Saturday 23 June 2018

ඕස්ටේ‍්‍රලියානු මුද්‍රිත මාධ්‍ය ආචාර ධර්ම




 


ආචාර ධර්ම ලෙස විවිධ මතවාදයන් පැමිණ ඇත . දර්ශන විෂය තුළ ආචාරධර්ම ලෙස හදුන්වනු ලබන්නේ සමාජක‍්‍රියා සමාජඅන්තර්ක‍්‍රියා සහ මානසික සාධක පාදක කරගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. කෙසේ හෝ ජනමාධ්‍යයක කාර්යබාරය වන්නේ ජනතාව වෙත නිවැරදි  තොරතුරු ලබා දීම ය. විශ්ව ගම්මාන සංකල්පය සමග තොරතුරු සමාජයක් ගොඩනැගී ඇත . එම හේතුව මත ජනතාව නිවැරදි හා නව්‍ය තොරතුරු දැනගැනීමේ අභියෝගයක නිරතව සිටී. මෙම අභියෝගය සාර්ථක කිරීම සදහා ප‍්‍රබලව උදව් කරනු ලබන්නේ ජනමාධ්‍යයන් ය. මාධ්‍ය වූ කලී කොටස් දෙකකින් හදුනා ගත හැකි ය.



▪ මුද්‍රිත මාධ්‍ය
▪ විද්‍යුත් මාධ්‍ය
 මුද්‍රිත මාධ්‍ය යටතේ බොහෝ විට මුද්‍රණය කරන ලද පුවත්පත් සගරා පෝස්ටර් වැනි සාදක ඇතුළත් වේ.රටකට මාධ්‍යයන් පාලනයකට ලක් කරමින් මාධ්‍යයන්ගේ අත්තනෝමතික පාලනය තුරන් කළ හැකිය. මේ සම්න්ධයෙන් ජනතා සුබ සිද්ධිය ම ූලික කරගෙන ඇත . මේ වන විට බොහෝ රටවල් ආචාරධර්ම සංග‍්‍රහයක්
හෝ ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇත . ඕස්ටේ‍්‍රලියාව තුළද මුද්‍රිත මාධ්‍යය හා සම්බන ්ධ ප‍්‍රතිපත්ති සංග‍්‍රහයක් ඉදිරිපත් කර ඇත . මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ එරට පුවත්පත් මණ්ඩලය විසිනි. 1976 දී ආරම්භ කරන ලද මෙම පුවත්පත් මණ්ඩලය මාධ්‍ය ප‍්‍රායෝග ික ප‍්‍රමිතීන ් ප‍්‍රවර්ධනය කිරීම මහජන යහපත සදහ තොරතුරු ලබාගැනීමට ප‍්‍රජා ප‍්‍රවේශයන් සහ ජනමාධ්‍යය හරහා ප‍්‍රකාශ කිරීමේ නිදහස  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් සගරා සහ ආශ‍්‍රිත
ඩිජිටල් වෙළදසැල් පිළිබද පැමිණිලිවලට ප‍්‍රතිචාර දැක්වීමේ වගකීම දරන ආයතනය ලෙස දැක්විය හැකි ය.
 ඕස්ටේ‍්‍රලියානු මුද්‍රිත මාධ්‍යයන්ට බලපාන ආකාරයෙන් ප‍්‍රමිතීන් කොටස් දෙකක් ඉදිරිපත් කර ඇත .
▪ පොදු  මූලධර්ම
▪ පුද්ගලිකත්ව ප‍්‍රකාශන  මූලධර්ම
මෙම ප‍්‍රමිතීන්හිදී කරුණු 8 ක් සහ 7ක් වශයෙන් ප‍්‍රමිතීන් ඉදිරිපත් කර ඇත . පොදු ප‍්‍රමිතීන් වල දිගුවක් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමක් වශයෙන් පෞද්ගලික ප‍්‍රතිපත්තිය හදුන්වා දිය හැකි ය. මෙම කරුණු වලදී ජනතාවට වග කියන මාධයයක් මාධ්‍යයක් මෙන්ම ජනතා සුබසිද්ධිය උදා කර ගත හැකි ආකාරය පිළිබද කරුණු ඉදිරිපත් වේ. මෙම ප‍්‍රමිතින්ට අමතරව සංශෝධන වශයෙන් තවත් ප‍්‍රමිතීන් දෙකක් ඉදිරිපත් කර ඇත .පොදු මූලධර්ම හිතාමතාම පුළුල් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඒවා නම්‍යශීලීව හා සංවේදීව යෙදිය යුතු ය. එසේම මාධ්‍යවේදීන් සහ මහජනයා විශේෂිත අවස්ථාවන්හි ඒවා භාවිතා කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබද යම් ඇගවීමක් කර ඇත . එබැවින් පොදු මූලධර්මයන් අනුකූගලනය කිරීම සදහා පා‍්‍රයොගික ප‍්‍රමිතීන් හි අවශ්‍යතාවය ඉස්මතු වී ඇත . එම නිසා 2011 දී හා 2014 දී පිළ වෙලින් ප‍්‍රමිතීන් හදුන්වා දී ඇත .
▪ සියදිවිනසාගැනීම් ආවරණය කිරීම (2011 අගෝස්තු මස*
▪ රෝහල්වල නේවාසික පහසුකම් ලබන පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම ( 2014 ජූලි*
මෙම ප‍්‍රමිතීන් සියල්ලෙන්  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත්හි ප‍්‍රතිපත්ති මාලාව සම්පාදනය කර ඇත. රටක මාධ්‍යයන් වෙත පොදු ප‍්‍රතිපත්ති මාලාවක් පැවතීම ඉතා වැදගත් වේ. එම වැදගත් වීම මත පොදුජන යහපත මෙන්ම මාධ්‍ය ඉදිරිගමනේ සාර්තකත්වය තීරණය වන බව අදහසයි. 

3 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...