Monday 30 July 2018

මෙගා රැල්ල



ලෝක රූපවාහිණී ආගමනයේ වසර කිහිපයකට පසුව ශී‍්‍ර ලංකාව තුලට රූපවාහිණී මාධයය පැමිණ ඇත. රූපවාහිණිය පැමිණීමට පෙර ගුවන්විදුලිය මගින් ජනතාව තමන්ගේ සන්නිවේදන අවශයතා සපුරා ගන්නා ලදී. ගුවන්විදුලිය හඩින් පමණක් සන්නිවේදනය ලබා දීම මත නිර්මාණාත්මක මිනිසුන් බිහි වීමට මහෝපකාරි වන්නට ඇත.එහෙත් රූපවාහිනී මාධ්‍යය පැමිණීමත් සමග මිනිසුන්ගේ නිර්මාණ ශක්තිය පවා හීන් විමක් දක්නට ලැබුනේ විදුලි වේගයෙනි. රූපවාහිණිය පැමිණි මුල් කාලයේදී රූපවාහිණියක් පැවතියේ ගමේ වගකිව යුතු පුද්ගලයෙකුට පමනී. ඔහු ගමේ මුලාදෑනියා හෝ ආරච්චිල විය. එම නිසාම රූපවාහිණිය තරමක් දුරස් මාධ්‍යයක් වුවද සියළුම දෙනා එකතු වී රූපවාහිණිය නැරඹීීමට පුරුදුව සිටියේ ය. ජනතාවගේ සිනමාශාලා වලට ගොස් සිනමාපට නැරඔීම සීමා විය.තාක්‍ෂණය ක‍්‍රමයෙන් දියුණුවත්ම මිනිසුන් නවීකරණය වීමත් සමග ලංකාව තුළ රූපවාහිණිය යන්ත‍්‍රවල වැඩිවීමක් දක්නට ලැබුණී.එම නිසා බොහෝ පිරිස්ට කළු සුදු රූපවාහිණී යන්ත‍්‍රයක් හෝ පැවතුණි. ඉන් පසුව සතියකට වරක් ඉතා හරවත් වූ ටෙලි නාටයයක් රූපගත වූයේ විඩාවට පත් ජනතාවගේ සිත් ෂතන් තුළ සෞන්දර්යයක් ඇතිකිරීම සදහා ය. ඒ වන විට ඉංගම්මාරුව,සරදියෙල්,මුවන් පැලැස්ස ටෙලි නාට්‍යය වැනි ඉතාමත් වැදගත් ටෙලිනාට්‍යය කිහිපයක් පැවතුණි.එය විකාශන කාලසීමාව වූයේ ෂතියකට වරකි. එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු සියල්ල නිම කරමින් ප‍්‍රවෘත්ති විකාශයක් නැරඔීම ස`දහා රූපවාහිණිය ළග වාඩිගන්නේ වෙනත් කිසිදු ක‍්‍රමයකින් තොරතුරු දැනගැනීමේ හැකියාවක් නොපවතින බැවිනි. එය ඔවුන් පුරුද්දක් කරගත්තේද නැත තම දරුවන් සමග සියල්ලන සමග කතාබස් කිරීමට ප‍්‍රශ්න විසදීමට රූපවාහිණිය ඉදිරිපිට භාවිතා නොකලේ ය. ඔවුන් ඒ ස`දහා භාවිතා කරනු ලැබුවේ රූපවාහිනියෙන් තොර වටමේසයකි.

21 වන සියවස වන විට මෙම සිය චාරිත‍්‍ර වාරිත‍්‍ර උඩු යටිකුරු වීය. නිවසින් බැහැර කාර්යබහුල වූ ගෙහිමියන්ගේ සවස් වරුව ගතවන්නේ ආලින්දයේ රූපවාහිනිය ඉදිරිපිට වීම අකමැත්තෙන් හෝ කිව යුතුමය. කළුසුදු රූපවාහිණී යන්ත‍්‍ර වෙනුවට වර්ණ රූපවාහිණී පැමිණියේය. රූපවාහිනීය තුළ විවිධ මාධ්‍යය බිහිවීමත් සමග එම සෑම නාලිකාවකම හතු පිපෙන්නා මෙන් මෙගා ටෙලි නාට්‍ය ආරම්භ විය.  දරුවන් සමගවත් කතාබහකින් තොර වූයේ මෙගාවේ බලවේගය හේතුවෙනි.”අනේ අදවත් අවන්ත දෙව්මිට ආදරේ කියයිද,” අයියෝ අදවත් ස්වප්නා හොරු ටික අල්ලා ගනිද” සියල්ලගේ ම ආශාවයි. සෝප් ඔපෙරාවෙන් බිදී ආවක් වශයෙන් මෙගා නාට්‍ය දැක්වීය හැකි ය.
එක් නාලිකවක පමණක් නොව බිහි වූ සැම නාලිකාවේම ප‍්‍රධාන මුදල් උපයා ගැනීමේ මාර්ගය වශයෙන් මෙගාව දැක්විය හැකි ය. ශාන්ති ප‍්‍රවීනා විසින්  ඇරඹිි  ඉන්දීීය  ටෙලිනාට්‍ය ”ආදරෙයි  මං  ආදරෙයි”, ජෝදාඅක්බර් සදහටම ඔබමගේ , ආදරේ අහස තරම් වැනි මෙගා නාට්‍ය දක්වා විහිදී ඇත. එහි අනුකරණ වශයෙන් බොදමීදුම්  වැනි කතාංග තුළින් ඇරඹිි දෙවෙනි ඉනිම, පබා,අහස් මාළිගා, රුවන් මාළිගා, ස`ද දිය ,නීල පබළු වැනි මෙගා නාට්‍ය දක්වා ඇත. මහන්සි වී නිවසට පැමිණෙන සියල්ලගේම සවස් වරුව ගත වන්නේ මෙම මෙගා පවුල සමගය.  ‌ මේ වන විට සියළුම දෙනා රූපවාහිණිය වටා එක් වන්නේ පුරුදුකාරයින් වශයෙන් ය.දරුවන්ට කතන්දර කියමින් බත්අනා ගුලි කර කවමින් දරුවන් නිදිකරවූ මවද සියල්ලට කලින් මෙගාව දෙස කට ආයන්නේ අනේ කතාව පටන්ගත්තොත් අපරාදේ මගහැරුනොත් ලෙසය.
එම නාව්‍ය අවසන් කරන්නේද කුතුහලයක් ඇතිවන ආකාරයෙනිx එයින් කුතුහලයට පත්වන පේ‍්‍රක්‍ෂකයා පසු දින එම වෙලාව පැමිණෙන තුරු සිටින්නේ ඉතාමත් නොඉවසිල්ලෙනි. ගෙට සොරෙකුට වුවද පැමිණ  ඕනෑම දෙයක් රැුගෙන යා හැකි පැය දෙක තුනක් ලෙෂ මෙගා පැය දැක්විය හැකිය. එතරම්ම කතාවට ඇබ්බැහි වේ.
  මෙම මෙගා රැුල්ල තුළින් සංස්කෘතියටද විවිධ බලපෑම් ඇති වේ. ටෙලිනාට්‍ය නළුවා නිළිය ගත කරන ජීවිතය සාමාන්‍ය සමාජයේ ජීවත්වන පුද්ගලයාට ගත කිරීම කළ නොහැක. එහෙත් සිදුවන්නේම එවැනි දෙයකි ඒ ඇදුම් පැළදු සොයයි,ඒ කෑම බීම පතයි, එසේම ගමන බීන කතාබහ සියල්ලම වෙනස් වනනේ මෙගාවටය මෙගා තාලයටය. සිංහල බෙදා හදාගත් ජාතියකට උරුමකම් කියන අපි බදාගෙන කෑමේ පීළිවෙතකට සැරසෙයි. දරුවන් පවා තම අධ්‍යයන කටයුතු කළ හැකි හොදම වෙලාවේ රූපවාහිණිය දෙස කට අයා බලා සිටී. එක් කෑම මේසයකට වී ආහාර ගත් පවුල, එක එකා ගොස් ආහාරබෙදාගෙන විත් රූපවාහිණී වෙළද දැන්වීම් යන අවස්ථාවේදී කටින් කට ආහාර ගනී. කෙතරම් කාර්යබහුල වුවද දරුවන්ට වේලාවක් ලබා දීම වැදගත් වේ.
එහෙත් දෙමාපිය දුදරු සම්බන්ධය පවා ඈත් වී ඇත්තේ මෙම නිසාවෙනි. මේ සදහා කළ යුත්තේ කුමක්ද නිර්මාණශීලී මිනිසුන් වශයෙන් ජීවත්වන සියළුම දෙනා විවේකය සදහා රසවින්දනය අවශ්‍ය වේ. ෂතියකට වරක් වශයෙන් ඉතාමත් හරවකත් ටෙලි නාට්‍ය පමණක් ඉදිරිපත් කිරීම මගින් මෙගා රැුල්ලෙන් නිදහස් ජීවිතයක් ගත කර ගැනීමට  හැකිය.  

3 comments:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...