Thursday 12 July 2018

පේ‍්‍රමයේ අභිමන්




හමන මදනළ නැගෙන හසරැලි
ගිමන් නිවනා විරහ කදුලැළි
පේ‍්‍රමයේ සැඩ චණ්ඩ මාරුත
ලැබූ සොම්නස කෙලෙස පවසම්....

වසත් සමයේ මලින් සැරසෙන
මල් විමන් මැද තුටින් සැනසෙන
විදින යුගයේ දැනෙන පේ‍්‍රමය
කෙලෙස ලබමිද අහිමි වූ දින....

සෙනෙහසේ මල් විමන් දොර ළග
නුඹත් සමගින් ගෙවූ කාලය
ළබැදි සෙනෙහස පොපියනා හද
අතීතෙට පමණක්ම අයිති ද?

දිනකරගේ ලෙස දින ගෙවී යන
දවස් ගෙවෙනා අයුරු නොදැනෙන
 ජීවිතේ මැරි මැරී උපදින
පේමයේ අභිමන්ද මා ලද....

3 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...