Sunday 1 July 2018

මුහුණුපොතේ හාඳකම්






අතීතයේ මිනිසා සන්නිවේදන කි‍්‍රයාවලිය සදහා යොදාගනු ලැබුවේ සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රමයන් ය.දුම්ගැසීම, හූ හඩ පැවැත්වීම , අණබෙර ගැසීම මගින් සන්නිවේදන කි‍්‍රයාවලිය පවත්වා ඇත.මෙම සන්නිවේදන කි‍්‍රයාදාමය යම්දුරකට සංවර්ධනය වී ලිපි මගින් සබඳතාවන් ඇති කර ඇත. තාක්‍ෂණයේ දියුණුවත් සමග විහ්ව ගම්මාන සංකල්පය පැමිණ ඇත.මිනිසුන් සබදතාවන් ඇති කර ගැනීම සදහා දුරකතනය අන්තර්ජාලය භාවිතා කර ඇත. මෙම විද්‍යුත් මාධ්‍ය සංකල්පය හේතුවෙන් මිනිසාගේ සබදතා දියුණුවීමක් දක්නට ලැබේ.සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශි‍්‍රලංකාව තුළද තාක්‍ෂණයේ උපරිම ඵල නෙලාගනිමින් මුහුණුපොත නැතිනම් එෆ්බී ලොකු පොඩි කා අතරත් සමීපතමයෙකු ලෙෂ සම්බන්ධ වී ඇත.ලෝකයේ මිලියන 20 ට අධික පිරිසක් එෆ්.බී භාවිතා කරන බව නවතම දත්ත සමීක්‍ෂණයන් මගින් සොයාගෙන ඇත. වර්තමානය තුළ සබදතා පවත්වන ආකාර කිහිපයකි. එයින් බොහෝ ප‍්‍රමාණයක් මුහුණු පොත මගි්න්  සබදතා පැවැත්වීමට යොමු වී සිටියි.තමන් නොදන්නා අය සමග වුවද විදේශිකයන් සමග වුවද මිතුරු සබදතා ඇතිකර ගත යුතු ය. කතා කිරම මගින්  මිතුරු සබදතා තර කර ගනී . ඉන් සුළුතරයක් දෙනා මිතුරු සබදතාවන් විවාහයෙන් අවසන් කරයි. එහෙත් වර්තමානය තුළ බොහොමයක් ජීවිත අදුරේ වැටි ැත්තේ මෙම මුහුණු පොත මගින් ඇතිකර ගන්නා අනවශ්‍යය සබදතා නිසා ය.

පෙරදිග සංස්කෘතියට උරුමකම් කියන ශි‍්‍රලංකාව වැනි රටක ජනතාව සංස්කෘතික යදම්වලින් කොටු වී සිටි. සිංහල කම හැදිච්ච කම පරයා යමින් දෙමාපිය දරුවන් අතර සබදතාවය දුරස් වෙමින්ද පවතිනුයේ තාක්‍ෂණික දියුණුවත් සමගම ය. වර්තමානය වන විට මුහුණුපොතේ නොමැති අයෙකු සොයා ගත නොහැකි තරම්ය. මෙම මුහුණුපොත මගින් බොහෝ අපචාර සිදු වෙයි. ඇතැම්විට චීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුව ඇත. මීට අවුරුදු ගණනාවකට පෙර ප‍්‍රසිද්ධ පාසැළක සිසුවියක් මෙම එෆ්.බී නිසා ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.මෙම සමාජ ජාලය අනවශයය ලෙස පරිහරණය කිරීම විශාල ජීවිත ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇත. සහෝදරයා සහෝදරිය එකම නිවසෙහි හිදිමින් පෙම්වතුන් ලෙස හිදිමින්  තුළින් අල්ලාප සල්ලාපයෙහි යෙදීමද ලිංගිකත්වය මාරුවීමද ඔවුන්ගේ පළමු හමුවීමේදී තම එක කුස උපන් සහෝදරයා සහෝදරිය මෙතුවක් තමන් සමග පේ‍්‍රමයේ පැටලී සිට ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථාද දියණිය සහ පියා අතර මවස හ පුතු අතර නොමනා කි‍්‍රයාවන් සිදුවීමද මෙම මුහුණු පොත අනිසි ආකාරයෙන් පරිහරණය කිරීමේ ප‍්‍රතිවිපාකයන් වශයෙන් දක්වා ඇතග මම කවුද මගේ දෙමාපියන් කවුරුන්ද ? තමන්ගේ රටේ තිබෙන සංස්කෘතිය කුමක්ද ලෙස සිතා බැලීමෙන් අනතුරුවය 
නොදන්නා අයෙකු ” හායි” කියූ පමණින් මාව කසාද බදිනවාද ලෙස ඇසුවාක් මෙන් බිය විය යුතුද නොවේ. තමන් ට තිබෙන සීමාවන් මත තමන් ජීවත් විය. යුතු ය. වර්තමාන සමාජය කුරිරුය . මිනිසුන් කවුරුන්ද ලෙෂ බැලීමට ඔවුන්ව හදුනා ගැනීමට ඔවුන් සමග ජීවිත කාලයක් ජීවත් වුවද මදි ය. එසේ යැයි කියා නොදන්නා අය සමග අල්ලාප ෂල්ලාප පමණට වඩා ඇති කර ගත යුතු ද නැත. වර්තමානය තුළ මුහුණුපොත හමුවේ ඇති වී ඇති ජීවිත හානි මෙන්ම මංකොල්ල කෑම්,පැහැරගැනීම් ප‍්‍රමාණයද ඉහළ ගොස් ඇත. කිසියම් තෑගි මුදලක් ලබා දීමට අවශ්‍ය බව පැවසීමද යම් තරගයක් ජයග‍්‍රහණය කර ඇති බව පැවසීමද කිසියම් තරගයක් ජයග‍්‍රහණය කර ඇති බව පැවසීම ද දක්වා ඔවුන්ගෙන් මුද්දර ගාස්තු හෝ වෙනයම් දෙයක් පවසා මුදල් ගසා කන්නවුන් ද මුහුණුපොත තුළ නොසිටිනවාම නොවේ. මෑතකදී නයිජීරියානු තරුණයෙකුගේ බහට රැුවටී ලාංකික කාන්තාවක් ලක්‍ෂ 12 ක මුදල් වංචාවකට හසු වී ඇත .මෙවැනි අවස්ථා එකක් නොව මසකට දහයක් පහලොවක් පමණ අපට අසන්නට ලැබේ. 
එසේම තමන් සදහා ආදරවන්තයෙකු තොරාගනු ලබන්නේ මුහුණුපොතෙහි සිටින යහළුවන්ගෙන් ය. බොහෝමයක් තරුණ මරණ, සියදිවිනසා ගැනීම් සදහා එය හේතුවක් වී ඇත. තරුණ ආදරය ඉක්මන් තීරණ බොළඳ වු පේ‍්‍රමයකි xඑම නිසා පේ‍්‍රමයක් ඇති කරගත් පමණින් මුහුණුවත් නොදැක ඔවුනට විවිධ ඡුායාරූප ,ඡුායාරූප පටිගත කිරීම් වර්ග ලබා දෙනුයේ දැඩි විශ්වාෂයකිනි . එසේ සිදු කිරීමෙන් එම ළග තබාගත් ඡුායාරූප , ඡුායාරූප පටිගත කිරීම් පෙන්වා භිය කරමින් මුදල් ලබා ගන්නා අවස්තා ද වෙනත් පිරිමින්ට තමන් ආදරය කළායැයි බොරු කියූ තරුණිය අලෙවිකිරීම වැනි අමානුෂික අවස්ථාද පවතී.
එසේ ම මෙම මුහුණු පොත තුළින් ේජන ්ජජදමබඑ සාදා ගනිමින්  පුරුෂයන් ස්තී‍්‍රන් ලෙස විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වීමද දක්නට ලැබේx මෙම සබදකම් 100% ක් වැරදි හෝ නිවැරදි හෝ නැත. තාක්‍ෂණයෙන් දියුණුවන රටක් වශයෙන් එයට පිටුපා කි‍්‍රයා කිරීමද කළ නොහැක. එම නිසා මුහුණු පොත තුළ තමන්ගේ කම තබා ගනිමින් අනවශ්‍යය සබදතා ඇති නොකර ජීවත් විය යුතු ය.


7 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...