Thursday 12 July 2018

ලිංගික අධ්‍යාපනය කුණුහරපයක්ද





වර්ථමාන  පාසල්  විිිෂය  මාලාව  තුළ  බැලූූූ  බැල්මට  මහා  පරිිමාණයකින්  විිිසිරුණු  දැැනුම් පරිිපථයකි.දරුවාට අවශ්‍ය්‍ය මූලික අඩිතාලම සකස් කරනු ලබන්නේ ප‍්‍රධාන වශයෙන් පාසල මගිනි.දරුවන් තම පාසල් කාලයේ වැඩිම කාලයක් ගතකරනුයේ පාසල තුළය. දරුවන් නව යොවුන් වියට පා තබන්නේද මෙම පාසල් අධ්‍යාපනය අතරතුරේදීම ය. නිවසේ සුන්දර ආරක්‍ෂිත වටපිටාවෙන් මිදී සංකීර්ණ හා විෂම සමාජයට විවෘත කාලය එළඹෙන්නේ පාසල් අවධීය තුළම බවත් පෙනේ . ඒ අනුව එම සංකීර්ණ සමාජයට මුහුණදීමට හැකිවන්නේ දරුවන්ගේ ශාස්තී‍්‍රය දැනුම් හා සමාජීය දැනුම් අවසන් කිරීමට පාසලට ප‍්‍රමුඛ වගකීමක් හිමි වේ.මෙරට පාසල් විෂය මාලාවේ අන්තර්ගතවිෂයන්  දෙස අවධානය යොමු කිරීමේදී ගණිතය විද්‍යාව, ආගම, ඉතිහාසය, ඉංග‍්‍රීසි සහ වෙනත් භාෂා වැනි රාශියකින් සමන්විත විය.මෙම විෂයන් පිළිබදව දැක්වීමේදී නූතන නව යොවුන් සිසුවාට අවශ්‍යය සමාජීය දැනුම නිසි ලෙස නොලැබෙන බවය . වර්ථමානයේ දරුවන්ට මිළ මුදල් යාන වාහන හා අවශ්‍යය වන්නා වූ දැනුම නිතැතින්ම දායාද වේ. කුඩා කළ සංවර්ධනය වෙමින් පැවති දරුවා තම ළමා කාළය අවසන් කරන්නේද අධ්‍යාපනය ලබන මෙම සමයේමය . එහිදී දරුවන්ට අවශ්‍යය සියළු දැනුම ලබා දීම විෂය මාලාව මගින් සිදු විය යුතු ය.

ලංකාවේ අධ්‍යාපන විෂය මාලාව තුළ දැනට ලිංගික අධ්‍යාපනයට ලැබී ඇත්තේ ප‍්‍රාථමික මටිටමකි. නව යොවුන් වියේ සිටින දරුවන් ට ලිංගික අධ්‍යාපනය පිළිබද දැනුමක් ලබාදිය හැක්කේ පාසල තුළදීමය.ලංකාව තුළ ලිංගිකත්වයට හිමි වී ඇත්තේ කුමන ස්ථානයක්ද ? ලිංගිකත්වය යනු කුමක්ද? ලෙස කවුරුන් හෝ ප‍්‍රශ්නයක් ඇසූ විට එයට අතින් කට වසාගෙන හෑ කියන තත්වයට පත්ව ඇත.ලිංගික අධ්‍යාපනය පිළිබද කතා කිරීම විනා ඒ පිළිබද සිතීමත් මහා පාපකර්මයක් එය නොහොබිනාකමක් ලෙස සිතයි. මෙහිදී ලිංගිකත්වය නැතිනම් ලිංගික අධ්‍යාපනය යනුවෙන් හදුන්වන්නේ අසැබි කවි ,අසැබි පටිගත කිරීම්, වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපට කලාවක් නොවේ. ශී‍්‍ර ලාංකිකයන්ට ලිංගික අධ්‍යාපනය ලබ ාදිය යුඅතුය. යනුවෙන් ප‍්‍රකාශ කළ විට පවා ඔවුන් සිතනුයේ දරුවන්ගේ මනස තුළට මෙම අසැබි කලාව නොවේ. මෙම අසැබි කලාව දියුණූව හා මුදල් මත පදනම් වේ. google සෙවුම් යන්ත‍්‍රය තුළ ිැං වචනය වැඩිම ප‍්‍රමාණයක් සොයා බැලීම් කර ඇති රට වශයෙන් ශී‍්‍ර ලංකාව දැක්වේ.මෙසේ ලිංගිකත්වය තුළ පවතින වැරදි මතවාද ඉවත්කළ දරුවාගේ පටන් ලිංගික අධ්‍යාපන දැනුම ලබ ාදිය හැක්කේ පාසල තුළදීමය. පාසල් අධ්‍යාපනය තුළින් එම දැනුම ලබා නොදිම තුළ මිනිසාගේ මානසික සෞඛ්‍යය පිරිහීම ඉක්මන් වනු ඇත. දකුණු ආසියාතික සංස්කෘතියකට උරුමකම් කියන අප ආවරණය කර ගත්තා වූ සංස්කෘතියක ජීවත් වේ.සියළු දේ දකින්නේ කුතුහලය තුලිනි.
ලිංගික අධ්‍යාපනය ලබා නොදීම මත දරුවන්ගේ කුතුහලය වර්ධනය වී ඇතxවර්ථමානයේ අපරාධ ප‍්‍රමාණය ළමා ස්ත‍්‍රී පිරිමි ¥ෂණ ප‍්‍රමාණය ඉහල ගොස් ඇතx ¥ෂණය ලෙස කායික මානසික දෙකොටසම අයත් වේ.දරුවන්ගේ කුතුහලය සම්බන්ධයෙන් මෙම අපරාධයන් බොහෝමයක් සමාන වේ.යුරෝපීය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේදී නව යොවුන් වියට පිවිසෙන දරුවන්ට ලිංගික අධයාපනය ලබාදීම ආරම්භ කරනුයේ පාසල තුළදීමය. ඒ අනුව ලලිංගිකත්වය යනු කුමක්ද එහි සමාජීය හා පෞද්ගලික වැදගත්කම ලිංගික කි‍්‍රයාවලිය උපත් පාලනය ලිංගික රෝගවලින ආරක්‍ෂා වන ආකාරය එහි වැදගත්කම සහ ක‍්‍රමෝපායන් යන කරුණු පිළිබදව අධ්‍යාපනයක් ලබා දෙයි. එහෙත් ඒ අයුරින් මෙරට නව යොවුන් වියට පිවිසෙන දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළ ඇති සෞඛ්‍ය විෂයෙන් හෝ දැනුමක් ලබා දීම සිදු වේද යන්න ගැටළුවකි. දැඩි සංස්කෘතික බැදීම් සම්ප‍්‍රදායන් සිරිත් විරිත් වැඩිහිටි ගෞරවය සහ සමාජීය සීමාවලින් යුතු මෙරට ජන සමාජය තුළ ලිංගිකත්වය යන මාතෘකාව ප‍්‍රසිද්ධියේ සහ සාමූහිකව සාකච්ඡුා නොකරන මාතෘකාවක් වී තිබේ. ලිංගිකත්වය අසැබී කලාවක් ලෙස දැක්වීම නිසා පවුල් සංස්ථා තුළින්ද නිවරුදි දැනුමක් ලබා නොදෙයි.
ලංකාව තුළ බොහෝ අපරාධයන් සිදුවන්නේ මෙම නොදැනුවත්බාවය නිසාය. දිනෙන් දින දියුණුවෙමින් පවතින අපරාධයන්ට මෙම නොදැනුවත්බාවය මූලබීජ සපයනු ලබයි. මනෝ විද්‍යාඥයෙකු වන සිග්මන් ප්‍රොයිඞ් පෙන්වා ඇත්තේ ”මව්කිරි බීමේ පටන්ම දරුවා හා මව අතර ලිංගික පේ‍්‍රරණයක් සිදුවන බවයි” . ලිංගික සත්වයන් වන මිනිසාට ලිංගිකත්වය යනු සැගවිය යුත්තක් නොවේ.ශී‍්‍ර ලංකාව දශක කිහිපයක පටන්ම සංවර්ධනය වෙමින් පවතින රටක. එයට ප‍්‍රධාන බලපෑමක් කරනුයේ සමාජීය වශයෙන් සිදුවන අපරාධයන්ය. අනිසි ගැබ් ගැනීම් වැඩිවීම, අනිසි ලිංගික රෝග ඒඞ්ස් වැනි තත්වයන් ලංකාවෙහි භූගෝලීය,ආර්ථික,සමාජීය සහ සංස්කෘතික වශයෙන් බලපෑම් ඇති කරනු ලබයි.මෙම අපරාධ මැඩ පැවැත්වීමටනම් දරුවන්ගේ ආකල්ප වර්ධනය කළ යුතුය .දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමට පෙර ගුරුවරයා තම භූමිකාව නිසි අයුරින් සිදු කළ යුතුය. ගුරුවරයා සංස්කෘතික භූමිකාවන්ට සීමාවන්ට යටත්ව පාසල් විෂයේ සෞඛ්‍යය පාඩමේදී ලිංගික කරුණු පැහැර හැරීම් ,වෙනත් පාඩමක් කිරීම කි‍්‍රයාමාර්ගයකට යොමු වේ. එම නිසා ගුරුවරයා නිසි ලෙස තම භූමිකාව මගින් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය විය යුතුය. දරුවන්ගේ ආකල්පයට පෙර ගුරුවරයාගේ ආකල්පය සංවර්ධනය විය යුතුය.එමගින් සංවර්ධනයට බාධාවක් වී තිබෙන අපරාධ රැුල්ල ඉවත් කිරීමට ශී‍්‍ර ලාංකීය සමාජයට හැකියාව පවතී.

5 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...