල්ම නවැකක් යනු යටත් විජිත ඉන්දියාවේ ලියවිල්ලක් වන අතර, අලූතින් ලබාගත් දේශපාලන අනාරක්ෂිත භාවයත් සමග බිමල් රෝයිස්වර්සියාගේ හැකියාවන් හා වෙනස්කම් පිළිබිඹු වන අතර, භන්ෂාලීගේ චිත‍්‍රපටය, ලිබරලීකරණයේ දී අනපේක්ෂිත සෞභාග්‍යයක් පෙන්නුම් කරයි. මේ අනුව, ජාතිය හා එහි ඓතිහාසික දේශපාලන තත්වය ද දේව්දාස්ගේ විචල්‍ය අනුවාදවල පිළිබිඹු වේ. 
එක්  එක් අනුවාදයන් සදහා පසුබිම් වී ඇත්තේ ඒ වන විට සමාජයේ පැවති සංස්කෘතියයි. එහි විශේෂත්වය වන්නේ එම සංස්කෘතීන් සියල්ලම ජනපි‍්‍රය සංස්කෘතිකාංග වීමයි. දේව්දාස්ගේ පියාගේ දුම්බටය 1950 ගණන්වලදී ඉන්දියාව තුළ පැවති ජනපි‍්‍රය සංස්කෘතිකාංගයකි කුළ පැපැන්තියේ ඉහළ බවත් ධනවත් බවෙහි සාධකයක් ලෙෂ දුම්බටය එකළ ප‍්‍රභූහු භාවිතා කළහ එසේම කුඩාකළ පේ‍්‍රමය සදහා යොමුවෙයි චිත‍්‍රපට සදහාද වස්තු විෂය කරගනී.පාසල් අවධියේ පටන්ම කුඩා දරුවන් පේ‍්‍රමය සදහා යොමු වෙයි. එසේම සත්‍ය පේ‍්‍රමය චිත‍්‍රපට සදහා යොදාගෙන ඇත. මෙම අනුවාදයන්ට අමතරව වෙනත් භාෂාවන්ගෙන් දේව්දිස් චිත‍්‍රපටය නිර්මාණය කර ඇත. 
පකිස්තාන් භාෂාවෙන්ද දේව්දාස් නිර්මාණය කර ඇත.  බිමල් රෝයි සහ සංජේ ලීලා බන්සාලි අනුවාදයේ බොහෝ වෙනස් කම් ප‍්‍රමණයක් එකිනෙකට වෙනස්ව පවතී. කාන්තාවන්ගේ පවතින චාම්බව එසේම සංගීතයේ වෙනස්බව අනුවාදයන් දෙකෙහිම ගීත පවතින අතර පළමු චිත‍්‍රපටයෙහි ගීත ඉතාමත් ලයාන්විත වේ.  දෙවැනි අනුවාදය තුළ වේගවත් සංගීතය යොදා ගනු 

ලබයි. එසේම සිත් ඇදගන්නා නර්තන රාශියකින් චිත‍්‍රපටිය සමන්විත වේ. එසේම බිමල් රෝයි අනුවාදයෙහි ඉතාමත් ග‍්‍රාවීය පරිසරයක් නිරූපනය කරයි.  මෙම චිත‍්‍රපටයෙන් එකතු වූ ජනපි‍්‍රය සංස්කෘතිකාංග වශයෙන් පේ‍්‍රමයෙන් පරාද වූ විට තම සිතැගි ඉටු කර ගැනීම සදහා ගණිකා නිවාසයන් සදහා යාම ගත හැකිය. දේව්දාස් පාරෝ නොමැති ශෝකය හේතුවෙන් තම දුක තුනී කර ගැනීම සදහා වෛශ්‍යාවක් හමුවට යයි. එසේම පළමු චිත‍්‍රපටයේ තාක්‍ෂණික මැදිහත් වීම ඉතාමත් අඩු විය.ජනපි‍්‍රය සංස්කෘතිය පැමිණෙන්නේම තාක්‍ෂණයේ පැමිණීමත් සමග ය. ියදඑ මාරු වීම පවා සිදුවන්නේ ඉතාමත් අක‍්‍රමිකව ය.  භන්සාලීගේ සිනමා පටය චරිත නිරූපණය කළ යුතු ය.  
වර්තමානය වන විට දේව්දාස් 20 වැනි ශතවර්ෂයේ බටහිර විලාසිතාවන්ගෙන් (මොනාක්ලේ සහ සිගරැුට් හිමියකු ඇතුලූව* ආවේගශීලීව ආවේණික වූ කලී වර්තමාන යුගයේ නූතනත්වය තුලින් එහි චරිත නිරූපණය කරයි. ඉන්පසු ප්‍රෙක්‍ෂකයන්ගේ අවධානය යොමු කිරීම සඳහා කථාංග සහ චරිත සමග තරග කරන ලද විස්තෘත කට්ටල මගින් චිත‍්‍රපටය සකස් කර ඇත. එබැවින් මෙම චිත‍්‍රපටය යාවත්කාලීන කර නැත (නිදසුනක් වශයෙන්, දේව්දාස් විසින් මත්පැන් ඇබ්බැහි කරුවෙකුට වඩා මත්පැන් පානය කිරීම වෙනුවට* නැතහොත් අව්‍යාජ ඓතිහාසික, ශිල්පී වර්තමාන තත්වය නියෝජනය කළ අතීතයට සසඳා බලන ලෙස විය හැකිය. සැබෑ ලෝකය හෝ ඓතිහාසික සන්දර්භය ගැන සැහැල්ලූ සඳහනක් කිරීමෙන් පමණක් මනඃකල්පිත අවකාශයක් නිර්මාණය කිරීමෙන් - චිත‍්‍රපටය සෘජුව නිශ්චිතවම  හෝ ස්ථානය නිශ්චිතවම සඳහන් නොකරයි . මෙම චිත‍්‍රපටයේ (උදාහරණ ලෙස එංගලන්ත* * ඉන්දියානු ප‍්‍රක්‍ෂකයන්ගේ ඩයස්පෝරි (සහ ඉන්දියානු නොවන* නරඹන්නන් සඳහා. (නිදසුනක් වශයෙන්, චිත‍්‍රපටය, සාම්ප‍්‍රදායික පිළිවෙළ අනුව විවාහයට වඩා ”නවීන” පේ‍්‍රම සම්බන්ධතාවය ප‍්‍රත්‍යක්‍ෂවම පැහැදිලිවම අනුග‍්‍රහය දක්වයි නම්, මෑත වසරවල අති විශාල පවුල් චිත‍්‍රපටි බොහොමයක දී සැලසුම් කර ඇති විවාහය නැවත පැමිණීම මගින් ”නවීන” තත්වය සමකාලීන පේ‍්‍රක්‍ෂකයන්ට උපකල්පනය කළ නොහැකිය.* දේව්දාස් චිත‍්‍රපටය ජනතා හිත් ස්පර්ශ කළ චිත‍්‍රපටයක් ලෙස හැදින්විය හැකි ය. ඉන්දියාවේ දේව්දාස් නමින් හෝටලයක් පවා ඇත.  එසේම මෙම සිනමා පටය පසු සංස්කෘතිය පෝෂණය කරමින් විවිධ පාරිභෝජන නිෂ්පාදන සදහා යොදා ගෙන ඇත .මෙම අනුවාදයන් දෙකෙන්ම චනපි‍්‍රයත්වය හේතු කරගෙන ඉන්දියාවේ පමණක් නොව දෙස් විදෙස් සෑම රටකම ජනපි‍්‍රය සංස්කෘතිය නිර්මාණය වී ඇත. 

Friday 8 June 2018

පේ‍්‍රමතී ජායතී සෝකෝ





පේ‍්‍රමතී ජායතී සෝකෝ- 
පේ‍්‍රමතී ජායතී භයං

පේ‍්‍රමතී විප්පමුත්තස්ස -
නත්ති සෝකෝ කුතෝ භයං

පේ‍්‍රමය නිසා දුක ඇතිවේ. පේ‍්‍රමය නිසා දුක ඇති වේ පේ‍්‍රමයෙන් මිදුනහොත් දුකක්ද භයක්ද නොමැත
වර්තමානයේ බොහෝමයක් අපරාධ සියදිවි නසාගැනීම් බොහොමයකට හේතුව මෙම බුද්ධ භාෂිතය පිළිබද නිසි දැනුමක් නොමැති කමය. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ පේ‍්‍රමය පමණක් නිත්‍යය වේද? ආදරය පේ‍්‍රමය සෙනෙහස එකිනෙකට බැදුනා වූ මාතෘකාවන්ය. දෙමාපියන් දරුවන්ට පේ‍්‍රම කිරීම, දරුවන් දෙමාපියන්ට පේම කිරීම, ආදර වන්තයෙක් තම ආදරවන්තයාට පේ‍්‍රම කිරීම, වෙනත් ජීව අජීව වස්තූන්ට ප්‍රේමකිරීම  මේ සියල්ලක්ම වූ කලී ඇලුම් කිරීමකි. අල්වා තබා ගැනීමේ ආශාවය . මටය මගේය යන මමත්වය මත පදනම්ව සිල්ල තීරණය වන සමාජයකට අප පිවිස ඇත. මට  ඕන ඔහුගේ ආදරයමයි මට  ඕන ඔහුමයි අනේ එයා නැතිවුනොත්නම් මන් මැරෙයි ඇය මගේ නෙවෙයිනම් ඇය කාගෙවත් වෙන්න  ඕනත් නෑ මෙය මමත්වයයි පේමයට ඇලූම්කිරීමයි. එසේම තම ශරීරයට අසීමිතව ඇලූම් කිරීමද දුකකි. ඇත්තෙන්ම මෙය දුකක් නොවේ ද  වෙනස් වන සමාජයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණි. පෘථග්ජන මනුෂ්‍යයන් වශයෙන් වශයෙන් ඉපදී සිටින අප සියළු දෙනාම ඇලීමට ඇද බැද තබා ගැනීමට මමත්වයට ෂතුකර ගැනීමට ආශා කරයි . එහෙත් නියත දහම නම් පේ‍්‍රම කිරීම ආශා කිරීම දුකකි  
මෙම බුදු දහම දෙදහස් පන්සිය පනස් වන බුද්ධ ජයන්ති මංගල්‍යය සමරන වර්තමාන සමාජයට මහත් ආදර්ශ සපයයි . 
”ප‍්‍රියයන්ගෙන වෙන් වීම දුකකි ”
”අපි‍්‍රයයන් හා එක් වීම දුකකි ”
තමන් කැමති අයෙකුගේ වෙන් වීම දුකකි . තමන් අප‍්‍රිය කරන අයෙකුට පේ‍්‍රම කිරීමට සිදුවීමද දුකකි . වර්ථමාන තරුණ පේ‍්‍රමය තුළ ඔයා නැති වුනොත් මම මැරෙයි මට ඔයා  නැතුව බෑ බහුලව පිටවන වචන කිහිපයකි . මෙය පේ‍්‍රමය නැතිනම් ආශාවයි . ජීවත්වන කුඩා කාලය තුළ බලාපොරොත්තු ආශාවන් පොදි බැද ගැනීමයී . මෙම පේ‍්‍රමය තුළ ජීවිත හානි සියදිවි නසා ගැනීීම් බොහෝමයක් සිදුවේ .තමන් කැමති ආදරවන්තිය වෙනත් විවාහයක් සිදුකරගත් විට එය නොඉවසන තරුණ පේ‍්‍රමවන්තයා තරුණිය හා තරුණියගේ පවුලේ සමාජිකයන් පවා මරණයට පත් කරයි . මෙය පේ‍්‍රමයේ කුරිරු අවසානයයි . වර්ථමානයේ ආදරය අවසන් විය යුත්තේම විවාහයෙන් ය යනු පුහු මතයකි. එහෙත් ප‍්‍රශ්න මධ්‍යයේ විවාහය කෙසේ පවත්වා ගන්නද දරු මල්ලන් අසරන වේ කිසිවෙකුත් නොකියයි. ජීවිතයේ අගහිගකම් මැද ආදරය පෑලදොරෙන් පැන යයි . බොහෝ ජීවිත අකාලයේ විනාශ වී යයි . වර්තමානයේ බොහෝ සියදිවි තසාගැනීම් වලට හේතු වන්නේද මෙම පේ‍්‍රමයයි . දරුවන් නිසා දෙමාපියන් හටද දුක ඇති වේ . තම දරුවා සියදිවිනසා ගැනුයේ පේ‍්‍රමය නිසා වුවද දරුවාට අසීමිතව පේම කළ දෙමාපියන් දරුවා වෙනුවෙන් හඩති . දුක් වෙති දෙමාපියන් ගැන මොහොතකදිවත් නොසිතුව දරුවා පිළිබද හඩා වැලපෙයි . පේඹයක් දුකක් වීමට තවත්නම් නිදර්ශන අවැසි ද . 
පේ‍්‍රමය දුකක් පමණක් නොව මහත් භියකි සෑම විටම භියෙන් සැකයෙන් ජීවත් වීමට සිදු වීමම දුකකි . තම පෙම්වතා තමන් හට නැති වේද ඇය මා දමා යාවිද දෙමාපියන් තමන්ට නැතිවෙයිද සම්බන්ධකම්වලට දෙමාපියන් අකමැති වේද සෑම දෙයක් පිළිබදවම දුකකි . මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවයයි . 
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මෙම සියළු දුකට හා බියට හේතුව වී ඇත්තේ පේ‍්‍රමයයි . එයින් මිදීම ඇලී ගැලී පේ‍්‍රම නොකිරීම මිනිසාගේ යහපතට ෂතුටට හේතුවන බව දේශනාකොට ඇත . එවිට දුකක් හෝ භියක් නොමැත ආශාවන් අත් හැරීම මෙලොව පරලොව සියළු සැප පිණිසම හේතු වේ. 

Friday 1 June 2018

ගම්බද පාසල්වල මන්දගාමී සංවර්ධනය

ගම්බද පාසල්වල මන්දගාමී සංවර්ධනය



” පැන මඩ කඩිති වැව් තාවලූ වැහි කාලේ ....”





මෙම පද පෙළ ඇසෙත්ම අප සිහියට එන්නේ කුමක් ද ? ගමේ පාසල , සංවර්ධනය නොවූ ගමේ පාසලක කටුකත්වයයි. වර්ථමාන අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දුෂ්කර පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය කෙසේ ද ? ඉංග‍්‍රීසින්ගෙන් මිදී ශ‍්‍රී ලංකාව ස්වෛරී අධ්‍යාපන භූමිකාවක තතු සොයමින් ගිය ගමනේ මිෂනාරි පාසල් වලින් මිදී සිංහල ගැමි පාසල් ස්ථාපිත විය. සංවර්ධන ව්‍යාපෘති සදහා යොදවන විට ගමේ පාසලෙන් ලැබෙන පන්නරය කෙසෙ ද ? ශිෂ්‍යත්ව විභාගය සමත් වී වැඩිම ලකුණු ලබා ගන්නේ ඇයි ? ගමේ පාසලෙන් ඉවත් වී ඉහළ පාසලකට යාමට ය. සංවර්ධනය වෙමින් පවතින රටක දුෂ්කර පාසල් වල ජීවත් වන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වත්මන් සමාජයට අදාළ නොවන්නේ ද ? කොහෙන් ඉගෙන ගත්ත ද අකුරු අකුරුම ය ; දැනුම දැනුමම ය. එහෙත් මෙම පාසල් වල තිබෙන අඩුපාඩුකම් මග හැරීම සදහා සියලූ බලධරයින් ඒ වෙත ඇස් ඇරිය යුතු කාලය එළඹ ඇත.

ලක්ෂ සංඛ්‍යාත පාසල් දරුවන් ප‍්‍රමාණයක් ජීවත් වන ශ‍්‍රී ලංකාව වැනි රටක සංවර්ධනය නොවූ පාසල් තිබීම මහගු නොවේ. වැවයි - දාගැබයි , ගමයි - පන්සලයි යන සංකල්පයට පාසල එක් කරනු ලැබුවේ මෑතකදී ය. ගම් කිහිපයකට එක පාසැලක් දුෂ්කර ජනයාගේ ලැබීමයි. දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම පිණිස කාටත් විශ්ව්සනීය දායකත්වයක් අවශ්‍ය වේ. ගමේ පාසලෙත් , නගරයේ පාසලෙත් එකම අධයාපන ක‍්‍රමයකට ඉගැන් වේ. විටෙක නගරයේ දරුවන් අභිබවා ගමේ දුප්පත් අම්මාගේ තාත්තාගේ දරුවා ලංකාවේ විශිෂ්ඨ පුද්ගලයෙකු වීම කාගේත් ඇසට කදුලක් එක් කරනු ලබයි. විශේෂයෙන් ගමේ පාසලේ බොහෝවිට විෂයන් සදහා ගුරුවරු අගහිගකම් ඇත. එසේ ම සංගීතය , නර්ථනය වැනි විෂයයන් සදහා අවශ්‍ය වන්නා වූ භාණ්ඩ අල්ප ය. දරුවා ලොකු ඉස්කෝලයකට යැවීමට නොහැකි එදා වේල සරිකරගන්නා අම්මාගේ තාත්තාගේ පැතුම ද ලොකු ඉස්කෝලයකට ගොස් අධ්‍යාපනය හදාරන දරුවාගේ අම්මාගේ තාත්තාගේ පැතුම ද සමාන ය. අඩු සනීපාරක්ෂක පහසුකම් මගින් ඔවුන් තම ඉගෙනීම සිදු කරනු ලබයි. කළු සපත්තු , සුදු මේස් දමා පාසල් යාමට ද අලූතින් සුදු ගවුමක් , සුදු කලිසමක් ඇද පාසල් යාමට ඔවුන් තුළ ද ආශාවක් පවතී. එම සියලූ ආශාවන් කැමැත්තෙන් මගහැර දරුවා අධ්‍යාපනය හදාරන්නේ රටක් රාජ්‍යයක් අල්ලා ගැනීමට නොව තම දෙමාපියන්ගේ අභිලාෂයන් යම් තරමකින් හෝ ඉටු කිරීමට ය.
ගමේ පාසලේ දරුවන්ගේ බොහෝවිට ඉදිරිපත් වීමේ හැකියාව අඩු ය. එසේ සිදු වන්නේ ඉතා සීමිත දරුවන් පිරිසක් ඇසුරු කිරීමට ලැබෙන නිසාවෙනි. උසස් අධ්‍යාපනයට පැමිණි විට එය කැපී පෙනෙයි. ඔවුන් ලිං මැඩියන් වශයෙන් කාලය ගත කිරීමට කැමති පිරිස් ය. එසේම ඔවුන්ගේ දක්ෂතා විටෙක සියල්ලන්ගේම ආකර්ශනය දිනා ගැනීමට සමත්කම් දක්වයි. දරුවා පාසල ්යවා අම්මා රැකියාව සදහා පිටත් ව යන්නේ දරුවාගේ පැතුම් වෙනුවෙනි. බොහෝවිට පිටිසර ගම්මාන වල අධ්‍යාපනය හදාරන සිසුන් උදය වරුව පාසල  අධ්‍යාපනය හදාරා සවස් වරුව යම්කිසි කුඩා කියාවක යෙදීමත් සුලබ දඑක මේසයක දරුවන් දෙදෙනකු පුටු තබාගෙන අකුරු උගනා ආකාරයත් , එකම පොතෙහි සියලූ අධ්‍යාපන කරුණු එක්කර ගන්නා ආකාරයත් දුටුව විට අප කාගේත් ඇස් වලට ක`දුලක් උණනු ඇත. එසේ ම මෙම පාසල් වල සංවර්ධනය විය යුතු තවත් විෂයක් වශයෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපනය බව පැවසීම නිවැරදි ය. තර`ගකාරී සමාජයට අවතීරණ වන දරුවා කුමන පාසලකින් පැමිණියේ ද ලෙස කවුරුන් හෝ ප‍්‍රශ්න කිරීමක් නැත. ඔවුනට ඉංග‍්‍රීසි සහ පරිගණක සාක්ෂරතාවය පිළිබ`ද අනුම අවැසි ය. කුමන පාසලකින් පැමිණිය ද එය වැදගත් වේ. හෙට දවස භාර ගැනීමට සිටින දරුවන්ගේ අභිප‍්‍රාය විය යුත්තේ ඉගෙනීම ය.
එසේ ම බාල වයස් විවාහ මෙම පාසල් තුල දක්නට ලැබේ. සියලූ දැනුම ලබා දීම මෙන් ම දරුවන්ට හො`දින් ජීවත් වන ආකාරයද ඔවුන්ට කියාදීම අවශ්‍යය වේ. එම පාසල් වල සිටින දරුවන් ක‍්‍රීඩාවන් ස`දහා ද යොමු කළ යුතු ය. ජාත්‍යන්තරයට යැවීමේ දී ලොකු පාසල් වල දරුවන් ම පමණක් නොව කුඩා දුෂ්කර පාසලේ දරුවා ද අධ්‍යාපනයට මෙන් ම ක‍්‍රීඩාවට දස්කම් දක්වයි. ජාත්‍යන්තරයේ පවා දක්ෂතා පෙන් වූ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් බොහෝමයක් ගමේ පාසලේ දරුවන් වීම විශේෂ වේ. එම නිසා ගම - නගර භේදයකින් තොරව සියලූ පාසල් සංවර්ධනය කිරීම තුළින් ශ‍්‍රී ලංකාව නිවැරදි අධයාපන ක්ෂේත‍්‍රයට ඉදිරිපත් කළ හැකි ය.
සමහර විටෙක අ.පො.ස.සා.පෙළ විභාගයට මාසයක් දෙකක් තබා ගුරුවරුන් මාරුවීම් වලට ලක් වේ. එහෙත් එම පාසලේ අඩුව පිරවීම ස`දහා කිසිදු ගුරුවරයෙකු ලබා නොදෙයි. උපකාරක පංතියකටවත් යාගත නොහැකි දරුවන් තම බලාපොරොත්තු සුන් කර ගනී. මෙම පාසල ්දරුවන් පෙළෙන තවත් පොදු ප‍්‍රශ්නයක් වශයෙන් පෝෂණ මට්ටමේ අඩුපාඩුව ගත හැකි ය. බොහෝ දරුවන් උාදේ රැුස්වීමේ දී ක්ලාන්තය දමා ඇද වැටෙයි. ඔවුන් උදේ ආහාරය ගෙන පැමිණ නැත. උදේට කඩයට කඩයප්පම් දමා පාසලට පැමිණෙන දරුවන් ද නැතුවා ම නොවේ. පිටිසර ගම්බද දරුවන් බොහෝ අධ්‍යාපන ගැටළු වලින් පෙලේ.
එම දරුවන් න`ගා සිටුවීම ස`දහා සමාජයක් වශයෙන් අප සතු වගකීම් ද රාශියක් පවතී. දුප්පත් පාසල් සොයා උදව් උපකාර කිරීම , සංවර්ධනයට දායක වීම , ගුරුවරු අඩුපාඩු ඇති පාසල් ස`දහා ගුරුවරු ලබාදීම , එසේම සනීපාරක්ෂක පහසකුම් අඩු පාඩු සොයා සනීපාරක්ෂක සේවාවන් යළි ස්ථාපිත කිරීම , පහ ශ්‍රේණිය දක්වා ලබාදෙන උදේ ආහාරය අඩුම තරමින් සාමාන්‍ය පෙළ දක්වාම ලබා දීම කළ හැකිනම් රටේ අනාගතය භාර ගැනීමට බලා සිටින මල් කැකුළු ගම්වල ඉපදී ගම්වලට මියදීමට නොදී රට - සමාජය වෙත ගෙන්වා ඔවුන්ගේ ලස්සන ලෝකය පෙන්වීමට අපට කාලය උදාවනු නොඅනුමාන ය.

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...