Friday 8 June 2018

පේ‍්‍රමතී ජායතී සෝකෝ





පේ‍්‍රමතී ජායතී සෝකෝ- 
පේ‍්‍රමතී ජායතී භයං

පේ‍්‍රමතී විප්පමුත්තස්ස -
නත්ති සෝකෝ කුතෝ භයං

පේ‍්‍රමය නිසා දුක ඇතිවේ. පේ‍්‍රමය නිසා දුක ඇති වේ පේ‍්‍රමයෙන් මිදුනහොත් දුකක්ද භයක්ද නොමැත
වර්තමානයේ බොහෝමයක් අපරාධ සියදිවි නසාගැනීම් බොහොමයකට හේතුව මෙම බුද්ධ භාෂිතය පිළිබද නිසි දැනුමක් නොමැති කමය. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ පේ‍්‍රමය පමණක් නිත්‍යය වේද? ආදරය පේ‍්‍රමය සෙනෙහස එකිනෙකට බැදුනා වූ මාතෘකාවන්ය. දෙමාපියන් දරුවන්ට පේ‍්‍රම කිරීම, දරුවන් දෙමාපියන්ට පේම කිරීම, ආදර වන්තයෙක් තම ආදරවන්තයාට පේ‍්‍රම කිරීම, වෙනත් ජීව අජීව වස්තූන්ට ප්‍රේමකිරීම  මේ සියල්ලක්ම වූ කලී ඇලුම් කිරීමකි. අල්වා තබා ගැනීමේ ආශාවය . මටය මගේය යන මමත්වය මත පදනම්ව සිල්ල තීරණය වන සමාජයකට අප පිවිස ඇත. මට  ඕන ඔහුගේ ආදරයමයි මට  ඕන ඔහුමයි අනේ එයා නැතිවුනොත්නම් මන් මැරෙයි ඇය මගේ නෙවෙයිනම් ඇය කාගෙවත් වෙන්න  ඕනත් නෑ මෙය මමත්වයයි පේමයට ඇලූම්කිරීමයි. එසේම තම ශරීරයට අසීමිතව ඇලූම් කිරීමද දුකකි. ඇත්තෙන්ම මෙය දුකක් නොවේ ද  වෙනස් වන සමාජයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණි. පෘථග්ජන මනුෂ්‍යයන් වශයෙන් වශයෙන් ඉපදී සිටින අප සියළු දෙනාම ඇලීමට ඇද බැද තබා ගැනීමට මමත්වයට ෂතුකර ගැනීමට ආශා කරයි . එහෙත් නියත දහම නම් පේ‍්‍රම කිරීම ආශා කිරීම දුකකි  
මෙම බුදු දහම දෙදහස් පන්සිය පනස් වන බුද්ධ ජයන්ති මංගල්‍යය සමරන වර්තමාන සමාජයට මහත් ආදර්ශ සපයයි . 
”ප‍්‍රියයන්ගෙන වෙන් වීම දුකකි ”
”අපි‍්‍රයයන් හා එක් වීම දුකකි ”
තමන් කැමති අයෙකුගේ වෙන් වීම දුකකි . තමන් අප‍්‍රිය කරන අයෙකුට පේ‍්‍රම කිරීමට සිදුවීමද දුකකි . වර්ථමාන තරුණ පේ‍්‍රමය තුළ ඔයා නැති වුනොත් මම මැරෙයි මට ඔයා  නැතුව බෑ බහුලව පිටවන වචන කිහිපයකි . මෙය පේ‍්‍රමය නැතිනම් ආශාවයි . ජීවත්වන කුඩා කාලය තුළ බලාපොරොත්තු ආශාවන් පොදි බැද ගැනීමයී . මෙම පේ‍්‍රමය තුළ ජීවිත හානි සියදිවි නසා ගැනීීම් බොහෝමයක් සිදුවේ .තමන් කැමති ආදරවන්තිය වෙනත් විවාහයක් සිදුකරගත් විට එය නොඉවසන තරුණ පේ‍්‍රමවන්තයා තරුණිය හා තරුණියගේ පවුලේ සමාජිකයන් පවා මරණයට පත් කරයි . මෙය පේ‍්‍රමයේ කුරිරු අවසානයයි . වර්ථමානයේ ආදරය අවසන් විය යුත්තේම විවාහයෙන් ය යනු පුහු මතයකි. එහෙත් ප‍්‍රශ්න මධ්‍යයේ විවාහය කෙසේ පවත්වා ගන්නද දරු මල්ලන් අසරන වේ කිසිවෙකුත් නොකියයි. ජීවිතයේ අගහිගකම් මැද ආදරය පෑලදොරෙන් පැන යයි . බොහෝ ජීවිත අකාලයේ විනාශ වී යයි . වර්තමානයේ බොහෝ සියදිවි තසාගැනීම් වලට හේතු වන්නේද මෙම පේ‍්‍රමයයි . දරුවන් නිසා දෙමාපියන් හටද දුක ඇති වේ . තම දරුවා සියදිවිනසා ගැනුයේ පේ‍්‍රමය නිසා වුවද දරුවාට අසීමිතව පේම කළ දෙමාපියන් දරුවා වෙනුවෙන් හඩති . දුක් වෙති දෙමාපියන් ගැන මොහොතකදිවත් නොසිතුව දරුවා පිළිබද හඩා වැලපෙයි . පේඹයක් දුකක් වීමට තවත්නම් නිදර්ශන අවැසි ද . 
පේ‍්‍රමය දුකක් පමණක් නොව මහත් භියකි සෑම විටම භියෙන් සැකයෙන් ජීවත් වීමට සිදු වීමම දුකකි . තම පෙම්වතා තමන් හට නැති වේද ඇය මා දමා යාවිද දෙමාපියන් තමන්ට නැතිවෙයිද සම්බන්ධකම්වලට දෙමාපියන් අකමැති වේද සෑම දෙයක් පිළිබදවම දුකකි . මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවයයි . 
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මෙම සියළු දුකට හා බියට හේතුව වී ඇත්තේ පේ‍්‍රමයයි . එයින් මිදීම ඇලී ගැලී පේ‍්‍රම නොකිරීම මිනිසාගේ යහපතට ෂතුටට හේතුවන බව දේශනාකොට ඇත . එවිට දුකක් හෝ භියක් නොමැත ආශාවන් අත් හැරීම මෙලොව පරලොව සියළු සැප පිණිසම හේතු වේ. 

6 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...