Tuesday 10 July 2018

ඕස්ටේ‍්‍රලියානු මුද්‍රිත මාධ්‍ය ප‍්‍රතිපත්තින්හි වැදගත්කම


සමාජ මාධ්‍යයක් වශයෙන් ජනතාවට අවශ්‍යය වන්නා වූ තොරතුරු ලබා දිම ජනමාධ්‍යයන්ගේ වගකීම වේ. මහජනතාවට සේවය කිරීම සදහා මාධ්‍යවේදීන් සදහා නිවැරදි ස්වාධීන අපක්‍ෂපාතී වගකිව යුතු මානව වර්ගයාට පෙන්විය යුතු ය.මෙම මූලික හරයන් ප‍්‍රචලිත කිරීම සදහා පුවත්පත් හා මාධ්‍ය සංවිධාන විසින් චර්යාත්මක නීති සංග‍්‍රහයක් අනුගමනය කරනු ලබයි. මෙම ප‍්‍රතිපත්ති මාලාව ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. එය ජනතාවට මෙන්ම මාධ්‍ය වගකිව යුතු මාධ්‍යයක් වීම සදහා වැදගත්කම් සපයනු ලබයි. 

 මෙම පුවත්පත් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති සංග‍්‍රහයේදී නිශ්චිත ප‍්‍රමිතීන් කොටස් දෙකක් යටතේ ඉදිරිපත් කර ඇත.  
1- පොදු මූලධර්ම 
2- පුද්ගලිකත්ව ප‍්‍රකෘශන මූලධර්ම 
 මෙම ප‍්‍රතිපත්තීන් සියල්ල මුද්‍රිත මාධ්‍යයන්ගේ දැක ගැනීමට විස්තරාත්මකව දක්වා ඇත. මෙම සෑම ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයකටම කලින් හැදින්වීමක් හා පූර්විකාවක් ඇතුලත් කර ඇත්තේ මෙම ප‍්‍රත්පත්ති සංග‍්‍රහයේ අවශ්‍යතාවය එය අදාල වන පිරිස මෙම ප‍්‍රතපිත්තීන් පිළිපැදිය යුතු ආකාරය හා එය කඩ කරන්නන් වෙනුවෙන් නීතියෙහි ක‍්‍රියාකාරීත්වය විස්තරාත්මකව දැක්වීම සදහා ය. පොදු ප‍්‍රතිගත්ති ප‍්‍රකාශනයේදීම නීතමිය ප‍්‍රමිති කවුන්සිලයේ කොටසක් ලෙෂ ලක්වා ඇත.මෙම ප‍්‍රමිති පැමිණිලි සම්බන්ධයෙන් සලකා බැලීමට හා ඒවාට එරෙහි නඩු පැවරීමේදී වඩා වැදගත් වේ. පොදු මූලධර්ම හැදින්වීමේදීම ප‍්‍රායොග්ික ප‍්‍රමිති පෙළ සිරස්තල ඡුායාරූප ග‍්‍රැෆික් වීඩියෝ සදහා මෙය අදාල වන බවද ඔවුන්ගේ මුද්‍රිත හා මාර්ගගත ප‍්‍රකාශයන් ලෙසද මෙම ප‍්‍රතිපත්ති මාලාව හැදින්වීම වැදගත් වේ.  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් වලට අදාල ප‍්‍රතිපත්ති මාලාව ඇසුරුකරගනිමින් ලංකාවේ ආචාර ධර්ම සංග‍්‍රහය නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ.සියළු ප‍්‍රතිපත්ති මාලාවන් වල හැදින්වීම ඉතා දීර්ඝව සඅවශ්‍ය සියළු තෙිරතුරු ඇතුළත් කරමින් නිමවා ඇත. විශේෂත්වය වන්නේ මේ සෑම ප‍්‍රතපිත්ති මාලාවකටම පඅවසානයේ පැහැදිලි කිරීම් සටහනක් දක්වා ඇත. 
 පොදු ප‍්‍රතිපත්ති මාලාවට විශේෂිතව මෙම ප‍්‍රතපිත්ති මාලාවේ වැදගත්කම ඉදිරිපත් කිරීමේදී වැදගත්කම් බොහෝමයක් දක්නට ඇත.ූ-පොෙදු මූලධර්ම ප‍්‍රතිපත්ති මාලාවේ පූර්විකාවේදීම ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයකදී සෑම පුද්ගලයෙකුගේම ප‍්‍රකාහ කිරීමේ හා තොරතුරු දැනුම් දීමේ අයිතිය පවතින බව තහවුරු කර ඇත. මෘධ්‍ය වේදීන් වූ කලී හැකි සෑම විටම කිසියම් දෙයක් ඉදිරිපත් කල හැකි පිරිසක් නොවේ. ඔවුන්ගේ අත්තනෝමතික ක‍්‍රියා මෙම ප‍්‍රතිපත්ති මාලාව විසින් පාලනයකට ලක් කරනු ලැබේ. 
”මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනෙකාගේ නාසය ළගින් අවසන් වේ.” 
      ජෝන් ලොග් 
පූර්විකාවේදීම පොදුජන යහපත උදෙසා පුවත්පත් ක‍්‍රියාකරන ආකාරයදක්වා ඇත. පොදු මූලධර්ම පද්ධතියේ තවත් වැදගත්කමක් ලෙස මෙය ඉතා සරළ ආකාරයෙන් කොටස් හතරක් යටතේ බෙදා දක්වා ඇත. 
   
1 නිරවද්‍යතාව සහ පැහැදිලි බව 
2 සාධාරණත්වය හා සමබරතාවය 
3 හානිකර හා වැලකි සිටීම
 4 අවංකබාවය හා විනිවිදබාවය 
 මෙම පතිපත්ති මාලාව තනි තනි වශයෙන් වාක්‍ය ගෙන බැලුවද වැදගත්කම් හදුනා ගත හැකි ය.කිසියම් මාධ්‍යක් යම් ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කරන විට එම කරුන නිවැරදි මෙන්ම පැහැදිලි විය යුතයු. ජනතාව නොමග යවන සුළු කරුණක් වේනම් අනෙක් කරුණු වලින් වෙන්කර හදුනාගත හැකි ආකාරයෙන් ප‍්‍රවෘත්ති සකස් කළ යුතුය. එසේම සාවද්‍ය හෝ නොමග යවන සුළුකරුණක් ඉදිරිපත් කර  ඇත්නම් එය නිවැරදි කිරීම සදහා නිවැරදිකිරීමක් හෝ වෙනත් ප‍්‍රමාණවත් නිවැරදි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු ය.මෙය නිවැරදි හා පැහැදිලි කිරීම් යටතේ වැදගත් වන්නා වූ වගන්ති දෙකකි. ජනතාව වෙත නිවැරදි තොරතුරු ලබා දීමත් එසේ නොමැති නම් අනුගමනය කළ යුතු විකල්ප ක‍්‍රියාමාර්ගයන් යොදාගත යුතු බව දැක්වීම වැදගත් වේ. මෙම ප‍්‍රතිපත්ති මාලාවේ පවතින වැදගත්ම කාරණය වන්නේ පොදු ජන යහපත උදෙසා යන වැකිය භාවිතා කිරීමය.පොදු ජනයාගේ යහපත උදෙසා මෘධය ක‍්‍රියා කළ යුතයු ලෙෂ නැවත නැවත සිහිගැන්වීමක් මෙතුලින් සිදු වේ. 
 යම් ප‍්‍රවෘත්තියක් ජනතාවට ලබා දිමේදී සත්‍ය කරුණු පැහැර හැරීමක් නොවිය යුතු ය. යම් ප‍්‍රවෘත්තීන් පිළිබද කරුණ සාධාරණව හා සමතුලිතව ඉදිරිපත් කිරීම වැදගත් වේ. එමගින් පක්‍ෂ භේද නොසලකා නිවැරදි වූ තෙිරතුර ලබාදිය යුතුය ලෙස දැක්වීම වැදගත් වේ. එසේම ලේඛකයාගේ අදහස පක්‍ෂ නොවීම හා සාධාරණ නිවැරදිම වීම වැදගත් බව දක්වයි. වර්තමානයේ සෑම රටකම මාධයන්ට මුද්‍රිත පමණක් නොව සෑම මාධ්‍යයකටම මෙම කරුණ ඉතා වැදගත් වේ. එසේම මෙම ප‍්‍රතිපත්ති මාලාවේ හතරවැනි වගන්තියද වැදගත් වේ. පොදු මූලධර්මයන් ්කඩ කිරීමේදී අහිතකර ප‍්‍රතිපල ලැබෙන බවත් යම් කිසි කරුණකට පිළිතුර සැපයීම සාධාරණ වන්නේනම් ඊට  ලබාදෙන තොරතුරද සාධාරණ විය යුතුය. මෙම ප‍්‍රතිපත්ති මාලාව සකස් කර ඇත්තේ පොදුජන යහපත උදෙසාම වුවද මාද්‍ය කරුවන්ගේ යුතුකම් මතක් කර දෙන්නා වූ ප‍්‍රතිපත්ති මාලාවක් ලෙෂ වැදගත් වේ.  
 ප‍්‍රතිපත්ති මාලාවේ පහ හය වාික්‍ය වලින් හානිකර හා වැළකී සිටීම සදහා වන කරුණු ඉරිපත් වේ. සෑම වගන්තියකම ආරම්භය මහජන යහපත උදෙසා ලෙස ඉදිරිපත් කර ඇත . යම් පුද්ගලයෙකුගේ සාධාරණ අපේක්‍ෂාවන්ට ඉඩ දීම වැදගත් වේ. වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ යහපත බව එම වාක්‍යයෙන් ඉදිරිපත් වේ. එසේම පොදු ජන යහපත තහවුරු කිරීමක් වශයෙන් හය වැනි වගන්තිය වැදගත් වේ. ජනතාවගේ දුක්බ්ත තත්වයන්ට තවත් හේතුවක් මාධ්‍යය සැපයිය යුතු නැත . මෙම හය වැනි වගන්තිය මගින මාධ්‍යය කරුවන්ගේ අත්තනෝමතික බවක් පාලනය කරනු ලැබීම වැදගත් වේ.  
 කිසියම් වාර්තාවක් වූ විට එය අවංක වාර්තාකරණයක් හෝ විනිවිදබාවයෙන් යුක්ත විය යුතු ය. ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම මාධ්‍යවේදීයාගෙ කාර්යභාරයයි. තොරතුරු සමාජයක ජීවත්වන ජනතාව සෑම විටම 
 තොරතරු පිපාසයකින් පෙලෙනු ලබයි එයට ප‍්‍රතිකර්ම වශයෙන් ලබාදෙන තොරතුරු අවංක හා විනිවිදබාවයෙන් යුතුවිය යුතුය. එකිනෙකට වෙනස් වූ ගැටුම් වලක්වා ගැනීම උදෙසා ප‍්‍රමාණවත් අනාවරණයක නිරත විය යුුතුය. පතිපත්ති මාලාවේ සෑම වගන්තියක් මගින්ම පොදු ජන යහපතම ස්ථාවර කිරීම වැදගත් වේ. මෙම පොදු ප‍්‍රතිපත්ති මූලධර්ම පද්ධතියේ පුද්ගලයා යනු පුද්ගල කොටසකින් එක ප‍්‍රමාණවත් තරම් හා නිශ්චිත හා අංකයක් සහිත සංස්ථාවන් හෝ ආයතනයක් ලෙස දක්වා ඇත. පැහැදිලි කිරීම පැමින ඇත්තේ හුදෙක් පොදු ප‍්‍රතිපත්තීන් අර්ථ දැක්වීමක් වශයෙනි . ප‍්‍රතිපත්ති මාලාව එක් මිටකට ගැනීමක් වශයෙන් මෙය හැදින්විය හැකි ය.  
  පුවත්පත් මණ්ඩලය විසින් හදුන්වා දී ඇති අනෙක් ප‍්‍රතිපත්ති සංග‍්‍රහය වන්නේ පුද්ගලිකත්ව පකාශන මූලධර්මයයි . මෙහි ආරම්භයේදීම පැමිණිල්ලක් ලබා දෙන ආකාරය දක්වා වගන්තීන් පසුව ආරම්බ කර ඇත . මෙම ප‍්‍රතිපත්ති මාලාව පුද්ගලික වශයෙන් වැදගත් වේ. මෙම පුද්ගලික ප‍්‍රතිපත්තියෙහි ප‍්‍රධාන කරුණු කිහිපයක් යටතේ කරුණු ඉදිරිපත් කර ඇත . එසේම ඒවාට තොරතුරු සපයා ඇත්තේ පොදු ප‍්‍රතිපත්තියහ ා ගලපමිනි.    
▪ පුද්ගලික තොරතුරු රැුස් කිරීම 
▪ පුද්ගලික තොරතුරු භාවිතා කිරීම හා අනාවරණය කිරීම
 ▪ පුද්ගලික තොරතුරු වල ගුණාත්මකබාවය 
▪ පුද්ගලික තොරතුරු වල ආරක්‍ෂාව 
▪ ප‍්‍රභවයන්ගේ නිර්නාමිකභාවය
 ▪ නිවැරදි කිරීම ,සාධාරණත්වය සහ සමබරතාවය
 ▪ සංවේදී පෞද්ගලික තොරතුරු  
 ලෙස කරුණු හතක් යටතේ විස්තරාත්මකව මෙම ප‍්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කර ඇත. මෙය වැදගත් වන්නේ සියළු කරුණු විස්තරාත්මකව ඇතුළත්වීම නිසා ය. 
 මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියෙහි වැදගත්කම වන්නේ පොදු ප‍්‍රතපිත්තියේ දීර්ඝ කරන ලද විස්තරයක් සේ ඉදිරිපත් වීම ය. විශේෂයෙන් පොදු ප‍්‍රතපිත්තියේ 5 දී අසාධාරණයෙන් ලබාගත් පුවත් හෝ වංක වශයෙන් පුවත් ඉදිරිපත් නොකළ යුතු බවට දැක්වුවද මෙමගින් ඉදිරිපත් කරනු ලබන්නේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම පමණක් පොදු ප‍්‍රතිපත්ති මාලාවට වඩා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීම මත වැදගත් වේ.පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට ඇතුළු වීම හුදෙක් රාජකාරී සදහාම විය යුතු අතර පොදු ජන යහපත සදහාද වීම වැදගත් වේ.  
  පෞද්ගලිකත්වය පිළිබද තොරතුරු අනාවරණය කරන විට එය කිසිවෙකුට ගත නොහැකි වන සේ ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු බව දැක්වීම වැදගත් වේ. මෙම ප‍්‍රතිපත්ති මාලාව වැදගත් වන්නේ මාධ්‍ය වේදීන් හා සම්බන්ධව උපදෙස් මාලාවක් ලබාදෙන නිසාය. අවධානමට පෙර සූදානම් විය යුතු ආකාරය මෙහිදී පැහැදිලිව පෙන්වා දී ඇත . වැදගත්ම කාරණය වන්නේ ”ප‍්‍රමාණවත් ලෙස” නම් කරුණ ඉදිරිපත් කිරීම ය. යම් තොරතුරක් ඉදිරිපත් කිරීමේදී තොරතුර රැුස් කර ගත යුතු ආකාරය හා ගුනාත්මකබාවය පිළිබද තොරතුරු සාධාරණ ආකාරයෙන් ප‍්‍රචාරය කළ යුතු බව ඉන දැනුවත් වේ.  තොරතුර ඉදිරිපත් කරනු ලැබවූද එහදිී තොරතුරු වල ආරක්‍ෂාව පිළිබද මාධ්‍යවේදීන් වගකිව යුතු බව දක්වා ඇත. තොරතුරු අල්ලා ගැනීම් අනිසි 
 භාවිතයන් ොහා් අනවසර පිවිසුම යනාදි කරුණු වලට ඉඩ නොදී ඉතා සාධාරණව තොරතුරු ආරක්‍ෂා කළ යුතු ය. මෙය පුද්ගලයා සම්බන්ධයෙන් මාධ්‍ය වගකීමකින් බැදී සිටින බවට වැදගත් වන්නා වූ වාක්‍යයකි.  
  යම් තොරතුරක් ඉදිරිපත් කිරීමේදී එම තොරතුරෙහි ප‍්‍රභවය සිදුවූයේ කෙසේද එහි ඹුලශ‍්‍රය කුමක්ද ලෙස ඉදිරිපත් නොකළ යුතු ය.මහජන ුාරක්‍ෂාව සදහා එය වැදගත් වේ. එහිදී පුද්ගලික තොරතුරු ඹුලෘහ‍්‍ර ප‍්‍රභවය හදුනා නොගැනෙන පරිදි මාධ්‍ය සංවිධාන විසින් පෞද්ගලික තොරතුරු වියුත්පන්න කළ යුතු බව දක්වයි.  
 මෙමප‍්‍රතිපත්තියේ ප‍්‍රධානතම වැදගත්කම වන්නේ පුද්ගලයාගේ ස්වාධීනත්වය හා ආරක්‍ෂාව මෙතුලින තහවුරු කිරී ම ය. නිවැරදි කිරීම සාධාරණත්වය සහ සමබරතාවය පුද්ගලිකත්ව ප‍්‍රකාශනයේ 6 වන වැකිය මගින් නිවැරදි කිරීම සාධාරණත්වය සහ සමබරතාවය පිළබද තොරතුරු ඉදිරිපත් කරනු ලබයි. මෙය පොදු ප‍්‍රතපත්තියේ 2 වන සහ 3 වන වාක්‍ය හා ගැලපීමක් මෙන්ම එම වගන්තයින්ගේ විස්තරාත්මක තොරතුරු ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීම වැදගත් වේ. මුල් ලිපිය සංශෝධනය කරන විට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගයන්ද මෙහිදී දැක්වීම වැදගත් වේ. පොදු මූලධර්ම පද්ධතියේ 8 හි සදහන් වන තොරතුරු රැුස් කිරීමේ ක‍්‍රම වලට අමතරව වරදකරු වූ පුද්ගලයන්ගේ හෝ විපතට පත් වූ පුද්ගලයන්ගේ නෑදෑයින් හා ඥාතීන් පිළිබද තොරතුරු ඉදිරිපත් නොකළ යුතු බවද දක්වා ඇත . මෙහි වැදගත්කම වන්නේ අගතියට පත් වූ පුද්ගලයා පමණක් නොව සිල්ලන්ගේම ආරක්‍ෂාව මෙතුලින් තහවුරු කිරීම ය.  
  පොදු ප‍්‍රතිපත්ති මාලාව හා පුද්ගලිික ප‍්‍රතිපත්ති මාලාව තුළ කරුණු වශයෙන් තොරතුරු අන්තර්ගත කර ඇති අතර එම තොරතරු වල සමබරතාවය හා ආරක්‍ෂාකාරී නිවැරදි ලෙස ඉදිරිපත් කළ යුතු ය ලෙෂ දැක්වීම වැදගත්වේ. මෙම ප‍්‍රතිපත්තීන් වලට අමතරව සංශෝධන මගින් ප‍්‍රධාන ප‍්‍රතිපත්ති මාලාවන්ගේ කරුණු වල විස්තරාත්මක තොරතුරු ප‍්‍රකාශනයන් වශයෙන්  
   සියදිවිනසාගැනීම් ආවරණය කිරීම 
   රෝහල්වල නේවාසික පහසුකම් ලබන පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම  
ප‍්‍රමිතීන් දෙකක් ඉදිරිපත් කර ඇත .  ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් මණ්ඩලය විිසින් මෙම ප‍්‍රමිතීන් ඉදිරිපත් කර ඇත්තේ  පොදුජන යහපත සදහාය.  
  2011 අගෝස්තු මස නිකුත් කරන ලද සියදිවි නසාගැනීම් ආවරණය කිරීම් සම්බන්ධව නිශ්ච්ත ප‍්‍රමිති ප‍්‍රකාශනය වැදගත් ප‍්‍රකාශනයක් වශයෙන් දැක්විය හැකි ය. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාහනයේ ආරම්භයේදීම හැදින්වීමක් ඉදිරිපත් කර ඇත . සියදිවිනසා ගැනීම පිළිබද මුද්‍රිත මාදයෙන් තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධව නිශ්ච්ත ප‍්‍රමිතීන් මෙහිදී අවධානයට ලක් කර ඇත . මෙහි මෙම සියදිවි නසාගැනීමේදී පොදු ප‍්‍රතිපත්තියේ හා පෞද්ගලික ප5තිපත්තියේ අංක 5 6 7 යන කරුණු වල සංශෝධනයන් වන බවද දක්වා ඇත . එම වාක්‍ය හා සම්බන්ධව නිශ්ච්ත ප‍්‍රමිතීන් කොටස් කිහිපයක් යටතේ ඉදිරිපත් කර ඇත .  
▪ සාමාන්‍යය වාර්තා කිරීම සහ සාකච්ඡුාව  ▪ තනි අවස්ථා වාර්තා කිරීම ▪ වාර්තා කරන ක‍්‍රම සහ ස්ථාන ▪ වගකීම් හා ශේෂය 
 ▪ සංවේදීතාව හා මධ්‍යස්ථභාවය ▪ ආධාර මූලාශ‍්‍රයන් 
 සියදිවිනසාගැනීම සම්බන්ධව ප‍්‍රතිපත්ති මාලාවේදී පළමුවෙන්ම වාර්තා ඉදිරිපත් කරන විට මාධ්‍යයන් අනුගමනය කළ යුතු පිළිවෙත් ඉදිරිපත් කි්රීම වැදගත් වේ.සියදිවි නසාගත් පුද්ගලයා පමණක් නොව එම පුද්ගලයා පමණක් නොව එම පුද්ගලයා පමණක් නොව එම පුද්ගලයාගේ සමීපතමයන් හා සම්බන්ධව ද ආරක්‍ෂා විධි වශයෙන් මාධයවේදීන්ට උපාදස් ලබා දී ඇත.සියදිවි නසාගැනීම් පිළිබද වාර්තා කිරීමේදී බලපාන කරුණු  

කිහිපයක්ද දක්වා තිබීම වැදගත් වේ. කරුණු ඉදිරිපත් කරන විට ඒ සදහා ඥාතීන්ගේ හෝ සමීප මිතුරන්ගේ අවසරය ලැබිය යුතු බව දක්වා ඇත . එසේම මරණය පිළිබද වාර්තා කිරීමේදී එය සිය දිවි නසා ගැනීමක්ද ලෙෂ තොරතුරු සොයා වාර්තා කිරීම වැදගත් වේ. එසේම සියදිවි නසාගත් පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබද වාර්තා කිරීමේදී ද අනුගමනය කළ යුතු කරුණු ඉදිරිපත් කිරීම වැදගත් වේ. එසේ ඉදිරිපත් කිරීම තුළින් පොදු මහජන යහපත සිදුවන්නේද නැතිනම් ඥාති්න් හෝ සමීප මිතුරන් එයට පැහැදිලි අනුමැතියක් ලබාදිය ඇත්ද යන්න සොයා බලා වාර්තා කළ යුතු ලෙෂ දැක්වීම වැදගත් වේ.  
  සියදිවි නසා ගැනිමක් වාර්තා කිරීමේදී ඒ සදහා යොදාගත් උපක‍්‍රමය මාධ්‍ය තුලින අනාවරණය නොකල යුතු ය. සියදිවි නසාගැනීම් පිළිබද තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන් ඉදිරිපත් නොකරන තොරතුරු පවා ඉදිරිපත් කිරීම වැරදි බවත් එමගින පොදු මහජන යහපතක් නෝව මිනකිසුන් සියදිවි නසාගැනීම සදහා පෙළඹෙන බවක් දක්වා ඇත . මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වැදගත්කම වන්නේ නිදසුන් ඉදිරිපත් මගින මාධ්‍යවේදීන්ට පැහැදිලිව වටහා ගැනීමට අවස්ථාව උදා කර දීමය. වාර්තාවක් ඉදිරිපත් කරන විට කිසියම් වගකීමකින් ඉදිරිපත් කළ යුතු ය . ප‍්‍රවෘත්තියක් වාර්තා කරන විට අනවශයය පින්තූර හෝ වැළකී සිටීම් පිළිබද තොරතුරු ඉදිරිපත් නොකළ යුතු ය. එසේම සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයාට අනවශ්‍යය ලෙෂ කරදර කිරීමෙන්ද වැළකී සිටිය යුතු ය. මෙය වැදගත් වේ. තොරතුරු ඉදිරිපත් කරන විට පැය 24 ක සහන කාලයකින් අනුව ඉදිරිපත් කළ යුතු ය. එම ඉදිරිපත් කිරීම වැදගත් වන්නේ මූලාශ‍්‍ර සපයන කරුණු ස්වාභාව ධර්මය විසින් වෙනස් වීම හේතුවෙනි . සියදිවි නසාගැනීම් පිළිබද වාර්තාකරණයේදී ජීවත්වන පුද්ගලයන් හා මිය ගිය පුද්ගලයන් යන දෙපාර්ශවයේම ගරුත්වය තබා වාර්තා කිරීම් කළ යුතු ය. එසේ කිරීම මත පොදු ජන සුභසිද්ධිය උදා කර ගත හැක. මෙම සියදිවි නසාගැනීම් වාර්තාකරඛය පිළිබද ප‍්‍රතිපත්ති මාලාව වැදගත් වනුයේ එහෙයිනි. සියදිවිනසා ගැනීම් පිළිබද වාර්තාකරණයේද පැහැදිලි කිරීම් සටහනක් ඉදිරිපත් කර ඇත . එහිදී සියදිවිනසා ගැනීමට තීරණය කරන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය අදහස් වර්ධනය වැනි කරුණු පිළිබද තොරතුරු ඇතුළත් කරනු ලබයි.  
  2014 ජූලි මස සංශෝධනය මහින් ප‍්‍රතිපත්ති මාලාව වෙත අලුතින් එකතු කලා වූ ප‍්‍රතිපත්ති පද්ධතියක් වශයෙන් රෝහල්ගතව නේවාසිකව ප‍්‍රතකිාර ලබන පුද්ගලයන් හා සම්බන්ධ ප‍්‍රතපිත්ති මාලාව හැදින්විය හැකිය. මෙය කරුණු 6ක් යටතේ තොරතුරු ගොනුකර ඇති අතර මෙය අගතියට පත් ජනතාවගේ මාධයවාර්තා කරණයේ ක‍්‍රම ඇතුළත් කර ඇත. මෙම ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මූලික පරමාර්තය වී ඇත්තේ රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ මාධ්‍ය සබදතා තහවුරු කිරීම හා පහසුකම් සැලසීමයි. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ හැදින්වීමේදී පුද්ගලයාගේ සෞඛ්‍ය අභිමානය හා පෞද්ගලිකත්වය සදහා ගෞරවය ද ලබාදෙන අතරම ඔවුන්ගේ පවුල්වල සහ රෝගියා රැුකබලා ගැනීම සදහා පහසකුම් සැලසිය යුතු බව දක්වා 
 ඇත. මෙම රෝගීන් පිළිබද ප‍්‍රතිපත්ති මාලාවෙහි පවතින වැදගත්කම වන්නේ මෙය පොදු ප‍්‍රතිපත්තියේ හා පෞද්ගලික ප‍්‍රතිපත්තියේ වාක්‍යයන්ගේ ඉදිරිගමනක් ලෙෂ විස්තරාත්මකව ඉදිරිපත් කිරීමයි.  
  මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද අනෙක් ප‍්‍රතිපත්ති මෙන් කරුණු කිහපියක් යටතේ තොරතුරු ගොනු කර ඇත .  
▪ රෝගියාගේ අනුමැතිය ලබාගැනීම ▪ රෝගියා බැලීමට අවසරදීම ▪ රෝගියා සමග සම්බන්ධතා නතර කිරීම
වශයෙන් තොරතුරු ඉදිරිපත් වේ. මාධ්‍යවේදියෙකු විසින් රෝගී පුද්ගලයෙකු හා තොරතුරු ලබාගැනීමට අවශය වූ විට රෝගියාගේ අනුමැතිය අවශ්‍ය වේ. රෝගියාගේ පමණක් නොව ඔහු අවට සිටින අයගේ අනුමැතියද අවශ්‍ය වේ. රෝගියා හා සාකච්ඡුා කිරීමටද සියල්ලන්ගෙන් අවසර ගත යුතු බව දැක්වීම වැදගත් වේ. මෙහිදී පලකළ පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වග කිව යුතු බව දැක්වීම වඩා වැදගත් වේ.  අගතියට පත් වූ පිරිසගේ අකමැත්ත මත කිසිදු වාර්තාකරණයක් ඉදිරිපත් කළ යුතු නැත ලෙෂ ඉදිරිපත් කිරීමෙන්ද පොදුජන යහපතෙහි වැදගත්කම හදුනා ගත හැකි ය.එසේම මෙම සියළු ප‍්‍රතිපත්තීන් මගින් තහවුරු කර ඇත්තේ ජනතා සුබසිද්ධිය වීම සෑම අතින්ම වැදගත්කම් සපයයි.  

3 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...